සිලි සිලි සසලවා
තුරු ළිය
ළදළු අතු ඉති
ඇරයුමකි, සුළඟින්
එන්න එළියට...
කොතරම් බර ද ඔය
හුදකලා කුටියෙහි
කැකෑරෙන උණුහුම
අන්ධකාරය අවුළන...
එන්න එළියට,
අන්න අර අහසෙහි
විසුළ තරු කැට
ඉඟි බිඟි කරන
කවියකි මධු මිහිර උපදන!!
මෙන්න මම
මල් සුවඳක්
අරන් ඇවිදින්
සිහිලැල් දහස් අතෙකින්
වැළඳ ගමි ඔබ
නිවී සැනහෙනු පිණිස...
ඉතින්,
එන්න එළියට
රැයත්, අහසත්, තරුත්
ඔබට ය...
එකමෙක හිනා බිඳක්
පමණක් මට ඇති ය...
ලස්සනයි ලස්සනයි තරූ අක්කේ....
ReplyDeleteස්තුතියි නංගි.
Deleteලස්සනයි...
ReplyDeleteස්තුතියි මල්ලි.
Deleteඅම්මෝ,තරු අක්කාගෙන් කාලයකට පස්සේ කවියක්.
ReplyDeleteකවි ලියවෙනවා මල්ලි. ඒවා හෙමිහිට සංස්කරණය කරමින් තියාගන්නවා. ඒ නිසයි පළ නොවෙන්නේ...
Deleteඑහෙනම් ඊගාව කවි පොත තවත් රසවත් වේවි.
Deleteමේ තරම් ලෙන්ගතු ඇරයුමක්
ReplyDeleteඉතින් කොහොමද අහක දමන්නේ
මේ හැමදේටම මිල පුංචි හිනාවක් විතරමද
ඉතින් ඕනෑ නම් තව හාදුවකුත් දෙන්නම් හෙමිහිට.
ඔව් ඉතිං දැං මනෝජාගේ රොමැන්ටික් කාලේ නෙව.. හැක්
Deleteකියලා වැඩක් නෑ.. මමත් හිතුවෙ ඒකමයි...
Deleteඔන්න ඉතින් අපි කවියක් ලිව්වම කියන කතා.....:)
Deleteචිත්‍රෙ අන්දෙත් ඔයාමද? ඒකෙ යම් චලනයක් තියනවා. බොහොම ප්‍රාණවත්.
ReplyDeleteපින්තූරය අන්තර්ජාලයෙන්... දවස් ගාණක් මම ගැළපෙන පින්තූරයක් නැති කමින් මේක නොදා හිටියා.. සමන්මලී අක්කගෙ මූණුපොත් පිටුවක තමයි මේ පින්තූරය හමුවුනේ...
Deleteකාමරයක හිරවී සිටින කවියෙකුටද ලියන්නේ
ReplyDeleteකාමරයක හිර වි සිටින කෙනෙකුට හුළඟ තමයි කියන්නෙ මෙහෙම.
Deleteපහුණු සතියේ දවසක රෑ මම එළියට වෙලා හුළග විඳිමින් අහස දකිමින් උන්නා. හරිම නිස්කලංක, සිහිලැල් මොහොතක්... ඒ අත්දැකීමයි කවියක් කරන්න හිතුණෙ.
ලී ජනෙල්පියන් සහිත මගෙ කුටිය තනිකරම හිර කුටියක් වගේ. හුළං රැල්ලක්වත් එන්නෙ නෑ. හොර හතුරු බිය, සර්ප බිය නිසා ජනේලය අරින්න විදියකුත් නෑ. ඒ නිසා හිරේ දැම්මා වගේ තමයි වැඩ ඇරිල ගියාම.
රෑ යාමෙ මේ විදියට ටිකක් එළියෙ ඉන්න ලැබෙන එක නිවන් ගියා වගේ අත්දැකීමක් වෙන්නෙ ඒකයි.
කාමරයක හිර වී හිඳින කිවිඳියකට.... :) කවි සෙල්ෆි වගේ කැටගරියක් හදා ගත්තහැකි ඕනනම්...
Deleteහ්ම්... ‘‘කවි සෙල්ෆි‘‘ අපූරු යෙදුම... ඇත්තටම එහෙම එකක් තමයි.
Delete'මේ කවියත් ඔබටමය' කියලා කිව්වේ නැද්ද? :)
ReplyDeleteනැත.. මේ කවිය මට ම ය. මට සහ හුළඟ, ගහකොල, තරු එළිය සහ රැයට...
Deleteලස්සනයි..
ReplyDeleteඉතා සොඳුරුයි ....
ReplyDelete