පිටු

Tuesday, February 7, 2017

ඌහ්...!!!



ඉහ උඩ ගිනි විදින
ඇහැ දිය වී වැටෙන
මකර දළ පහර..

තරු දහක් එකවර
කටු ඔටුන්නක ඇමිණ
ඉසකුඩිච්චි අවුලන...

මිටි වී උපන් පව
නිතර සිහි කැන්දන
වැළමිටි පාර...

ඒකත් පිරිමින්ගෙන් ම...


( කේන්තියටම ලියපු කවියක්. )

23 comments:

  1. මිටි අයට ඇති එකම සැනසිල්ල නම් අහස කඩා වැටෙන දවසක ඉස්සෙල්ලාම ඌයියා වෙන්නේ උස අයටය කියන සිතුවිල්ලයි.

    (Joe Wong, Chinese stand up comedian)

    ReplyDelete
    Replies
    1. හිනා කතාව... ඒත් ඉතින් ඒ ඔලු ගෙඩිවලට අහස කඩන් වැටෙන්නෙ නෑනෙ කවදාවත්. ඔලු හිල් කරල මදිවට අහස කඩන් වැටුණත් ගානක් නැති විදියට යනවා අඩුගානෙ සමාවෙන්නවත් කියන්නෙ නැතුව... ඔලමොට්ටලයො...

      Delete
  2. එච්චර තරහ ආවෙ මොකද??

    කවිය ලස්සනයි පුංචි උනත්...

    ReplyDelete
    Replies
    1. මේ තරහන නම් නිතර එනවා නංගි. කෝච්චියෙදි නිතරම වැළමිටි සංග්‍රහ ලැබෙනවනේ...

      Delete
  3. කේන්ති ගියහමත් කවි ලියවෙන එක මොනතරම් වාසනාවක්ද.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතින්, ගහන්නයැ...

      Delete
  4. පාගන්ඩ තියෙන්නේ චුරු යන්ඩ කකුල

    ReplyDelete
    Replies
    1. කොච්චර වුණත් එහෙම දේකට හිත හදාගන්න බැහැනෙ. හැබැයි රවල නම් බලනවා.

      Delete
  5. Oh...I feel that people hve become less sensitive towards others...

    ReplyDelete
  6. "ඌහ් "
    ගැවුනා මටත්
    උස වැඩි නිසා
    වැදුනාම ඔලුව දොර උළුවස්සේ.

    ReplyDelete
    Replies
    1. අප්පා.. උස අයට එහෙම දේවල් නම් වෙනවා නේද?

      Delete
  7. අපෙ අත්තම්ම හිටියනං කියයි "අනේ දුවේ කෝප වෙලා මක් කරන්නද? ලබන ආත්මෙවත් උස යන්ට පුවක් මල් පූජා කරහං පාලොස්සකදාට" කියල

    ReplyDelete
    Replies
    1. එහෙම කළොත් හරියයිද? ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?

      Delete
    2. ///ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?????////

      රවී.....උඹට ඇහුනද ?

      Delete
  8. මට මතකයි බස්සි ඔය උස කොට සීන් එකේ හොඳ නරක ගැන ලියලා තිබ්බ වතාවක් .. කාර් එකක් ගන්න අෆ්ෆා.. ලොකු ඔපීස වල වැඩ කරන නෝනා මහත්තැන් ලා එහෙමනේ යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔෆීසි ලොකු වුණාට මං පොඩ්ඩෙක් නොවැ අප්පා. අනික මේ වාහන සාගරේ පයින් යන්නත් බය හිතෙන එකේ.. කොහොම කාර් එලවන්නද? දුම් ගගහා තියා ගන්න තමයි වෙන්නෙ.

      Delete
  9. ඕව ගණන් ගන්න එපා තරු. කොට මිනිස්සු තමා උත්සහවන්තම. මිරිස් කරල පුචි වෙන්න වෙන්නම සැරයි ලු නේ. ඊළඟ දවසේ අර කවුද කිව්වා වගේ හොඳ උල් තියෙන සපත්තු දෙකක් දාගෙන ගිහින් කකුල් පාගන්න වැරදිලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ළමා සංවිධානෙ වැඩවලදිත් කට්ටියක් මට විහිළු කරද්දි ඉබ්බි කියල... එක ෆාද කෙනෙකුත් කිව්වා ‘‘උසේ හැටියට මේ කරන වැඩ මදැයි‘‘ කියල...

      මට උල් සපත්තු දාන්න බැහැ. දැම්මත් අච්චර නපුරු වැඩක් කරන්න බැහැ අයියේ.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...