Wednesday, August 1, 2018

කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්

Painting By Miho Hirano 


කතන්දරේ පටන් ගත්තෙ අන්න එතැනින්
අහඹු විදියට...
එකෝමත් එක රටක, එක කාලෙක
ඉනික්බිති කාලය ඝණීභූතව
කල්පයක්ම අසුරු සැණක්ව...

කවියක් විදුලි කොටන්නැහේ හිත පත්ළේ
ඔයා ඇවිත් සිරිස් ගාලා ඇස් ඉස්සරහ
සහළවා උණ ගත්ත ළය මත්තෙ
කහ පාට, සුදු පාට සමනල්ලු රෑන් පිටින්...

හැම කතන්දරයක්ම පටන් ගත්තාට එක විදියට
එකෝමත් එක රටක, එක කාලෙක
මොන බොරුද?
ඒ හැම ඇරඹුමක්ම අහම්බයක්
අහම්බයක් කියන්නෙම අසිරියක්...      

කවදාවත්ම නොපිරෙන
ආදර තටාකයක් පපුතුරේ හංගගෙන
ඉබාගාතේ පාවෙන
වරා මලකට අත පාන්නට තරම්
පිස්සු හැදුණේ කොහොමද                    
ඇත්තට ඔයාට?

නොකිව්වයි කියන්නෙපා ඔන්න           
වධක බාරියක් මං සත්තකට
බැන්දොතින් හෙම ඔයාට
එපාවෙයි මාව එක දවසින්ම...

තෘෂ්ණාධිකයි මේ හිත
නිවී සැනහී ඉන්න හිතුවාට
පා වෙවී උන්නාට
හිම පියල්ලක් ගාණට
අයිස් කන්දක් වගේ හිත
මතකනේ ටයිටැනික් නැව...

ආදර උල්පතක් හෙම
තියෙනවද ඔයා ළඟ
කවදාවත්ම නොහිඳෙන...


9 comments:

  1. ආයෙ ජපන් එන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. එන්න හීනයක් තියෙනවා සකුරා මල් පිපෙන කාලෙක... කවදා ඒ හීනෙ හැබෑ වෙයිද නම් දන්නෙ නැහැ.

      Delete
  2. පේමතෝ ජායති සෝකෝ
    පේමතෝ ජායති භයං
    පේමතෝ විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං

    ReplyDelete
    Replies
    1. සාදු... සාදු... සාදු... ඇත්ත නේ...

      Delete
  3. අර අන්තිම ප්‍රශ්ණය තමයි මටත් අහන්න තියෙන්නේ :))

    ReplyDelete
  4. සුභාරංචියක් වගෙයි.. :)

    ReplyDelete
    Replies
    1. කවියක් ලිව්වම කවිය විඳින්නෙ නැතිව අනවශ්‍ය දේවල් හිතනවනෙ ඉතින්...

      Delete
  5. හිමපියලිත් හරි බරයි
    ටයිටැනික් ගිල්වපු අයිස් කඳු පරාදයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...