පිටු

Thursday, June 7, 2012

සැබෑ වූ සිහිනයක්




ඊයේ ඔෂින් පුංචි අත්වලින් ෂෙඩර් පැළ හිටවනවා.. ( රූපවාහිනියෙ ආයෙම ඔෂින් පෙන්නනවනෙ..... ) ඒ දකිද්දි වසරක මතකය අළුත් වුණා... මේ සුවිශේෂ අත්දැකීම ලියන්න ඕන කියල හිත හිතා හිටියෙ... ඒත් දවසින් දවස කල් ගියා... දැන් ඔෂින් මගේ මතකය අළුත් කර කර ලියන්නම බල කරනවා....

පසුගිය වසරේ අද දවසේ ( 2011.06.07 ) මම ජපානයේ ඕසකා ගුවන් තොටුපළින් මගේ සිහින දේශයට ඇතුළ් වෙන්න තරම් වාසනාවන්ත උණා... මාස දෙකහමාරක අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනුයි ජපානයට යන්න අවස්ථාව ලැබුණේ. එක් අධ්‍යයන චාරිකාවකදී මුණ ගැහුණු ගම්මානයක ප්‍රධානම ආදායම් මාර්ගය උණේ ෂෙඩර් දැව.. ගම්මානය වටා තිබුණු කු පෙළ දැවැන්ත ෂෙඩර් ගස්වලින් වැසී තිබුණා.. අපේ මාර්ගෝපදේශකයා කිව්වෙ මේ ෂෙඩර් ගස් අවුරුදු ගණනාවකට පෙර වගා කළ ඒවා බවයි.. දැන් ඒ ෂෙඩර් ගස් විශාල ව්‍යාපාරයක පදනම උණත්, කපා දමන හැම ගසක් වෙනුවෙන්ම නැවත පැළයක් රෝපණය කරන බවයි ඔහු කීවේ....

අතීතයේ ඔෂීන් වගේම බාල, මහළු, වැඩිහිටි බොහෝ දෙනෙක් වන වගාවට හවුල් වෙන්න ඇති කියල ඔෂින් බලද්දි මට හිතුණා...

ජපන් රටේ උපත ලබා ලංකාවට ආව
බෝනික්කා ගැන හීන මවපු
පුංචිම  කාලෙ ඉ
ඔෂීන් එක්ක අත් අල්ලන් ආව,
නොරිකො සං දෙවොන්දරා සං
මුණ ගැහුණට පස්සෙ,
වැඩි දියුණු වුණ ජපන් හීනයක් මගෙ හිතේ තිබුණා....
ඒ හීනය හැබෑ වෙන දවසෙ
තාමත් මට අදහන්න බෑ....මේ ඇත්තක්මද?

( ජපානයට අරන් ගිය මගේ පුංචි මතක සටහන් පොතේ 2012.06.05 වෙනිදා පළමු පිටුවෙම ලියල තියෙන්නෙ මේ පද පේළි ටික.... )

ලෝක සිතියම කළුද, සුදුද කියලවත් දන්නෙ නැති පුංචිම කාලෙ ජපානය අපේ හීන අතරට එක් වෙන්නෙ '' ජපන් රටේ උපත ලබා ලංකාවට ආව බෝනික්කා '' නිසානෙ.... රෙදි හැට්ට ඇදල මමත් ඒ ගීතයට මොන්ටිසෝරි වේදිකාවෙ නටල තියෙනවා... ‍

( මේ තියෙන්නෙ ‍‍පොටෝ එක.. ‍දෙවෙනියට ඉන්නෙ මම.... පළවෙනියට ඉන්නෙ හයහතර දන්න කාලෙ ඉල මගේ ළින් ඉන්න යාළුවා. අදටත් ඒ යාළුකම එහෙමමයි.. )

ඊළට ජපානය හිතට ළං උණේ ''ඔෂීන්'' නිසා... ඔෂීන් බලද්දි හැම වෙලේම හිතුණ දෙයක් තමයි හිමේ සෙල්ලම් කරන්න ලැබුණ නම් හොයි කියල. ඔෂීන් ගෙ මුණත් ජපන් බෝනික්කාත් අපූරුවට ගැළපුණා...

මේ විදියට ජපානය සුන්දර මතකයක් වෙලා තියෙද්දි තමයි දෙවොන්දරා සං නොරිකො සං ව කැන්දගෙන හිතට ළං උණේ... ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ නවකතා එක්ක.... ජපන් සංස්කෘතිය ගැන ලොකු පැහැදීමක්, ආදරයක් මේ පොත් නිසා ඇති උණා... නොරිකො සං දැන අුන ගත් දා ඉල ඈ ගැන ආදරයකුත් අනුකම්පාවකුත් හිතේ තිබුණා.. දොවොන්දරා සං මීට වඩා ඈ ගැන හිතන්න තිබුණා... ලංකාවෙ අපෙන් ජපානයේ නොරිකොට සිදු වුණේ අසාධාරණයක් කියලයි මගේ හිත කිව්වෙ....
 
ජපානයට යන්න කළින් කාර්යාලයේ හිතවතෙක්  මා අතට දුන් කවිය මේ තියෙන්නෙ...

ගත පුරා දැවටී සීතල වැටෙන                             හිම
ගස් පුරා ලස්සන සකුරා පිපෙන                         බිම
ඔබ දෙනෙතින් ජපානය දෙස බලමි                   මම
හමුවෙලා කියන්න නොරිකෝ අමතක නොකළබව

අනේ ඉතින් නොරිකෝව නම් කවදාවමත්ම අමතක වෙන්නෙ නැහැ... ඒත් ජපානයේ හිටිය මාස දෙකට නොරි‍කෝ කෙනෙක් නම් දකින්නවත් ලැබුණෙ නැහැ... හීන මවපු ජපානයට වඩා වෙනස් ජපානයක් දැක්කෙ...

උසස්පෙළ කරද්දි නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තෝර ගත්ත නිසාම නෝ, කබුකි නාට්‍ය කලාවන් ගැන ඉගෙන ගන්න ලැබුණා.... ඔන්න ජපානයට හිත ගැට ගහපු තවත් රැහැනක්.....

ජපානයට හිත වෙළුව තවත් රන් හුයක් තමයි පර්ල් එස් බක් ‍ගේ ''සකායි'' පොත.......  සුනේත්‍රා රාජකාරුණානයක පරිවර්තනය කරල තියෙන්නෙ.. එක් උපන්දිනයකට ලොකු නංගිගෙන් ලැබුණු තෑග්ග තමයි සකායි......

ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තන නිසාම හයිකු කවි දැන හුන ගත්තා.... රස වින්ා.... හයිකු කවියත් මගේ හිත ජපානයට තව තවත් ළං කළා..... ''මිණි පැමිණි'' පොතත් මා එක්ක ජපන් ගිහින් ආවා...
කවබත යසුනරි ගෙ කෙටි කතා පොතකුත් ජපානයට ඇති ඇල්ම වැඩි කළා...

ඉතින් මේ පොත් කියවීමේ උණ නිසාම ජපානයට යද්දි, ජපානය ගැන අද පරපුරේ ජපානයේ කෙනෙක්වත් නොදන්න තරම් දේවල් මම දැනගෙන හිටියා...

පාඨමාලාව ගැන තිබුණ උනන්දුව වගේම ජපන් පන්සල්, තේ පානෝත්සව, ඉකෙබානා මල් කලාව, Hot springs,  හයිකු කවි, කිමෝනෝ, සුසානභුමි වගේ දේවල් ගැන මගේ තිබුණු උනන්දුව නිසාම අපේ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඒ හැම අත්දැකීමක්ම ලබන්නට අවස්ථාව සලසා දුන්නා... 

''තරංගි සන් හින්දා අපිත් සාම්ප්‍රදායික ජපානයේ හැඩතල අුන ගන්නවා'' පාඨමාලාවට සම්බන්ධ උණ අනෙක් රටවල අය කිව්වා...   

ජපානයට ගිහින් දෙවෙනි දවසේ ඉන් හෂී වලින් ( Chopsticks- කෝටු දෙකෙන් )  කෑම කන්න මම පුරුදු උණා.. හැ‍මෝම පුදුම උණා ඒ තරම් ඉක්මණින් වැඩේ අල්ල ගත්තට... හිටපු ටික කාලෙදි එයාලගෙ භාෂාවත් තරමක් දුරට මට හුරු උණා.... මම ජපානයට තියෙන ඇල්මයි, දැනුමයි, ඉක්මණින්ම ‍දේවල් උකහා ගැනීමේ හැකියාවයි නිසා පාකිස්ථානෙන් ආව සීරා නිතරම විහිළු කළා ''පුනර්ජනම්.... පුනර්ජනම්...'' කියලා...

සමහරවිට පෙර ආත්මෙක ජපානයේ හිටියද දන්නෙත් නැහැ... මේ තරම් ජපන් උණක් තියෙන්නේ....
ඉස්සර ඉලම මම කිව්ව දෙයක් තමයි එක දවසකට හරි ජපානයට යන්න ඕන කියල... ඒ හීනය හැබෑ උණේ නොහිතපු විදියට.... සකුරා මල් පිපෙන කාලයක ජපානයට ගිහින් එන්න ඕන... ඒ හීනයත් කවදා හරි සැබෑ කර ගන්නවා....‍ මොකද මම ජපානයට යද්දි සකුරා මල් සමය නිම වෙලා....







ජපානයේ හරිම වටින අත්දැකීම් ගොඩක් තියෙනවා... එකින් එක ‍තරු අමුණන්නම් මගේ සයිබර් අහසට......  

Tuesday, June 5, 2012

කම්මුල් ගාය සහ පොත් ගාය





ඒ සති අන්තෙ මම ගමේ ගියේ ළා උණකුත් තියෙද්දි... ලෙඩක් හැදුණම ඉතින් ගෙදර තරම් සුවදායක තැනක් තවත් තියෙනවයැ... ඉරිදා වෙද්දි දැණුනෙ කම්මුල් අමාරුව කියල.. ඔන්න ඉතින් කාමරේට හිර වුණා...

ඉස්සර නම් මේවට කියන්නෙ දෙයියන්ගෙ ලෙඩ කියලනෙ.. දැන් නම් දන්නවා බෝවෙන රෝගයක්. මේවා බෝවෙන්නෙ වෛරස් එකකින්... ඔය වගේ නානාප්‍රකාර දේවල්... මේ වගේ අසනීපයක් තියෙන කෙනෙක් ගෙදර ඉද්දි අතීතයේ නම් කොහොඹ අත්තක් ගේ ඉදිරියෙ එල්ලන සිරිතකුත් තිබුණා.. ඒ හැමෝටම දැනුම් දෙන්න මේ ගෙදර බෝ වෙන රෝගයක් තියෙනවා කියල.. දැන් ඒව කෙරෙන්නෙත් නැහැ... හැබැයි අලිහක්ක දෙහි ඇඹුලෙන් ගල ගාල ගෑවා... ඊට අමතරව තාත්තා හැමදාම හැන්දෑවට ආශිර්වාද කරපු ඔලිව් තෙලුත් ගෑවා... එහෙම ඔලිව් තෙල් ගාන වෙලාවට මගේ පපුව හිර වෙනවා වගේ ගතියක් දැණුනා.. තාත්ත ගැන ආදරේට දුකක් වගේ අමුතු හැීමක් එකතු වෙලා ..
එළියට එන්න විදියක් නැහැ. නංගිගෙ චූටි දුව ඉන්නවනෙ... මාව දැක්කොත් මම්මා කියාගෙන ඇ‍ේ එල්ලෙනවා.. නංගි උදේට දුවව ගෙනත් දීලා වැඩට ගියාට පස්සෙ ආපහු හැන්දෑවට එයා දුවව භාර ගන්න කල් මට කාමරෙන් එළියට එන්න විදියක් තිබුණෙ නැහැ... කාලෙ ගෙවා ගත්තෙ පොත් අල්මාරියට පින් සිද්ධ වෙන්න.....

පොත් ගාය ඉතින් හය හතර තේරෙන දවසේ ඉල වැළිලා තියන, සුව කර ගන්නම බැරි, සුව කර ගන්න ඕන කමකුත් නැති අසනීපයක්නෙ...  ( කවදා හරි දවසක '' කලහය'' කෙටි කතාවෙදි වගේ ගෙදර එක්කෙනා ''කසාද බැන්‍‍ෙපොත්ද මාවද ?'' කියල ප්‍රශ්නයක් අහන තරමටම මේ ‍ගාය උත්සන්නයි. )
ඉතින් කියවපු පොත්ම ආයෙම කියෙව්වා.. සෝමා ජය‍කොඩිගෙ පොත් ( මදාරා, මිහිකතගේ දියනිය, වෘකයෝ සහ ළමයි & සුනේත්‍ර‍ා රාජකරුණාන‍ායක ( හෘද සූත්‍රය, නන්දිතය ), පරිවර්තන ( මිනිසෙක්, කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, පෙට්ටිගෙදර ළමයි.... ) තව කවි පොත්.... පත්තර.....
මේ අතර හරි අපූරු පොත් ටිකක් මුණ ගැහුණා...

10 , 20 පොත්...

මහජන පුස්තකාලෙ පොත් සල්පිලකදි වසර ගණනාවකට පෙර රු. 10 ට, 20 ට, 50% වට්ටමට ගත්තු පොත් වගයක් තිබුණා නොකියවා... රු. 10 ට නම් තිබුණෙ ගොඩක්ම පුංචි අයට මුද්‍රණය කළ අධ්‍යාපනික පොත්.... ඒව ගත්තෙ වටේ පිටේ ඉන්න බාල පරම්පරාව ගැන හිතල. රු. 20 ට ගත්ත පොත් අතර වැඩියම තිබුණෙ කෙටි කතා පොත්.. ගස් නැති රටට එරු ගහත් ගහක් කියන්න වගේ ඔහේ කියවල දානවා කියල හිත හදාගෙන මේ පරණ, අුරු ගැහුණු පොත් ටික ඇටම ගොඩ කර ගත්තා.




පොතින් පොත කතාවෙන් කතාව කියවගෙන යද්දි හිතුණා අඩුම මිලකට ගත්තට ඒ පොත් අමිල වටිනාකමකින් පිරිල තියෙනවා නේද කියල....

'' මේඝ "

රු. 20 ට ගත්ත එක් පොතක් රන්ජිත් ධර්මකීර්තිගෙ '' මේඝ " .. ඒක නාට්‍ය අත්පිටපතක්.. පියදෝර් දොස්තයෙව්ස්කි කියන මහා රුසියන් ලේඛකයාගේ ඇත්ත ජීවිත අත්දැකීමක් ඇසුරු කර ගනිමින් ලියවුණු ස්වතන්ත්‍ර නාට්‍යයක්.. දොස්තයෙව්ස්කි අන්ත දිළිු තත්තවයකට වැටිල, ණය ගොඩකට මැදි වෙලා ඉන්න කාලෙක ස්ටෙලොව්ස්කි කියන ප්‍රකාශකයා එක්ක ගිවිසුමකට බැ‍‍ිල මුදලක් ණයට ගන්නවා..
පොත් ප්‍රකාශකයාගේ ගිවිසුම අනුව දින 26 ක් ඇතුළත ලේඛකයා නවකතාවක් ලියා දෙන්නට ඕන.. ලියා දෙන්නට නොහැකි උණොත් දොස්තයෙව්ස්කිගෙ සියලුම පොත්වල අයිතිය ස්ටෙලොව්ස්කිට හිමි වන විදියටයි මේ ගිවිසුම ඇති කරල තිබු‍ණෙ. දොස්තයෙව්ස්කි බලාපොරොත්තු අත් හැරල සූදුවට  මැදි වෙලා ණයකාරයන්ගේ හිරිහැර මැද ඉන්න මේ දුෂ්කර අවස්ථාවෙ එයාගෙ යාළුවො තමයි ගැටළුවෙන් මිදෙන්නට ශක්තිය වෙන්නෙ.... සැලසුම් සකස් කරන්නේ... 1866 ඔක්තෝම්බර් 04 වෙනිදා සිට නොවැම්බර් 01 දා දක්වා මේ කැළඹිලි සහිත කාල වකවානුව තමයි නාට්‍යයට තේමාව වෙන්නෙ..

සූදුවට ඇබ්බැහි වෙලා හිටිය දොස්තයෙව්ස්කි මේ ගිවිසුම අනුව ලියන පොතේ නම '' සූදු අන්තුවා ''.      ( සිංහල පරිවර්තනයක් තියෙනවද දන්නෙ නැහැ. මම තාම බලල නම් නැහැ. ) රාත්‍රී කාලයේ ලේඛකයා කතාවේ දළ සටහනක් ලියා ගන්නවා... දිවා කාලයේ දී ආන්යා ග්‍රිගොරියව්නා කියන ලඝු ලේඛිකාව පෙර සැකසූ දළ සටහනට අනුව ඔහු විසින් කියවන විස්තරාත්මක කතාව ලඝු ලේඛනයෙන් සටහන් කර ගන්නවා. නැවත රාත්‍රී කාලයේ ඇය එම පිටපත යතුරු ලියනයෙන් පිටපත් කරනවා.. මේ ආකාරයටයි දින 26 ක් ඇතුළත '' සූදු අන්තුවා '' ලියවුණේ... ඔහු පොත් ප්‍රකාශකයාගේ උගුලෙන් ගැළවෙන්නෙ ලේඛකයාගේ ප්‍රතිභාව, ඔහු ලැබූ විවිධ ජීවිත අත්දැකීම් වගේම මිතුරන්ගේ දිරි ගැන්වීම සහ ආන්යාගේ දක්ෂතාවත් නිසයි.

පසුකාලයක මේ ලඝු ලේඛිකාව දොස්තයෙව්ස්කිගේ බිරි බවට පත් වෙනවා.. ආන්යා සමග දෙවන වරට විවාපත් වූ මේ මහා ලේඛකයා වඩාත් තැන්පත් අයෙක් වු බවටත්, ඉන්පසු ඉතාමත් හො නිර්මාණ රාශියක් ඔහු අතින් ලියැවුණු බවටත් ඉතිහාසය සාක්ෂි දරනවා...

'' ආදරවන්තිය ''

බෙසී හෙඩ් කියන අප්‍රිකානු ලේඛිකාවගේ තෝරා ගත් කෙටි කතා කිහිපයක් මේ කෘතියෙහි ඇතුළත්. වසර ගණනාවකට එපිට අප්‍රිකානු දිළිුකම, නූගත්කම, අසරණකම විදහා දැක්වෙන කැඩපතක් වගෙයි මේ කෙටි කතා එකතුව... 

දුක් කම්කටොළු රැසක් මැදත් මනුෂ්‍යත්වයේ රැස් විහිදෙන හැටිත් මේ කෙටි කතාවලින් කියවෙනවා... පොත කියවාගෙන යම් අවස්ථාවල කණගාටුවක් දුකක් දැණුනත්, කම්පනයක් ඇති වුණත් මනුස්සකම ගැන ආදරයකුත් දයාවකුත් ඇති කරන්න තරම් මේ කෙටි කතා සංවේදී...



යමුනා මාලනී පෙරේරාගේ ''ගිම්හානයේ උයන්පල්ලා'',   ෂෝන් පෝල් සාර්ත්‍රගේ ''නම්බුකාර අබිසරුලිය'',  ලීලානන්ද වික්‍රමසිංහගේ '' සිරකරුවාගේරාත්‍රිය'',  එන්.ටී.කරුණාතිල‍කගේ ''ඔවුන් නැවත නැගිටිනු ඇත.'' ඛලීල් ජිබ්රාන්ගේ '' මිනිසි අසිරිය''................. මේ අඩු මිල පොත් අතර තිබුණු තවත් සිත් ගත් පොත් කිහිපයක්.....

ප.ලි.
පොත් නම් කොයි තරම් කියෙව්වත් එපා වෙන්නෙ නැහැ. කොයි තරම් ගත්තත් ඇති වෙන්නෙත් නැහැ... කම්මුල් ගාය නම් හො උණා.. පොත් ගාය නම් කවදාවත් හො වෙන එකක් නැහැ......

Tuesday, May 29, 2012

ඔෂීන්.... ආදරණීය ඔෂීන්....


ඔෂීන්.... ආදරණීය ඔෂීන්....


අවුරුදු 20 කට විතර එහා දුටුව සිහිනයක් වගේ මතකයේ රැී තිබුණ ඔෂීන් දැන් ආයෙමත් ජාතික රූපවාහිනියේ සතියේ දිනවල හැන්දෑවෙ 6.30 - 7.30 ට විකාශය වෙනවා.. තවම පටන් අරන් දවස් දෙකයි... හරිම ආසයි... ආයෙම  පුංචි කාලෙට ගියා වගේ.... හැන්දෑවට ගෙදර ගිහින් ඉක්මණීන් වැඩ කොටසක් කරල ටී.වී. එක ළ වාඩි වුණේ ඔෂීන් බලන්න.... පුංචි කාලෙ බැලුවට තැනින් තැන බො වුණු මතකයක්නෙ තියෙන්නෙ... ආයෙම මුල ඉන් බලන්න ලැබුණු එක වාසනාවක්....


ඔෂින් ආච්චි අම්මා කෙනෙක් වෙලා... කතාව පටන් ගන්නෙ එහෙමයි. අවුරුදු 80 ක් උණ ඔෂීන් එයාගෙ උපන් ගම හොයා ගෙන යනවා... අවුරුදු 6 ක් වයස පුංචි ඔෂීන්ගෙ ළමා කාලෙ ඉල තමයි අතීත කතාව දිග හැරෙන්නේ.... හිතා ගන්න බැරි දුප්පත්කමත්... ඔෂීන් ගෙදරක වැඩකාරකමට යවන්න හදන්නෙ ගෙදර හැමෝගෙම කුසගින්දර නිවන්න තරම් තාත්තට හයියක් නැති හින්ද... ආච්චි අම්ම එයාගෙ කෑම වේල පරිත්‍යාග කරන්න හදනවා ඔෂීන්ව ගෙදර තියා ගන්න ඕන නිසා... පුංචි ඔෂීන් එයාගෙ කෑම බුන අරන් ආච්චි අම්ම ළට ගිහින් කන්න බල කරන අවස්ථාව හරිම සංවේදී... දෙන්න එකිනෙකා බදා ගෙන අන හැටි බලද්දි ඇස්වලට කුළු එන්නෙ නොදැනීම...  


අවුරුද‍්දෙන් අවුරුද්දට ඔෂීන්ගෙ අම්මට දරු පැටවු ලැබෙන්නේ ඒ කාලෙ අද වගේ උපත් පාලනය ගැන දැනුවත්වීමක් තිබුණෙ නැති නිසානෙ... විශාල දරු පවුලක් නඩත්තු කරන්න අ ගොවියෙකුට හැකියාවක් නැහැ අද වගේම එදත්.. ජපානයේ නැති උණත්, අදත් අපේ රටේ මේ වගේ දුක් විින පවුල් ඉන්නව නේද? ජපානය නම් දැන් මුහුණ දෙන්නේ මීට වඩා සංකීර්ණ ප්‍රශ්නවලට...

මම දන්න කියන පුංචි පැටව් හැමෝටම මතක් කළා ඔෂීන් බලන්න කියලා... අපේ පුංචි දෝණිත් දැන් ඔෂීන් බලනවා ( නංගිගෙ දෝණී හො‍‍ෙඳ්... මම දෝණිගෙ මම්මා....  ඇහැල මහට අවුරුදු දෙකයි දෝණිට... )




ඔයාලත් දන්න කියන පුංචි අයට මතක් කරන්න ඔෂීන් බලන්න කියල...  පරිත්‍යාගය, ආදරය, සමාව දීම, පවුලේ බැඳීම්, ඉවසීම වගේ හොඳ ගතිගුණ ගොඩාක් දරුවො හඳුන ගනීවි ඔෂීන් තුළින්.... ඔෂීන් හැමෝගෙම හොඳ යාළුවෙක්, ළමා ලෝකෙ අමතක නොවන වීරවරියක් වෙන බව මට විශ්වාසයි....

ප.ලි.
ඒත් ඉතින් කම්පියුටර් ගේම්ස් ගහන, ‍හෑන්ඩ් ‍ෆෝන් එකෙන් කතා කරන, ටියුෂන් පන්තිවල කාලෙ ගෙවෙන අද කාලයේ දරුවන් ඔෂීන් රස විඳීද කියන එක නම් ප්‍රශ්නයක්...


Wednesday, April 25, 2012

තරු ලකුණක්ද ? ගිනි දළුවක්ද ?



විරහ කඳුලැලි ගඟක පාවී
වියෝ දුක් ගිනි සුළ රැ‍ල‍්ලේ
අතරමං වී ඔහේ පාවී
පාළු නිම්නෙට ඇදී ආවෙම්...

මගේ දුක් ගිනි මටම පවරා
අනුන් දුක් ගිනි නිවනු රිසියෙන්
ලොවේ යහපත නිසා කැප වී
ජීවිතේ දිගු කලක් ගෙව්වෙම්....

සැනසුමෙන් දිවි ගෙවෙන අතරේ
හුදකලාවම මිහිරි සැපකැයි
සිතා දිවි මග තනිව යන්නට
පෙර දවස මා පැතුම් පිරුවෙම්....


නොසිතු මොහොතක සෙමින් පතිතව
ප්‍රේමයේ නව අරුණු දහරක්
හුදකලා ලොව එළිය කරනට
මෙත් සිතින් අද කරයි ඇරයුම්.....

අවසරයි හද දොර අරින්නට
හදේ සපුරා ලැගුම් ගන්නට
ජීවිතේ දිගු ගමන යන්නට
ආදරේ තරු ලකුණ වන්නට.....

Thursday, April 19, 2012

අනේ අපොයි... අපේ ස්වාමි....



ස්වාමි ගැන අහිතක් හිතන එක, දොසක් ලියන එක ස්වර්ග සම්පත්තිය අහිමි වෙන්න තරම් පාපයක්ද මන්ද? එයාලත් අපි වගේම පෘතග්ජන මිනිස්සුනෙ... අපි කොයි කා අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්... වැරදි කරන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක්... මේ උපහැරණ හැමදේම දැනගෙන හිටිය උණත් අපේ ස්වාමි එන්න එන්නම දුෂ්ට වෙනවා ව‍ගේ දැනෙන නිසාත් මට ඉරිදට විතරක් හරි පල්ලි යාම වහකදුරු වගේ තිත්ත වෙමින් පවතින නිසාත් මේ ගැන ලියන්න හිතුණා.. අපේ ස්වාමි නම් බ්ලොග්ස් බලන්නෙ නැතිව ඇති.. ඒත් බලන කොයියම්ම ස්වාමි කෙනෙක් හරි ඩිංගක් මේ ගැන හිතුවොත් මට ඇති....

අපේ ස්වාමි හරිම‍ හොදයි.. ශ්‍රද්ධාවන්තයි... භක්තිවන්තයි... අපේ ශ්‍රද්ධාව, භක්තිය වැඩි දියුණු කරන්නත් බොහොමයක් දේ කරනවා... ඒත් එන්න එන්නම ඉරිදා පූජාවට සෙනග අඩුවෙනවා... හැබැයි මාසෙ පළවෙනි අහරුවාදා ශු. අන්තෝනි මුනිතුමාගෙ නු‍වානෙට නම් වාහනවලින් දුර බැහැරින් පවා සෙනග ඇදෙනවා... එක අතකින් ස්වාමිට විතරක්ම දොස් කියල වැඩක් නැහැ.. අපේ මිනිස්සුන්ට ඕනෙ දේව දයාව නෙවෙයිනෙ.... ලෞකික සම්පත්ති වැඩි දියුණු කර ගන්න එක... ශු අන්තෝනි මුනිතුමාට අල්ලස් දුන්නම ඒ වැඩේ කර ගන්න පුළුවන් කියල තමයි මිනිස්සු හිතන්නේ.

අපේ ස්වාමි පල්ලියට එද්දි මිනිස්සු, ළමයි ගල්බීත වෙලා ඉන්නෙ... කොයි වෙලේ මොනාට බනියිද දන්නෙ නැහැ කියල ... ඒ වෙලාවට හැමෝම කොන්තෙ කියනවා... ස්වාමිට බයේ අමාරුවෙන් ගොඩ නගාගන්න භක්තිය ගැන ‍දේව මෑණියන්ට උණත් අනේ කියල හිතෙනව ඇති...

පුටු සද්ද උණත් දොස්...( මොන එහෙකට ප්ලාස්ටික් පුටු අරන් දුන්නද මන්ද පල්ලියටමම නම් ඒකට හරි විරුද්ධයි... ඉස්සර වගේ හැමෝම බිම වාඩිවෙලා පූජාව ඇහුවනම් මොකද වෙන්නෙ... පුටු අරන් දීලා නම් පිනක් නෙවෙයි කරගෙන තියෙන්නෙ පවක්... පූජාව පටන් ගත්ත වෙලාවෙ ඉල අවසන් වෙනකල් පුටු සද්ද වෙනවා.. මට නම් කේන්ති එනවා ඒ වැඩේට...  )

ළ‍මයෙක් ඇුවත් දොස්... ළමයි ඉතින් එක තැනක තියා ගන්න පුළුවන්ද? දේව රාජ්‍යය අයිති බාලයන්ට උණාට පල්ලිය නම් ළමයින්ට අයිති නෑ වගේ... ඉස්සර පූජාව ඉවර උණ ගමන් ළමයි ‍හැමෝම අල්තාරෙට දුවල ගිහින් ස්වාමිට ජේසු පිහිටයි කියල විනවා.. ස්වාමිත් ළමයින්ගෙ ඔලුව අතගාලා ආශිර්වාද කරනවා.. අපේ පල්ලියේ මේ කටයුත්ත චාරිත්‍රයක් වෙලා තිබුණෙ... ආව ස්වාමිලා ටික දවසකින්ම ඒකට පුරුදු උණා.. අකුල් හෙළුවෙ නැහැ.. හැබැයි මේ ස්වාමි ඇවිත් ටික දවසකින්ම ළමයින්ව නැවැත්තුවා.. අල්තාරය ශුද්ධවු තැනක්.. ළමයි එතෙන්ට ඇවිත් දලන එක හො නෑ කියල... අනේ ‍ජේසු අද වගේ දවසක හිටිය නම් !

ඊළට තේමාව, දේශනය, දැන්වීම් මේ කොයියම්ම අවස්ථාවකදිත් කාට හරි බැණ වදිනවා... සමහර වෙලාවට ‍දේශනාවෙදි පාදක කර ගන්නෙ කාගෙන් හරි අහගත්ත ඕපදුපයක්... මිනිස්සුන්ව හොින් නැත්නම් නරකින් දේව රාජ්‍යයට ඇදගෙන යන්න ඕන කියල වෙන්න ඇති ස්වාමි හිතන්නෙ... පල්ලි එන්නෙ නැති මිනිස්සුන්ට බණිද්දි ආව මිනිස්සු බොහොම අමාරුවෙන් ඒව අහගෙන ඉන්න ඕන. මිනිස්සුන්ගෙ වැරදි කියන්නෙ දේශනාවෙදි ප්‍රසිද්ධියෙම... නමක් ගමක් නොකිව්ව උණත් කවුද කැමති තමන්ගෙ කුණු රෙදි ප්‍රසිද්ධියෙ අපුල්ලනවට. අනික ගමක් උණාම ඕනම කෙනෙක් දන්නවා ස්වාමි කා ගැනද මේ කියන්නෙ කියල... ඉතින් මිනිස්සු කේන්තියටයි, ලැජ්ජාවටයි පල්ලියෙන් ඈත් වෙලා යනවා... අනේ ඉතින් මීට වඩා දයාන්විත, මානුෂික ක්‍රමයක් නැද්ද මිනිස්සුන්ගෙ හරි වැරැද්ද පහදල දෙන්න. මට නම් හිතෙන්නෙ නාස්තිකාර පුත්‍රයා බාර ගත්තා වගේ දයාවකින් වැළ ගන්න ඕන මිනිස්සුන්ව  ස්වාමි කොන් කරල දානවා කියලයි... මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට ළං වෙලා පුද්ගලිකව හොද නරක පහදලා දුන්න නම් කොයි තරම් හො? පවෙන් අත්මිදෙන්නත්, දෙවියන්ට ළංවෙන්නත්, ස්වාමිට ගරු කරන්නත් හිත් පැහැදේවිනෙ එහෙම උණොත්...

දවස් හයක් ජීවිත සටනෙ හෙම්බත් වෙලා ඉරිදට පල්ලි යන්නෙ ඇණුම් බැණුම් අහගෙන ඉන්න නෙමෙයි හිතට සැනසීමක් එකතු කර ගන්නය කියලා ඒකවත් නැති පූජාවකින් කුමන ඵලයක් ද කියල දැන් බොහෝ දෙනෙක් අල්ලපු මීසමේ පුංචි පල්ලියක ඉරිදා පූජාවට යනවා.... හැබැයි අපේ තාත්ත  '' අපි පල්ලි යන්නෙ දෙවියන් හින්ද මිසක ස්වාමි හින්ද නෙවෙයි '' කියල පුරුදු විදියට අපේ පල්ලියෙ පූජාවටම යනවා... ඒත් මට නම් ස්වාමිගෙ දේශනාව අහන් ඉන්න සමහර වෙලාවලට හිතෙනවා අපරාදෙ පල්ලි ආවෙ ගෙදරට වෙලා ගහක් කොලක් දිහා බලන් උන්න නම් මීට වඩා හොදයි කියල.

තවත් ලොකු වැරැද්දක් සිද්ධ වෙනවා අපේ ස්වාමිගෙන්... ඒ තමයි වැඩි ඇසුර ඇති හැකි අය එක්ක... නැති බැරි අය ගැන තැකීමක් නැති එක... ඇති හැකි අයගෙ දුකට සැපට ගෙදරටම ඇවිත් සම්මාදම් වෙන ස්වාමි නැති බැරි මිනිස්සුන්ගෙ වග විස්තර වත් අහල බලන්නෙ නැහැ... මහ බ්‍රහස්පතින්දා පූජාවෙ පාද දෝවනයට අඬ ගහල තිබුණ ගෝලයොත් ඇති හැකි පවුල්වලම තමයි... ස්වාමි අප්පිරියාවක් නැතිව ඒ පාද දෝවනය කරන්න ඇති... මොකද යානවාහනවලින් යන්න, ටයිල් පොලොවෙ ඇවිදින්න පින් කරල තියෙන පංචස්කන්ද නිසා...

කුලී වැඩ කරන ගමේ කොළුවෙක් විහිළුවට කියන්නෙ මෙන්න මෙහෙම...
'' අපි තාම උත්සාහයෙන් නැගිටින අයනෙ.. අපේ ‍‍‍‍පෝන්වලට ාදගෙන් කෝල් එකක් එන්න තව සෑහෙන කාලයක් යයි....."  කියලයි.
මේක විහිළු කතාවක් උණාට හිත් අමාරුවක ලකුණුත් ගෑවිලා තියෙනවනෙ.

ස්වාමි කාන්තාවකට ආදරය කරනවා නම්, හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවනම්, දුම්වැටියක් බොනවනම්, ඒක මැදිහත් හිතකින් බලන්න පුළුවනි අපි හැමෝම මනුස්සයොනෙ කියල... පව්නෙ දෙවියන් වෙනුවෙන් ජීවිතේම කැප කළා උණත් තනිකමක් දැනෙන අවස්ථා ඇතිනෙ... යාම්තමට හිත් කොණකට හරි දැනෙන ආදරයක උණුසුමක් නැතිව ජීවිතේ කොයි තරම් අමාරුද?

ඒත් ඉහතින් දක්වපු කාරණා නම් බොහොම බරපතළයි කියලයි මට හිතෙන්නේ... මොකද මිනිස්සු ඈත් වෙන්නෙ ස්වාමිගෙන් පල්ලියෙන් විතරක් නෙවි.... දෙවියන්ගෙනුත් ඈත් වෙනවා ‍නොදැනීම... ස්වාමිගෙ කල්ක්‍රියාව නිසා...... ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ගම්වල විවිධාකාර මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරන්න පුළුවන් දේව ධර්මයක් දූත කාර්යයේ යෙදිල ඉන්න ගිහි පැවිදි පූජක හැමෝම වෙනුවෙන් නිර්මාණය විය යුතු කාලය ඇවිදින් කියල මට හිතෙනවා....  

Wednesday, April 11, 2012

නව අවුරුදු කුමරියත් අසරණයි....






එරබුදු මල් සිනා සලන සොුරු වසන්තේ
කොවුල් ගීත මියුරු සරින් ඇසෙයි දසන්තේ
සුසුම් හෙළන හිත් බෝමයි සතර දිගන්තේ
අවුරුදු කුමරිය ළතවෙයි තනිව වසන්තේ....

දිළිු පැළේ සිිති මුවට සිනා කොයින්දෝ
දිළිු පැළට කළඑළි ගෙන එන්නෙ කවුරුදෝ
රසමසවුළු නොව කුසගිනි නිවන්නෙ කවුදෝ
අවුරුදු කුමරිය කොයි අත සොයන්නෙ කවුදෝ......

නැකැත් නැතත් හැමදා හිත ගිනි ඇවිළෙන්නේ
හාල් මිටක් නැති නැකතක් කුමට වඩින්නේ
දො‍ළොස්මහේ පැතු පැතුම් බොවී යන්නේ
සුසුම් රැගෙන නව අවුරුදු කුමට ලබන්නේ......

උහුළන්නට බැරි බදු බර දුරු වී යන්නයි
වංචා, දූෂණ, නාස්ති නැති වී යන්නයි
සුදු වාහන, අතුරුදහන් යළි නොඇසෙන්නයි
උතුරුකරේ දමිළ සොයුරු සිත් සැනහෙන්නයි

අගති අයුක්තිය දුරු වී ඇත්ත දිනන්නයි
භේද බින්න දුරු වී සැනසුම ලැබ දෙන්නයි
නැති බැරි අත මිට සරු වී සතුට ලැබෙන්නයි
තුන්සිය හැටපස් දවසෙම අවුරුදු වෙන්නයි......

Friday, March 30, 2012

තරුගේ කවි නොකවි - 02 -




චැට් නිසා ලියවුණු කවි....

චැට් ගැන සමාජයේ තියෙන්නෙ හොඳ ආකල්පයක් නොවුණත් පරිගණකයක් ඇසුරු කරන වැඩි දෙනෙක් ඉඳ හිට හරි චැට් කරනවා... කම්මැලිකම නැති කරගන්න. පාළුව මකා ගන්න. අළුත් යාළුවො අඳුන ගන්න. සල්ලි හොයන්න... මේ වගේ සාධනීය අරමුණු වගේම පැහැදිලි කරල ලියන්නවත් බැරි අප්‍රසන්න අරමුණු වෙනුවෙනුත් චැට් භාවිතා වෙනවා...

මේ '' අන්තර් ජාල සුහද පිළිසඳර '' ගැන මගේ උපාධි නිබන්ධනයක් වෙනුවෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා මම 2010 වසරෙ... ''අන්තර්ජාල සුහද පිළිසඳර භාවිත කරන පුද්ගලයින‍්ගේ මානසික හා සමාජයීය චර්යාවන් අධ්‍යයනය කිරීම '' එහෙමයි ව්‍යාපෘතිය මම නම් කළේ... චැට් මගින් අහුඹු විදියට තෝරා ගත් 25 දෙනෙක් ගැන කළ සමීක්ෂණයක් ඇසුරින් තමයි ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ... නමුත් එය පරිපූර්ණ නිබන්ධයක් තරමට දුර ගියේ නම් නැහැ. හැබැයි ඒ අධ්‍යයනය නිසා දැන ගත් දේවල්, අවබෝධ කර ගත් දේවල්වලින් පොතක් ලියන්න පුළුවනි.

පොතක්, කවියක් කියවනවා රස විඳිනවා වගේ මිනිස් හදවත, මනසත් කියවන්න පුළුවන්... ඉන්‍ටර්නෙට් චැට් තුළින් උණත් මේ දේ කරන්න පුළුවනි.... චැට්වලදි මුණ ගැහෙන අය කියන්නෙ ඇත්තම නම් නෙවෙයි. බොරු ගොඩක් අතරෙ උණත් යම් යම් සංවේදී කාරණා මතු වෙනවා...  මේ මිනිස් ජීවිත කියවීම... ඕපදූප සෙවීමට එහා ගිය උතුම් අරමුණකින් සිද්ධ වෙන්න ඕන කියන එකයි මගේ අදහස...

වඩා යහපත් ලොවක් හදන්න චැට් මගිනුත් යම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.... '' ඔබ මේ ලොවට ආදරේ නම්, මුළු ලොවම ඔබටත් ආදරෙයි " කියන ‍මගේ ආදරණීය ජීවිත තේමාව චැට් තුළදිත් රැක ගන්න මම උත්සාහ කරන නිසාම හොඳ හිත් ඇති අය අඳුන ගන්නත්, අඳුන ගන්න අය තුළ ඇති හොඳ ටික වටහා ගන්නත්, හොයා ගන්නත් මට හැකි උණා.... ගන්නම දෙයක් නැති අයත් නැතුව නෙවෙයි.. මනුෂ්‍යත්වයේ අඳුරු අහුමුළු අපි කොයි කාගෙත්  ජීවිතවල නැතිව නෙවෙයිනේ....මේ කතාව චැට් ගැන නම් නෙවෙයි... ඒ ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න වේවි....

චැට් යහළුවෙක් නිසා මාතින් ලියවුණු ගීත රචනාවක්  ගැනයි අද ලියන්න හිතුවෙ....

මැද පෙරදිග රැකියාවක ‍යෙදුණු එක් සොහොයුරෙක් මගේ චැට් යහළුවන් අතර හිටියා.. චැට්වලදි මුණ ගැහුණු යහපත් පුද්ගලයෙක් විදියටයි ඔහු මගේ මතකයේ රැදෙන්නෙ.... ( ඒ යහපත්කම මගේ චැට් ප්‍රතිපත්තිවලට සාපේක්ෂව ගොඩනැගුණක්ද විය හැකියි. ) ඔහු පුංචි දියණියකගේ පියෙක්... ඒ වන විට දියණියට වයස අවුරුදු එකහමාරක් විතර. ඔහු නිතරම දූ පැටිය ගැන කතා කළා... මට ‍‍‍දුවගේ පොටෝ එකකුත් බලන්න එව්වා... මතකයි... දුරු රටක පාළුව තනිකම මකා ගන්න පිළිසඳර කාමරයක මිතු දම් ගොඩ නගා ගත්තත් ඔහු තමන්ගෙ පවුලට ගොඩාක් ළැදිව හිටි කෙනෙක්.... ( අවසර කල් රහස් තැන වරදෙ බැදෙන්නෙ ගැහැණු විතරක්ම නම් නෙවෙයි... ) සංගීතයට වඩාත් ප්‍රිය කළ ඒ සොයුරා ලංකාවෙදි සංගීත කණ්ඩායමකත් වැඩ කළාලු... ඉතින් මේ මතකයත් එක්ක වැඩ ඇරිල යන වෙලාවක බස් එකේදි ආව අදහසක් අනුව මම බස් ටිකට් එකේ මෙහෙම පද ටිකක් ලිව්වා...

කැණිමඩල සුවඳ කර පිපුණු මල් කැකුළ
ඉන්දු සයුර මුතු කොදෙව්වේ....
වැලි කතර තනිව රන් කාසි හොයන
අප්පච්චිගෙ හිත නුඹ ළඟයි දුවේ....

පස්සෙ බෝඩිමට ගිහින් බස් ටිකට් එකෙන් කවි පද ටික දිනපොතට අරගෙන හෙමිහිට හිතල බලල... ඉතුරු පද ටික ඇමිණුවා....

සිතුවිලි සයුරේ කිමිඳී
කිරි සුවඳ සිනා මුතු කැටයක්
අරන් ඇවිත් ඔ‍බගේ...
හිත ළඟින් තියා ගමි...
උණුසුම විඳ ගමි
පාළු නිසල රෑ තුන් යාමේ.......

දිගු ජීවිත වන්දනා‍වේ....
ගිමන් නිවන මුදු පවන් රොදක්
ඈත එපිට මව්බිමේ ඉඳන්
හමා එන තුරා බලා හිඳිමි
ඒ නුඹයි.. නුඹේ රන් සිනා මලයි...
මගේ රත්තරන් දෝණියේ....

විද්‍යුත් තැපෑලෙන් මේ පද පේළි ටික යැව්වම දු පැටියගෙන් දුරස් වෙලා හිටි ඒ අප්පච්චි ගොඩක් සතුටු උණා.. තනුවකුත් දාල ගීතය පටිගත කළා කියල කිව්වත් මට කවදාවත් ඒ ගීතය අහන්න නම් ලැබුණෙ නැහැ... දැන් ඒ දෝණි ඉස්කෝලෙ යනවත් ඇති....