ඒ සති අන්තෙ මම ගමේ ගියේ ළා උණකුත් තියෙද්දි... ලෙඩක් හැදුණම
ඉතින් ගෙදර තරම් සුවදායක තැනක් තවත් තියෙනවයැ... ඉරිදා වෙද්දි දැණුනෙ කම්මුල්
අමාරුව කියල.. ඔන්න ඉතින් කාමරේට හිර වුණා...
ඉස්සර නම් මේවට කියන්නෙ දෙයියන්ගෙ ලෙඩ කියලනෙ.. දැන් නම්
දන්නවා බෝවෙන රෝගයක්. මේවා බෝවෙන්නෙ වෛරස් එකකින්... ඔය වගේ නානාප්‍රකාර දේවල්...
මේ වගේ අසනීපයක් තියෙන කෙනෙක් ගෙදර ඉද්දි අතීතයේ නම් කොහොඹ අත්තක් ගේ ඉදිරියෙ
එල්ලන සිරිතකුත් තිබුණා.. ඒ හැමෝටම දැනුම් දෙන්න මේ ගෙදර බෝ වෙන රෝගයක් තියෙනවා
කියල.. දැන් ඒව කෙරෙන්නෙත් නැහැ... හැබැයි අලිහක්ක දෙහි ඇඹුලෙන් ගල ගාල ගෑවා... ඊට
අමතරව තාත්තා හැමදාම හැන්දෑවට ආශිර්වාද කරපු ඔලිව් තෙලුත් ගෑවා... එහෙම ඔලිව් තෙල්
ගාන වෙලාවට මගේ පපුව හිර වෙනවා වගේ ගතියක් දැණුනා.. තාත්ත ගැන ආදරේට දුකක් වගේ
අමුතු හැඟීමක් එකතු වෙලා ..
එළියට එන්න විදියක්
නැහැ. නංගිගෙ චූටි දුව ඉන්නවනෙ... මාව දැක්කොත් මම්මා කියාගෙන ඇෙඟ් එල්ලෙනවා.. නංගි
උදේට දුවව ගෙනත් දීලා වැඩට ගියාට පස්සෙ ආපහු හැන්දෑවට එයා දුවව භාර ගන්න කල් මට
කාමරෙන් එළියට එන්න විදියක් තිබුණෙ නැහැ... කාලෙ ගෙවා ගත්තෙ පොත් අල්මාරියට පින්
සිද්ධ වෙන්න.....
පොත් ගාය ඉතින් හය
හතර තේරෙන දවසේ ඉඳල වැළඳිලා තියන, සුව කර ගන්නම බැරි, සුව කර ගන්න ඕන කමකුත්
නැති අසනීපයක්නෙ... ( කවදා හරි දවසක ''
කලහය'' කෙටි කතාවෙදි වගේ ගෙදර එක්කෙනා ''කසාද බැන්ෙඳ පොත්ද මාවද ?'' කියල ප්‍රශ්නයක් අහන තරමටම
මේ ගාය උත්සන්නයි. )
ඉතින් කියවපු පොත්ම ආයෙම කියෙව්වා.. සෝමා ජයකොඩිගෙ පොත්
( මදාරා, මිහිකතගේ දියනිය, වෘකයෝ සහ ළමයි & සුනේත්‍රා
රාජකරුණානායක ( හෘද සූත්‍රය, නන්දිතය ), පරිවර්තන ( මිනිසෙක්, කාන්තාරයේ කුසුම,
කාන්තාරයේ දරුවෝ, පෙට්ටිගෙදර ළමයි.... ) තව කවි පොත්.... පත්තර.....
මේ අතර හරි අපූරු පොත් ටිකක් මුණ ගැහුණා...
10 , 20 පොත්...
මහජන පුස්තකාලෙ පොත් සල්පිලකදි වසර ගණනාවකට පෙර රු. 10
ට, 20 ට, 50% වට්ටමට ගත්තු පොත් වගයක් තිබුණා නොකියවා... රු. 10 ට නම් තිබුණෙ
ගොඩක්ම පුංචි අයට මුද්‍රණය කළ අධ්‍යාපනික පොත්.... ඒව ගත්තෙ වටේ පිටේ ඉන්න බාල පරම්පරාව
ගැන හිතල. රු. 20 ට ගත්ත පොත් අතර වැඩියම තිබුණෙ කෙටි කතා පොත්.. ගස් නැති රටට එඬරු ගහත් ගහක් කියන්න
වගේ ඔහේ කියවල දානවා කියල හිත හදාගෙන මේ පරණ, අඳුරු ගැහුණු පොත් ටික ඇඳටම ගොඩ කර ගත්තා.
පොතින් පොත කතාවෙන් කතාව කියවගෙන යද්දි හිතුණා අඩුම
මිලකට ගත්තට ඒ පොත් අමිල වටිනාකමකින් පිරිල තියෙනවා නේද කියල....
'' මේඝ "
රු. 20 ට ගත්ත එක් පොතක් රන්ජිත් ධර්මකීර්තිගෙ '' මේඝ
" .. ඒක නාට්‍ය අත්පිටපතක්.. පියදෝර් දොස්තයෙව්ස්කි කියන මහා රුසියන්
ලේඛකයාගේ ඇත්ත ජීවිත අත්දැකීමක් ඇසුරු කර ගනිමින් ලියවුණු ස්වතන්ත්‍ර නාට්‍යයක්.. දොස්තයෙව්ස්කි
අන්ත දිළිඳු තත්තවයකට වැටිල, ණය ගොඩකට මැදි වෙලා ඉන්න කාලෙක
ස්ටෙලොව්ස්කි කියන ප්‍රකාශකයා එක්ක ගිවිසුමකට බැඳිල මුදලක් ණයට ගන්නවා..
පොත් ප්‍රකාශකයාගේ ගිවිසුම අනුව දින 26 ක් ඇතුළත ලේඛකයා
නවකතාවක් ලියා දෙන්නට ඕන.. ලියා දෙන්නට නොහැකි උණොත් දොස්තයෙව්ස්කිගෙ සියලුම
පොත්වල අයිතිය ස්ටෙලොව්ස්කිට හිමි වන විදියටයි මේ ගිවිසුම ඇති කරල තිබුණෙ.
දොස්තයෙව්ස්කි බලාපොරොත්තු අත් හැරල සූදුවට
මැදි වෙලා ණයකාරයන්ගේ හිරිහැර මැද ඉන්න මේ දුෂ්කර අවස්ථාවෙ එයාගෙ යාළුවො තමයි
ගැටළුවෙන් මිදෙන්නට ශක්තිය වෙන්නෙ.... සැලසුම් සකස් කරන්නේ... 1866 ඔක්තෝම්බර් 04
වෙනිදා සිට නොවැම්බර් 01 දා දක්වා මේ කැළඹිලි සහිත කාල වකවානුව තමයි නාට්‍යයට
තේමාව වෙන්නෙ..
සූදුවට ඇබ්බැහි වෙලා හිටිය දොස්තයෙව්ස්කි මේ ගිවිසුම
අනුව ලියන පොතේ නම '' සූදු අන්තුවා ''. ( සිංහල පරිවර්තනයක් තියෙනවද දන්නෙ නැහැ. මම
තාම බලල නම් නැහැ. ) රාත්‍රී කාලයේ ලේඛකයා කතාවේ දළ සටහනක් ලියා ගන්නවා... දිවා
කාලයේ දී ආන්යා ග්‍රිගොරියව්නා කියන ලඝු ලේඛිකාව පෙර සැකසූ දළ සටහනට අනුව ඔහු
විසින් කියවන විස්තරාත්මක කතාව ලඝු ලේඛනයෙන් සටහන් කර ගන්නවා. නැවත රාත්‍රී කාලයේ
ඇය එම පිටපත යතුරු ලියනයෙන් පිටපත් කරනවා.. මේ ආකාරයටයි දින 26 ක් ඇතුළත '' සූදු
අන්තුවා '' ලියවුණේ... ඔහු පොත් ප්‍රකාශකයාගේ උගුලෙන් ගැළවෙන්නෙ ලේඛකයාගේ ප්‍රතිභාව,
ඔහු ලැබූ විවිධ ජීවිත අත්දැකීම් වගේම මිතුරන්ගේ දිරි ගැන්වීම සහ ආන්යාගේ දක්ෂතාවත්
නිසයි.
පසුකාලයක මේ ලඝු ලේඛිකාව දොස්තයෙව්ස්කිගේ බිරිඳ බවට පත් වෙනවා.. ආන්යා
සමග දෙවන වරට විවාපත් වූ මේ මහා ලේඛකයා වඩාත් තැන්පත් අයෙක් වු බවටත්, ඉන්පසු
ඉතාමත් හොඳ නිර්මාණ රාශියක් ඔහු අතින් ලියැවුණු බවටත් ඉතිහාසය සාක්ෂි
දරනවා...
'' ආදරවන්තිය ''
බෙසී හෙඩ් කියන අප්‍රිකානු ලේඛිකාවගේ තෝරා ගත් කෙටි කතා කිහිපයක්
මේ කෘතියෙහි ඇතුළත්. වසර ගණනාවකට එපිට අප්‍රිකානු දිළිඳුකම, නූගත්කම, අසරණකම විදහා දැක්වෙන
කැඩපතක් වගෙයි මේ කෙටි කතා එකතුව...
දුක් කම්කටොළු රැසක් මැදත් මනුෂ්‍යත්වයේ රැස්
විහිදෙන හැටිත් මේ කෙටි කතාවලින් කියවෙනවා... පොත කියවාගෙන යම් අවස්ථාවල කණගාටුවක්
දුකක් දැණුනත්, කම්පනයක් ඇති වුණත් මනුස්සකම ගැන ආදරයකුත් දයාවකුත් ඇති කරන්න තරම්
මේ කෙටි කතා සංවේදී...
යමුනා මාලනී පෙරේරාගේ ''ගිම්හානයේ උයන්පල්ලා'', ෂෝන්
පෝල් සාර්ත්‍රගේ ''නම්බුකාර අබිසරුලිය'', ලීලානන්ද
වික්‍රමසිංහගේ '' සිරකරුවාගේරාත්‍රිය'', එන්.ටී.කරුණාතිලකගේ
''ඔවුන් නැවත නැගිටිනු ඇත.'' ඛලීල් ජිබ්රාන්ගේ '' මිනිසි අසිරිය''.................
මේ අඩු මිල පොත් අතර තිබුණු තවත් සිත් ගත් පොත් කිහිපයක්.....
ප.ලි.
පොත් නම් කොයි තරම්
කියෙව්වත් එපා වෙන්නෙ නැහැ. කොයි තරම් ගත්තත් ඇති වෙන්නෙත් නැහැ... කම්මුල් ගාය
නම් හොඳ උණා.. පොත් ගාය නම් කවදාවත්
හොඳ වෙන එකක් නැහැ......
පොත් ගාය හොඳ කරගන්න එපා. ඒ වගේම මම දන්න විදිහට නම් පොත් ගාය හැදුණු මනුස්සයාට ඒක හොඳ කරගන්න විදිහක් ඇත්තෙත් නැහැ :D
ReplyDeleteඒක නම් ඇත්ත මල්ලී... ඔයත් හොඳ පොත් ගුල්ලෙක් වගේ... පොත් ගුල්ලෙක් නොවී ඉතිහාසයට, කලාවට ආදරය කරන්නත් බැහැනේ...
Deleteඅවාසනාවට ඔය ලේඩ සේරම වගේ හැදුනේ පොඩි කාලේ
ReplyDeleteදැන් හැදුනනම් සතියක් දෙකක් නිවාඩු අරගෙන ගෙදරට වෙලා පොත් ටිකක් බලන්න හරි තිබුනා
ගෙදර ඉන්න අතරෙ මමත් ඔය ගැන හිතුවා.. ගෙදර ඇවිත් සතියක් දෙකක් ඉන්න ලෙඩක් හැදෙන්නම ඕන නේද කියල... ඒත් ගෙදර අය එක්ක හරි හරියට කදයක්වත් දාගෙන ඉන්න බැරි එක නම් දුකක්... ලොකුම හොෙඳ් හිතේ හැටියට පොත් ටිකක් කියෙව්ව එක තමයි...
Deleteස්තුතියි අදහස් දැක්වුවාට...
Oyage hina haba wela akke. Ada mama oya laga nohitiyata oyage hithen mawena sundara, adaraneeya de kiyawanna mama pin karala thiyenawa kiyala mata danenawa. Hamadamath liyanna akke.Mama hamadamath oya laga. Budu Saranayi.
ReplyDeleteමං ගැන මං තරම්ම හොඳින් දන්න කෙනෙක්නෙ නංගි ඔයා.. මගේම නංගි කෙනෙක් වගේ මම ඔයා ගැන හිතුවෙ. මතකනෙ බ්ලොග් පිස්සුව හැදුණ දා ඉඳල මගේම බ්ලොග් එකක් ගැන හීන මවපු හැටි... දැන් ඒ හීනය සුන්දර විදියට සැබෑවක් වෙලා නේද? ගතින් ළඟ හිටියෙ නැති උණත් හිතින් ළං වෙන්න මේ බ්ලොග් පිටුවත් උදව්වක් වේවි... ඔයාගෙ සියළු පැතුම් ඉටු වේවා... ජේසු පිහිටයි...
Delete