ඔබ නැතිව ඉන්න බැරි තරමට.....
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට....
ඔබ නොදැක ඉන්න බැරි තරමට ...
සිත ඔබම
සොයනවා දවසම...
මටත් පුදුම පොත් උණක් තියෙන්නේ.. ඒක හරිම සුන්දර උණක්..
පොතක් අතේ නැතිවම මට
ජීවිතේම හිස් වෙලා වගේ දැනෙනවා.. ඒ නිසා මගේ ළඟ කියවන්න පොතක් නම්
නැති වෙන්නෙම නැහැ... කෙල්ලන්ගෙ බෑග්වල ලිප්ස්ටික්, සෙන්ට් වගේ දේවල් වරදින්නෙ
නැහැ නේ.. ඒත් මගේ බෑග් එකේ නම් පොතක් වරදින්නෙ නැහැ. සෑහෙන කාලෙක ඉඳල එකතු කර ගත්ත
පොත්වලින් අල්මාරියක් පිරුණෙ මේ පොත් උණ නිසාම තමයි.... බෝඩිමෙත් පොත්...
කාර්යාලයේ කබඩ් එකෙත් පොත්...
මගේ ජංගම පුස්තකාලයෙ
සාමාජිකයො හැම තැනම විසිරිලා ඉන්නවා... අපේ ළමා සංවිධානයෙ යාළුවො, මගේ පවුලෙ අය,
දුම්රියේ යාළුවො, කාර්යාලීය සගයන්, බෝඩිමේ ඇන්ටි සහ බෝඩිමේ මගේ සහායිකාව.... තව මම
නොදන්නා මේ අයගෙ යාළුවො.... මේ හැමෝම මගේ ජංගම පුස්තකාලෙ සාමාජිකයො....
කවුරු හරි මගේ පොතක්
කියෙව්වම මට හරිම සතුටක් දැනෙනවා... '' ධර්ම දානය උතුම්ම දානය '' කියනවනේ... හොඳ පොතක් කාට හරි
කියවන්න දෙන එකත් ඒ ළඟින් යන පුණ්‍යකර්මයක් කියල තමයි මට හිතෙන්නේ....
සූජීව ප්‍රසන්න
ආරච්චිගෙ පොත් විතරක්ම කියවන්න හුරු වෙලා හිටිය මොරටුව මල්ලියෙක් විවිධ පොත්
කියවන්නත්, පඩි ගත්තදාට පොතක් මිල දී ගන්නත් හුරු කරන්න පුළුවන් වීම ගැන මට අදටත්
සතුටක් දැනෙනවා...... මගේ '' පොලියානා'' කියවල ජීවිතේ ගොඩාක් කටුක අවස්ථාවන්වලදි
හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන්න උත්සාහ කරන අය දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා....
මේ හැමදේටමත් වඩා
අති දුෂ්කර ජීවිතයක් ගත කරන මගේ ලොකු නංගි මම මිල දී ගත්ත පොත් කියවල ජීවිතයට ලබා
ගන්න ධෛර්යය ගැන මට සතුටක් දැනෙනවා.... එයා කුලී වැඩ කරල ඉතිරි කර ගන්න මුදලින් මගේ
උපන්දිනයට අරන් දෙන පොත මම ගන්න පොත් සීයකට වඩා මට වටිනවා....
මගේ පොත් පිස්සුව
ගැන දන්න නිසාම මගේ උපන්දිනයට මට වැඩිපුර පොත් ලැබෙනවා... ඒ වගේම මමත් මට පොත්
තෑගි කර ගන්නවා... මගේ උපන්දිනයට, නත්තලට, අවුරුද්දට මම මටම පොතක් තෑගි දෙනවා.... මුල
පිටුවෙ ලස්සන සිතුවිල්ලක්, කවියක් එහෙම ලියල.... ( ටිකක් විතර පිස්සු නේද? )
සැප්තැම්බර් මාසෙ
පොත් ප්‍රදර්ශනය මගෙන් මග හැරෙන්නෙම නැහැ... නිවාඩු දවසක උදෙන්ම ගියාම දවසම හිතේ
හැටියට ඇවිදල පොත් ටිකක් අරගෙන හවහට තමයි ආපහු යන්නෙ... පොත් ප්‍රදර්ශනේට නම්
තනියෙන්ම යන්න තමයි මම කැමති.... හිතේ හැටියට පොත් අතර රස්තියාදු වෙන්න පුළුවන්
එතකොටයි....
මේ තරම් පොත් ගැන
කියන්නෙ ඇයි කියල ඔයාලට හිතේවි ... මට හිතුණා මට කියවන්න ලැබෙන පොත් ගැන... මගේ
පොත් අත්දැකීම් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න...
සමහර පොත් එක්ක පැටලිලා අතීත මතකයන් දිග හැරෙනවා...
සමහර පොත් ජීවිතේ පහන් එළි දල්වනවා...
සමහර පොත් ඔහේ කියවල දානවා...
කොහොම වුණත් පොතක් කියන්නෙ අළුත් ලෝකයක්.... ඒ අළුත් ලෝකෙ සිහිබුද්ධියෙන්
සැරිසරල ජීවිතයට අර්ථයක් එක් කර ගන්න පුළුවන් නම් හොඳයි... එහෙම නේද?
හරි හොද ලමෙක්.... :)
ReplyDeleteතව කියවන්න තව කියවන්න...
මං ලගත් කතා පොත් තිබ්බා ඉස්සර.. තවත් ඒවා තියනවා.. ඒත් අළුතෙන් පොත් අරං කියවන්න තරම් වෙලාවක් නෑ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ රජතුමාගෙ ඇහැ නොගැටී අඩවියෙ කිසිම දෙයක් කරන්න බැහැ වගේ... පෝස්ට් එක දාලා හුස්මක් ගද්දි කමෙන්ට් එකත් ඇවිත්නේ....
Deleteදැන් ඉතින් පොත් වෙනුවට බ්ලොග්නෙ බලන්නේ....නේද? මට නම් තාම පොත් කියවන්න වෙලාව තියෙනවා...
සතියකට පොතක් දෙකක් කියවනවා වැඩට යන එන ගමන් කෝච්චියෙදි...
බොහෝමත්ම ස්තුතියි රජතුමනි... මුලින්ම ඇවිත් අදහස් පළ කළාට...
හිකිස්.... නිවාඩු දවස් වලට ඉතින් මේකෙම තමා.. :)
Deleteමට වාහන වල පොත් කියවන්න බෑ... ඔලුව පැලෙන්න එනවා
ඔන්න මමත් ආවා තරුරසී බලන්න මේ පැත්තට....
ReplyDeleteඇත්තටම පොත් කියන්නේ නම් මටත් නැතුවම බැරි දෙයක්..කියවන්න තියනවා නම් ඉතින් වෙන මොකුත් ඔන නැහැ..ජිවිතේ දුක සතුට මේ හැමදේම මම පොත් එක්ක බෙදාගෙන තියනවා..පොත් එක්ක බැදිච්ච මතකය නම් කියලා නිම කරන්න බැරි තරම්....
සාදරයෙන් පිළිගන්නවා ඔයාව තරු අහසට...
Deleteස්තුතියි ඔයාගෙ අදහස් සටහන් කළාට...
පොත් කියවන කෙනෙක් දන්නවා ඒක කොයි තරම් සුන්දර විනෝදාංශයක්ද කියල... එහෙම නේද?
කාලයක් තිබුනා පොතක් කියවන්න වෙලාවක් සහ හිතක් තිබුනු... ,දැන් ඔය දෙකම ඈත්වෙලා. අනුන් වෙනුවෙන්. ඒත් තරුරසීගේ පොත් පෝස්ට් එක ආසාවෙන් කියෙව්වා. අන්තිමට කියෙව්ව පොත.. කන්දක් සේමා... සුමිත්‍රා රාහුබද්ධගේ...
ReplyDeleteඔයාගෙ රාජකාරියත් එක්ක පොත් කියවන්න නම් අමාරුයි තමයි.. ඒත් බ්ලොග් කියවන නිසා ටිකක් හරි ඒ අඩුව මැකෙනවා නේද? පොත් කියෙව්වෙ නැතත් ඔයා මිනිසුන්ගෙ ජීවිත කියවනවා හරිම අපූරුවට. ඔයාගෙ ලිපිවලින් ඒ බව දැනෙනවා..
Delete'' කන්දක් සේමා '' මගේ එක උපන්දිනයකට ලොකු නංගි අරන් දුන්නා... සැබෑ වූ සිහිනයක් කියන මගේ ලිපිය බලන්නකෝ... ජපානය මගේ සිහින දේශය ... මම හරිම ආස රටක්...
පොත් කියන්නේ හොඳ යාලුවෝ . පැමිණිලි නොකරන ..නෝක්කාඩු නොකියන හොඳ යාලුවෝ . නවීන ලෝකේ නෙක විච්චුරන පස්සේ ගිහින් හති වැටුනම මන් නවතින්නේ පොත් ළඟ .
ReplyDeleteකතාව නම් ඇත්තම ඇත්තයි බින්දි... මැක්සිම් ගෝර්කිගෙ පොත් පිංචක් තියෙන්නෙ '' පොතයි මමයි'' කියල... පොත් අපේ ජීවිතත් එක්ක කොයි තරම් යා වෙලාද කියන්න අපිටත් ඒ වගේ පොතක් ලියන්න වෙයි...
Deleteඔය පොත් කියවිල්ලෙ රෝගය මටත් තියෙනවා.ඒ නිසා මම කවදාකවත් පුස්තකාලෙකින් පොතක් ගන්නෙ නෑ මොකද ඒක ආපහු දෙන්න ලෝබ හිතෙන නිසා. ඒ නිසා මම කරන්නේ පුද්ගලික පුස්තකාලයක් පවත්වා ගෙන යාම.
ReplyDeleteහැබැයි තව කෙනෙකුට තෑග්ගක් වශයෙන් පොතක් දෙන්න මැලිවෙන්නෙත් නෑ. මොකද එකක් දීපු ගමන් දෙක් හම්බවෙන බව අත්දැකීමෙන් දන්න නිසා.ඒවගේම තමයි දුන්න පොතක් ගැන ආයෙ හිතන්න එපා මොකද ඒක අයෙ ලැබෙන එක සිදුවන්නෙ කලාතුරකින්.
මගෙත් පොත් කීයක් නම් නැති වෙලා තියෙනවද? නැති උණාම හරිම දුකයි... ඒත් මොනා කරන්නද? හොඳ පොතක වගේම හොඳ යාළුවෙක්ගෙ වටිනාකම දන්න අය පොත් ආපහු නොදී ඉන්නෙ නැහැ...
Deleteමම එකම පොත දෙතුන් සැරේ බලනවා.. මාස ගාණකින්, සමහර විට ඒ පොත ආයෙම බලද්දි කළින් නොහිතුණු දේවල්, නොදැකපු දේවල් හිතෙන්න ගන්නවා... පේන්න ගන්නවා... හිතෙන හිතෙන වෙලාවට බලන්න නම් ඉතින් පොත සල්ලි දීල ගන්නම වෙනවනේ... බැලුවම අපි හැමෝටම පොත් උණ...
පොත් කියන්නේ ජීවිතේ වගේ.
ReplyDeleteමට කතාව කිව්ව මනුස්සයා නම් මතක නැහැ. කතාව තමයි එයා උපමා කරලා තියෙනවා "පොත් කියවන්නේ නැති මනුස්සයයි ගෑණිට ගහන මනුස්සයයි අතරේ කිසිම වෙනසක් නැහැ" කියලා :D
අපූරු කතාවක් මල්ලි... මම පළමු වතාවටයි ඇහුවෙ....
Delete