මම වැඩ කරන්නෙ රජයට සම්බන්ධයක් තියෙන ආයතනයක.... ( කොහෙද
කිව්වොත් කට්ටිය මගේ බ්ලොග් බලන්න එන එකකුත් නැහැ.... බ්ලොග් එකේ කුණුහරුපත්
ලියන්න ඉඩ තියෙනවා.... )
මට දැනෙන හැගෙන දේවල් විවෘතව කියන්න හිතෙනවා... එත් ඉතින්
සුදු වෑන් හීනෙන් පේනවා.... මේ වගේ අදහස් අහිංසක පුරවැසියෙක්ගෙ හිතට එන එක වළක්වන‍්නෙ
කොහොමද? මේව හිතෙන හැමෝම අවි ආයුධ අරන්
විප්ලව කරන්න යන්නෙත් නැහැනෙ..... නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන අදහස්
දැක්වීමේ නිදහස පාවිච්චි කරනවා විතරයි..
අපිට දවසකට කිරි වීදුරුවක් දෙන්න යනවා රු. 20 කට..... නරක
නැහැ වැඩේ.... එළකිරි එකක් බොන්න තියෙනවනම් හොඳයිනෙ....
මහා ප්‍රශ්නෙකට පුංචි පැලැස්තරයක්.... මොන්ටිසෝරි
ළමයින්ට කිරි වීදුරුවක් දුන්නට, අපි වගේ රජයේ සේවක සුළු පිරිසකට කිරි වීදුරුවක්
දුන්නට කිරි ගොවියන්ගෙ ප්‍රශ්නෙ විසදෙනවද? ඕක තමයි මට තියෙන ප්‍රශ්නෙ......
මේ තරම් මුදල් කන්දරාවක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන රටේ
සාමාන්‍ය ගොවි ජනතාවගෙ නිෂ්පාදනවලට අගය වටිනාකමක් එකතු කරල සකසුරුවමට, ආකර්ශණීය විදියට, පෝෂ්‍යදායක
විදිහට වෙළඳපළට යොමු කරන්න වැඩපිළිවෙලක් සැකසෙන්නෙ නැත්තෙ ඇයි...
ප්‍රාදේශීය මට්ටමින් මේ ආහාර නිෂ්පාදන ආයතන රාජ්‍ය අනුග්‍රහයෙන්
ඇති කරන්න පුළුවන් නම් හොඳයි නේද කියල මට හිතෙනවා.... විශාල රැකියා ප්‍රමාණයක්
නිර්මාණය වෙනවා.. ගමේ කුඩා ගොවි මහත්තයටත් හොඳ මිලක් ලැබෙනවා.. නිෂ්පාදනය කරල විතරකුත් මදි වෙළඳපළ පහසුකම් දියුණු
වෙන්නත් ඕන... අනික මාධ්‍ය හරහා දේශීය ආහාර නිෂ්පාදන ගැන වැඩි උනන්දුවක් ඇති
කරන්නත් ඕන...
මේ කොයි දේ කළත් වැඩක් නැහැ ඉතින් සාමාන්‍ය ජනතාවගේ අතේ
පිච්චිය නැත්නම් Value added products මිල දී ගන්න....
පය බරවායට පිටකර බෙහෙත් බඳින්න අපේ ඈයො දස්සයි.....
ReplyDeleteඅනුවණ දන බලයට පත්වූ කල වගේම ප්‍රතිපත්ති සම්පාදකයන් වූ කල මෙවන් තත්ව ඇතිවීම අරුමයක් නොවේ
ReplyDeleteහිගන රාජ්ය සේවකයගේ අඩුම ගානේ පෝෂණය වත් වැඩිදියුනු වෙන්නැතෑ
ReplyDeleteමෙරට කිරි නිෂ්පාදනය හරස් කරන කිරි සමාගම් කිරි දේශපාලනයට මිලක් නියම කරන රටක කිරි උතුරන්නේ හීනෙන් විතරයි.
ReplyDelete