යොවුන් වැඩසටහනක් වෙනුවෙන් අපි මග්ගොන මැසනද් යොවුන්
පියසට ගිය බව කළින් පෝස්ට් එකක මම ලිව්ව ඔයාලට මතක ඇති....
ඉතින් සෙනසුරාදා උදෑසන ආරම්භ උණේ සරල සක්මන් භාවනාවකින්...
( අපේ මේ භාවනා හිත්
එක්තැන් කර ගන්න, අළුත්
අරමුණක් ජීවිතේට එකතු කර ගන්න අපිම හදා ගත් සරල භාවනාවන්... ඒ නිසා භාවනාව ගැන
ගැඹුරු අදහස් මෙයින් බලාපොරොත්තු නොවෙනවනම් හොදයි...)
භාවනාව මෙහෙයවූයේ ගරු මේරියස් පියතුමා.. මම ඔයාලට කළිනුත්
කිව්වනෙ බටපඳුරු හෙවණේ භාවනා මධ්‍යස්ථානය ගැන... මෙතන ඉහට උඩින් බට අතු
වියනයි...
නිල්
අහසයි....
පයට
තණනිල්ල...
ගස්
කොට, කුඩා කොන්ක්‍රීට්
කැට තමයි ආසන වෙන්නෙ...
( පාවහන් ගළවා පැමිණෙන
ලෙස අපට කළින්ම උපදෙස් ලැබී තිබුණා... උදේ හතේ කණිසමට තණබිස්සේ පිණිකැට වේලිලා නැහැ. නිරුවත් දෙපයට
දැණුනෙ අපූරු සීතලක්...
අනේ
ඉතින් මේ වගේ සැප විඳින්න අපේ කකුල් පින් කරල නැහැනෙ... හැමදාම රබර් සපත්තු, සෙරෙප්පුවල
හිරකාරයෙක් වෙලා....
ඒ
වෙලාවෙ හුළඟත් හරිම සනීපයි... හුස්ම ගන්න බයකුත්
නැහැ....
වටපිටාවෙ
ගහකොල පිරිලනෙ....
ගන්න
හුස්ම අතිපිරිසිදු බව නැහැතුඩුවලටත් දැනෙනවා..... )
පියතුමා
භාවනාවට පිවිසුණේ මේ විදියට...
පුරුදු තැන්පත් සරල ස්වරයෙන්...
'' මහපොළව පාගන්න ලැබිම
භාග්‍යයක්.....
ඊයා කියන්න ඕනෙ නැහැ............. ඈක්ක කියල හිතන්න
ඕනෙ නැහැ........
මහපොළවේ
තියෙන කටුක බව,
සීතල, උණුසුම මේ හැමදේම
අපි විඳින්න ඕන....
ඒක
තමයි ජීවිතය.
....
අපි පුරුදු වෙලා
ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න....
ගෙදරදි
සෙරෙප්පු දාන්න ඕනෙ නැහැ... ගෙදර වටපිටාව අපි පිරිසිදුවට තියා ගන්නවනම් කිසිම
අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව
පාගන්න...
දෙපතුල්
උණත් ඕනෑවට වඩා හුරතල් කරන්න ඕනෙ නැහැ...
දෙපය
නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා... එයින් ස්නායු
උද්දීපනය වෙලා සුවදායකබවක් ඇති වෙනවා...
මහ
පොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි....''
'' අපි මේ ඉන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ.... ලංකාවේ වැඩිම ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් තියෙන්නෙ කළුතර
දිස්ත්‍රික්කයේ... බොහෝ වෙලාවට ආරණ්‍ය සේනාසනයක් බිහි
වෙන්න අවශ්‍යම කරුණු තුනක්
තියෙනවා...
v පොඩි කඳු ගැටයක් තියෙන්න ඕන..
v කන්ද වහගෙන ලස්සන වනපෙතක් තියෙන්න ඕන...
v ආසන්නයෙන් ගලා යන දොළ පාරක් තියෙන්න ඕන...
වනවාසී යෝගීන් වහන්සේලා අතින් ගොඩක් හොඳ පොත් ලියවෙන්නෙ
සොබාදහමත් එක්ක,
සතා
සීපාවා එක්ක එතුමන්ලගේ තියෙන සමීප
සම්බන්ධතාවය නිසා...
තැන්පත්
සරල ජීවන රටාව නිසා....
මේ ආරණ්‍ය සේනාසනවල සක්මන් මළු තියෙනවා... අඩි 03 ක් විතර පළලයි... වනවාසී භික්ෂුන්
වහන්සේලා භාවනා කුටිවල නිතරම භාවනාවේ යෙදිල ඉන්නවා... ඒ අතර සක්මන් මළුවත්
එතුමන්ලාට වෙනස් ඉරියව්වකින් භාවනා කරන්නට, භාවනා කළ කරුණු
මෙනෙහි කරන්නට උදව් වෙනවා.... මේ මොහොත නිහැඬියාවේ රසය අත්දකින මොහොතක්.... සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන
මොහොතක්.....
( ආරණ්‍ය සේනාසන ගැන, වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ජීවන රටාව ගැන දැනුමැත්තෙක්
ලියනවනම් ආසයි කරුණු දැන ගන්න...)
කණ්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද
බද්දවලට හුරු වෙලා ඉන්න කොල්ලො කෙල්ලො මේ නිහැඬියාවේ රසයත් විඳින්න පුරුදු වෙනව
නම් හොඳයි.... අද අපි යොමුවෙන්න
සරල සක්මන් භාවනාවකට....''
භාවනාව තුළ මේ වගේ කරුණු ටිකක්
පිළිපදින්න අපි එකඟ වෙමු....
·
ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව.. සෙමින් දෙපා තබමු.
·
කවුරුවත් දිහා නොබල ඉමු.. ඇස් හමු වෙන්නට බැහැ.
·
ඇවිදින අතරේ බොහෝ දේ හමු වේවි... ඒ සියල්ල පසුකර යන්න.... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි
කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න.
·
ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක්
කර ගන්නට උත්සාහ කරන්න.
·
ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළගින්
තියන්න....
පුංචි
යැදුමක් පැතුමක් කරන්න.
පියතුමාගේ මේ කතාවෙන් පස්සෙ අපි නිහඬවම සක්මන් භාවනාවට
පිවිසුණා...
ඔන්න
දැන් ලියන්නෙ සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ............
ඔන්න මගේ භාවනාත්මක අත්දැකීම
ඇත්තම කියනවනම් මුලින්ම හෙමින් පා තියන්න අමාරු උණා...
ඇයි ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉඳන් කෑම හදන්න, බත් බඳින්න, අස් කරන්න, අතු ගාන්න, ලෑස්ති වෙන්න,
කෝච්චියට දුවන්න...
කෝච්චියෙන් බැහැපු වෙලේ ඉඳන් අටහමාරට කළින් ඇඟිල්ල තියා ගන්න
දුවන්න..... ඔය වගේ දුවන ජීවිතයක්නෙ තියෙන්නේ.... ඉතින් හෙමිහිට පොළවට නොදැනෙන්න
ඇවිදින එක ලේසි නෑ... ටික වෙලාවක් ගියා .... දඩිබිඩි ගමන් විලාසය සන්සුන් කර
ගන්න...
ඉන්පස්සෙ ඉතින් හිත දුවනවා... ළමයි ටික එකම හරියෙ
ගැවසෙන්නෙ.. ඒ මදිවට සිමෙන්ති පඩියක් උඩ තුන් හතර දෙනෙක් එක පෙළට වාඩි වෙලා.... මේ
මොන විකාරද කියල හිතෙනවා ඇති.... අඩුම තරමෙ මේ ටික වෙලාවටවත් නිදහසේ ඉන්න ඕනෙ... අනිත්
අයගෙ වැඩ ගැන නොහිතා.... එහෙම හිතල මම ශාලාවෙන් අනිත් පැත්තට ගියා... ඒ පැත්තෙ මමම
විතරයා.... මල් ගස් ඇරුණම එක දිගට විහිදුණු තණපියස.....
මම හෙමිහිට ඇවිදගෙන ගියා... ඔන්න දැන හිත ටික ටික
සන්සුන්... මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදගෙන යන කොට... තුත්තිරි ගහක් හමු උණා... මම ඒ
තුත්තිරි ගහ පහු කර ගෙන ගියා... ඒත් මෙන්න තුත්තිරි ගහ මගෙ හිතේ ඇලවිලා....
''......... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න
පුළුවන්... තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි... ඒත් කවුරුවත් ඒ මැදට යන්න
කැමති වෙන්නෙ නැහැනෙ... තුත්තිරි ඇනෙනවා.. ඒක මහා දුකක් නොවුණට කරදරයක්...
තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා. ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළ හැදෙනවා....
අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්... තරහ, කලකිරීම, නොරිස්සුම,
උදාසීන ගති, ඊර්ෂ්‍යාව..... මේ වගේ තුත්තිරි ගස්... මේවා විගහින්ම ගලවල දාන්න
ඕන... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා.... ''
මගේ හිත මට කියනවා.... '' ඔයාගෙ හිතෙත් මේ දවස්වල
තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගලවල දාන්න...''
හිතත් එකක් සංවාදයක යෙදෙමින් මම ඉදිරියටම සක්මන් කළා... මෙන්න
තණකොල අතරින් පුංචි සුදු මොට්ටු වගයක් එබිකම් කරනවා... මම හෙමිහිට පාත් වෙලා
බැලුවා... චූටි බිම්මල් කිහිපයක්... පාවහන් පැළඳි දෙපයින් දඩිබිඩියෙ දිව්වනම් මේ පුංචි
සොබාදම් දරුවො මගේ පයට පෑගිලා පොඩි වෙලා යනවනේ.... ජීවිතේ සරල සුන්දර කාරණා කොයි
තරම් නම් මග හැරිල යනවද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක....
මම ආපසු හෙමිහිට එන ගමනෙ අර මගෙ හිතේ ඇලවුණු තුත්තිරි
ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගලව ගත්තා.... පුංචි පල්ලියට ගිහින් කුරුසිය ළඟ ඒ තුත්තිරි ගස්
තිබ්බා.... හිතින් ජේසූට මෙහෙම කිව්වා....
හෘදයෙන් සාන්තදාන්ත
වූද....බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ
දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....
'' ආදර ජේසූනී,
තුත්තිරි ගස් ගලවල දාලා මගේ හිත පිරිසිදුව තියා ගන්න මට උදව්වෙන්න....''
කියවන් යද්දි ආස හිතුනා..එ වගේ පැයක් නිරවුල් ව ඉන්න තියෙනවා නම් මේ කලබලකාරි රටාවෙන් එලියට පැනලා එහෙම ඉන්න පුලුවන් නම් ...
ReplyDeleteඅපේ ජීවිතවලට මේ වගේ නිදහස් මොහොතවල් ඕනෙ නංගි... අපේ ජීවිත ගෙවෙන්නෙම කලබලෙන්නෙ
Deleteඔන්න දැන් තරු රසී ලියන බ්ලොග් එකත් ඔන් ලයින් පේන්නම දාගත්තා. දැන් හරි. අලුත් එකක් දැම්ම ගමන් පේනවා.
ReplyDeleteකතෝලික ධර්මය තුළත් භාවනා කරන ක්‍රම කියා දෙන බව දැනගත්තේ අදයි. මටනම් බෞද්ධ භාවනා ක්‍රම ටිකක් පුරුදුයි. දවසක් සිංහරාජ අඩවි සීමාවේ තියෙන බෙරලිය කන්ද රක්ෂිතයේ භාවනා වැඩසටහනකට සහභාගී වුණා මීට වසරකට විතර කළින්. ඒකත් අපූරු අත්දැකිමක්
හරිම සතුටුයි ඔබ මගේ බ්ලොග් ගැන උනන්දු වෙනවට.... බ්ලොග්වමලට ආවමයිනෙ.... ඉතින් බ්ලොග් ප්රමවීණයන්ගේ අදහස් මට හරියට වටිනවා....
Deleteකිතුනු අපෙත් භාවනා ක්රඅම තියෙනවා.. නමුත් ඒවා බුදු දහම තරම්ම ගැඹුරට ගිහින් නැහැ මම හිතන විදියට... අපි ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන් කරන නිසා මේ වගේ සොබාදහම, ගීත, පින්තුර ඇසුරු කර ගත්ත සරල භාවනා නිර්මාණය කරගෙන තියෙනවා... දවසේ ආරම්භයට යහපත්, තැන්පත් සිතුවිලි ඇති කරගන්න එක තමයි අරමුණ....
ආරණ්යියක් වගේ තැනකදි භාවනාත්මක අත්දැකීමක් ලබන්න කැමැත්තක් තිබුණත් තාම ඒකට අවස්ථාව ලැබුණෙ නැහැ...
නිහඬතාවය කියන්නේ අති විශිෂ්ඨම පාඩමක්. ඒක තේරුම් ගන්න හුඟක් අය උනන්දු නොවන එකයි ගැටළුව.
ReplyDeleteඇත්තමයි මල්ලී..... ආරණ්යම සේනාසන ගැන හොයල බලල ලිපියක් ලියන්න ඔයාට පුළුවන් නේද?
Deleteආරණ්‍ය සේනාසන ගැන ඔයාට විශේෂයෙන්ම මොන vagea දේවල්ද දැනගන්න ඕනේ අක්කේ ???
DeleteAranya senasanayaka wishesa lakshana, watapitawa, jevithaya gewenne kohomada wage karana..... ( gedara Computer eke sinhala ne malli)
Deleteහොඳයි අක්කේ ලියන්න උත්සහයක් දරන්නම්. මම අඳුරන ආරණ්‍යවාසී හාමුදුරු නමක් ඉන්නවා. උන් වහන්සේගෙනුත් කරුණු අරගෙන මම මේ ගැණ ලියන්නම්. ඒක වඩාත් සාර්ථක වේවි මම හිතන විදිහට
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteරජතුමා මගේ ලිපියකට ප්රේතිචාර දක්වන්නෙ පළමු වතාවට... අඩවි රජගේ ඇහැ ගැටෙන එකත් ලේසි දෙයක් නෙවෙයි නේද? ස්තුතියි රජතුමනි.. සුබ පැතුමට..
Deleteලස්සන ලිපියක් . මමත් හිතන් හිටියේ භාවනා කරන්නේ බෞද්ධ අය විතරයි කියල . නැහැ බොහෝ යුරෝපීයයන් [ මෙයින් සමහරු අය ආගමක් කියල අදහන්නේත් නැති අය ] විවිධ අවස්ථාවල භාවනා කරනවා . බෞද්ධ අයට ඔබේම මේ දේවල් ලැබී තියෙනවා . එත් අර කිව්වා වගේ දුවන දිවිල්ලට ඉතින් අපි කරන භාවනා . නිතර තරහ යන අපේ නෑ කෙනෙක් භාවනා කරන්න ගත්තට පස්සේ පුදුම වෙනසක් . මන් මේ ලඟදි යෝග පාඩමකට ගියා . යෝග වල එක කොටසක් තමයි භාවනා . හුස්ම ගැනීම සම්බන්ධ ආනාපාන සති භාවනාව හුඟක් හොඳයි . ඇත්තම කියන්න මට නම් හරිම අමාරුයි හිත එකඟ කරගන්න .
ReplyDeleteබ්ලොග් ලොවේ ආදරණීය නෙළුම් මල මගේ තරු අහසට ආදරයෙන් පිළිගන්නවා... මේ ඔයාගෙ පළවෙනි කමෙන්ට් එක... සතුටුයි බින්දි මගේ බ්ලොග් එකට ආවට...
Deleteබෞද්ධ භාවනා ක්රණම තරම්ම දියුණු නොවුණත් හිත එකග කර ගන්න භාවනා ක්රේම හැම ආගමකම වගේ තියෙනව නේද? හිත එකග කර ගැනීම නම් මටත් හරිම අමාරු දෙයක් තමයි.... ඒ අපි දිගටම භාවනා කරල ඒ ගැන පුහුණුවක් නැති නිසා වෙන්න ඇති..... යෝග අභ්යාදස ගැන අහල තිබුණට තාමත් ඒ අත්දැකීම විඳින්න නම් ලැබිල නැහැ....
නිශ්ෂබ්දව සිටීමත් බාවනාවක් තමා...
ReplyDeleteඒක නම් ඇත්තම තමයි... ස්තුතියි මගේ ලිපිය ගැන අදහස් පළ කළාට... ඇවිත් බලල කමෙන්ට් කළාම හිතට සතුටක් දැනෙනවා...
Deleteමමත් හරිම ආසයි භාවනා කරන්න..ඔයා කියන්න වගේ යන්නන්වාලෙ හැල්මෙ දුවන අපේ හිතට මනසට විවේකයක් දෙන්නනම් භාවනා කරන්නම ඕනි..කාර්්‍යබහුලත්වය වැඩිනිසා ආයෙමත් මට භාවනා කරන්න බැරිවෙලා..එහෙම අයින් වුනාම ආයෙමත් පුරුදු වෙන්න ටිකක් කල් යනවා...
ReplyDeleteආගම කොහොම වුණත් ඕනිම කෙනෙකුට හිත පාලනය කරගන්න පුළුවන් එකම අදහසකට හිත යොමු කිරීම තුලින්.අපි ඇවිදින වෙලාවට වුණත් අපි ඇවිදිනවා කියල මනසින් හිතමින් මෙනෙහි කරමින් ඇවිදීමට එක්තරා භාවනාවක් වෙනවා..
අදයි මේ පැත්තෙ ආවෙ ආයෙමත් එන්නම්කෝ...
සිහින සිත්තමක් තරු රැස් විඳින්න ආවට සතුටුයි... මමත් ඔයා ආව මග දිගේ ඔයාගෙ සිහින සිත්තමට ගියා... කවි කිහිපයක් රස වින්ඳා.. මමත් කවියට ආදරෙයි....
Deleteබුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා නේද භාවනා කරන්න ආරණ්යකගත වෙන්න ඕනම නැහැ.. අපේ එදිනෙදා ජීවිතේ අපි කරන කියන හැමදේම සිහිකල්පනාවෙන් කරනවනම් ඒක භාවනාවක් කියල... මම එහෙම අහල තියෙනවා... ආයෙමත් ඕනම වෙලාවක එන්න.... විවෘතයි මේ තරු අහස....
ඔන්න මමත් ආවා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි මගේ තරු අහසට ගොඩ වැදුණට...
Deleteතරුරසී බලන්න ඔන්න බට්ටිත් ආවා. හෙමින් කියවන්නම් පොස්ට් සේරම.....
ReplyDeleteබට්ටි මීට කළිනුත් මාව බලන්න ඇවිත් තියෙනවනේ... මතක නැද්ද ඔයාට... '' සැබෑ වූ සිහිනයක් '' බලල කමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ... දෙවෙනි වතාවටත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා නංගා.
Deleteඔන්න තරු බලන්න මාත් ආවා . මාත් බොහොම ආසයි භාවනා කරන්න . සිත තැන්පත් උනාම
ReplyDeleteසිතට දැනෙන සුවය කියල නිම කරන්න බැ.
ඔයාගේ පෝස්ට් රීඩර් එකට දාන්න තරු එතකොට මට මග හැරෙන්නේ නැ.
බොහොමත්ම ස්තුතියි ගිම්, මගේ තරු අහසට ගොඩ වැදුණට... බ්ලොග් ලෝකෙ බින්දි ළඟට මම හඳුනා ගත් මිතුරිය ඔයා... සතුටුයි ඔයා මේ පැත්තෙ ආවට.
Deleteගිය ජාතික කමිටුවෙදි මටත් සක්වන් භාවනාවකට යොමුවෙන්න අවස්ථාවක් හම්බඋනා තරැ අක්කේ රන්දිල් ෆාදර්ගෙ. බොරැ කියන්න ඕන නෑනෙ බෞද්ධ උනත් සක්මන් භාවනාවක් කරපු පළවෙනි සැරේ. ෆාදර් හරි අපූරැවට අපිව භාවනාවෙන්ම අපේ කකුල් දෙක ගැන මෙනෙහි කරන්න අවස්ථාවක් අරගත්ත. එදා භාවනාව කලේනම් අපේ දේශන ශාලාව ඇතුලෙ, එලියට යන්න තිබුනනම් හොදයි කියලා අපිට හිතුනා.
ReplyDelete