'' අර ඇවිත් ඉන්න ආමි එකේ ළමයි ආබාධිත ළමයි හාමිනේ.. මේ
යුද්දෙ අස්සෙ ආබාධිත ළමයිව තමයි ගොඩක් වෙලාවට මළගෙවල්වලට එවන්නේ. තරුණ ජීවිතවලට යන
කලක්. මේ යුද්දෙ කවදා ඉවර වේවිද? ''
පසුදා උදෑසන පිල මත වාඩි වී තේ බොන ගමන් අප්පච්චී කී
කතාවට ගිනි ඇවිළුණේ මලිතිගේ අහිංසක පපුවේය. සුදු අක්කාගේ අයියා කොයි තරම් හොඳඳ? ඔහු මිහිමත වැඩි දෙවියෙක් වන්
මිනිසෙකි. ඒත් ඒ යහපත් මිනිසාද යුද්ධය
විසින් බිලිගෙන තිබිණි. කතා කරන දෑස හිමි වන්නේ ආබාධිත සොල්දාදුවකුටද? දෙනෙත තෙත්
වූයේ ඇයටත් නොදැනීමය.
'' අන්කල් අපි මෙහෙ ළිදෙන් නා ගත්තට කමක් නැහැ නේද?''
ඉදිරි මිදුල දෙසින් කටහඬවල් කිහිපයක් එක
වර නැගී ආවේය. ඒ අතර අප්පච්චී ඇමතු හඬ ඔහුගේය. නිසැකවම ඔහුගේය. මලිති හෙමිහිට
කවුළුව අද්දරට ඇදුණාය.
'' ඕකත් අහන්න දෙයක්ද මහත්‍තයො.
'' ඒ අප්පච්චීගේ කටහඬය.
කතා කරන දෑසද නිවස දෙසට
එමින් සිටියේය. ඒ විමසිලිමත් දෑස සීරුවෙන් යමක් සොයන්නාක් මෙන් දැනේ. ඔහුගේ ගමන්
විලාසයෙහි අමුත්තක් ඇත. කොර ගසන අයුරක් දිස් වේ. ඈ මුවට සුසුමක් නැගිණි. හිත
ඉඳිකටුවකින් පාරන්නාක් මෙනි.
'' ලොක්කියේ මේ මහත්තයලට
තුවායක් සබන් කෑල්ලක් දුන්නොත් හොඳ නොවැ''
...... අයියෝ මේ අප්පච්චිත්
කියන කතා... ඒ මහත්තයල ඉස්සරහ ලොක්කි කිව්වනේ... වස ලැජ්ජාව... මලිති සිතින් මිමිණුවාය.
කරන්නට දෙයක් නැත. අඩුමකුඩුම ළිඳ ළඟට යවන්නට මල්ලීද නැත. අම්මා කුස්සියේ වැඩකය.
කපුරු සුවඳ රැඳුණු අළුත් තුවායක් අල්මාරියෙන් ගත් මලිති සුවඳ සබන් පෙට්ටියද ගෙන ළිඳ
වෙතට ඇදුණාය.
'' අන්න මචංලා ලොක්කි එනවා. අන්කල්ගෙ ඇස් පේන්නෙ නැද්ද මන්ද? මේ ස්වීට්
ගර්ල්ට ලොක්කි කිව්වේ..."
කටකාර තරුණයාගේ කතාවට අවටින් මහ සිනා හඬක් නැගිණි.
මලිති විලියෙන් හැකිළුණාය. කඳුලක් ඔන්න මෙන්න ඇහි පිය යටය. ඇය සබන් පෙට්ටියත්,
තුවායත් ළිං බැම්ම මත තබා ආපසු හැරුණාය. මෙන්න ඈ ඉදිරියේ කතා කරන ඇස් දෙක...
" චුට්ටක් මූණ බලල
ගියාට ඇස් දෙක ගෙවෙන එකක් නෑ.."
අත් දෙක බැඳගෙන ඔහු උන්නේ නිවසට යන අඩි පාර
හරි මැද හිටගෙනය. දෑසේ වූ හැඟීම් කෙබඳු දැයි වටහා ගත නොහැකිව මලිති මදක් විපිළිසර
වූවාය. ඉනික්බිති අඩි පාර මග හැර නිදිකුම්බා පඳුරක් නිදි ගන්වමින් ඈ නිවස වෙතට දිව
ගියාය.
දවස ගෙවී ගියේ නිරන්තරේ සිය නෙත් හා ඇමිණෙන නෙත් හී සර
පහරින් හදවත දෙදරමින් තිබියදී ය.
'' නම නලින්ලු... රිවිරැස මෙහෙයුමේදි වෙඩි වැදිලා... මැරිල
කියලයි හිතල තියෙන්නේ.. ඒත් මිනී ගොඩට ඇදල දාන්න යද්දි කෙඳිරි ගෑවුණ නිසාලු බේරිලා තියෙන්නෙ. අවුරුද්දකට වඩා එක
තැන හිටියලු. දැන් කකුලක් කොටලු..''
මලිති වෙනුවෙන් රහස් ඔත්තු සේවයේ යෙදුණේ ඇගේ හොඳම මිතුරිය සුබාය.
'' පව්...... මලිති.... ඒ වගේ කොල්ලෙක්ට ආදරේ කරන එක පිනක්... '' සුබා
අවසන් නිගමනය දුන්නාය.
'' පිස්සුය ඔයාට... දැක්ක දුටු පලියට ආදරේ කරන්න
පුළුවන්ද?''
මුවින් එසේ පැවසුවද ඒ කතා කරන දෑස සදා සන්තකයට ගන්නට තරම් සිතුවිල්ලක්
මලිතිගේ සිතේ පැලපදියම් වී තිබිණි.
-----------------------------------------ef-------------------------------------------
රෑ මැදියමත් පසු විය. සුදු අක්කාට තම සැමියා අසලින්
සිටින්නට ලැබෙන අවසන් රැය මියැදෙමින් තිබිණි. අම්මා නැවත කෝපි වටයක් යවන්නට සූදානම් වෙමින්
සිටියාය.
'' මේ.............. අන්න අර අයිය ඔයාට ටිකක් කතා
කරන්නලු...'' මලිතිව ගෙමිදුලට ඇදගෙන ගිය සුබා රහසින් කොඳුලාය.
'' කවුරු'' මලිතිගේ දෑස් නළලේය.
'' අර උඹේ කතා කරන ඇස් දෙක'' සුබා කිව්වේ මලිතිගේ අත
කොනිත්තමිනි. දෙදෙනාගේම ඇස් මද
අඳුරේ තරු කැට
සේ දැල්විණි. මලිතිගේ හිත ගැහෙයි. සතුටද බියද ඇයට නොවැටහේ.
'' කොහෙද''
'' පිටිපස්සෙ කෝපි ගහ ළඟ''
මලිති සුබාද අතින් අල්ලාගෙන කෝපි ගස දෙසට සෙමින් ඇවිද
ගියාය. සරදමක් නොවේ. කතා කරන ඇස් දෙක කෝපි මල් අතරින් දිලිසිණි. සිනා මුව කෝපි මල්
පොකුරක් පරදන්නේ යැයි මලිතිට සිතිණි.
'' හවුලෙ ලව් කරන්න බෑ... කතා කරල වරෙං.. මම ඈතින්
ඉන්නම්..''
එකවරම මලිතිගෙන් සිය අත මුදා ගත් සුබා ආපසු හැරී දිව
ගියාය.
'' අනේ සුබා'' මලිතිට කෑ ගැහෙන්නට ගිය තරම්ය. ඇය සුරතින්
මුව වසා ගත්තාය. යම්දෝ නොයම්දෝ සිත ගැහේ.
'' බයවෙන්න එපා නංගි.. ටිකක් කතා කරන්න ඕනෙ.."
කිසිවක් සිතන්නටත් පෙරම මලිතිගේ අතක් රළු ග්‍රහණයකට මැදි
වී තිබිණි. උණුසුම් හුස්මක් ඇගේ ගෙලේ දැවටිණි. ඉන් නැගී ආයේ සැර දුඟඳකි. මලිති වහා ආපසු හැරුණාය. කතා කරන දෑසේ
කැල්ම වෙනුවට ඈ දුටුයේ රත් පැහැ ගත් මත් වූ දෑසකි.
" අනේ අයියෙ මගේ අත අතාරින්න'' ඈ කෙඳිරුවාය. ගමේ කාගෙත් හොඳ හිත දිනූ ලොකු දූ ය ඈ... ඉදින් කෑ ගසා
පෙරළි කරන්නටද බැරිය.
'' අනේ අයියේ'' ........................ මලිති යළි
ආයාචනා කළාය.
'' බයවෙන්න එපා...'' ඒ කෑදර හඬකි. මලිති වෙව්ලා ගියාය. ඔහු උත්සාහ කළේ ඈ වැළඳ ගන්නටය. මලිතිට දැණුනේ වමනයට එන තරම් අප්‍රසන්න
බවකි.
'' අතාරිනවා මාව ''
ඈ කෑ ගැසුවාය. නමුදු ග්‍රහණය තව තවත්
දැඩි විය. තව දුරටත් කතා කරන කාන්තිමත් දෑසක් නොවීය. තෘෂ්ණාවෙන්, ආශාවෙන්,
නොඉවසිල්ලෙන් බර වු දෑස දකින්නට අප්‍රියය. මලිති දෑතම ඔහුගේ පපුවට තද කර හැකි වෙර
යොදා පසෙකට තල්ලු කළාය. ආබාධිත කකුලටත් වඩා වාරු නැති වූයේ මත්පැනින් ආබාධිතව පැවති
සිහිකල්පනාවට වන්නට පුළුවන. කපා හෙළු ගසක් මෙන් කෝපි ගසේ අතු කිහිපයක් කඩා ගෙන බිම
වැටුණේ ඔහුය. ඒ තරම්ම වේගයෙන් කඩා වැටුණේ මලිතිගේ හිතය.
බිඳී වැටුණු කෝපි
මල් අහුරක් මලිතිගේ පයට පෑගිණි.
ඊයක් මෙන් තමා අසලින් ඇදී ගිය මලිති දැක විස්මපත් වූ
සුබා ද ඈ පසුපස දුව ගියාය. වැට කඩුල්ලත් පැන නිවසට දුව ගිය මලිති නැවතුණේ තම
කුටියේය. සුබා ඈ සොයා එන විට මලිති කොට්ටයේ මුහුණ හොවාගෙන හඬා වැටෙමින් සිටියාය. ඉකිගසන වේගයට දෙවුරද
පිටද සෙලවේ. නමුදු මලිති නිසලය.
'' මලිති... මොකද උණේ ... කියපන්කො.. අනේ කෙල්ලෙ අඬන්නෙ නැතිව කියපන්කො... ''
සුබාගේ සිතටද බියක් දැනේ. කුමක් සිදු වූවාද? තමා ඇයව
කරදරයක පැටලෙව්වද?
'' අනේ මලිති කියන්නකෝ...'' මලිතිව දෙවුරෙන් අල්ලා තමා
වෙතට හරවා ගත් සුබා නැවතද ඇසුවාය. බියපත් මුහුණ කඳුලින් නෑවී ඇත. මලිති සුබාගේ අත් දෙකම වැරෙන් අල්ලා
ගත්තාය.
'' හැමෝම සුදු අක්කගෙ අයිය වගේ සාන්තුවරු නෙමෙයි
කෙල්ලේ....''
ඉකිබිඳුම් අතරින්
එසේ කියූ මලිති සුබාගෙ උරහිසේ මුහුණ හොවා නැවතද වැළපෙන්නට වූවාය.
( ඔන්න බ්ලොග් එක වෙනුවෙන් ලියූ මුල්ම කෙටි කතාව නිමි.
බ්ලොග් ලියන්නෙත්, බලන්නෙත් කාර්ය බහුල අය නිසා මට හිතෙනවා ප්‍රබල අත්දැකීම්
කෙටියෙන්, ඒත් වඩා සිත් ගන්නා විදියට ලියන එක තමයි බ්ලොග් ලෝකෙට ගැළපෙන්නෙ කියල. මේ
කතාව නම් දිගු වුණා වැඩියි වගේ.... )
කියෙව්වෙමි, මෙගා නොකිරීම ගැණ ප්‍රණාමය :)
ReplyDeleteඔන්න ඔයා කිව්ව වගේ ඉක්මණින් නිමා කළා... කතාව නම් මගෙ හිතට මදි.. ඒත් ඉතින් ඔන්න මගේ පළමු බ්ලොග් කෙටි කතාව...
Deleteමුල ඉදන් අගටම යනකම් හුස්මක්වත් ගන්නේ නැතුව කියවලා දැම්මා. හිතට....පපුවට හොදට දැනීගෙන ගියා.... ඉතින් ඊළග එකක් තව කියවන්න ඉක්මනට ලියන්නකෝ...
ReplyDeleteස්තුතියි මගේ කතාව කියවන්නත්, අදහසක් දක්වන්නත් කාලය කැප කළාට.. උත්සාහ කරන්නම්කෝ අයෙම කතාවක් ලියන්න.
Deleteඇත්තටම කෙටියෙන්ම කියනවනම් හිතට දනේන්නම ලියල යාලු ඔයා. නියමයි .. තව දිග කලේ නැති එක හොඳයි..නැත්තම් මට අමතක වෙනවා ඔක්කොම ටික..
ReplyDeleteස්තුතියි හිරූ ඔයා හැමදාම මගේ නිර්මාණ බලල අගය කරනවා... තරුවකට ඉතින් හිරු රැස් නැතිව පවතින්නත් බැහැනේ නේද?
Deleteලස්සනයි යාලු..හොඳටම ලියලා තියෙනවා.මෙගා නැතුව ඉස්සරහටත් මේ වගේ කතා දාන්න..
ReplyDeleteස්තුතියි ඔයාටත්.... මෙගා ටෙලිනාට්යර බලන්න ගියාමත් එපා වෙනවනේ නේද? උත්සාහ කරන්නම් ආයෙමත් කෙටිම කෙටි කතාවක් ලියන්න...
Deleteබොහොම ලස්සනයි. කියවන්න ලැබුනේ ටිකක් පමාවෙලා. දිගටම ලියන්න තරු රසී
ReplyDeleteඔයා මගේ බ්ලොග් එක බලන්න ආව එක ගැන හරිම සතුටුයි. දිගටම ලියන්න ඔයාලගෙ දිරිගැන්වීම් ඇත්තටම සවියක්...
Deleteඇත්තමයි කියන්න වචන නැතිතරම් සාර්ථක කෙටිකථාවක් දාපු නමට අර්ථයක් සාධාරණයක් කරන්න පුළුවන් වුන ලස්සනම කෙටිකථාවක්...
ReplyDeleteආයෙමත් මේ වගේ ලස්සන කෙටිකථාවක් බලන්න ලැබේවා...
සුභම වේවා.....
ගොඩාක්ම ස්තූතියි සිත්තම්.. ඔයාලගේ අදහස් ආයෙ ආයෙමත් ලියන්න මට දිරිය දෙනවා...
Deleteකතාව නම් සුපර්..හිතට දැනෙන්නම ඔයා ලියලා තියනවා....
ReplyDeleteස්තුතියි ඔයාට.. ඔයාලගේ කමෙන්ට්ස් බලද්දි ලියන්න ආස හිතෙනවා..
Deleteම්ම්ම්... හැමෝම එක වගේ සාන්තුවරු නෙවෙයි.. ලස්සනයි තරු..
ReplyDeleteස්තුතියි ඔයාට..
Deleteකතාව ලස්සනයි තාත්විකයි. පළමු කොටසට වඩා දෙවන කොටස් ඉතාමත්ම ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteබාසාව හැසිරවීම චරිත හැඩගැන්වීම සියල්ලම භාෂාව ඇසුරින් කරපු වර්ණගැනිවීමක් ඒ නිදා හොඳ අරුත් පුර්ණ කතාවක්
ස්තුතියි අයියේ.. ඔයාගෙ අදහස අනුව මට හිතෙනවා මම යම් තරමක් සාර්ථක වෙලා කියල... දහසක් වැඩ මැද මගේ ලිපි කියවල අදහස් පළ කරනවට ගොඩක්ම ස්තුතියි..
Deleteලස්සනයි.. හොඳ නැවුම් අදහසක්.. ලස්සනට ගලපලා තියෙනවා.. ඇත්තමයි මම ගොඩක් රස වින්දා......
ReplyDeleteකියවගෙන යද්දි හිතුනෙ මේ දේ වෙයි මේ දේ වෙයි කියල. ඒත් ඉවර උනේ හිතවෙවත් නැති විදිහකට. ඔයා කොහොමත් අපි හිතනවට වඩා වෙනස් විදියකටනෙ හිතන්නෙ නේද තරැ අක්කෙ. මං ඔය ක්‍රමේ ඉගෙන ගන්න මාර ට්‍රයි ඒත් තාම බැරිඋනා.
ReplyDeleteදෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිව්පාවුන් වැනි මිනිසුන් ඇත..තරාතිරම කොහොම උනත් සමාජයේ සෑමතැන්ම හොඳ නරක මිනිසුන් ඉන්නවා.
ReplyDelete