හසරැල්ලක් මුව මත්තේ
සෙනෙහෙ සිතින් ඇතිරෙනවා
දෙනෝ දහක් නෙත් එසවී
කුහුල් බැලුම් රඳවන විට
අසරණ සුසුමක් ඇවිදින්
සිත පත්ළේ හිර වෙනවා
මුවින් නොකිව් වදන් සිතේ
තෙරපී කඳුලක් උණාට
දොඩමළු නෙත් ඒ වෙනුවට දහක්
වදන් මුමුණනවා
අත් පටලා එකම මගක කිසි
දින පිය නොමැන්නාට
අපේ දෙසිත් සෙනේහයෙන් බෝ
දුර ගමනක් යනවා
දෝරෙ ගලන කඳුළු ගඟක් නෙත් බැම්මේ සිර උණාට
නුඹ අබියස සිත පත්ළේ
පැතුම් දහක් පූදිනවා
අහස පොළව කිසිම දිනක
සෙනේහයෙන් එක් නොවුණට
නුඹෙ සෙනෙහස වැසි පොදක්ව
අහසින් මා වෙත එනවා..
( 1996 ඇහැල මහේ 07
වෙනිදා ලියැවුණු කවියක්... අවුරුදු 16 ක් ගෙවිලා.. පුදුමයි )
හරිම ලස්සනයි...
ReplyDeleteඅහස පොළව කිසිම දිනක සෙනේහයෙන් එක් නොවුණට
නුඹෙ සෙනෙහස වැසි පොදක්ව අහසින් මා වෙත එනවා..
මේ පද දෙකට මම හරි ආසයි...
කවියට අවුරුදු 16ක් ඇත්තටම පුදුමයි..කොහේ තිබිලද හමුවුනේ...
ගමේ ගිය වෙලාවෙ පරණ කවි පොත් දෙකක් ගෙනාවා... 90 දශකයේ ඉඳන් ලියවුණු කවි මගේ අත් අකුරින් ලියැවිලා, මගේ චිත්රාවලින් හැඩ වෙලා එහෙම නැත්නම් පින්තූරයක් අලවල මේ පොත් වල තියෙනවා... ඒ එක කවියක් තමයි මේ.... මොන හේතුවක් නිසා මේ කවිය ලිව්වද කියල මට මතක නැහැ...
Deleteපරණ කවියක්.. අදහස අදටත් වලංගුයි... ලස්සනයි තරූ
ReplyDeleteස්තූතියි මල්ලි...
Deleteහරි ලස්සනයි....අවුරුදු ගෙවුනාට එ කවියේ සුවද එහෙම්මයි වගේ
ReplyDeleteකවියේ සුවඳ වින්ඳට සතුටුයි නංගා...
Deleteමෙච්චර කාලෙකට කලින් ලියැවුනු එකක්?? පුදුමයි නේන්නම්!!!
ReplyDeleteලස්සනයි!!
ඒ කාලෙ ලියවුණු දේවල් හරිම බොළඳයි කියලත් හිතෙනවා.. ඒත් ඒවා සුන්දරයි..
DeleteAkke me kaviya mata maara lassanai... oya mona ganada me liyanne kiyala mata idea ekak na... But very sadfull...
ReplyDeleteස්තූතියි මල්ලි... මගේ බ්ලොග් පිටුව බලනවට සහ අදහස් දක්වනවට...
Deleteහ්ම්ම්ම්...
ReplyDeleteඅවුරුදු 16 ක් ඈ..
හ්ම්... හ්ම්... කවියට සෑහෙන්න වයසයි.. මට වගේම...
Deleteලස්සනම කවී පෙළක් ....
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමේකත් අර පොතේ කවියක්ද අක්කේ ??
ReplyDeleteමේ කවිය නම් ඒ පොතේ නැහැ මල්ලි...
Deleteඅවුරුදු 16 කට පස්සේ ආයෙ කියෙව්වාම අලුතෙන් මේ අදහස මීට වඩා හොඳට ලියන්න තිබුණා කියල හිතෙන්නෙ නැද්ද? මටනම් එහෙම හිතුනා.. මෙන්න මේ විදියට
ReplyDelete"හීන් හිනා මලක් අරන් නුඹ ආ සඳ නෙත් මානෙට
හසරැල්ලක් මුව මත්තේ සෙනෙහෙ සිතින් ඇතිරෙනවා".. මේ කොටස ටිකක් වෙනස් කරලා මෙහෙම ලිව්වාම තමත් ලස්සනයි.
"හීන් හිනා මල් අරගෙන නුඹ ආ දා නෙත් මානෙට
හසරැල්ලක් මුව එබුණා බැඳුනු සිතින් සිත් මානෙට"
කාලයත් එක්ක නැවත නැවතලියපු දේවල් කියවනකොට සිතුවිලි වල පරිනත බව වැඩිවෙනවා. විය යුත්තේද එයයි.
ඇත්තටම එහෙම හිතෙනවා... විශේෂයෙන්ම ඒ කාලෙ ලිව්ව නවකතා දෙක තුනක් තියෙනවා හරිම බොළඳයි.. හිනා යනවා දැන් බලද්දි... දැන් එහෙම කතා ලියන්න හිතෙන්නෙවත් නැහැ.
Deleteඒත් ඒ නිර්මාණ සාහිත්ය. ගමන්මගේ සොඳුරු මං සලකුණු... ඒ නිසා ඒවා ඒ විදියටම තියෙන එක තමයි හොඳ...