පිටු

Monday, April 29, 2013

සත්සර නදියක දිය දෝතක්






වේදිකාව මත රවුම් විසල් ඇස් දෙකක් සහෘද ඇස් පීරමින් ඔබ මොබ සැරිසැරුවා... දිගු රැවුල... උස් කර බැදි කොණ්ඩය වෙනස්ම පෞරුෂයක් මැවුවෙ.... ඒ අතර ගිටාරයත්, කටහඬත් ඉලක්ක කර ගනිමින් මයික්‍රෆෝන් සකස් වෙමින් තිබුණා. 

'' මේ තමයි මයික්‍රෆෝන් අබග්ගෙ..'' ඔහු කීවේ සිනාමුසු මුහුණින්. ඒ සමග ගලා ගියා අතීතයේ ගායක ගායිකාවන් මයික්‍රෆෝයට අත හුරු කර ගත් ආකාරය ගැන රසවත් කතාවක්.. සභාව සිනා වැස්සක නැහැවුණා.. 

'' මං කතාවට කැමතියි... කතා කරන්න කැමතියි... යාළුවො මට කියනවා... නදීක කතාව නවත්තල සින්දු කියපං.... කියල....හරි අපි සින්දුවක් කියමු.... '' ඔහු හරිබරි ගැහෙනවා.. ඒත් ආයෙම සින්දුව අමතක වෙලා කතාවක් පටන් ගන්නවා... සරල සුන්දර කතාබහක්... අතරතුර මද සිනා වැස්සක් වස්වන රසවත් කතාවක්... 

මටත් ඒ වෙද්දි හිතෙමින් තිබුණා දැන් ඉතින් ගීතයක් ඇහුණ නම් හොදයි වගේ හැඟීමක්... අතේ නිසොල්මනේ තියෙන ගිටාරය කොයි මොහොතේ නිදි ගැට හැර අවදි වේවිද? මිහිරි ගීතයකට සත්සර නාද රටා මවාවිද මං බලන් උන්නෙ නොඉවසිල්ලකින්...

කවුද මේ ඔහු....? ඔහු තමයි නදීක ගුරුගේ... 

නම කිවු සැණින් මතක් වෙන්නෙ අබා, සංකාරා, ඉර හඳ යට වගේ චිත්‍රපටිවල සංගීතය... ඇහිපිල්ලමක් යට, රස්තියාදුකාරයා, අගපිපිමල් වගේ ටෙලි නාට්‍යවල සංගීතය.... ඔහු ගැයු ගීත නම් ඒ තරම් මතකයට නැගෙන්නේ නැහැ. අන්තර්ජාලය පීරල හොයා ගන්න ඕන... ඒ සොයා යාමත් සුන්දරම අත්දැකීමක් උණා..

ළ.ක්‍රි.වී.යේ වාර්ෂික අනුශාසක සම්මේලනය සුපුරුදු විදියට මග්ගොනදී පැවැත්වුණා... බක් මාසයේ සති අන්තයක... ගීත රසවින්දන වැඩසටහනක් වෙනුවෙන් ඇරයුම් ලද සුවිශේෂ ආරාධිතයා උණේ නදීක... ඇත්තටම අපි ඉමහත් ආශාවකින් බලන් උන් අවස්ථාවක්.... ඒ බලා හිඳීම වඩාත් අර්ථවත් වූ පැය දෙකහමාරක් නදීක සමග ගෙවුණා....

ගිටාරය තත් කිහිපයක් නින්නාද නගල ගීයකට සැරසෙද්දිම පිටිපස උන් පුංචි එකෙක් අඬන්න ගත්තා.. ඒ අපේ ළ.ක්‍රි.වී. ජ්‍යෙෂ්ඨ අනුශාසක අයියෙක්ගෙ අක්කෙක්ගෙ පුංචි පැංචෙක්... 



'' පුංචි පැටව් ටිකකුත් ඉන්නව නේද? අපි මුලින්ම ඒ අය වෙනුවෙන් ගීතයක් කියමු... ''

ඔහු වයනවා... ගීතය ගයනවා.. නමුත් ඒ වචන නැති ගීයක්... ගීතය ගැයෙන්නෙ සිවුරුවම් නදින්.. පුංචි පැංචන්ගෙ හැුම් හ වියැකිලා යනවා.... 

ඒ සිවුරුවම් හ බටනලාව තරම්ම ඉසියුම්.... නදීකගේ තනු නිර්මාණවල ආත්මීය බැීමක් තියෙනවා මේ සියුරු සන් නදට... එය ඔහු‍ගේ අනන්‍යතාවයේ ලකුණක්... දවසක් උණත් අහන් ඉන්න පුළුවනි, ඒ තරම්ම මිහිරියි. 

සම්මේලනයට පෙර නදීක ගැන තොරතුරු හොයමින් ඉන්න කාලෙ මනෝරම තමයි කීවෙ ඔහු ඉතාම ඉහළ සාහිත්‍ය ඇසුරක් තියෙන කෙනෙක් බව... ඔහුගේ භාෂාව හරිම පොහොසත්.. ඒ අපූරු සාහිත්‍ය ළැදියාව මේ කතාබහ තුළිනුත් මතු උණා...

'' මං නිතර කියන කතාවක් මේ.... අකුරු කියන්නෙ සත්තු ජාතියක්... එයාල එක්ක යාළුවෙන අයට අළුත් ලෝකයක් විවෘත වෙනවා. විචිත්‍රවත් ලෝකයක් විවෘත වෙනවා...'' නදීක විචිත්‍ර කියන වචනය නිතර කතා බහට යොදා ගන්නෙ ශ්‍රාවක සිතුවිලිත් විචිත්‍රවත් කරමින්... 

'' මං කතා කරද්දි බොහෝ වාරයක් ඔබට විචිත්‍ර යෙදුම අහන්න ලැබේවි.. මං ඒ යෙදුමට හරිම කැමතියි. විචිත්‍ර කියන වචනය හරිම විචිත්‍රවත්...'' ඔහු ඒ බව කියන්නෙත් සිනාවක් මවමින්... 

නදීකගෙ අතීත කතාත් ගී තරම්ම මිහිරියි... 

නුවරඑළියෙ ජීවිතේ ගෙවුණ කාලෙ නුවරඑළිය පුස්තකාලෙන් උද්භිද විද්‍යා පොතක් අරන් ගිහින් බැලුවලු... ඒ 1995 අවුරුද්දේ... මෑතක ආයෙම නුවරඑළි ගිය වෙලාවක පුස්තකාලෙට ගියාලු. පැරණි මතකයන් අළුත් කර ගන්න. උද්භිද විද්‍යා පොත තිබුණ තැනම ඒ විදියට තිබුණාලු. පොත අතට ගත්තම කුළු හල හලා අන්න ගත්තලු... ඒ ඇයි කියනවනම් 95 දී ‍නදීක පොත කියෙව්ව‍ට පස්සෙ කවුරුවත්ම ඒ පොත අරගෙන නැතිලු... '' කවුරු හරි ආයෙම ඇවිත් ඔයාව ගෙනිහින් කියවයි '' කියල පොත සනසල තියල ආවලු...
ඒ කතාවටත්, ඔහු කියූ විදියටත් සිනාවක් නැගුණත් ‍වත්මන් පරපුර පොතපතින් ඈත් වීම කොයි තරම් ඛේදනීයද ? කියවීමට යොමු වෙන අය උණත් කියවන දේවල ගුණාත්මක බව ගැන විග්‍රහයක ඉන්නවද කියන එක ගැටලුවක්.... 

මේ තවත් සුන්දර අතීත කතාවක්... 

නදීක පුංචි කාලෙ එයාගෙ අයියට ගිටාරයක් තිබුණලු.. නදීකටත් ආස හිතුණලු ගිටාරය වාදනය කරන්න ඉගෙන ගන්න. ඔන්න අයියත් බොහොම කැමැත්තෙන් උගන්වන වැඩේ බාර ගත්තලු. එක දවසක් ඉගෙන ගත්තලු. ඊළග ද‍වසෙ එද්දි ගිටාරය නැතිලු. පෝනියෙක් ඉන්නවලු. අයිය ගිටාරය විකුණල පෝනියෙක් ගෙනත්ලු... දන්නව නේද මේ අයිය කවුද කියල... ඒ සුමුදු ගුරුගේ.... 

නදීක සමග ගෙවුණු හෝරා දෙකහමාර ඇතුළෙ මං වඩාත්ම කැමති උණේ ඔහු අයිවෝ ඩෙනිස් මහතාගේ ''ඉර වට යන ගිරවුනේ''...... ගායනා කළ අවස්ථාව. ඔහු මේ ගීතය ගැන කතා කළේ හරිම ආදරයෙන්, ගෞරවයෙන්... වත්මන් හා වැටෙන විරහ ගී රැල්ල සමග සන්සන්දනය කරමින්.... 

විරහව උණත් කොයි තරම් මිහිරිව හදවතට ආමන්ත්‍රණය කරනවද? ඒ ආමන්ත්‍රණය සාරවත් වෙන්නෙ අපි යොදා ගන්න භාෂාව අනුව.... 

''පැරණි මූලාශ්‍ර හරිම වැදගත් නූතන ලෝකය කියව ගන්න.'' නදීක කියනවා...  

මද අුර හාත්පසින් වට වෙලා... ගිටාරයත් සිවුරු සන් නදත් පමණයි සංගීතය.. ඒ අතර ජන ගී ආරට ගැයෙනවා ගීතය නදීකගේ ගැඹුරු ලලිත හින්... දහවල පුරා පහර දුන් හිරු ගින්දර නිවා දමලා... සිහිල් සුළං රැල්ලක් හමාගෙන යනවා... දවස පුරාම හිත්වල පෙළ ගැහිල තිබුණ ළතැවුල්, කලබල කොහෙදෝ ඈතකට ඉගිල්ලිලා... ගීතයෙන් තුන් හිතම පිරී යනවා... ඒ ‍කොයි තරම් අසිරිමත් මොහොතක්ද? මගේ වචන පොහොසත් නැහැ ඒ සෞන්දර්යය විස්තර කරන්න... 

ඉර වට යන ගිරවියනේ... මගේ ගිරවිය කොයිද අනේ....

වනන්තරේ තුරු වදුලේ... කූඩු වෙලා උන්නු අපී
නිරන්තරේ ආල මතින් ... ළෙංගතු වී උන්නු අපී
මගෙ ගිරවි‍ය කොයිද කියන්
වට යන සාවුනේ...

කයිතාලම් හීන් හින් ... කවි සීපද සින්දු කියා
ඈ රහසේ පුරු උඩින් මට නොකියා යන්න ගියා
මගෙ ගිරවිය කොයිද කියන්
වනයට හිමි දේවනේ...

හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම් දැණුනාවේ
සතර වරම් දෙවි සරණින් ඈ නිදුකින් උන්නාවේ
ම‍ගෙ ගිරවිය කොයිද කියන්
සත්පත්තිනි සාමිනේ... 


'' අපි ගීතයක විින්නෙ දුකද? කුලද?

සංගීතය... ගීතය වගේම සියලුම කලාවන් මිනිසුන්ගෙ පරිකල්පන ලෝකය පුළුල් කරන්න ඕන... තමන්ව අධ්‍යාත්මිකව ඉහළට ඔසවා තබන නිර්මාණ රස විින්න යොමු වෙන්න ..

කලාකෘතියක් බලල, අහල, රස විල වෙනම අධ්‍යාත්මික තලයකට යන්න හැකි වෙන්න ඕන.... ''

( මේ ගීතය මුල් ගායනය අයිවෝ ඩෙනිස්.. පද රචනය ආචාර්ය අජන්තා රණසිංහ. සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ... මුල් ගීතයත් නදීකගේ හින් ගැයෙන නව නිර්මාණයත් යූ ටියුබ් හරහා රස විඳින්න පුළුවනි.... )

නදීක ගීතයත් සමග අපව ගෙන ආවා සුන්දර ගමනක්... 



ආරම්භය මා බාල කාලේ ගීතය............

ක්ලැරන්ස්ගෙ මලට බඹරෙකු සේ.... ( ඒ ගීතයලු නදීක මුලින්ම ගිටාරයෙන් වාදනය කළේ...)

ඈත එපිට හිම කන්දෙන් ගීතය....( ඒ ඉල්ලීම මගෙන්...මම ආසම ක්ලැරන්ස‍්ගේ ගීතයක්.... ) ... '' ක්ලැරන්ස් ගීතය ඇතුළෙ භාෂාව සරල සාහිත්‍යමය තලයකට ගෙන ආවා... හරිම විචිත්‍රවත්...'' 

ගීත අතරතුර නදීකගෙ විචිත්‍රවත් කතා බහ....  ගීතයකට ගොනු වෙන භාෂාවේ සුන්දරත්වයයි ඔහු මතු කරන්නෙ.... 



ජිප්සීස් තමයි ගීතයේ භාෂාව එදිනෙදා ජීවි‍තයේ ව්‍යවහාර බසට අරන් ආවේ... පාවෙන පීරිසියක්, ලුණුදෙහි වගේ ගීත සමාජයට පණිවිඩයකුත් දුන්නා... අසූව දශ‍කයේ බිහි වුණූ මේ නිර්මාණ අද ලියැවෙන බොහෝ ගීතවලට වඩා ඉදිරියෙන්...
 


අමරසිරි පීරිස්ගෙ මලක් උණේ ඇයි නුඹ මට,..... ළුනේ....

මේ ගීත ගායනා කළේ අපි හැමෝම එකට... ගීත  සමාධිගත කළා අපේ හිත්.. ඒ අතරතුර මතු වූ කතා බහ බුද්ධි කලම්බනයක්... හිතන්න අළුත් දෙයක්.. දකින්න අළුත් මානයක්....

ගිටාරය සහ සිවුරුවම් නද සමග ඔහු වාදනය කළ සංගීත ඛණ්ඩය '' උත්ථානය" නමින් යූ ටියුබ් හරහා රස විිත හැකියි....

සත්සර නදියක දිය දෝතක් හිත් ගිමන් නිවූ මොහොතක්...  කාලය එතැනම නතර වෙනවනම් කියල මට හිතුණා.. ඒ තරමට ගීතය, සංගීතය, සියුරු සන් නද හිත දැහැන්ගත කළා... ඒත් කාලය ගෙවෙන්නේ  අසුරු සැණින්.. විශේෂයෙන්ම අපි ආදරය කරන අතිශය සුන්දර නිමේෂයන් ගෙවී යන්නෙ නොදැනීම....

අවසානයේ නදීකගෙන් බොහොම ආදරණිය ඉල්ලීමක්...


  • කියවන්න හැකි තරම්... භාෂාව තමයි ලෝකය දැන ගන්න තියන හොදම මාවත..



  • ක්‍රමයෙන් භාෂාව අත්හැරල සංගීතය රස විින්න හුරු වෙන්න... සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ එතකොටයි... යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න... මෝසාට්, බිතෝවන් දක්වා යන්න...


සරල සුන්දර මිනිසකු සමග සුන්දර කතා බහක යෙදෙමින්, මිහිරි ගී රස ගුලක නැහැවුණු ඒ හෝරා කිහිපය ජීවිතේ අමතක නොවන සොුරුතම නිමේෂයක්... ඇත්තටම......

40 comments:

  1. නදීක වැඩ්ඩෙක් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.... ඒ ගැන නම් විවාදයක් නැහැ මල්ලි....

      Delete
  2. නදීක ගුරුගේ යනු අපේ කාලයේ ප්‍රතිභාපුර්ණ නිර්මාන කරුවෙක්....ඒත් අර කරුම එකේ එයාගේ රංගනය ගැන නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ.
    කර්ම ගැන මගේ ආකල්පය මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. කරුම බැලුවෙ නැහැනෙ නලින්.... ඒ නිසා අවුලක් නැහැ.. සංගීත මතකය විතරක් හිතේ තියා ගන්න ඇහැකි....

      Delete
  3. නදීක ගුරුගේ දක්ෂ නිර්මාණ කරුවෙක් . කාන් සිනමා උළෙලේ හොඳම නිර්මාණය ලෙසින් සම්මානයට පාත්‍රවූ පළමු ලාංකික නිර්මාණය , විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' ජයග්‍රහණයේ එක් හේතුවක් උනේ නදීක ගුරුගේ සංගීතය බව අසා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම් මතක් කළාට... ඒ කතාව ඇත්ත. මට ඒ ගැන සදහනක් කරන්න අමතක උණා...

      Delete
  4. "පෙරවදනක් නැති අපේ පෙම් පුරාවතට
    මට කුමටද පසුවදනක් ඔබගෙන් " - ලංකාවෙ ඉන්න නොම්මර එකේ වැඩකාරයෙක්

    ReplyDelete
    Replies
    1. @ ශශී

      මේක නදීක ගුරුගේ කියන සිංදුවක් නෙමේ. මේක නදීක ජයවර්ධනගේ

      Delete
    2. නදීක ජයවර්ධන ගැන අළුතින් හොයා බලන්න ඕන මල්ලි... මට හමුවෙලා නැහැ එයාගෙ නිර්මාණ...

      Delete
    3. @ තරුරසී

      hutch theme song එක "කියන්න කියන්න" සිංදුව, ආයේ "සිහිනයක්" කියන සිංදුව, මුතු කිරිල්ලීඅ නාට්‍යයේ තේමා ගීතය කියන්නේත් නදීක ජයවර්ධන. මෑත කාලයේ කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා ගිණුම ගැන යන ඇඩ් එකේ සිංදුව කියන්නේත් එයාම තමා

      Delete
  5. නදික ගුරුගේ කියන අද කාලෙට ඔබින සංගීතඥයෙක්. මේ වගේ අවස්ථාවක් අක්කලාට ලැබුණු එක ගැන සතුටුයි. මේ වගේම තවත් දක්ෂයෙක් තමා නදික ජයවර්ධන. මේ වගේ සංගීතඥයෝ අද කාලෙට සම්පත්. ඒත් එයාලගේ වටිනාකම මිනිස්සු බොහොම අඩුවෙන් තමා තේරුම් අරගෙන තියෙන්නේ.

    ළඟදී දවසක හරේ අයියාගේ පෝස්ට් එකකට නදීක ගුරුගේත් එක්ක සංගීතය ගැන කරන සාකච්ඡාවක ක්ලිප් එකක් තිබුණා. ඒකට ජගත් වික්‍රමසිංහත්, අජිත් කුමාරසිරි [නමේ අග ෂුවර් නැහැ] එකතු වෙලා තිබුණු. බොහොම අපූරුවට නදීක අදහස් එකතු කරලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ආහ් මට අහන්න අමතක වුණා අක්කේ කවුරුත් මේ ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ කළේ නැද්ද ?

      Delete
    2. සම්පූර්ණ වීඩියෝ එකක් නැහැ මල්ලි... කෙටි වීඩියෝ ක්ලිප් දෙක තුනක් තියෙනවා.. මං මූණූපොතට දාන්නම්..

      Delete
  6. බොරු සෝබන නැති නියම වැඩකාරයෝ තමා නදීක,ඉන්ද්‍රචාප,කසුන් කියන්නේ.
    අක්කලාට මෙහෙම අවස්තාවක් ලැබුන එක ගැන සතුටුයි.
    සින්දු නම් අන්න සින්දු..!!

    ReplyDelete
    Replies
    1. නදීක හැබෑම දක්ෂයෙක්.. ඒ වගේම සරල සුන්දර මනුස්සයෙක්...

      Delete
  7. Yes, Nadeeka is an incredible musician. many thanks for this post

    ReplyDelete
    Replies
    1. Yes True... Cordially welcome to my blog...............

      Delete
  8. නීදීක ගුරුගේ හිමින් වැඩක් කරන කරන වැඩේ රටක් වටින නිර්මානකරුවෙක්. මෙන් අයෙකු සමග වින්දීය හෝරාවක් දෙකක් ගතකරන්න ලැබෙනව නම් ඒ විරල අවස්ථාවක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. අමතක නොවන අත්දැකීමක් අයියේ.... අස්වැන්නට ලියන්නකො නදීකගෙ ගීත, සංගීත කලාව ගැන....

      Delete
  9. පෝස්ට් එක කියෙව්වම එතන හිටියා වගේ.. හරිම ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ගීතවල රසය වචනවලින් මවන්න බැරි නිසා... මං උත්සාහ කළා අවස්ථාවේ සුන්දරත්වය ටිකක් හරි මතු කර ගන්න.. ස්තුතියි මල්ලි...

      Delete
  10. අබා එකේ සංගීතෙට මම හරිම කැමතියි. පුදුම ලස්සනයි ඒක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනයි... නංගී...

      Delete
  11. ස්තුතියි තරූ..අපිත් එක්ක ඒ රස ඟගුලෙන් ටිකක් හරි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. සංගීතයේ මිහිර වචනවලින් මවන්න හරි අමාරුයි රෑ.... මේ පුංචි උත්සාහය නදීක වැනි අයගේ නිර්මාණ රස විදින්න පෙළඹවීමක් ඇති කරන්න...

      Delete
  12. හරිම ලස්සනයි අක්කේ ලිපිය, ඒ වගේම එදා නදීක සර්ගේ සැසිය ලස්සනට විදින්න පුලුවන් වුනා.මම වෙනම ලෝකෙකට ගියපු වෙලාවක්.අර සිවුරැහන් සද්දෙත් එක්ක එකත වුනු ගිටාර් හඩ හරියට භාවනාවක් වගේ.ස්තතියි නදික සර් අපි වෙනුවෙන් දුන්නු කාලයට

    ReplyDelete
    Replies
    1. ඔයත් සංගීත පිස්සෙක්නේ... හදවතින්ම රස වින්දා නේද? කොහොමද එදා නදීක එක්ක ගත්ත පින්තුරෙ ලස්සනට තියෙනවද?

      Delete
  13. නදීක ගුරුගේ මහත්මයා කියන්නෙ.. මම ඛේමදාස මාස්ටර්ගෙ පස්සෙ දැක්ක.... හොඳම හිතුවක්කාර ගාන්ධර්වයා... ඒවාගෙම ක්ලැරන්ස් ගෙන් පස්සෙ දැක්ක , ගිටාර් එක ආත්මයට ෆීල් කරපු එකම මනුස්සයා... සරලවම කිව්වොත්, මගේ සංගීත රසවින්දනයේ වීරයා.. :D

    ReplyDelete
    Replies
    1. ගිටාරය එක්ක සිවුරුවම් හඩ.... ඔහුගේම අනන්‍යතාවයෙන් මවන අපූරු මිහිරක්...

      මට හිතෙනවා ඒ වගේ වැඩසටහනක් ආයෙම සංවිධානය කරන්න බැරිද නංගි... ඔයාලට එකතු වෙලා...

      Delete
  14. මමත් බොහොම කැමති කෙනෙක් තරු රිසි ..බොහොම ස්තූතියි
    කරුණු බෙදාගත්තට ...නදීක ගුරුගේ කියන නම ටැග් කරන්න තරුරිසි ..
    ඔතොකොට ගූගල් එන්ජිමට අහු වෙනවා කව්රු හරි " නදීක ගුරුගේ "
    කියල හෙව්වොත් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්.... වැඩි වැඩ මතක් උණේ නැහැනෙ ලිපිය පළ කරද්දි....

      Delete
  15. නදීක ගුරුගේගේ විශිෂ්ඨ නිර්මාණ වලට හුඟක් ආස කෙනෙක් මමත්.. ඒ වායේ තියෙන්නේ අපූරු සුන්දරත්වයක්..

    ReplyDelete
    Replies
    1. නදීකගෙ කතාව නිසාම මම මෑතක යානි සහ කිටාරෝගෙ සංගීත ඛණ්ඩ ඇහුවා... හිත සැහැල්ලු‍ වෙන්නේ භාවනාවක ඉන්නවා වගේ....

      ඒ මිහිර, වින්දනය, සැහැල්ලුව වචනවලින් විස්තර කරන්නත් අමාරුයි මල්ලී...

      Delete
  16. ඇත්තටම රසවිඳින්න පුලුවන් දෙයක් දෙන්න පුලුවන් අය අදත් අපි අතරෙ ඉන්න එක ගැන හරිම සතුටුයි.
    ඒ වගේ වැඩක් කරන්න පුලුවන් අය බොහොම අඩුයි අපේ රටේ


    හරිම ලස්සනට පෝස්ට් එක ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවලින් මතු ‍නොකරන අපූරු කලාකරුවො අදටත් අපිට ඉන්නවා... ඒ අය නිහඩවම උණත් කලාවේ නව මානයන් හොයාගෙන ගමනක් යනවා...

      හැබැයි මිනිස්සු අතරට යන්නත් මහන්සි ගන්න ඕන... ඒ අභියෝගය එදා වැඩසටහන අවසානයේ අපේ නංගි කෙනෙකුත් නදීකට ඉදිරිපත් කළා... ඔහු පිළිගත්තා තාම ගීත, සංගීත සංයුක්ත තැටියක් එළි දක්වා නැති බව.....

      ඉදිරියේදී අපිට ඒ අවස්ථාවත් ලැබේවි...

      Delete
  17. ඉරිසියාවට නෙවේ මේ කියන්නේ,
    අපේ මිනිස්සු නොමඟ ගිහින්,
    නදීක ඇත්තටම දක්ෂ සංගීතඥයෙක්, මම ඒක හොඳින්ම දන්නවා මමත් එහෙම කෙනෙක් නිසා,
    ඒත් ඔහු හදාගෙන තියන කෘතීම ප්‍රතිරූපයට මං අකමැතියි.
    ඔහුට පුළුවන් ඔය වැඩ ටිකම කරන්න සාමාන්‍ය විදිහට ජීවත් වෙලා
    සාමාන්‍ය වචන කතා කරලා
    කොන්ඩේ රැවුල කපලා.
    මිනිස්සුත් දැනගන්න ඕනා ප්‍රසිද්ධ අයට කඩේ නොයා ඉන්න....

    ReplyDelete
    Replies
    1. තමන් අහන, දකින, විඳින දෙයක් ගැන ලියන එක, කතා කරන එක කඩේ යාමක් කියල මම නං හිතන්නෙ නැහැ...
      නදීකගෙ බාහිර ස්වරෑපය මට වැදගත් නැහැ.. වැදගත් වෙන්නෙ ඔහු කරන දෙයයි.... ඒ සංගීතමය හෝරා දෙක මම වින්දා ඇත්තටම... ඒ මගේ විඳීමයි මම ලියන්නෙ...
      ඔබට එවැනි අත්දැකීම් බොහෝ තියෙන්න පුළුවන්... නමුත් අපට එහෙම අවස්ථා ලැබෙන්නෙ හරිම අඩුවෙන්... ඒ නිසා වටිනාකම වැඩියි...

      Delete
  18. දෙවෙනි වතාවටත් මට හොද අනුශාසක සම්මේලනයක් මග ඇරිල නේද කියල හිතුනා තරැ අක්කෙ. මොනා කරන්නද ඉතින් දැන් පසු තැවිල වැඩක් නැහැනෙ. හැබැයි ඔයාගෙ වචනත් එක්ක මං එතනට අවා අද.

    ReplyDelete
  19. හරිම සුන්දර මිනිසකු ගැන සුන්දර සටහනක්. ඔබගේ ලිවීම ඉතා ආකර්ශණීයයි. ජය!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...