ඉර පිපෙන්නත් කළින් කෑ ගසා එලාමය
බිඳ දැමූ නිදි දැහැන සුසුම්ලන සුයාමය
තවත් නිදි සුව බිඳක් යදින හුදකලාවය
නමුදු ඇරඹිය යුතුය දිවි මගේ විප්ලවය...
තප්පරේ කටුවටත් වඩා වැඩි වේගයෙන්
අරගලය පණ ලබයි කුස්සියේ ගිනි මැදින්
දැවෙන දාහය නිවා වතුර මල යට සැණින්
නෙක වර්ණ සාරි මැද වල්මත්ව ඇහි පියන්...
අහස් නිල් සාරියේ විසිරිලා තැනින්
තැන
දුබල තරු සරදමට හිනාවෙන් ඉඟි මරන
ළදළු පෑ සාරියේ හඬන තුන්පත් රෑන
වරම අයදින අරුම යළිදු සිහසුන් දරන
පුරුද්දට අතට ගෙන පටලවා ගත් නමුදු
මදටියා රත ඉහුණු සාරි පොට හරි සිනිඳු
සේදිලා රත් පෑය බොඳවෙලා සිත්තම්ද
අතීතේ දිළුණ රත තවත් සිහිනයක් ම ද?
ලස්සණ කවි පෙළක්. ඇත්ත ම කතාව මේක නෙමෙයි ද? මැයි පළවෙනි දා ලබන ආතල් එක අනිත් දවස්වලත් තියෙනවා නං . . .
ReplyDeleteඑන්න එන්න පාට අඩු වෙනවා නේද ..? මට දුක දුහුල් වෙලා වෙලා
ReplyDeleteඅන්තිමට නිර්වස්තරම වේවිද කියලා තරුරිසි ...:(
හොඳම උපහාසාත්මක කවි පෙළක් මැයි දෙවිනිදට ගැළපෙන ...!
අපූරුයි අක්කියෝ..මැයි දින කවියට වඩා මේ කවිය හොදින් තේරුනා වගේම රස වින්දා.
ReplyDeleteලස්සනයි කවි ටික
ReplyDelete