ඈත ඉඳන් පුළුන් රොදක් වගේ
සැහැල්ලුවෙන් පාවෙලා ආව කිරිල්ලි කම්බි පොට උඩ සීරුවට ලැගුම් ගත්තා.. අත්තටු ගස්සල
වැහි බිඳිති මුදා හැරියා.... හෙමිහිට
පියාපත් තුඩින් පීරුවා, විරහ ගීයක් මුමුණ මුමුණ....
කිකිලි පුංචි පැටව් රොත්තත් වට කරගෙන කම්බි වැට අද්දරට ආවා...
පැටි සන්දියෙ දවසක නාහෙට අහන්නෙ නැති හිතුවක්කාරෙන් රස්තියාදුවෙ ගිහින්
අතරමං වෙලා අඬ අඬා හිටිය කිකිලි පැංචිට අම්ම ඉන්න ඉසව්ව හොයන් එන්න පාර
කියල දුන්නෙ කිරිල්ලි.. කිරිල්ලිත් ඒ කාලෙ යාංතමට ළපටි අත්තටු ගහල පියාඹන්න පටන්
ගත්ත විතරයි... එදා එඳන් දෙන්න ගජ යාලුවො... ගජ යාලුවො කියන්නෙ දැක්ක පළියට හිනා
විසි කරන යාළුකමක් නෙවෙයි.. හැබෑවටම හිතේ ගැඹුරටම මුල් ඇදපු යාළුකමක්...
'' ගම් මායිම ළඟට යනකල් මං
පියාඹගෙන ගියා. හරිම ලස්සනයි.. මේ ගංගොඩ වගේ නෙවෙයි... ඈත පේනවා වනාන්තරයක්... කඳු යායක්.. තව පැත්තකින් මහ විසාල
නගරයක්..... ඊටත් එපිටහ තව කොයි තරං දේ ඇද්ද?.... ගුරු පාර ඒදණ්ඩෙන් එහා උණාම පේන්නෙ
කළු පාටට... ඈතට ඇදිල යනවා... නිලට නිලේ අහස ඉමක් කොණක් නෑ.... මට ආසයි පියාඹල
යන්න ඈතට......ඈතට........ ඈතට......තේරුමක් නෑ මෙහෙම ඉඳල.......''
කිරිල්ලි කිව්වෙ ස්වර්ගය මුණ ගැහුණ වගේ උද්දාමයකින්... බිඳුණු හීනවල කැට කැබිලිති ඇනිල ලේ ගලන හිතට
වෙනසක් ඕන උණා. ඇස්වල කටු අනින කුරුළු රැඟුම් බලල ඇති වෙලා.. මේ කාරණා කිකිලිත් නොදන්නව නෙවෙයි...
'' පේන තරං ලස්සනක් නෑ හැබෑවෙ... වැහි කුණාටු.. නියං සායවල්.. කූඩුවක් හදා
ගන්න ගහක් කොලක් වත් තියේවිද? කොහොම ඔරොත්තු දෙන්නද ඕවට? ''
කිකිලිට ඕන උණේම කිරිල්ලිගෙ හිත වෙනස් කරන්න.. මිත්‍ර ස්නේහය අහිමි වෙන
දුකට විතරක්ම නෙවෙයි ජීවිතේට අනතුරක් වෙයි කියන බයත් තිබුණා...
'' මං ආසයි කුණාටුවකට අහු වෙන්න... ඇත්තම ඇත්ත කුණාටුවකට... එපා වෙලා අර
දිය පාර වගේ ඔහේ ජීවත් වෙලා ''
කිරිල්ලි උත්තර දුන්නෙ බොහොම සන්සුන්ව.. දන්න දා ඉඳන් එකම ලතාවට, එකම දිසාවට ගලන දිය පාර ගම තරම්ම අලසයි...
නිදිබරයි...
'' වංචාකාර කාක්කො බොහොම ඉන්නවලු කියල මං අහල තියෙනවා... දකින දකින හැම
ගහටම කොටන කොට්ටෝරුවො අඩු නැතිලු... බොහොම අවදානම් ඔය වැඩේ... '' කිකිලි කිව්වෙ කටහඬත් බර කරල... ඒ කතාව සහතික කරන්න කෙකර ගෑමක්
එක්ක...
'' එහෙව් අය නං මෙහෙත් නැතුවයැ... කොහෙත් ඉන්නවා... '' කිරිල්ලි කිව්වෙ
නොසැලිකිලිමත් හඬකින්..
'' මට ඕනෙ දැන ගන්න මගෙ අත්තටුවලට කොයි තරං දුර ඉගිලෙන්න හයියක් තියෙනවද
කියල... මේ මායිමේ මං හොයන ජීවිතේ නෑ....හෙට උදේම මං පිටත්වෙනවා යාළුවේ... අපි
ආයෙම හමුවෙන්නත් පුළුවන්... නොවෙන්නත් පුළුවන්.... කොහොම උණත් අපේ යාළුකම මගෙ හිතේ
කෙටිල තියෙනවා...... '' කිරිල්ලි සමුගත්තෙ
ඇස්වල තෙතමනයකුත් එක්ක.. ඊට වැඩියි හිතේ ලියලන වියෝ දුක...
ඈවරයි... දෑවරයි.. තුන්ඈවරයි...
කිකිලි හිත හදා ගත්තා.. ගත්ත
තීන්දුවක් වෙනස් කරන්න ඒ හැටිම ඔට්ටු වෙන එක යාළුකමට ඔබින්නෙ නැහැ නෙවැ... ''ඔය
ගියාට වැඩි දවසක් නොයා ආපහු එයි...'' කිකිලි හිතුවා.
කිරිල්ලි නික්මුණේ වසන්ත මල් පොහොට්ටු ඇහැරෙන දවසක.... ඉන්පස්සෙ මල් පිපුණ,
කොල හැළුණ, ගහකොළ ඉපල් වුණ, සීතලෙන් ගල් ගැහුණු කාල වකවානු බොහොමයක් මාරුවෙන්
මාරුවට ගමේ ලැගුම් ගෙන හිටියා.. කිකිලි වැට මායිමෙන් එහා නොයා පැටව් රොත්ත
වටකරගෙන, ඇහැ ගැටෙන දෙයක් අහුලන් කාල ජීවත් උණා...
ඉඳහිට සුළං රැල්ලකට මුහු වෙලා එන හුරු
පුරුදු ගී හඬක් ඇහුණා.. දුකක, තනිකමක සේයාවක් තියෙනවදෝ කියලත් කිකිලිට හිතුණා... කිකිලි
කර උස් කර කර බැලුවත් කිරිල්ලිය ආපහු ආවෙ නෑ..... ඉඳහිට කුරුළු පිහාටුවක ලියපු
හසුනක් ගම්දොර අහලින් දුර පියාඹන කුරුළු තුඩකින් බිම වැටුණා...
'' මෙහෙ බලන්න දේ එමටයි... හරි
ලස්සනයි... මං හිතු හිතු තැන නිදහසේ පියඹනවා... යාළුවොත් බොහොමයි... ඒත් ඔබ නැතුව
පාළුයි... මට නිතරම මතක් වෙනවා.. දැන් පැටව් ලොකු ඇති නේද? තාමත් වැට මායිමෙන්
එහාට අඩියක්වත් තිබ්බෙ නැද්ද?''
පියාපත් හසුනෙ කෙඳි හැලිල බොඳ වෙලා යනකල්
කියව්වත් සමහර වෙලාවට කිකිලිට තේරුණේ නෑ මෙලෝ හසරක්.... දැණුනෙ නිමක් නැති
ළෙංගතුකම තාම තියන විත්තිය විතරයි...
'' වෙලාවකට හිතෙනව හරි පිස්සුවක් කියල..
නිදහස හොයන් යන එකත් නිදහස නැති කර ගැනීමක් එක්තරා විදිහකට.... නිදහස, සැහැල්ලුව,
සතුට හොයාගෙන ඉගිල්ලුණාට....... හොයන්න දෙයක් නෑ ඒවා තියෙන්නෙ තමන් ළගමයි.. තමන්ගෙ
හිත ඇතුළෙමයි.. ඒත් මේ හොයා යාමෙදි හිත කොයි
තරං හෙල්ලුම් කනවද කියනවනං හිත පිරිල තියෙන මට්ටම ගැන ඉබේම දැනෙන්න ගන්නවා... නොහෙල්ලී
ඉන්න නං තව කොයි තරං පිරෙන්න ඕනද කියල දැනෙන්න ගන්නවා... ''
කිකිලිට තේරුණේ නෑ ඒ වචන හරඹ ඇතුළෙ තියෙන
ජීවිතේ.. වැට මායිම ඇතුළෙ තියෙන ජීවිතේ ගාලගෝට්ටිවලින් හිතත් පිරිලා... හිතන්න
වෙලාවකුත් නෑ....
කිකිලි මග බලන් හිටියෙ කුණාටුවලට අහුවෙලා
කැඩුණු බිඳුණු තටු අරන් කිරිල්ලි ආවම තැලුම් තෙල් ගල්වන්න... පිරිමදින්න.... පත්තු බඳින්න... හිත කැඩිල බිඳිල නං ඒත් ඒ ටිකම
කරන්න ඇහැකි නෙවැ වචනවලින්... කිරිල්ලිගෙ හිත හදන්න ඇස්වලට ළං වෙලා ළෙංගතුකමින්
මෙන්න මෙහෙම කියනව කියලත් කිකිලි හිතාගෙනමයි හිටියෙ....
'' මං කිව්වනෙ යන්න එපා කියල... පවුල්
පන්සල් වෙලා දරුමල්ලෙක් හදන් නිස්කාන්සුවෙ ඉන්න තිබුණනෙ... දැන් බලන්ඩ මං! පැටව්
උස්මහත් වෙනවා... ඕන දුකකට සැපකට හතර වරිගෙ ඉන්නවා... සුදහගින්දරක් නෑ නොවැ.. කන්න
මොනා හරි අහුලගන්න එක මහ දෙයක්යැ.... වැට මායිමෙන් එහා නොගියට මං හෑල්ලුවෙන් නෙවැ
ඉන්නෙ.... ඔන්නොහේ ඉතින් ඉන්න මේ ඉසව්වෙම... මං බලා ගන්නම් මයෙ පැටවෙක් වගේ....''
ඒත් එහෙම කියන්න කිරිල්ලි ආවෙ නෑ ආපහු...
කිකිලි මඟ බලන් හිටිය... හිතේ ගල්වන්න පේ කරන් හිටිය වචන සාත්තුවෙ ආනුපාන කාලෙන්
කාලෙට වෙනස් වුණා.. කාලෙකදි අමතකම වෙලා ගියා...
බොහෝම කාලෙකට පස්සෙ කොට්ටෝරුවෙක් අත එවා
තිබූ අන්තිම හසුන ලැබුණා. ඒ ලියමනේ සුසුමකුත්, සැනසිල්ලකුත් එකටම පටලැවිලා...
'' දැන් මට හරි වෙහෙසක් දැනෙනවා.. ඈත
ඉගිල්ලෙන්නෙ නෑ... එහෙමට දුකකුත් නෑ... සතුටකුත් නෑ.. රට තොට බලා කියා ගත්තනේ..
ජීවිතේ මෙන්න මෙහෙමයි කියල ලබා ගත්ත අවබෝදෙම උණත් මදෑ... ඒ ටික වැටෙන් ඇතුලෙ ඉඳල
උණත් ලබා ගන්න තිබුණ නේද කියලත් වෙලාවකට හිතෙනවා.... ''
කිකිලිගෙ ඇස් කඳුලින් පිරුණා ඒ ලියමනට
නං... තනිකමක් දැනෙනවත් ඇති මට වගේ.. කිකිලිට හිතුණා... පැටව් උස්මහත් වෙලා වැට
මායිමෙන් එහා යද්දි එපා කියන්න පුළුවන්කමක් කිකිලිට තිබුණෙ නෑ... අම්ම වෙනුවෙන්වත්
නිදහස නැති කර ගන්න පැටව් කැමති උණේ නෑ නෙවැ...
'' දුක් ගන්න නාකයි... හිතේ හෑල්ලුවයි
හැමදේටම වඩා වටින්නෙ... ඒක ඉතින් කවුරුවත් තැටියක සකසුරුවමට තැන්පත් කරල ගෙනත්
දෙන්නෙ නෑ නොවැ... තම තමන්මයි උපයා ගන්න ඕන...'' කිකිලි හිතුවා...
ටික දවසකින් පස්සේ ලස්සනට ලියලා ..... මේ වගේ ලස්සනට ලියැවුණු පොතක් මුද්ර ණය වනතෙක් මග බලා ඉන්නවා....
ReplyDeleteපොතක් ලියන එකත් හීනයක් තමයි.. ඒත් ඒ හීනෙට තව ලොකු දුරක් යන්න ඕන කියල හිතෙනවා..
Deleteබොහොම ලස්සන ලියැවිල්ලක් තරු.. පිංතුර දෙකත් හරිම ලස්සනයි
ReplyDeleteස්තුතියි නලින්...
Deleteලස්සණ කතාවක්, සරල විදියට ලියලා තිබුණත් ලොකු අදහසක් ගන්න පුළුවන්.
ReplyDeleteමට කියන්න ඕන උණ කාරණය දැනුන නම් ඒක සතුටක්...
Deleteසුන්දර අහිංසක සිතුවිල්ලක්..හරිම ලස්සනයි...
ReplyDeleteබට්ටිච්චගෙ පිංතූරෙ මට හොඳට පුරුදුයි වගේ මම හරි නේද..
මම ආසයි කියවන්න. ඇඟට සනීපයක් තියේ නම් දවසම හරි කියවන්න කැමතියි..
හැමදාමත් කියවන්න සනීපය ලැබෙන්න කියල මං ප්රාඑර්ථනා කරනවා... බඩේ ඉන්න පැටියත් කියවන්න පුරුදු වේවි.. ඒත් නිතරම කම්පියුටර් එක ළග ඉන්න එපා නංගි...
Deleteආදර්ශමත් කතාවක් තරුරිසි...ගූගල් එකෙන් මේකට ගැලපෙන පින්තූර ටිකකකුත් හොයන් දැම්මා නම් පුංචි කාලේ කියවපු සුරංගනා කතාවක රසයම දැනෙනවා..පොඩ්ඩක් බලන්න කාර්ටූන් ටයිප් ඒකෙ පින්තූර ඇති මේ කතාව එක්ක යන..මමත් එහෙම එකක් කරා කියලා..
ReplyDeleteඒ පෝස්ට් ඒකෙ තවත් ඒ වගේම කතා ටිකකට ලින්ක් ටිකකුත් ඇති... ( ඩිරෙක්ට් ලින්ක් එක දැම්මේ නැත්තේ නෝටි වචනයක් තියෙනවා ලින්ක් එකේ )
එදිනෙදා ජීවිතය |
ලස්සනයි තරුරිසි ...අසාවෙන් බැලුවා..දිගටම ලියන්න....
*******මමත් එහෙම එකක් කරා කියලා.. " හා පැටියා "කියලා
Delete@SilentSahan අයියගේ ගා පැටියා කතාව උදේ කියෙව්වා ;)
Deleteමම උත්සාහ කරන්නං ලස්සන පින්තූර ටිකක් හොයා ගන්න... මම බැලුව ඒ හා පැටියගෙ කතාව.. එදා හදිසියට කමෙන්ට් කළේ නැහැ... නිවාඩුව බලන්නම් සහන්.. ස්තුතියි..
Deleteබොහොම ලස්සන කතාවක්. හදිස්සියේ කියෙව්වේ. මට නොතේරුණු අදහසක් ගැබ් වෙලා තිබුනාදෝ කියලත් හිතෙනවා,. කෝකටත් තව පාරක් ඇවිත් බලන්නම් ;)
ReplyDelete(වාරණය කලාටනම් තරහයි ඕං ... :/ )
බොහොම ලස්සන කතාවක්. හදිස්සියේ කියෙව්වේ. මට නොතේරුණු අදහසක් ගැබ් වෙලා තිබුනාදෝ කියලත් හිතෙනවා,. කෝකටත් තව පාරක් ඇවිත් බලන්නම් ;)
ReplyDelete(වාරණය කලාටනම් තරහයි ඕං ... :/ )
වාරණය කළා නෙවෙයි... දන්නෙ නෑ කසුන් කමෙන්ට් එක පළ නොවුණෙ ඇයි කියල... මට බ්ලොග් ගැන තාක්ෂණික දැනුමක් නැහැ.. අවුල් ළෙහාගන්න තරමට...
Deleteඒත් මම ඔයාගෙ කමෙන්ට් එක නම් පළ කළා..
කතාව ආයෙ සැරයක් බැලුවම හිතුණෙ මොනාද ලියන්න...
හික් හික්.. විහිළුවක් කලේ. :D අනිවාර්යෙන් ඔයාගේ බ්ලොග් එකේ SPAM කොටසේ ඇති. මේ ටිකේම මම දාපු ගොඩක් කොමන්ට් ස්පෑම් වෙලා :( හොයල බලන්න ඕනේ :/
Deleteලස්සන ගැලපීමක් තරු අක්කේ...
ReplyDeleteබලාගෙන ගියාම හැම කුරුල්ලම හොයන්නෙ එකම දේ. ඒකට සමහර කුරුල්ලන්ට දුර පියාඹන්න වෙන එකයි සමහර කුරුල්ලන්ට එහෙම කරන්න සිද්ද නොවෙන එකයි තමයි වෙනසකට තියෙන්නෙ...
කතාව ගොඩනැගුණෙ ඇත්තටම මමත් අත් විඳින කාරණා එක්කම තමයි.. කිකිලියො වට කරගෙන ඉද්දි ලැබෙන උපදෙස්... ලැබෙන අත්දැකීම් නිසා ක්ෂණිකව ආව සිතුවිල්ලක්...
Deleteමටත් තාම ප්රණශ්නයක් ඇත්ත ජීවිතේ කොහෙද තියෙන්නෙ කියන එක... මගේ හිත කියනවා ජීවිතේ තියෙන්නෙ දුරක නෙවෙයි තමන් තුළම... කියල..
ලස්සන කතාවක් ලියලා....
ReplyDeleteතුති....
Deleteලස්සන කතාවක් තරූ
ReplyDeleteහැමදෙයක් ගැනම ලස්සනට විස්තර කරල තියෙනව
ස්තුතියි... වෙනස් විදියෙ කතාවක් ලියන්න හිතුණා...
Deleteමේක මරු!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇති යන්තං රජතුමාව සතුටු කරන්න පුළුවන් විදියෙ කතාවක් ලියල.. පඩුරු පාක්කුඩම් හෙම ලැ‍්බෙන්‍නෙ නැත්ද?
Delete//'' වෙලාවකට හිතෙනව හරි පිස්සුවක් කියල.. නිදහස හොයන් යන එකත් නිදහස නැති කර ගැනීමක් එක්තරා විදිහකට.... නිදහස, සැහැල්ලුව, සතුට හොයාගෙන ඉගිල්ලුණාට....... හොයන්න දෙයක් නෑ ඒවා තියෙන්නෙ තමන් ළගමයි.. තමන්ගෙ හිත ඇතුළෙමයි.. ඒත් මේ හොයා යාමෙදි හිත කොයි තරං හෙල්ලුම් කනවද කියනවනං හිත පිරිල තියෙන මට්ටම ගැන ඉබේම දැනෙන්න ගන්නවා... නොහෙල්ලී ඉන්න නං තව කොයි තරං පිරෙන්න ඕනද කියල දැනෙන්න ගන්නවා... ''//
ReplyDeleteඔයාගේ කතාවලින් මේ වගේ කතාවක් හැමදාම කියැවෙනවා තරු. ඒක හරිම අගෙයි.:)
ඒක මමත් මටම නිතර කියා ගන්න කාරණයක් නිසා වෙන්න ඇති...
Deleteකතාවනම් ඇත්තටම ලස්සනයි..
ReplyDeleteස්තුතියි මල්ලි....
Deleteහරිම ලස්සන කතාවක් අක්කේ... ජීවිතේ ගැන තේරුම්ගන්න පුලුවන් සරලව ලියැවුනු, ගැඹුරු අර්ථයක් ඇති ලියමනක්...
ReplyDeleteමමත් ජීවිතේ තේරුම් ගන්න උත්සාහ ගන්න කෙනෙක්නේ නංගි...
Deleteසරලයි ! පහසුයි .......... එතකොට ලස්සනයි
ReplyDeleteඇත්තමයි...
Deleteඅනේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..
ReplyDeleteReplyDelete
ඇත්තටම අපූරුයි තරූ - අපි ඇතුළේ ඉන්නේ කිකිළිද කිරිල්ලිද කියා මම තාමත් හිතමින් .......
ReplyDeleteස්තුතියි අක්කෙ.. මම ලිව්ව වුණත් මමත් ආයෙම ආයෙම රස විඳින කතාවක්...
Deleteකතාවේ යටි අරැත වටහා ගතිමි. ලස්සන ලියවිල්ලක්. ජයම වේවා නගේ!
ReplyDelete