සිල්පරය රළුය... නිසලය
රේල් පීලිද ගල් ගැහුණු හීතලය
රළු ගල් කැට අඳුරුය.. භීතය...
නමුදු,
සමනල් රැඟුමක නින්නාද දේ
ප්‍රේමය.........
ළං වෙවී... ඈත් නොවී
සොඳුරු සැරිසරක
පුංචි සමනල් යුවළ
සොයන්නෙද ජීවිතය.....
කෝච්චිය එන්නත් ළඟයි
වැහි කෝඩයක්දෝ සැකයි...
ඉක්මණින් ඉක්මණින් නිවහනට මං
නිවනක් ඇති නිවහනක් නැති
සමනල්ලු නම් තාමත් ආදරෙන්...
අවස්ථානෝචිතයි...
ReplyDeleteමරු..
"නිවනක් ඇති නිවහනක් නැති සමනල්ලු නම් තාමත් ආදරෙන් . . . "
ReplyDeleteඅපූරු ගැළපීමක්. හිත ගියා, තරුරසී :)
අගෙයි තරු
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteමේ කමන්ට් එක ඔබේ සිතුවිලි තවත් මුවහත් කිරීමට ආදරනීය තල්ලුවක්.
ReplyDeleteමගෙත් හිතට දැනුනා මේ කවිටික තරු....හරිම හැඩයි...
ReplyDeleteමලක්වත් කිසි කලෙක නොපිපෙන
ReplyDeleteදැවුණු තෙල් වැකි පරළු ගල් මත
පෙම් කෙළින සමනලුන් ඉගිලෙන
කරුණ කිමදැයි නොතේරේ මට....
මමත් ගොඩක් වෙලා බලන් හිටියා.... එතැන මලක් පිපෙන පදුරක්වත් තිබුණෙ නෑ..
Deleteඒත් සුදු පාට පුංචි සමනල් ජෝඩුව සෑහෙන වෙලාවක් එතනම දැවටි දැවටි හිටියා....
දැනුයි මතක් උනේ... ප්‍රේම කරන්න පෙම්වන්තයො යන්නෙ කොහොමත් අනිත් පිරිස වැඩිපුර නොගැවසෙන තැනකටනේ. උන් හිතන්න ඇති මෙතන මලක් තියා ගහක්වත් නැති නිසා අනිත් සමනලුන්ගෙන් බාධාවක් එන එකක් නැහැ කියලා.. :)
Deleteඒකත් ඇත්ත......... මට ඒ ගැන ඩිංගක්වත් කල්පනා උණේ නැහැනෙ... ඔයාටත් හිතෙන දේවල්...
Delete//නිවනක් ඇති නිවහනක් නැති
ReplyDeleteසමනල්ලු නම් තාමත් ආදරෙන්...//
අපූරු ලස්සන සිතුවිල්ලක් තරු අක්කි!! :)
ස්තුතියි සටහනක් තියා ගිය හැමටම.. ඒ පුංචි සමනල්ලු දෙන්න දන්නවනම් සතුටු හිතෙයි.. එයාලගෙ ප්‍රේමය කවියක රැදිල තියෙනවා කියල...
Deleteහරිම ලස්සනයි අක්කෙ...
ReplyDelete""නිවනක් ඇති නිවහනක් නැති සමනල්ලු නම් තාමත් ආදරෙන්""
ReplyDeleteඅතීතේ සොඳුරු කාලයක් මතක් උනා :'(
අත්දැකීම මට හිතෙන හැටියට සමනලුන් යුවලක්ම නෙවෙයි. ඉන් ඔබ්බට තරගකාරී ජීවිතයක ආදරයක් හොයන බව තමයි හැගෙන්නේ.
ReplyDeleteතරගකාරී ජීවිතයක සැනසීමක්... සිරකාර ජීවිතයක නිදහසක්....
Deleteදයා අයියා කවියෙන් දිවැස් කියනවා....