දෙවෙනි
දවස...
''
මම ඉස්කෝලෙ යනව හොදේ.. එද්දි තුන විතර වෙයි. කෑම මේසෙ උඩ ආහාර පාන හැමදේම. ගොඩක්ම
බඩගිනි නොවුණොත් මං එනකල් ඉන්න කෑම කන්න... වැඩි වැඩියෙන් කැතම කැත අකුරුවලින් කොල
පිරෙන සුබ දවසක් වේවා...''
හිමිදිරි
දෛනික රාජකාරි නිම කරල, ලෑස්ති වෙලා කාමරේට එබිල බැලුවම ගැඹුරු නින්දක.. සුදු
කඩදාසි කීපයක්ම ඇද අකුරුවලින් පිරිලා.. කණ්ණාඩි කුට්ටමයි, පෑනයි ඒ මත ඇණ තියාගෙන
විවේක සුවයෙන්... ඇහිපියන් යට සුන්දර හීනයක් කැටි කරගෙන වගේ මුහුණ පුරාම සන්සුන්කම
ඉහිරිලා... අත තියල හෙමිහිට හිස පිරිමදින්න හිතුණත් මං හිත පැත්තකින් තියල අත
ඉක්මන් කරල පුංචි ලියමනක් ලිව්වා.. හිනාවෙන බලි රූපෙකුත් ඇන්දා... මල් වාස් එකට
පිච්ච මල් පොකුරක් දාලා ලියමන උඩින් තිබ්බා හුළගේ නොයන්න.
දවස
පුරාම පුංචි උන්ගෙ හිනා මූණු අස්සෙන් මං එහෙ මෙහෙ පාවුණා විතරයි. කොයි තරං හිත
පන්තියෙ තියා ගන්න හැදුවත් ගිහින් නතර වෙන්නෙම ඉස්තෝප්පු කාමරේ පියවුණු සන්සුන් ඇස්
දෙකක් ළග... සුදු කඩදාසිවල පෙරහැරක් යන ඇද කළු අකුරු ළග...
''
වෙසක් මාසෙ හින්දද මූණ තොරණක් වගේ බැබළෙන්නෙ..'' චිත්‍ර සර් ඇහුවෙ විවේකාගාරෙදි.
මං උන්නෙ තනියෙන් හිනා වෙවී.. ඇයි කියල මතකත් නැති කාරණයකට...
''
ඔව්නේ......... සම්බුලා ජාතකය... හොදයි නේද?''
''
සම්බුලා ජාතකය නම් වෙන්න බෑ... ඒක පතිවත රකින පතිනියක් ගැනයි කියවෙන්නෙ... තනිකඩ
ජීවිතේකට අදාළ නැති කතාවක්...'' චිත්‍ර සර්ගෙ මූණ ඇදවෙලා පිකාසෝගෙ චිත්‍රයක් වගේ...
''
තනිකඩ දෙකඩ වෙන වෙලාවලුත් තියෙනවනේ... කාන්තාරවලත් ඔය මල් පිපෙන්නෙ...''
හිනාවකින්
සංවාදෙට විරාමයක් තියල මං පොත් ටික අරන්
එළියට බැස්සා. අහිතකට නෙවෙයි. කා එක්ක හරි කතා කරනවට වඩා මට ඕනෙ මා එක්කම කතා
කරන්න.. හීන දකින්න.. මං කැමති කැමති විදියට ඒ හීන පාට කර ගන්න. චිත්‍ර සර්ට උණත්
බැහැ මගේ හීනවලට පාට දෙන්න. ඒක කරන්න පුළුවන් කවියෙකුට විතරයි.. එකම එක කවියෙකුට
විතරයි..
වෙනදට
හැන්දෑ වෙනකල් තාවර වෙවී ඉස්කෝලෙම ඉන්න මං අද වේලපහින්ම ගෙදර.. තුනටත් නැති තරං.. එක්කෙනෙක්
ඉන්නවා ඉස්තෝප්පුවේ වේවැල් පුටුවකට බර වෙලා. මුහුණ හැරුණත් පාරට ඇස් පියවිලා. පෙරළුණ
පොතක් පපුව උඩ.
''
මං ආවා...'' මගේ අතැඟිලි හිතුවක්කාර කෙහෙරැලි තවත් අවුස්සල දැම්මා.... ඒ ඇහි පිය
ලෙහුණෙ හෙමිහිට. ඇස්වල ඇස් ඇමිණුනේ හෙමිහිට. හිනාවක් පිපුණෙ හෙමිහිට. ඒත් මගේ හිත
ගැහෙන්නෙ නං අධිවේගෙන්. සාමාන්‍යකරණය වෙන්න කොයි තරං උත්සාහ කළත්...
''
කෑවෙ නැද්ද..... තාම.. ? '' ළගින් තිබුණ වේවැල් පුටුවට බර දීල මං ඇහුවා.
''හරි
පාලුයි... කුරුල්ලන‍්ගෙ සද්දෙ විතරයි.. ''
''ඉතින්
හොඳනෙ ලියන්න...ඔයා කියන්නෙ හුදකලාව තමයි අතිශය ආස්වාදනීය කලාව කියල.. හැම
නිර්මාණයකම උපත එතැන කියල... ''
දැන්
මං මංම නෙවෙයිද මන්ද? මං කතා කරන්නෙ එයාගෙ වචන. මං දකින්නෙ එයාගෙ ඇස්වලින්. මං
හිතන්නෙ එයාගෙ හදවතින්.. මේක නං හරියන වැඩක් නෙවෙයි කියල හිත මට අනතුරු අඟවනවා. මම
අපි වීම හොඳ දෙයක් උණත් මට මම අහිමි වීම හොඳ දෙයක් නෙවෙයිනේ.
''හුදකලාව
ගැන මගේ නිර්වචනයේ කිසිම වෙනසක් වෙලා නැහැ.. ඒත් අද මට හරි පාළුවක් දැණුනා..''
මාතෘ
සෙනෙහසක් අවදි කරන විදියේ අහිංසක බැල්මක්. ඒත් ඕනැවට වඩා හුරතල් කරන්න හොඳ නැහැ.
පුංචි දඬුවමක් දෙන්න ඕන. නොකියන වචනෙකින් අපි දෙන්න මැද්දෙන් බැම්මක් බැන්‍දෙ
එයාමනෙ. ඒ වරදට දඬුවමක් තියෙන්නම ඕන. උගුරට හොරා බේත් බොන්න බැරි බව තේරුම් ගන්නෙ
නැතැයි... මං හිතින් හිනාවෙලා නැගිට්ටා..
''
යං එන්න.. කමු..''
දිවා
ආහාරයෙන් පස්සෙ මං ඕනෑවටත් වඩා වෙලාවක් ගත කළා කුස්සියෙ.. අස්පස් කිරීම් මැද්දෙ.. කවදාවත්
නැතිව සඳුදා වෙලත් මුළු ගේම අස් කළා අතුගෑවා.. ඉන්පස්සෙ ළමයින්ගෙ ප්‍රශ්න පත්‍ර
මිටියක් අරන් සාලෙන් වාඩි වෙන්න කළින් කර පොවල බැලුව කාමරේට...
ලියනවා..
ලියනවා.. ආයෙම හිතනවා.. බලා ගත් අතේ බලන් ඉන්නවා.. ආයෙම ලියනවා.. ලියන්න ගත්තම උල්පතකින්
වගේ වචන ගලන්නෙ හරි හැඩට. ඒ නිර්මාණ උල්පත හරි විස්මයක්. තමන් ලියන දේට ඒ තරං
අවංක, ඒ තරම් කැපවෙන ලේඛකයෙක් මං දැක්කමයි..
''
ජීවිතේ හැම දෙයක්ම අත හැරිල ඉවරයි. අත් නොහැරිය එකම දේ ලිවීම විතරයි. මං මැරෙනකල්
ලියනවා...''
වරක්
කියූ කතාවක් සිහි වෙද්දි නං ඇස්වලට කඳුළුත් පිරුණා. එදා මං මටම දුන්න පොරොන්දුවක්
තියෙනවා. තහංචි බිඳින්න කොයි තරං හිතට ඕන උණත් ළඟින් ඉන්නව මිස වධයක්.. කරදරයක්
වෙන්නෙ නෑ කියල.
තනියෙන්
ඉන්න අපේ ගෙදර ඇත්තටම අපේ ගෙයක් වෙලා...ඒ ගැන හිතද්දිත් හිතේ මල් යායක් පිපෙනවා
දැනෙනවා. ''තනියෙන් ඉන්න අපේ ගෙදර'' ඒකත්
එයා දුන්න නමක්.
මුලින්ම
මං මගේ ගේ කිව්ව දවසෙ ''ධනපති පන්තියේ ආකල්ප'' කියල ඔහු හිනැහුණා.
''ඉතින්
මහ ගේ තියෙනවා.. නංගිලගෙ ගෙවල් තියෙනවා.. මේ ගෙට මගේ ගේ නොකියා මොනවද කියන්නෙ.. මං
විතරනෙ ඉන්නෙ.'' මං ඇහුවා.
''තනියෙන්
ඉන්න අපේ ගේ.. මගේ කියනවට වඩා එහෙම හොදයි. '' එදා ඉඳන් මමත් එහෙම කියන්න පුරුදු
උණා.
අඳුර
සොඳුරුයි. ඒත් විදුලි එළි දල්වන්න කළින් මං පුරුද්දට මල් තියල සුරුවම් කූඩුවෙ පහන
පත්තු කළා.
කුස්සියෙන්
කාමරයට..කාමරයෙන් සාලයට.. සාලයෙන් ඉස්තෝප්පුවට... මගේ පාද චාරිකාවට අරමුණක් තිබ්බෙ නැහැ.. ඒත්
පුටුවටම ඇළුණ එක්කෙනෙකුට නං ඒ ගැන වගක්වත් තිබුණෙ නැහැ. මම හෙමිහිට එකින් එක ප්‍රශ්න
පත්‍තර බැලුවා. වැඩේ ඉක්මණින් ඉවර නොවෙන්නයි මට ඕන උණේ. ඉස්තෝප්පු කාමරේට හිත දුවන
එක නවත්ත ගන්න.
ඔරලෝසුවෙ
පැයේ කටුව නමය ළග. .. කන්නවත් නැගිටින පාටක් නැහැ.
''
කමු ද? ''
කාමරේ දොරකඩට ගිහින් මං ඇහුවෙ හෙමිහිට. වචනත් එක්ක පැටලෙන්න හිතට
ධෛර්යයක් තිබුණත් ඒ නිහඬතාවය, මුනිවත බිඳින්න නං මං හරිම බයයි. වචනවලට වඩා අර්ථයක්
එයාගෙ නිහඬතාවයෙ තියෙනවා, මගේ හිත මට කියනවා..
''
මට බඩගිනි නෑ.. අපි කද්දිත් හවස් වෙලානෙ.. ඔයා කන්න..''
හිස නොඋස්සාම එහෙම කියද්දි
දුකක් නොදැණුනාමත් නෙවෙයි. ලියද්දි එහෙම වෙන්න ඇති කියල මං මටම කියා ගත්තා.
උණුසුම්
බෝතලයට තේයි, බිස්කට් පැකට්ටුවයි අරන් ආයෙම මං කාමරේට ගියා.
''
රෑ වෙලා බඩගිනි උණොත් කන්න. බෝතලේ තේ. කුස්සියෙ කෑමත් තියෙනවා. මං නිදා ගන්න
යනවා..'' හෙමිහිට හිසට අත තියල මං එන්න හැරුණා. උණුසුම් අතක් මගේ දකුණත පටලැවුණ
නිසා මං එහෙමම නැවතුණා. හද ගැස්මත් නැවතුණා. ලෝකයම නැවතුණා.
''
ඇයි...'' කියල මං ඇහුවෙ ඇස්වලින්.
''
කතාව හරි හැඩට ලියවෙනවා... '' හීන්සීරුවෙ අත අත් හැරල ඔහු කිව්වා.
'' ඔයා නිදා
ගන්න... මං තව ටිකක් ඉන්නවා..''
ඇස්වල තිබුණෙ වෙන කතාවක්. ඒත් කිව්වෙ වෙන කතාවක්..
මන්දා? මට හිතුණ හැටි වෙන්න ඇති. මං ආපහු හැරිලා ආව හිත කාමරේ තියල.
මගේ
හිත පිරිසිදුය... තැන්පත්ය... සන්සුන්ය...
මම
නිදුක් වෙම්වා....
නමෝ
මරියනි.. ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි...
ඇස්
නිදි.. ඒත් හිත නිදි නෑ.. මොන දේ කළත් සිතිවිලි නැවතුණේ නෑ... නින්ද අහලක නෑ... ඉස්තෝප්පු
කාමරෙන් මගේ කුටියට ගලන එළිය තීරු පවා ඊයෙට වඩා අද නොසන්සුන්... නිවි නිවී දැල්වෙනවා..
හ්ම්ම්, ඊළඟ කොටසත් ඉක්මනින් ම දෙන්න. බලාගෙන ඉන්නවා. ලස්සණ යි, කතාව!
ReplyDeleteඊළග කොටසින් කතාව නිමා කරන්නයි බලාපොරොත්තුව...
Deleteඉවරද? හ්ම්ම් :(
ReplyDeleteතාම ඉවර නැහැ...
Deleteලියන විදිය නම් හරිම අපුරුයි.
ReplyDeleteදින ගණනක් හිතින් ලිය ලියා ඉදල වචනවලට නැගුවා.. ලියවුණු විදිය ගැන මටත් සතුටක් තියෙනවා..
Deleteලියලා තියනවා මාරම ගති....හිතට දැනෙනවා...
ReplyDeleteඇත්තද? වෙනස් විදියෙ කතාවක් ලියන්න හිතුවා..
Deleteඑක්තරා විදියක තහනම් ආදරයක්ද? :)
ReplyDeleteආදරයත් හුළග වගේ... හුස්ම වගේ සීමා මායිම් වැට කඩුළු දාන්න බැහැ නේද?
Deleteතහනම් ආදරය කියල දෙයක් තියෙන්න පුළුවන්ද? දන්නෙ නැහැ පොඩ්ඩි...
කතාවනම් හිතට වැදුනා හොදටම.. ඉතුරු ටික ඉක්මනට ඕන..
ReplyDeleteදෙන්නම්...
Deleteඉක්මණට ඉතුරු කොටසත් දාන්න
ReplyDeleteහ්ම්.. හ්ම්...
Deleteපාට පොවන හීනෙ තව දකින්න ආසයි. ඒ නිසා කොටස් දෙක,තුනක් ඕන. කියවන්න හරිම ආස හිතෙන නිර්මාණයක්.
ReplyDeleteහැබෑ නොවන හීන දිගින් දිගට දකින එකත් තේරුමක් නැහැ නේද? ඒ නිසා මේ හීනෙ තව එක කොටසක් විතරක් දකිමු....
Deleteඉවර වුණ ගමන් හිතුනෙ මදි කියලා......ගොඩක් කොටස් පිර කථාවලට ආස නෑ.තේරුමක් නෑ කියවන්න ආස නෑ.ඒත් මේක එහෙම නෑ.......
ReplyDeleteසාර්ථක අති දැවැන්ත නිර්මාණයක් වගේ.........හරියට ඔයා ලියන මේ කතුවරයා වගේ ඔයත්
සුභ පැතුම්......
මේ බොළද කතාවක්නේ..... ‘‘සාර්ථක අති දැවැන්ත” මේ කතාව නම් බර වැඩියි වගේ නංගි...
Deleteහරිම ලස්සනයි අක්කෙ.. ඒක කොහොම විස්තර කරන්නද..
ReplyDeleteදැන් හිතෙනවා ඊළඟ කොටසින් කතාව නතර කරන්න එපා කියන්න.
ඔයාට පුළුවන්ද අපිට සතියෙන් සතිය කතාව කොටසින් කොටස දෙන්න...
සතියෙන් සතිය දෙන්නම්කො වෙන වෙන කතා.. හොදද?
Deleteමෙ ලියන ශෛලිය පුදුම ලස්සනයි! පුදුම ආසාවෙන් කියවන් ගියෙ,,, හරිම විශ්ෂ්ඨ ලිවිල්ලක්.., දිගින් දිගටම ලියල, දවසක ලියන්න පොතක්.:D
ReplyDeleteබලමුකො කවදහරි පොතකුත් ලියන්න.. තාම නං ඒකට මං සුදුසු නෑ කියල හිතෙනවා.. මෙහෙම යද්දි පොතකුත් එයි නේද?
Deleteතරුටත් ලේඛණ කලාවේ නවකතාකාරියක ලෙස ලංකා වේ සිංහල සාහිත්‍යයයේ ඉඩක් අතිවන බවනම් හැගෙනවා
ReplyDeleteආශිර්වාද වාක්ය යක් විදියට මතකයේ තියා ගන්නම් අයියේ.. හිතේ සතුටට ලිව්වට ඒ තරං ලොකු වැඩක් කරන්න නම් අරමුණක් තිබුණෙ නැහැ.. බලමුකෝ...
Deleteහරිම ලස්සනයි අක්කියෝ..එක හුස්මට කියෙව්වා.කියවන්න ගනිද්දිම මුලින් කෑම ගැන තිබුන නිසා උදේට කන්න ගෙනාපු කඩල පාර්සලෙත් ලගින් තියන් ඇගිලි දෙකෙන් හෙමින් හෙමින් කකා කියෙව්වා.ඔයාගේ කතාව ඇතුලට කොච්චර ගියාද කියනව නම් ඒකේ මිරිස් තිබුන මතකයි හැබැයි දැන් නෑ..
ReplyDeleteඅනේ පව් බට්ටී..
Deleteඑක හුස්මට එවපු ලින්කු ටික කියවගෙන යනවා... මම කාලෙකින් බ්ලොග් කියවනවා අක්කෙ... මම කවදාවත් බොරුවට ලස්සනයි කියලා දාලා ආවාට කියවන්නෙ නැති කෙල්ලෙක්. හිත් රිදවීම මගේ පොතේ නැති නිසා, ලස්සනයි කියලා ලිව්වත්, ඒ ලිපි කියවලා නෑ.. ඒත් මේ කතාවෙ නම් මම ඉන්නෙ ඇතුළෙ.. හරියට මුහුදු පතුළට කිඳා බැහැපු නැවක නැංගුරම හොයන පුංචි දිය කිඳුරියක් වගේ..
ReplyDelete