දෙවිඳුනි...........
වහලුන්ය අප
පාරාවොන්ගේ දේශයේ
මෝසෙස්ලා ද නිහඬය....
කාසි සිලි සිලියට
ආරොන්ලා ද වසඟය...
රජ මැතිඳුන්ට
කිත් යසස් පතුරන්නට
මළ සොයුරන්ගෙ සොහොන් මතින්
පිරමීඩ තනන්නෙමු අප.....
රජ මැතිඳුන්ට
යසිසුරින් වැජඹෙන්නට
දුගියන්ගේ දුක් කඳුළු
නයිල් ගගේ පා කර
ප්‍රශස්ති ගීත ම අසන්නෙමු අප..
දහක් යාදිනි
පපු කැනැත්තේ හිර කරගෙන
මුව අගුළු ලා ඇත්තෙන්
සුසුම් ගිනි පිට කරන්නෙමු අප...
දෙවිඳුනි
රතු මුහුද තව කොතරම් දුර ද?
උපරිමයි.. යුගයේ අවශ්‍යතාවයන් ගැන ලියනවට බොහොම පින්....
ReplyDeleteඅද හරියට රිදුණු දවසක්...
Deleteඉතිහාසය, වර්තමානය එක්ක ගලපලා තියෙන හැටි හරිම අපූරුයි.
ReplyDeleteචක්‍රයක කැරකි කැරකි ආයෙම රග දැක්වෙන්නෙ ඒ ඉතිහාස කතාවමයි නේද පොඩ්ඩි...
Deleteරතු මුහුදෙන් සංකේතවත් කරන්නේ මොකද්ද කියලා හරියටම වැටහුනේ නෑ. නමුත් කවියේ සමස්ථ අර්ථය වැටහෙනවා. මේ සමරු දින පවත්වන්නේ අපගේම සොහොයුරන්ගේ මළගම වෙනුවෙන් කියන එක කවදා හෝ පිළිගෙන්න තාක් කල් ජාතියක් වශයෙන් අපේ ආත්මයට සැනසීමක් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteබයිබලයේ නික්ම යාම පොතේ එන කතාවකට සම්බන්ධයි මේ රතු මුහුදේ සිද්ධීය.. මිසරයේ පාරාවෝ රජු යටතෙ වහල්ලු විදියට අවුරුදු 400 ක් ජිවත් වුණ ඊශ්රාසයල් ජනතාව වහල්කමින් මිදිල යන ගමනෙදි රතු මුහුදෙන් එතෙර වෙන්න වෙනවා..
Deleteපාරාවොගෙ හමුදාව පිටුපසින් පන්නගෙන එද්දි රතු මුහුද දෙබෑ වෙලා ඊශ්රා්යල් ජනතාවට යන්න පාරක් හැදෙනවා.. ඒ අය එතෙර උණාට පස්සෙ මුහුද ආයෙම එකතු වෙනවා.. පාරාවොගෙ හමුදාව විනාශ වෙනවා.. දෙවියන් වහන්සේ ඊශ්රාපයල් ජනතාව බේරා ගන්න සිදු කළ ප්රා්තිහාර්යයක් විදියට බයිබලයේ මෙය දැක්වෙනවා..
ඒ වගේම මෙය ස්වභාවික සංසිද්ධියක් බවයි පසුකාලීන විද්යාුඥයන්ගේ අදහස.. කොහොම උණත් නිසි වේලාවට මුහුද මැදින් පාර හැදුණ නිසයි ඔවුන්ට වහල් බවින් මිදිල නිදහස කරා යන්න හැකි වෙන්නෙ...
ස්තූතියි තරු, පැහැදිලි කිරීමට...
Deleteකාලිනයි නියමයි.
ReplyDeleteසමස්ථය ගැන තේරෙනවා.ඒත් බයිබලයේ කතා ගැන ලොකු වැටහීමක් නැති නිසා සියුම්ව මතු වෙන රසය මට විඳින්න තේරුමක් නැහැ...
ReplyDeleteකොහොම නමුත් මේ වගේ දේවල් ඔබ වැනි අයගෙන් ලිය වෙන එක අගයනවා...මේ දේවල් රාවය වගේ පත්තර වලට යොමු කරන්න..හරි වටිනවා රටම දැනගන්න එක..
පාරාවෝ දේශය කියන්නේ ඊජිප්තුවට වගේ මතකයි මම වැරදිද මන්දා. ඒත් පාරාවන්ගේ දේශයයි මෝසෙස් අතර සම්බන්ධයයි නම් වටහාගන්න බෑ. සමස්ථයක් විදියට මිනිසුන්ගේ හිත්වල නලියන සිතුවිලි මෙහෙම තමයි
ReplyDelete