පිටු

Tuesday, May 21, 2013

පාරාවොන්ගේ දේශයේ



දෙවිුනි...........
වහලුන්ය අප
පාරාවොන්ගේ දේශයේ
මෝසෙස්ලා ද නිහය....

කාසි සිලි සිලියට
ආරොන්ලා ද වසය...

රජ මැතිුන්ට
කිත් යසස් පතුරන්නට
මළ සොයුරන්ගෙ සොහොන් මතින්
පිරමීඩ තනන්නෙමු අප.....

රජ මැතිුන්ට
යසිසුරින් වැජඹෙන්නට
දුගියන්ගේ දුක් කුළු
නයිල් ගගේ පා කර
ප්‍රශස්ති ගීත ම අසන්නෙමු අප..

දහක් යාදිනි
පපු කැනැත්තේ හිර කරගෙන
මුව අගුළු ලා ඇත්තෙන්
සුසුම් ගිනි පිට කරන්නෙමු අප...

දෙවිුනි
රතු මුහුද තව කොතරම් දුර ද?

10 comments:

  1. උපරිමයි.. යුගයේ අවශ්‍යතාවයන් ගැන ලියනවට බොහොම පින්....

    ReplyDelete
    Replies
    1. අද හරියට රිදුණු දවසක්...

      Delete
  2. ඉතිහාසය, වර්තමානය එක්ක ගලපලා තියෙන හැටි හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. චක්‍රයක කැරකි කැරකි ආයෙම රග දැක්වෙන්නෙ ඒ ඉතිහාස කතාවමයි නේද පොඩ්ඩි...

      Delete
  3. රතු මුහුදෙන් සංකේතවත් කරන්නේ මොකද්ද කියලා හරියටම වැටහුනේ නෑ. නමුත් කවියේ සමස්ථ අර්ථය වැටහෙනවා. මේ සමරු දින පවත්වන්නේ අපගේම සොහොයුරන්ගේ මළගම වෙනුවෙන් කියන එක කවදා හෝ පිළිගෙන්න තාක් කල් ජාතියක් වශයෙන් අපේ ආත්මයට සැනසීමක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බයිබලයේ නික්ම යාම පොතේ එන කතාවකට සම්බන්ධයි මේ රතු මුහුදේ සිද්ධීය.. මිසරයේ පාරාවෝ රජු යටතෙ වහල්ලු විදියට අවුරුදු 400 ක් ජිවත් වුණ ඊශ්රාසයල් ජනතාව වහල්කමින් මිදිල යන ගමනෙදි රතු මුහුදෙන් එතෙර වෙන්න වෙනවා..

      පාරාවොගෙ හමුදාව පිටුපසින් පන්නගෙන එද්දි රතු මුහුද දෙබෑ වෙලා ඊශ්රා්යල් ජනතාවට යන්න පාරක් හැදෙනවා.. ඒ අය එ‍තෙර උණාට පස්සෙ මුහුද ආයෙම එකතු වෙනවා.. පාරාවොගෙ හමුදාව විනාශ වෙනවා.. දෙවියන් වහන්සේ ඊශ්රාපයල් ජනතාව බේරා ගන්න සිදු කළ ප්රා්තිහාර්යයක් විදියට බයිබලයේ මෙය දැක්වෙනවා..

      ඒ වගේම මෙය ස්වභාවික සංසිද්ධියක් බවයි පසුකාලීන විද්යාුඥයන්ගේ අදහස.. කොහොම උණත් නිසි වේලාවට මුහුද මැදින් පාර හැදුණ නිසයි ඔවුන්ට වහල් බවින් මිදිල නිදහස කරා යන්න හැකි වෙන්නෙ...

      Delete
    2. ස්තූතියි තරු, පැහැදිලි කිරීමට...

      Delete
  4. කාලිනයි නියමයි.

    ReplyDelete
  5. සමස්ථය ගැන තේරෙනවා.ඒත් බයිබලයේ කතා ගැන ලොකු වැටහීමක් නැති නිසා සියුම්ව මතු වෙන රසය මට විඳින්න තේරුමක් නැහැ...

    කොහොම නමුත් මේ වගේ දේවල් ඔබ වැනි අයගෙන් ලිය වෙන එක අගයනවා...මේ දේවල් රාවය වගේ පත්තර වලට යොමු කරන්න..හරි වටිනවා රටම දැනගන්න එක..

    ReplyDelete
  6. පාරාවෝ දේශය කියන්නේ ඊජිප්තුවට වගේ මතකයි මම වැරදිද මන්දා. ඒත් පාරාවන්ගේ දේශයයි මෝසෙස් අතර සම්බන්ධයයි නම් වටහාගන්න බෑ. සමස්ථයක් විදියට මිනිසුන්ගේ හිත්වල නලියන සිතුවිලි මෙහෙම තමයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...