මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා
රුහිරු කඳුලැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගෙන වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැ’ති නිළ ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට
ඇස දිලෙන තෙතමනට සිතම ගිනි ගත් බැවින
හිස හොවා උරමතේ දෑස පියැවුණු සැණෙන
අඩ සඳක තැබූ මුදු හාදුවක අසිරියෙන
මැයි මලුත් හිනැහුණා ඔබට මතකද එදින
මලක් වාගේ රැක්කෙ අහිමි බව කියන්නද
විලක් වාගේ නිමල සෙනෙහසක් විඳින්නද
දුකක් මුත් මතක පොත කොහේ විසි කරන්නද
වරක් ඇවිදින් යළිත් මැයි හෙවණෙ හිඳින්නද
මේ මැයි ගහ යට දවසක් දා
ReplyDeleteවැස්සට අපි උන්නා
පුදුමයි... බට්ටි අම්මගෙන් අහලද මැයි ගහ යට හිටියෙ...
Deleteමට තියෙන එකම මැයි මල් මතකේ අපේ ඉස්කෝලෙ දොන්ත සයිස් මැයි ගහ. හැබැයි ඉතින් කෙල්ලෝ නෑ ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කෙල්ලෙ ක් නැතත් මොකෝ මැයි මල් තියෙන්න ඇතිනේ...
Deleteකවි පන්තියේ සැඟවුනු අරුතක් තියෙනබව පේනවා. ආදර කතාවක්ද?
ReplyDeleteආදර කතා කියන්‍නෙත් නිර්මාණ උල්පත් නේද? මේ වගේ පුංචි මතක කිහිපයක් ඇරෙන්න එහෙමට ලොකු ආදර කතා නැහැ පොඩ්ඩි...
Deleteහ්ම්ම්, දුක හිතෙන කවි පෙළක්.
ReplyDeleteමට මේ කවි ටික දකිද්දි සැනසිලිදායක හැගීමක් දැනෙනවා... ඒක දුකක් නම් නෙවෙයි...
Deleteකවියෙන් කියවෙන්නේ කම්කරු අරගලයක් ගැන නම් නෙවෙයි.සොල්දාදුවෙක්ගේ ආදරයක් බවයි මට හැගෙන්නේ..
ReplyDeleteමැයි මාසෙ අරගල කරන්න වගේම ආදරය කරන්නත් හොද මාසයක් නෙ අයියේ... මගුල් නැකත් හෙමත් වැඩී නේද?
Deleteඅනික චේ නෙ කියන්නෙ විප්ලවය මෙහෙයවන්නේ ප්රේකමය විසින් කියල...
මේක නං ඉතින් ඒ වගේ ඉස්තරම් ආදර කතාවක් නෙවි...
ආදරය කියන්නෙත් ලොකු අරගලයක් තමායි..........
ReplyDeleteඇත්ත... ඇත්ත...
Deleteඅක්කේ, මම ඔයා ගැන දන්නේ අද ඊයේක ඉදල නෙවේනෙ. ඇයි තාමත් මේ ගැනම හිතන්නෙ. මම මොනව ගැනද කියන්නෙ කියල අක්කට හිතා ගන්න පුළුවන් නේද.......
ReplyDeleteහිතා ගන්න බැරි උණා කවුද කියල... නදී නංගි ද?
Deleteමේ කවියක් නේ... හිත කියවන්න එපා.. කවිය විඳින්න... කවියෙ දුකක් තියෙනව වගේ පෙනෙනව ඇති... ඒත් මගෙ හිතේ දුකක් නැහැ...
මම කවියක්, කතාවක් බලන කොට ඉන්නෙ ඒ කතාව ඇතුලෙ.
Deleteහිනා වෙන වෙලාවෙදි හිනා වෙනවා...
අඩන වෙලාවෙදි අඩනවා.....
දුක හිතෙන වෙලාවෙදි හිතෙනවා ඇයි එහෙම උනේ කියල...
ඔයාගේ මේ කවිය මගෙ හිතට ලොකු දුකක් ඇති කලා. ඒකයි මං අක්කට එහෙම ලීවෙ.
//ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා
ReplyDeleteඅපි අපේ නොවන බව ඒත් හිත දන්නවා// ම්ම්ම්ම්ම්ම්ම්..... ඒක නපුරු හීනයක් වගෙ!!!!
ලස්සනයි කවි ටික අක්කි!
නපුරු හීන උණත් නින්දෙන් අවදි උණාට පස්සෙ තව දුරටත් ඒ හීනවලට බෑ ජීවිතේට බලපෑම් කරන්න... හීන එහෙමයි නංගි...
Deleteකවියක් දැක්කහම ලේසියෙන් මග හරින්නෙ නැති නමුත්, තරුගෙ කලින් කවියටත් කියන්න දෙයක් ගලපගන්න බැරි උනා. මේ කවිය උනත් එහෙමයි. මේ කවි වලින් ස්පර්ශ කරන පරාසය විශාලයි... ශ්‍රී ලංකා රජය යුද්ධයේ ජයග්‍රහණය නිවේදනය කිරීම, එහි උත්සවයට සහභාගීවන නිලධාරියෙක්... ප්‍රේමය සහ මේ අවස්ථා-සම්බන්ධය අතර තියන පරස්පරය වගේම බැඳීම, මේ හැමදේම ස්පර්ශ කවියෙන් ස්පර්ශ වෙනවා.. ඒ වගේම කියවන්නාට නොදැක්වූ හේතුවක් මත ප්‍රේමය බිඳ වැටීම, කලින් කියපු පරාසයට තවත් බරක් එකතු කරනවා... ඇත්තටම මට නම් මේ වගේ කවියක් කියෙව්වහම හිත බර වෙනවා ඇරෙන්න අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි... මේක මුලින් කියවලා ටික දවසක් ගිහින් තමයි අද මේ කොමෙන්ට් එක ලියන්නේ.
ReplyDeleteයුද්ධයට එහෙම්පිටිම්ම විරුද්ධ පැත්තෙ ඉන්න කෙනෙක් සොල්දාදුවෙකුට ආදරේ කරනවා...
Deleteයුද්ධය නිසා දුක් විදින මිනිස්සු ගැන දැවෙන තැවෙන කෙනෙක් යුද්ධය ඉවර වෙන කල් ඇගිලි ගණිනවා...
යුධ ජයග්රසහණය සැමරීමත් දුෂ්ට වැඩක් කියල හිතන කෙනෙක්.... ඒ ජයග්රිහණය සමරන්න කොළඹ එන සොල්දාදුවෙක් වෙනුවෙන් මග බලනවා...
මේවා එකිනෙකට හරිම පරස්පරයි...
ඒත් ජීවිතේ මේ වගේ එකිනෙකට යා කරන්න බැරි පරස්පර දේවල් සිද්ධ වෙනවා...
හිතට බරක් වෙන මතක සැහැල්ලු කර ගන්න නිර්මාණයක් කරල පිට කළාම ඒක සහෘද හිත්වලට බරක් වෙලා පැටවෙන අවස්ථා තියෙනවා නේද? මමත් ඒ අත්දැකීම විඳල තියෙනවා...
ස්තුතියි තිසර මල්ලී... ඔයා ගොඩක් හිතල මේ අදහස් ලියල තියෙන බව දැනෙනවා...
හරිම ලස්සනට ලියල තරු
ReplyDelete