පළමු දවස
ත්‍රීවීලයක් නිවස ඉදිරිපිට නතර වන හඬින් දෙපයටත් කළින් හිත දිව්වා පෙරමගට..
සාලයේ දොරින් මං එබෙද්දිත් ඔහු එළිමහන් ආලින්දයේ.. ත්‍රීවීලය ආපසු ගමනේ..
එක් උරිස්සක රෙදි මල්ල පුරුදු විදියටම..
අනික් උරිස්සෙ පරිගණක බෑගය... එය නම් ඇහැට නුහුරුයි නුපුරුදුයි..කාලය ඇති කළ
වෙනසක්.. අතේ තවත් පොඩි ගමන් මල්ලක්... පෙරදිග නැවුම් අරුණැල්ලත් එක්කම හිනා වෙන
ඇස් .. ඉර දහක් එක විට පෑව්වා වගේ..
'' මොකෝ මේ කුකුලත් අතේ අරංම...'' මේ තරං
කළින් බලාපොරොත්තු උණේ නෑ වගේ, මග බලන් උන්නෙ නෑ වගේ මං එහෙම ඇහුවෙ බෑග්මලු වලින්
නිදහස් වෙන්න උදව් කරන ගමන්.. ඩිග් ඩිග් ගාල ගැහෙනවා හිත. ඒත් වෙනසක් නොපෙන්න
ඉන්න අරගලයක මම.. තාමත් ඒ ඇස් හිනාවෙනවා.. උත්තර නෑ..
''නොකියන වචනේ තහංචිය තාම බලපානවද? '' මං
ඇහුවෙ සරදමට..
'' මං ආවෙ නිදහසේ ලියන්න.. තහංචි කඩන්න
නෙවෙයි..'' ආලින්දයේ වේවැල් පුටුවකට බර දීලා නිදහසේ අතපය හතර අතේ විසි කරන ගමන්
ඔහු කීවෙ.
'' ඔන්න එහෙනං නිදහසේ ලියන්න.. තහංචිත්
රකින්න.. මේ කාමරේ හොඳයි..'' බෑග්
මලු ටික ඉස්තෝප්පු කාමරෙන් තියන ගමන් මං කිව්වෙ. හොර බැල්මකුත් බලල. ඇස් මං
පිටිපස්සෙම්ම කාමරේටත් ඇවිත්..
''ඒ කියන්නෙ ගේ තහනංද?'' ඒ ඇස් අහනව මගෙන්..
'' ඕන තැනක ඉන්න යන්න කිසි තහනමක් නෑ හොදේ...
තහංචි දා ගත්තෙ මං නෙවෙයි ඔයානෙ.. මං ඒව රකින්න උදව් කරනව විතරයි...'' මං කිව්වෙ
හිනා වෙලා...
''හිනාව තමයි ඉනාව...''
ඔහු කියන්නෙ හිනාව හින්ද සන්තකයම අහිමි උණ
ගානට දිග හුස්මකුත් හෙළල... ඇස් දෙකත් පියාගෙන.. වැඩිපුර හිනාවෙන්න එපා කියල කොයි
තරං කියල දුන්නත් මේ හිතට මතක නැති හැටි.. මට මං ගැනම දැණුනෙ නොරිස්සුමක්.. මං
සැහැල්ලුවෙන් හිනා වෙන වාරයක් ගානෙ ඒ හිතේ සැහැල්ලුව අහිමි වෙලා යනව කියල මට
හිතෙනවා.. අන්තිමේ ඔහු කියනවා වගේ ''සැහැල්ලුවම බරක්..''
''මොනවද බොන්නෙ'' මං ඇහුවෙ හෙමිහිට කෙහෙරැලි
අතින් අවුස්සන ගමන්..
'' මිදි යුෂ කුසලානක් තිබුණනං අගෙයි..'' ඔහු
කිව්වෙ ඇස් පියාගෙනම.
'' මේ උදේ පාන්දර !!........... හොඳ ඉඟුරු තේ එකක් බොමු.. '' මං කිව්වෙ ගෙට යන ගමන්.
'' ඒ කියන්නෙ මිදි යුෂ කුසලාන වඩා සුදුසු
වෙලාවට ලැබෙනව කියන එකද? '' ඒ ගමන ඔහු සැහැල්ලුවෙන්..
හිනාවක් ආවත් මට අඬන්න ඕන වගේ හැඟීමකුත් දැනෙමින්
තිබුණා... ආගන්තුක ගතියක් එක්ක තිගැස්මක් දැනෙමින් තිබුණා. කල්පයක්
පෙරුම් පිරුව ආගමනයක් නොසිතූ මොහොතක ඇස් ඉදිරිපිට... මේ ඇත්තක්ද? හීනයක්ද? තාමත්
විශ්වාස නෑ මට.
දවස ගෙවුණෙ හරිම ඉක්මණින්.. කාලය අල්ලල
නවත්ත ගන්න පුළුවන් නං කියල හිතුණු වාර අනන්තයි. හවස් වරුවම ඔහු කළේ නිදා ගන්න
එක.. ආගන්තුක ගෙරවුම් හඬට මුළු ගේම
තුෂ්නිම්භුත වෙලා බලන් උන්නා. අමුතු රහසක් හංගගෙන වගේ. පොතක් අරන් සාලෙ පුටුවකට බර
දුන්නත් පෑ දෙකකට පස්සෙත් මුලින් පෙරළපු පිටුව එහෙමම තිබුණා. කියවපු අකුරක්වත්
මතකයේ නෑ. මං උන්‍නෙ ඇස් ඇරගෙනම හීන දකිමින්... හීන කියවමින්.
අපි කෑවෙ බිව්වෙ ඉස්තෝප්පුවෙ සිමෙන්ති පොළවෙ
ඉඳගෙනම. මං සාලෙ දොරකඩ
පඩියට හේත්තු වෙලා. ඔහු ඉස්තෝප්පු කාමරේ පඩියට හේත්තු වෙලා.
පා පතුල් එකට වැදී
වැදී.. පා ඇඟිලි දබර වෙවී...
අපි
මැද සමචතුරස්‍ර ඉඩෙත්, අපි වටෙත් විහිදිලා විසිරිලා සුදු කඩදාසි මත කවි. අළුත්
කතාවෙ පළමු පරිච්ඡේදෙ... සේකර, රත්න ශ්‍රී එක්ක තනියට ඇවිදින් පාවුලෝ කොයියෝ,
මිලාන් කුන්දේරා. ඒ අස්සෙ විටින් විට ඇවිත් යනව මාලතී බූන්දිය අරන්.. හිතේ කෙටූ
ටැටූ එක්ක ඉන්දික. මහින්ද චින්තනේ කර තියාගෙන විමල් වීරවංශ... කාදිනල්ලට අභියෝග
කරන හරිත පාප්තුමා..
වයින් වීදුරුව එහෙමමයි... ඒත් මත් ගතිය හුළගෙත්..
හඳ එළියෙත්.. කවියෙත්..
පා ඇඟිලි දබරයෙත්..
'' මං කියන්නෙ කවියකට වචනයක්, අකුරක්,
කමාවක්, තිතක් උණත් එකතු කරන්න ඕන අර්ථයක් ඇතුව.. පරිස්සමට... හරියට රහස් බේතකට
හරියටම ආනුපාන එකතු කරනවා වගේ... කතාවක උණත් මුලින් ලියපු වාක්‍යයක්වත් ආයෙ ලියන්න
ඕන නැහැ. අළුත් වෙන්න ඕන... කවියක් කියන්නෙ කතාවක් කියන්නෙ අකුරු හරඹෙට, වචන
හරඹෙට.. ඒක හරි සියුම් වෙන්න ඕන.. සූක්ෂම වෙන්න ඕන... අවස්ථාවට අනුව මටසිලිටි
වෙන්න ඕන.. තියුණු වෙන්න ඕන.. '' ඔහු කියනවා.
මහපටැඟිල්ලක් කිති කවනවා මගේ පා පතුල්. මං ඉක්මණින් දෙපා අරන්
හංග ගත්තා මල් ඉහිරුණු ගවොම් සාය ඇතුළෙ... පා ඇඟිලි දබරයෙන් පරදින්නෙ මං... මට කිති... ඔහු හිනාවෙනව..
හක හක ගාලා.. මහ හයියෙන්.. පිණි බින්දුත් තිගැස්සෙනවා. ගහකොලත් සැලෙනවා.. හඳ එළියත් අන්ධකාර වළාවෙන් මිදිල එබිල බලනවා..
''හිනාව තමයි ඉනාව.. ''
ඔහුගේම වචනවලින් මං
දමා ගසනව ඔහුටම. ඇත්තත් ඒකම තමයි ඉතින්...
හඳ මුදුන් වේගන
එනවා.
''දැන් ගමේ කතාවක් හැදෙන්නෙ නැද්ද ඔයාට.. මං
මෙහෙම ඇවිත් ඉද්දි. ''
ඒ කතාව විහිළුවටද? ඇත්තටද? මූණ දිහා බලද්දි
නම් පෙණුනෙ බැරෑරුම් ගතියක්. මේ වන තෙක් මමත් ඒ ගැන හිතල තිබුණෙ නැහැ.. හිතන්න
උවමනාවක් තිබ්බෙත් නැහැ. ජීවිත කාලෙම බලන් උන්නෙ මේ පැමිණීම වෙනුවෙන් නෙවෙයිද? එය
කතන්දර දහසකට නිමිත්තක් උණත් ඉතින් මොකද?
හිත පිළිතුර ගොනු කළා සැණෙකින්.
'' එක පදයක්.. එක කතාවක්.. එක මනුස්සයෙක්...
ඉතින් මොකෝ.. මං ආසයි කතාවක් හැදෙනවට. අපි ඒකත් ලියමු අළුත් කතාවක් විදියට...'' මං
සැහැල්ලුවෙන් හිනා වෙලා කියල දැම්මට එතරම් ඉක්මණීන් ඒ ඇස්වල බැරෑරුම් ගතිය මැකිල ගියේ නැහැ.
'' මං යනවා නිදා ගන්න.. ඔයා ලියන්න..''
ඇත්තටම නිදිමත නිසා නෙවෙයි මං එහෙම කිව්වෙ ලියන්න ඉඩ දෙන්න ඕන නිසා. අපේ කතා
කෝච්චියට නැවතුම්පළවල් නැති බව අත්දැකීමෙන්ම දන්න නිසා. ඒ වගේම අළුත් මාතෘකාවෙ
බරින් මේ සැහැල්ලුව පළවා හරින්න ඕන නැති නිසා.
''හෙට නං අට වෙද්දි නිදා ගන්න යන්න ඕන හරිද?
කයිය ගගහ හිටියොත් ආව වැඩේ කෙරෙන්නෙ නෑ..අද එක පිටුවක්වත් ලිව්වෙ නෑ මං.'' ඒ
තර්ජනය මට.
'' ආ..... මෙන්න වැඩක්. දැන් මංද කයිය
ගැහුවෙ. ඔයානෙ කයිය ගැහුවෙ. මං අහන් හිටිය විතරයි...''
මං කිව්වෙ දණ ගහගෙනම පොත්පත් එකතු කරන ගමන්. ප්‍රහාරයකට අතක්
දිග ඇරෙනව දැක්ක නිසා මං හිනාවේගනම ගෙට පැන ගත්තා. දකුණත යාංතමට ගවොම් සායෙ වැදිල
මල් පෙති සැළුණා...
මොහොතකට පස්සෙ මං හිටියෙ ඇදේ වැතිරිලා.. අඳුරත් එක්ක හිනා වෙමින්. ඉස්තෝප්පු කාමරේ
දැල්වෙන පහන් එළිය හීන් තීරු තීරු වෙලා ඇවිත් මගේ කුටියෙ වහළෙ නැවතිලා. තනි මකන්න
වගේ. විටින් විට ඇහැ ඇරෙද්දිත් ඒ පහන් එළි තීරු එහෙමම තිබුණා. පාන්දර හතරට එළාමය
ඇහැරිලා හඬ තලද්දිත් පහන් එළි
තීරු නිදි නැහැ..
සැනසුම් සුසුමක් එක්ක මං නැගිට්ටෙ හිනාවක්
පිපෙද්දිමයි.
ලස්සනයි...
ReplyDeleteදිග කතාවක ආරම්භයක්ද....??
පුංචි කතාවක්.. මීළග කොටසින් ඉවර කරන්නයි බලාපොරොත්තුව..
ReplyDeleteමට දැනුනෙ ජීවිත කතාව කියනව වගෙයි තරු අක්කගෙ. ඒ තරම් හිතට වැදුන.
ReplyDeleteදැහැනෙන් මිදුණෙ \\\\\\\පුංචි කතාවක්.. මීළග කොටසින් ඉවර කරන්නයි බලාපොරොත්තුව..\\\\\\\\ මේක දැකල
කවියක්.. කතාවක් කියන්නෙ සමස්ත ජීවිතයම නොවුණත් ජීවිතයෙන් අංශුමාත්ර යක්වත් වෙන්න පුළුවන් නේද නංගි.. අවංකවම ලියද්දි ඒ ලියවිලි ඇතුළෙ තමන් ඉන්නවා කියල මට හිතෙනවා.. අඩුම තරමෙ තමන් දකින හීන හරි තියෙනවා...
Deleteඑහෙම කරපු නිර්මාණයක් රස විඳිද්දි අපිත් ඒ තුළ ජීවත් වෙනව දැනෙනව
Deleteලස්සණ කතාවක් :) ඊළඟ කොටසත් ඉක්මනින් ලියන්න.
ReplyDeleteලියන්නම්.....
Deleteබොහොම ප්‍රභාමත් අයුරකින් ලස්සන කතාවකට පිවිසිලා තියනවා.කලාකාමියාගේ පුංචි අද්දැකීමත් නිර්මාණයක්ම වෙනවනේ. ඉතින් ඒ නිසා වැඩිය දෙයක් මේ ගැන හාරලා අහන්න යන්නේ නෑ.ඒ ටික මං හිතින්ම විඳින්නම්.
ReplyDeleteමේ කතාව හිතේ මැවුණෙ එකම එක වචනයක් නිසා...
Deleteස්තුතියි නලින්.. ඇත්තටම නිර්මාණයක් රස විදිද්දි ඒ ඇතුළෙ නිර්මාණකරුවා හොයන්න යාම රස වින්දනයට බාධාවක්... විදින්න පුළුවන් සීමාව පටු වෙනවා එතනදිම...
හරිම ලස්සන ලියවිල්ලක් තරු. එක හුස්මට කියවගෙන ගියා. මොකක්දෝ රහසක් එලි කරන්ට වගේ ලොකු බලාපොරොත්තුවක් හිතේ ඇති කරවන කතාවක්!!!
ReplyDeleteඔන්න පොඩ්ඩි මටත් රහසක් එළිවෙලයි තියෙන්‍නෙ... මං ඒ ගැන ලියා එවන්නම් මූණූපොත හරහා...
Deleteඉතුරැ ටිකත් කියවන්න කියලා හිත කියනවා. එකත් එහෙනම් කියවලා බලන්න ඔනේ ;)
ReplyDeleteඉතිරි කොටසත් මේ සතිය නිම වෙන්න කළින් දෙන්න හැකි වේවි..
Deleteහරිම අමුතු, ලස්සන කතාවක්..., ඊළඟ කොටසත් බලමුකෝ... දෙබස්, ශෛලිය.., ඔක්කොම කියවන්න ආස හිතෙනවා..
ReplyDeleteඑහෙමනම් සතුටුයි...
Deleteඅක්කිගේ ජීවිතෙන් අදහස් එකතු වුන කතාවක් වගේ, මම දන්නේ නෑඉ, නිකන් හිතුන නිසා කිව්වෙ,
ReplyDeleteදිගටම ඇදෙන කතාවක් වුනා නම් හොදයි වගේ..
මගේ හීන එකතු වුණ කතාවක් කිව්වොත් තමයි වඩා හරි... දිගට අදින්න අදහසක් නැහැ කතාව ජීවිතේ ඇදෙන තාක් කතා ලියවේවි නේද? මේ විදියටම නැති උණත්......
Deleteමමත් ඒ වෙනසට ආසයි...........ඒ හැදින්වීම කථා විලාශය හිතට වෙනසක් ඇති කලා හරි ලස්සනයි.ගුප්තයි හිතාගන්න බෑ තේරෙන්නෙ නෑ කවුද කාගෙද මොනවගේ සම්බන්ධ කමක්ද ඒත් ආයෙ ආයෙත් කියවන්න ආසයි.
ReplyDeleteතව කොටසක් එනවනම් හොදයි.
තව කොටසක් එනවා.... ළග ළගම..
Deleteඊයේ දැක්කට කියෙව්වෙ නැහැ නිදහසේ කියවන්න තිබ්බ.
ReplyDeleteඇත්තටම රසවත් සිතිවිල්ලක්.
මමත් ඒ රස සිතුවිල්ල රස විදිනවා.... ආයෙම කියවද්දි හිතෙනව මම ම ද ලිව්‍වෙ කියලත්..
Deleteමාරම ලස්සනයි තරු. ඇත්තටම මටත් දිගටම කියවන්න ඔනේ .... ලස්සන නවල් එකක් කරන්න පුළුවන්නෙ..... දිගටම කන්ටින්‍යු කරන්න.... ඇත්තටම මාර රසවත්. ජය ...Indika G.
ReplyDeleteඔයා මෙහෙම කියන එක ගැන සතුටුයි ගොඩක්. ලියාගෙන යමුකෝ... නවකතාවක් වෙන්න කැමති නං කතාව එහෙම වේවි...
Deleteලස්සනයි අක්කියෝ.ඔයා පොත පත කියවලා ගනිපු දැනුම ලස්සනට අපිට බෙලා දෙනවා.කවියක් ලියන එක, කතාවක් ලියන එක හරියට එක ළමයෙක් ඉන්න අම්මෙක් දරුවෙක් ආදරයෙන් පරිස්සමින් හදනවා වගේ වැඩක් නේද අක්කියෝ.ඔයාගේ මේ කතාවේ හැම වචනයකම මට දැනුනා ඒ හැගීම..
ReplyDeleteහුඟක්ම හුඟක් ලස්සනයි අක්කේ... මෙව්වා මේ අක්කාට කොහොම හිතෙන හිතිවිලිද මන්දා
ReplyDelete