පිටු

Tuesday, May 14, 2013

සිල්පර අතර සිල්ලර නොවන ප්‍රේමය






සිල්පරය රළුය... නිසලය
රේල් පීලිද ගල් ගැහුණු හීතලය
රළු ගල් කැට අඳුරුය.. භීතය...
නමුදු,
සමනල් රැඟුමක නින්නාද දේ
ප්‍රේමය.........

ළං වෙවී... ඈත් නොවී
සොඳුරු සැරිසරක
පුංචි සමනල් යුවළ
සොයන්නෙද ජීවිතය.....

කෝච්චිය එන්නත් ළඟයි
වැහි කෝඩයක්දෝ සැකයි...

ඉක්මණින් ඉක්මණින් නිවහනට මං

නිවනක් ඇති නිවහනක් නැති
සමනල්ලු නම් තාමත් ආදරෙන්...

16 comments:

  1. අවස්ථානෝචිතයි...
    මරු..

    ReplyDelete
  2. "නිවනක් ඇති නිවහනක් නැති සමනල්ලු නම් තාමත් ආදරෙන් . . . "
    අපූරු ගැළපීමක්. හිත ගියා, තරුරසී :)

    ReplyDelete
  3. හරිම ලස්සනයි

    ReplyDelete
  4. මේ කමන්ට් එක ඔබේ සිතුවිලි තවත් මුවහත් කිරීමට ආදරනීය තල්ලුවක්.

    ReplyDelete
  5. මගෙත් හිතට දැනුනා මේ කවිටික තරු....හරිම හැඩයි...

    ReplyDelete
  6. මලක්වත් කිසි කලෙක නොපිපෙන
    දැවුණු තෙල් වැකි පරළු ගල් මත
    පෙම් කෙළින සමනලුන් ඉගිලෙන
    කරුණ කිමදැයි නොතේරේ මට....

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් වෙලා බලන් හිටියා.... එතැන මලක් පිපෙන පදුරක්වත් තිබුණෙ නෑ..

      ඒත් සුදු පාට පුංචි සමනල් ජෝඩුව සෑහෙන වෙලාවක් එතනම දැවටි දැවටි හිටියා....

      Delete
    2. දැනුයි මතක් උනේ... ප්‍රේම කරන්න පෙම්වන්තයො යන්නෙ කොහොමත් අනිත් පිරිස වැඩිපුර නොගැවසෙන තැනකටනේ. උන් හිතන්න ඇති මෙතන මලක් තියා ගහක්වත් නැති නිසා අනිත් සමනලුන්ගෙන් බාධාවක් එන එකක් නැහැ කියලා.. :)

      Delete
    3. ඒකත් ඇත්ත......... මට ඒ ගැන ඩිංගක්වත් කල්පනා උණේ නැහැනෙ... ඔයාටත් හිතෙන දේවල්...

      Delete
  7. //නිවනක් ඇති නිවහනක් නැති
    සමනල්ලු නම් තාමත් ආදරෙන්...//

    අපූරු ලස්සන සිතුවිල්ලක් තරු අක්කි!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සටහනක් තියා ගිය හැමටම.. ඒ පුංචි සමනල්ලු දෙන්න දන්නවනම් සතුටු හිතෙයි.. එයාලගෙ ප්‍රේමය කවියක රැදිල තියෙනවා කියල...

      Delete
  8. හරිම ලස්සනයි අක්කෙ...

    ReplyDelete
  9. ""නිවනක් ඇති නිවහනක් නැති සමනල්ලු නම් තාමත් ආදරෙන්""
    අතීතේ සොඳුරු කාලයක් මතක් උනා :'(

    ReplyDelete
  10. අත්දැකීම මට හිතෙන හැටියට සමනලුන් යුවලක්ම නෙවෙයි. ඉන් ඔබ්බට තරගකාරී ජීවිතයක ආදරයක් හොයන බව තමයි හැගෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තරගකාරී ජීවිතයක සැනසීමක්... සිරකාර ජීවිතයක නිදහසක්....

      දයා අයි‍යා කවියෙන් දිවැස් කියනවා....

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...