පිටු

Tuesday, September 3, 2013

පොත්ගුල්ලන්ට ආරාධනාවක්...

ආදරණීය ආරාධනාවන් දෙකක් ඇත.

දෙකම හෙට ය. එකම විට ය. දෙතැනම එක විට පෙනී සිටින්නට මනෝකායකුත් වී නම් අගේ යැයි සිතේ. එවැන්නක් නොවන නිසා දෙතැනටම කාලය බෙදා දෙන්නට සිතා සිටිමි. මක්නිසාද යත් වැඩ දෙකම අපේ වන නිසාය.




වසර 15 ක පමණ අතිදුෂ්කර එහෙත් සුන්දර ක්‍රියාවක ප්‍රතිඵලයක් වන යොවුන් පියවර සගරාව/යොවුන් පියවර එකමුතුව මගින් පළ කර ඇති ‘‘සොුරු නව යෞවනය පෝස්ටර් ඇල්බමය ජනගත කිරීම  හෙට (2013.09.04 ) සවස 3.00 ට මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රෙයේ දී පැවැත්වේ.

ප්‍රධාන දෙසුම් මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර සහ කර්තෘ මහින්ද නාමල් විසිනි.


සොඳුරු සැරිසර හනමිචිය දිගේ ජපානයටත්, සොඳුරු සැරිසර සේද මාවත දිගේ චීනයටත් අප කැන්දන් ගිය ඇත්තෝ දැන් සූදානම් වන්නේ සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ අප මැලේසියාවට කැන්දන් යන්නට ය. සමන් අතාවුදහෙට්ටි නම් වන සුන්දර රස්තියාදුකාරයාගේ නවතම කෘතිය එළිදැක්වීම හෙට ( 2013.09.04 ) සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.





රිසි සිතැති, ඉඩ ද ඇති පොත් කැමැත්තෝ සහභාගි වෙත්වා.

12 comments:

  1. ටිකක් කාර්ය බහුල දවසක් වුනත් ඉඩක් ලදොත් එන්නම්

    ReplyDelete
  2. මට කවදාවත් බැරි වුනේ පොත් ගුල්ලෙක් වෙන්න. අවසන බ්ලොග් ගුල්ලෙක් වුනා. ඇත්තටම පොත් කියවීම හොද වැඩක් නිසා කස්ටිය දැනුවත් කරන්න මේක දාපු එක හොදා.

    ජය !

    ReplyDelete
    Replies
    1. මං පොත් ගුල්ලෙක් වෙලා හිටියා. ඒත් බ්ලොග් ඒකට කැමති උනේ නෑ.. ඉතින් මාත් බ්ලොග්ගුල්ලෙක් උනා :(

      Delete
    2. දැන් මාත් බ්ලොග්ගුල්ලියක්...:(

      Delete
    3. පොත් ගුල්ලෝ පොත්වල ගුල් විදිති!

      බ්ලොග් ගුල්ලෝ කියන්නේ බ්ලොග්වල ගුල් හාරන අයටද?

      Delete
    4. බ්ලොග් වල ලින්ක් හල හලා යන එවුන්ට තමා බ්ලොග් ගුල්ලෝ කියන්නේ !!

      Delete
  3. සියලුදේ සාර්තක වේවා යැයි පතමි :)

    ReplyDelete
  4. කොහොමද එන්නේ? :(

    ReplyDelete
  5. එන්න වෙන්නෙ නම් නෑ ඉතින්. සුබ පතමි.

    ReplyDelete
  6. සාර්ථක උත්සවයක් වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  7. එන්න නම් ලැබුණ නැ එත් පොත් ගුල්ලෙක් බව සතුටින් කියමි ... අනාගතේ දිනක මෙවන් වූ දෙයකින් හමුවෙමි .. ජය පතමි

    ReplyDelete
  8. එකකටවත් එන්න බැරි වෙනවනේ :(

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...