පිටු

Friday, December 20, 2013

හුදී ජන ස්වයං නිර්වින්දනය පිණිස MASS ක්....


දොස්තර ස්ටොක්මාන් මට හමුවෙන්නෙ උසස් පෙළ පන්තියෙදි.. තනියෙන්ම නෙවෙයි සෙල්ලම් ගෙදර බෝනික්කි නෝරා ත් එක්කම...  නාට්‍ය හා රංගකලාව විෂය හැදෑරුව නිසයි මේ අය එක්ක දැන හැඳුනුම්කම් ඇති කර ගන්න හැකි වුණේ...  

යථාර්ථවාදී නාට්‍ය කලාවෙ පියා විදියට සැලකෙන හෙන්රික් ඉබ්සන්ගේ ජනහතුරා නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි දොස්තර ස්ටොක්මන්... ඉබ්සන්ගෙ තවත් සුවිශේෂ නාට්‍යයක් වන සෙල්ලම් ගෙදර ප්‍රධාන භුමිකාව නෝරා...... නාට්‍ය කලාව තුළ මට හමු වූ මා බෙහෙවින් ප්‍රිය කරන භුමිකා දෙකක් ඒ...

‘‘ලාංකීය ගැහැණිය දශක කීපයක්ම ජීවිතය ගෙවන්නෙ ඉබ්බෙක් වගේ.. ඔයාගෙත් ඒ ස්වභාවයෙ වෙනසක් නැහැ. හෙන්රික් ඉබ්සන්ගෙ The Doll's House වල නෝරා නොවුණට ඔයා තුළත් පුංචි නෝරෙක් පණ ගැහෙනවා.... ගැහැණිය ජීවී ගුණයෙන් පරිපූර්ණ විය යුතුමයි නෝරා වගේ... මට පුළුවන් නම් නෝරයි, සෝර්බයි කසාද බන්දනවා... 

මෑතක යහළුවෙක් ලියල එව්ව ලිපියක එහෙම තිබුණා...

නෝරයි සෝර්බයි කසාද බැන්දොත් කොහොමට තියෙයිද? හිතා ගන්න අමාරුයි...


කියන්න ඕන උණේ ඒ වැල්වටාරම් නම් නෙවෙයි... හෙන්රික් ඉබ්සන්ගෙ Public Enemy නාට්‍යෙය් නවතම නිර්මාණය රංගගත වෙනවා 22,23,24 දිනවල නාමෙල් මාලනී පුංචි රහලේ... කෝට්ටේ ප්ලේහවුස් ඉදිරිපත් කිරීමක් ලෙස, කෞශල්‍යා ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයෙන්...

MASS ක්....

හුදී ජන ස්වයං නිර්වින්දනය පිණිසයි... එයයි ප්‍රධාන තේමාව..

මට මේ නාට්‍යය වැදගත් වෙනවා කාරණා කිහිපයක් නිසාම... 

මූලිකම දේ එහි ප්‍රධාන භුමිකාවක් වන දොස්තර ස්ටොක්මන් ගේ චරිතයට පණ පොවන්නෙ ශානක මල්ලි වීම... මීට වසර 15 කට පමණ පෙර  ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරය  තුළ දැන හඳුනා ගත් ශානක මල්ලී ආත්මයෙන්ම ආදරය කරන නාට්‍ය කලාව තුළ මෙතරම් දුරක් පැමිණ තිබීම ගැන සුවිසල් සතුටක් දැනෙනවා...

සුනන්ද මහේන්ද්‍ර පරිවර්තනය කළ ජනහතුරා නාට්‍ය පිටපත උසස් පෙළ හදාරන අවධියේ ආශාවෙන් පරිශීලනය කළ පොතක්... දොස්තර ස්ටොක්මාන්ගේ චරිතය කොයි තරම් හිතට කා වැදුණද කියනවනම් මම ඔහු ගැන කවියකුත් ලියා තැබුවා.. ඒ කවිය තරුරසී තුළ පළකළා කාලෙකට පෙර...

තනි තරුවක් නිවී දිලෙයි  කියන්නෙ දොස්තර ස්ටොක්මාන් වෙනුවෙන් මා ලියූ කවිය.. 

එය නැවත සජීවීව වේදිකාව මත දකින්නට හැකි වීම භාග්‍යයක්.. 

වැදගත්ම කාරණය තමයි ජනහතුරා නාට්‍යය මුල්වරට නිපදවෙන්නෙ 1882 නෝර්වේ දි වුණත් අද ලාංකීය සමාජයට එහි ඇති අදාළත්වය.. අද අපිට දොස්තර ස්ටොක්මන්ලා වැඩි වැඩියෙන් අවශ්‍යයි...

ඉතින් හැකි අය නාට්‍යය බලන්න.. ඒ ගැන හො කතිකාවක් ඇති වෙනව නම් අගෙයි...

මම.... ගම්බිම් බලා යනවා... සතියක නිවාඩුවක් අරගෙන... හැම දෙනාටම ආදරය පිරුණු සුබ නත්තලක්...


10 comments:

  1. ඔයාටත් සුබ නත්තලක් වේවා !
    ඔයා නත්තලට ගමේ යනවා.. අපි ඔයාලෑ පැත්තේ එන්න ඉන්නවා.. හික්ස් :)
    සෙනසුරාදා ගමේ යනවා නං මට ඔයාව හම්බ වේවි... එහෙම පතනවා මං ! :)

    ReplyDelete
  2. ඔන්න තරූටත් එසේ ම වේවා කියල ප්‍රාර්ථනා කළා!

    ReplyDelete
  3. සතුටුයි.... අක්කාටත් සුභ නත්තලක් වේවා !!! 

    ReplyDelete
  4. සුභම සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  5. Compliment for the Season !!! , Wish you a Happy Christmas !!!!!!


    ReplyDelete
  6. අපේ ජනතාව නම් කොහොමත් ස්වයං නිර්වින්දන්යක්ට ලක් වෙලා නේද ඉන්නේ තරු අක්කේ..?

    සුබ නත්තලක් වේවා....!!!!!

    ReplyDelete
  7. සතුටින් නිවාඩුව ගත කරලා එන්න තරු අක්කා

    ReplyDelete
  8. සතුටින් ඉන්න අක්කා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...