රාත්‍රිය මැදියමත් තල්ලු කරගෙන පහන් දොරට දිව යමින්
තිබුණා... හදිසියෙන්.. හරිම හදිසියෙන්... හිත
පුරා කාන්සියක්... මාන්සියක් මිස හදිසියක් තිබුණෙ නැහැ මට නම්...
හල්මිල්ල ගහ පුරාගෙන උන්නු කණාමැදිරියනුත් නින්දට ගිහින්
වගේ... තැන තැන ඉඳ හිට යාංතමට එළියක් දැල්වුණා....
කතාවේ අවසන් තිත උඩ පෑන කොයි තරම් වෙලා තාවර වෙන්න ඇද්ද
කියල හිතුණෙ, අවසන් තිත කඳුලු බින්දුවක් තරමට විසාල වෙලා පෙණුනම... ඒත් ඇත්තම ඇත්ත
අවසානය නම් එය නෙවෙයි.
හීත හී තුඩු ඇමිනී හිතේ කවිකම් උපදියි
භීත අතැගිලි අවසඟ එකව් සැනෙකින් මියැදෙයි
ඈත අහසේ පුරහඳ නෝක්කඩු
නම් එමටයි
මෑත ගණඳුරු තුන්යම සාංකාවම දළුලයි......
යනෙන මං නැති කඳුලක් ඇහිපියස්සේ ළතවෙයි
විඳින විඳවන වග නම් දන්නෙ කවුරුද ඔබම යි
දැනෙන රිදුමක බර නම් කියනු කෙලෙසින් මෙතෙකැයි
යන්න හැරුණද සැනෙකින් ඔබ ඇවිත් හිත ළඟමයි.....
කවමදාවත් එන්නෙ නැත්නම් මොනවට විදවනවද මන්ද.....
ReplyDeleteමම හිටියා
ReplyDeleteඔබ ආවා
ඔබ ගියා
මම හිටියා
මුල් කොටස් දෙකත් කියෙවුව. හොඳ නිර්මාණයක්. මේ කවි සිතිවිලි වැඩිපුර එන්නේ විරහ වේදනාව තියෙන අයටද?
ReplyDeleteවිරහව හොඳින් දැනෙන කවි ටිකක් තරු .
ReplyDeleteහිතට වදින සටහනක්
ReplyDeleteඔබ එන්න
ReplyDeleteඔබ ඇවිත් යන්න එන්න.....Please.
ඇය කවදාවත්ම එන්නේ නෑ ... එත් බලන් ඉන්නවා .... අනන්තය දිහා හිස් බැල්මෙන් ...
ReplyDeleteඇවිත් යතැයි.... සිතුවද
ReplyDeleteනැවිත්ම.... ගිහින් නුඹ
සිතට වටහනු නොහැක
බලාපොරොත්තු ඇත තවම.....
එන්නේ නැති අය වෙනුවෙන් දුක් වෙලා පලක් නෑ... ගිය කෙනෙක් ආවොත් ඒත් පලක් නෑ... මොකද ඒකා කවදා ආයේම දාලා යයිද කියලා දන්නේ නැති නිසා.
ReplyDeleteයන්න හැරුණද සැනෙකින් ඔබ ඇවිත් හිත ළඟමයි.....
ReplyDeletehttp://www.ransirimal.com/spages/page_62.html