කලකින් ගම්බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේ ය දැන්..
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මග බලාගෙන..
පිණි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
ඉර මියෙන හැන්දෑවෙත්
හිම බිඳිති... හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති...
පොඩිසිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ එ නම
අසාධාරණ බව ම නෑඟුණි ද?
මොහොම අපූරූ පද වැල් ටික.. රහම රහයි...
ReplyDeleteඑක්කෙනෙකුට හරි රහ වුණා මදැයි...
Deleteමටත් හිම කියපු ගමන් බැලුවා මෙයා කම්මැලිකමට ගුලි වෙලා කියලා.
ReplyDeleteනිවාඩුවට ගමේ ගිහින් වගේ. අපිට කතා ටිකක් ගමෙන් අරන් එන්න.
කතා නම් ඕන තරම්.... රංගි ලියන්න හිතක් තමයි නැත්තෙ...
Deleteඅපේ ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා ගෝටුල්ලක්... ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා... මල් පිපෙනවා... ඒවට සමනල්ලු එනවා... චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා... ඒ නිසා කපල දාන්න හිතෙන්නෙ නැහැ....
මේ සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පදුරුවල මල් පිපිලා... සුදුම සුදු පාටයි... හිම වැටිල වගේ... ලස්සනයි... සමනල්ලුත් එනවා... ඒවයෙ මල් පැණි තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි... මේ මල් පිපෙන කාලෙ වෙන්න ඇති....
ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පදුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල....
ඔහොම හරියන්නේ නෑ මේ නම් එකක්වත් දන්නේ නෑ. ෆොටෝ අරන් එන්න ගමෙන් එනකොට. පතක කියන්නේ මොකක්ද? පතල් ද ඇපේ පැත්තේ පතල් කියන්නෙ මැණික් පතල්. ගෝටුල්ලක් කියන්නේ නිකම් කැලෑවක් වගේද? ගිනිතිල්ල අහලාවත් අනෙ. කිරි මදුවැල් වෙන්නැති මම පොඩි කාලේ පොල් පිති හරක් බඳින්න භාවිත කාලේ. ඒකේ මල් පිපෙනවා නේද සුදු පාට? පොඩිසිඥ්ඥො මරන් දන්නෙත් නෑ.
Deleteමම හිතන්නේ ඔයා මේ කියන නම් තමයි දන්නේ නැත්තේ. නැත්නම් ඔය මගේ යාළුවෝ කියන්නේ මම ගස් වැල් දන්න හැටියට උන් ලංකාවේ ඉඳලාවත් ඒවා දන්නෙ නෑ කියලා.
කැමරාව තිබුණෙ බෝඩිමේ රංගි... ඒ නිසයි පොටෝ එකක් ගන්න බැරිවුණේ... ලබන සතියෙ යද්දි මල් තියෙද්දි දන්නෙ නැහැ...
Deleteපතහ කියන්නෙ විසාල වතුරවලක්... පොකුණක් වගේ...
ගස්වැල්වලට එක එක පැතිවල කියන නම් වෙනස් නේද? ඒ නිසයි සමහරවිට අපි නමින් නොදන්නෙ...
මේ සැරේ යද්දිත් තිබුණොත් මම පොටෝ එකක් අරන් එන්නම්...
ඔය මල් වලට එක එක පැති අනුව වෙනස් නම් තියනවා නේද? අපේ පැත්තේ නම් ඔය නම කියනවා අහලම නෑ.
ReplyDeleteතව නම් තියෙනවා තමයි තිසර... මට ඒ එක නමක්වත් මතක් වුණේ නැහැනෙ...
Deleteඒ නම් මතක් වුනා නම් කවියට මොකද වෙන්නේ.
Deleteඒකත් ඇත්ත..
Deleteහිත ඇතුලේ මැවුනා කියා ඇතිදේ. සුපිරියි
ReplyDeleteඇත්තටම මේ මල් දැකල තියෙනවනම් හිතා ගන්න පුළුවනි...
Deleteඅපුරුවට ගෙත්තම් කරලා
ReplyDeleteඒකට ලකුණු දෙන්න ඕන මල් යායට ම තමයි...
Deleteමං හිතුවේ ඇත්තටම හිම කියලා...
ReplyDeleteඅපූරු නිර්මාණයක්....
පින්තූරවලින් ඇරෙන්න ඇත්තටම හිම දැකල නැහැ මල්ලි මම... පොඩිසිඤ්ඤමරං මල් ගොල්ල දකිද්දි හිම මතක් වුණා...
Deleteමම ඒත් ආයෙම කල්පනාවෙන් කියෙවුවා කෝ මේකේ හිම කියලා.. පස්සෙනේ තේරුණේ.. ලස්සනයි අක්කේ..
ReplyDeleteහිම වැටිල වගේම තමයි එක යායට පිපිල තියෙද්දි...
Deleteකෙටි නිසාම රස වුනාද මන්ද...?
ReplyDeleteඉතාමත් අගෙයි තරු...
Short & Sweet ද?
Deleteපොඩිසිඤ්ඤෝ මරං ලස්සන මල් පිපුනාම විතරද? බොහොමයක් එහෙම තමයි:D
ReplyDeleteමල් පිපුණාම තියෙන ලස්සන වෙනදට නැහැ.. ගණනකට ගන්නෙ නැති පදුරු විතරයි..
Deleteකමෙන්ට් එකෙන් පැහැදිලි නොකලනම් මමත් බැලුවා අර නමේ කතාව මොකක්ද කියලා.
ReplyDeleteමට නොතෙරුණ හින්දමද මන්දා හිත ගියේ කවියට. අර මල් ගැන නම් එකක්වත් මාත් දන්නේ නැ අහලත් නැ අක්කේ. හ්ම්ම්
නගරයේ ඉඳන් ගමට යද්දි හැම විටම හිතෙන්නේ ගම අලුත් ඇසකින් අපි දිහා බලන් ඉන්නවා කියලා. බොහොම සුන්දර අත්දැකිමක් සුන්දර විදියට පෙලගස්වලා කවියකින්
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්... මට මතක් උනේ පේරාදෙණියේ රොබරෝසියා මල් ඇතිරිල්ල !!
ReplyDeleteඑහෙම මලක් ගැන ඇත්තෙන්ම දැනන් වුන්නේ නැහැ.පොඩිසිඤ්ඤොමාර,අපුරු නමක් නේ.
ReplyDeleteහිම බිඳිති... හිම බිඳිති
ReplyDeleteසුදු මොට්ටු මල් කිනිති...
ගති.......................
ගුඳ ගත ගතිම ගති...............
මා-මා.