''මං ඉන්නෙ බොටුව මිරිකගෙන..
'' ඈ කිව්වෙ ඇස් ගිනි පුපුරු කරගෙන.. එල්ලයක් නැතිව ඒ ඇස් ඈතට විසිවෙලා තිබුණෙ..
කොහෙදෝ නොදන්න ඈතක..
''කාගෙද ?'' මං ඇහුවෙ
කණස්සල්ලෙන්.. රවුම් ඇස් කරකවල හිනාවෙලා ''ආදරේ හරි සුන්දර හැඟීමක්'' කිය කියා
හිටිය ඈ වෙනස් වෙලා.
''මගේ.. මගේ ම හිතේ.. මට ඕන
මේ හිත මරල දාන්න..'' එහෙම කියද්දි ඇගේ ඇස්වල තෙතමනයක් මතු වුණා. කටහඬත් බිඳුණා.
''ඇයි එහෙම කියන්නෙ..''
''පණ වගේ ආදරය කරන මිනිස්සුන්ටම
වධ දෙන මෙහෙම හිතක් මොකටද?...'' හදවත් ගිනිකන්ද පුපුරල ඇස් අගිස්සෙන් ලෝදිය ගැලුවා
සීරුවට දිය ඇල්ලක් වෙලා.
''මේ හිත හරි දුෂ්ටයි..
ඉරිසියාකාරයි.. ඉවසීමක් ඇත්තෙම නෑ.. ඒ හින්දම විඳවනවා.. අනිත් අයටත් වධ දෙනවා.. වැඩියක්ම
ආදරය කරන අයටමයි රිද්දන්නෙ...''
''ආදරේ එහෙම තමයි.. ආත්මාර්ථකාමීයි.
ඉරිසියාසහගතයි. කවුද කියන්නෙ ආදරේ හරිම අහිංසක පිවිතුරු සුන්දර දෙයක් කියල.. ආදරේ
හරි නපුරුයි. විශේෂයෙන්ම අයිති කර ගැනීමේ තෘෂ්ණාවෙන් පිරුණු ආදරයක්..'' කොහෙදෝ
පොතක තිබුණු අදහසක් හිත අස්සෙන් එබිකම් පාද්දි මං කිව්වා...
'' ඒ වුණත් මට එහෙම වෙන්න
ඕන නෑ... මට ඕන ආදරය වෙනුවෙන් ඉවසන්න. කැපවෙන්න. මට අයිති නැති වුණත් කමක් නෑ
සතුටින් ඉන්නව දකින්න... මට... මට... ඕන එහෙම වෙන්න.... ඒ වුණත්... මට රිදෙනවා..
ඉරිසියා හිතෙනවා.. කේන්ති එනවා.. මට තේරෙන් නෑ කොහොමද ඒකෙන් මිදෙන්නෙ කියල...''
ඇගේ ඇස් මගෙන් ඉල්ලන්නෙ
උත්තරයක් බව දැණුනත් මං නිරුත්තර උණා... මටත් උත්තරයක් උවමනා ප්‍රශ්නයක් ළඟ
බණදේශනා වලට කළ හැකි දෙයක් නැති බව මං දැනන් උන්නෙ අත්දැකීමෙන්මයි... මං හෙමිහිට
ඇගේ අතකින් අල්ලගත්තා... මගේ ඇස්වලින් නිමක් නැති දයාවක් ගලා යනවා වගේ හැඟීමක් මට
දැණුනෙ.. ඒ දයාව ඈ ගැන වගේම මා ගැන.. අපි
ගැන.. අපි හැමෝම ගැන... තෘෂ්ණාවෙන් ජීවිතය එක්ක පොරබදන අපි හැමෝම ගැන....
ජීවිතය අල්ල ගන්න ඕන තැන
එතැන නෙවෙයි කියල මට හිතෙමින් තිබුණා.
ඈ මගේ උරහිසේ හිස තියාගත්තා.
ඉකිබිඳුම සිහින් සුසුමක් වෙලා, කඳුළු වැස්ස හීනී කඳුළු දෙපේළියක් වෙලා, කඳුළු දෙපේළිය
ඇස්වල තෙතමනයක් වෙලා, ඇස් අගිස්සෙන් දීප්තියක් මතුවෙන තුරුම අපි කතා නොකර උන්නා.. කාලයත්
සමාධිගත වුණු නිසල අවකාශයක මගේ උරහිසින් හිස මෑත් කර ගත් ඈ හෙමිහිට හිනැහුණා...
''ජීවිතයට ඉඩ දෙන්න ඕන..
ආදරයට නිදහස දෙන්න ඕන... එහෙම නේද?'' ඈ මගෙන් ඇහුවෙ හිනාවෙලා.
අතීතයෙත් මේ වගේම දවසක, මේ
වගේම හද රිදුමකට සාත්තු සප්පායම් කළ හැන්දෑවක මම කතාව නිම කළේ මේ වචනවලින්ම නේද
කියල මතක් වෙද්දි මටත් හිනා බෝ වුණේ ඉබේම...
//'' ඒ වුණත් මට එහෙම වෙන්න ඕන නෑ... මට ඕන ආදරය වෙනුවෙන් ඉවසන්න. කැපවෙන්න. මට අයිති නැති වුණත් කමක් නෑ සතුටින් ඉන්නව දකින්න... මට... මට... ඕන එහෙම වෙන්න.... ඒ වුණත්... මට රිදෙනවා.. ඉරිසියා හිතෙනවා.. කේන්ති එනවා.. මට තේරෙන් නෑ කොහොමද ඒකෙන් මිදෙන්නෙ කියල...''// හැමෝට ම පොදු තත්ත්වයක් නේ ද?
ReplyDeleteඇත්තටම ආදරය සුන්දරයි.ඒක අයිති කර ගැනීමේ චේතනාවන් කරද්දී තමයි ආත්මාර්ථකාමී සහ ඉරිසියාසහගත වෙන්න..............
ReplyDeleteආදරේ අයිස් ක්‍රීම් එකක්.. ඉක්මනට කාවේ නැත්නම් කාටවත් නැතුව දිය වෙලා යන... හි හි
ReplyDeleteආදරේ කියලා කියන්නෙ මොකක්ද කියලා හරියටම පහදගන්න වෙර දරන එක වෙහෙසකාරියි.. තරූ
ReplyDeleteඅපේ නොවන ජීවිතයක්
ReplyDeleteඅපේ කරගන්න වෙහෙසෙන අතරේ
අනුන් වෙනුවෙන් කරන කැපවීම් ගොඩ මැද්දේ
නොදන්න්නා නොතේරෙන දෙයක් අපි හොයනවා..
ඒකට ආදර යැයි කියනවා....
ආදරේටත් හරි නිර්වචනයක් කිසිදා දෙන්න බැරුව ඇති.
ReplyDeleteපස්ටම කෙටි හදවත කිරි ගැහැහෙන ....සිතිවිලි තරුවෝ......
ReplyDeleteමම උඹේ දිගට ලියන ඒවා කියවන්නෙ දවස් ගණන් ...
ඇත්තටම පුදුම රසයි.....
ආදරය....ඒ මොකක්ද අප්පා ඒ..
ReplyDeleteඅඳුනන්නේම නැද්ද? අපරාදේ... :)
Deleteඇහුවෙත් අදයි තරුට පින්සිද්ධවෙන්න.
Deleteනෙරංජ ..:) :)
Delete//''පණ වගේ ආදරය කරන මිනිස්සුන්ටම වධ දෙන මෙහෙම හිතක් මොකටද?...'' //
ReplyDeleteමේ ටික දැක්කාම හිත කීරි ගැහිලා ගියා... :(
// '' ඒ වුණත් මට එහෙම වෙන්න ඕන නෑ... මට ඕන ආදරය වෙනුවෙන් ඉවසන්න. කැපවෙන්න. මට අයිති නැති වුණත් කමක් නෑ සතුටින් ඉන්නව දකින්න... මට... මට... ඕන එහෙම වෙන්න.... ඒ වුණත්... මට රිදෙනවා.. ඉරිසියා හිතෙනවා.. කේන්ති එනවා.. මට තේරෙන් නෑ කොහොමද ඒකෙන් මිදෙන්නෙ කියල...'' //
ReplyDeleteමේ ටික පොදුයි වගේ. සම්පුර්ණයෙන්ම මේ ටික මමද කියලා හිතන්න වුණා.