ඒ කෙසේද යත්,
තවුතිසා දෙව්ලොව මල් පළඳනා දෙව්පුතෙක් දෙවඟනුන් දහසක්
පිරිවරා උයනට මල් පළඳින් වන.ඉන් පන්සියයක් පමණ දෙව් දූ ගස්වලට නැඟී මල් කඩා
වගුරුවති. දෙවඟනෝ පන්සියයක් කඩා වගුරුවාලූ මල් ගෙන ගොස් දේවතාවා සරහති. මල් කඩා
වගුරුවන දෙව්දූන් අතුරෙන් එක් දේවතාදුවක් ආයු ගෙවුණු හෙයින් හෝ නොහොත් පින් ගෙවුණු
හෙයින් මල් ගසදීම මළා ය. තුන් ගවු උස සිරුර පහන නිවාපු කලෙක මෙන් නැති විය......
පතිපූජිකා කතා වස්තුව - සද්ධර්මරත්නාවලිය
පන්සියක් දෙව් අඟනුන්
තුරු මත නැඟී
මල් නෙළා හෙළාලන
පන්සියක් දෙව් අඟනුන්
හෙළාලූ මල් රැගෙන
මාලා ගොතා ලන
මල් දමින් සැරහී
කව් සිරින් වොරැඳෙන
මාලාභරී දෙව්පුතුය.....
සිඳුණු ආයුෂ හෙයින්
චුතව තව්තිසාවෙන්
ඉපිද මනුලෝ සැණෙන්
නැතක් දුක් ගිනි දරණ
මාලාදරී දෙව්දූය....
මල් නෙළන්නී
පැන් ඉසින්නී
දම් ගොතන්නී
මං බලන්නී
පතිපූජිකා නොවෙද ඈ....
රිදි රිදී හද බිත
ඉරිතැලී යන සඳ
දේවතා රුව සොඳ
පිරියම් කඳුලින්ම වෙද....
නමුදු මඟ බලන්නී
යළිදු පෙම් පුරන්නී
පින් මඳ’ ය සිතන්නී
වියෝ ගිනි දරන්නී...
ලස්සනයි සිතිවිල්ලක්,
ReplyDeleteඅර දෙව්පුතට කොහොම හැගීමක් ඇත්ද දෙවඟනුන් දහසක් පිරිවරා ඉන්නා කොට..?
අනේද කියන්නේ? :D
Deleteමට හිතුන එකම මනෝජ් අහලා.. ;)
Deleteවෙනදා වගේම ලස්සණයි තරූ...ඔයාට එන්නේ පුදුම විදියේ සුන්දර සිතුවිලිනේ...
ReplyDeleteසතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්..පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් කියන අමරදේව මහත්මයාගේ ගීතය මට මතක්වුනා මේ පද වැල් දැකලා.
ReplyDeleteලස්සන කවි සිත්තමක්....
ReplyDeleteඒක නෙමෙයි පුලුවන් ද පින්තූරයක් දුන්නහම ඒ පින්තූරෙට ගැලපෙන කවියක් ලියන්ඩ.. ??