මගේ ජීවිතයේ සොඳුරු දවස් තියෙනවා අප්‍රමාණව.... අතිසුන්දර දවසුත් තියෙනවා.. අප්‍රමාණව නැතත් එවැනි දවස්වලිනුත් හිගයක් නැහැ. අදත් එවැනි අතිසුන්දර දවසක්.....
ඇත්තටම ජීවිතය සුන්දරයි කියල මට දැනෙන්නෙ කොහොමද? මුලිකවම සොඳුරු ආදරවන්ත මිනිසුන් ඇසුරේ දිවි ගෙවන්නට ලැබෙන මොහොතවල්... ආයෙම
සොබාදහම සමග ගෙවෙන නිස්කලංක මොහොතවල්... ඒ වගේම සාහිත්‍ය කලාව ඇසුරේ නෙත සිත
දැහැන්ගත වන මොහොතවල්... ජීවිතේ සුන්දර ද මෙතරම් කියල මට දැනෙන්නෙ අන්න ඒ වගේ
වෙලාවල්වලදි....
අද කුරුණෑගල නගරශාලාවෙදි “වසන්තය මගෙ නොවෙයි” ඔහුගේ කුළුඳුල් ගී පද සරණිය
එළිදැක්වුණා. මං කොහොමද සුගත් ව දැන අඳුනා ගන්නෙ.. බොහෝ දැන හඳුනා
ගැනීම් වගේම එයත් සොඳුරු අහම්බයක්...
දවසක් හිමිදිරියක රංගිරි ගුවන් විදුලි නාලිකාවේ විකාශය වූ ලස්සන ගීතයක් අහන්න ලැබුණා.
ශිෂ්‍යාව
ගුරු
ගෙදර පිපෙන මල් සේරම
සුවඳ
කරන ආදරේ.... ගුරුතුමනි ඔබේ හදවතයි...
ගුරුතුමා
මල්
සුවඳ කරන්නට දිරි දෙන
උල්පත
ඒ ආදරේ.... දියණියනි ඔබේ හදවතයි...
දුක්
කඳුළු එකතු කරගෙන... මුතු මැණික් තනන අන්දම
ඔබ
කියා දුන්නු හින්දා....
පුරහඳක්
වගේ දිලිහෙන හැටි... බලන් ඉන්නෙ තනිවමයි
සතුටු
කිරුළ හිස ලා....
ශිෂ්‍යාව
හොඳ
හිතක් ළයේ නැත්නම්.. පටපිළී බරණ කුමටද
ඔබ
කියා දුන්න තාලේ....
ගුරුතුමා
ඒ
උවම් හිතට අරගෙන... ජීවිතේ දිනන යුතුකම
සුරකින්න
මගේ දියණී...
ගායනය :- කරුණාරත්න විජේවර්ධන, කේතකී සුරවීර
පද රචනය :- සුගත් සෝමවීර
තනු නිර්මාණය :- සුනිල් දයානන්ද කෝනාර
ඒ ගීතයේ හිමිකරුවන් සොයා ගැනීමට මං දැරූ උත්සාහය
පළ දැරුවෙ රවි සිරිවර්ධන සහෝදරයා නිසා. ඔහු මට සොයා දුන්නා රංගිරි ගුවන් විදුලියෙ
අනුරාධ කපුකොටුව සොයුරාගෙ දුරකතන අංකය. ඔහු
තමයි සුගත් සොයුරාව සම්බන්ධ කර ගන්න මාර්ගය පාදා දුන්නෙ. ඒ දැන හඳුනා ගැනීමත් එක්ක
ඔහු මවුස් චිත්‍රපටයට ලියූ ගීතත් මට අහන්න ලැබෙනවා.. හිත නිවා සනහන මෘදු ගී පද
රචනාවන්.. ඒ බොහෝ ගීතවලට සප්තස්වරයෙන් පණ දෙන්නෙ සුනිල් දයානන්ද කෝනාර
සංගීතවේදියාණන්. අපූරු පෑහීමක්...
ගී පද සරණියේ පිදුම අම්මාට... මේ පිදුමත් එක්ක අම්මාට පොත පිළිගන්වද්දි ඒ අම්මගෙ ඇස්වලට වගේම අපි බොහෝ දෙනෙක්ගෙ ඇස්වල කඳුළු පිරුණා....
පූජා....!!!
මාස හතක බඩත් උස්සගෙන
තල්ගස් බඩ ගාලා
තල් ගොඩ කපල, වේලල
වට්ටි පෙට්ටි වියල, විකුණල
කන්න දීපු...
තල් ගොඩ කපල, වේලල
වට්ටි පෙට්ටි වියල, විකුණල
කන්න දීපු...
හැතැප්ම හතක් පයින්ම
වතුර පුරවපු කළගෙඩි දෙකක්
උකුලෙයි ඔළුවෙයි තියාගෙන
අලි ගහන කැලේ මැදින් ඇවිත්
බොන්න දීපු.....
උකුලෙයි ඔළුවෙයි තියාගෙන
අලි ගහන කැලේ මැදින් ඇවිත්
බොන්න දීපු.....
හත් අවුරුද්දක් පායල
මූදු හතම හිඳිල ගියත්
මේ පොළොව කරවෙලා, අළුවෙලා ගියත්
මට තිබහ ආවොත් දෙන්න
කඳුළු බිංදුවක් තියාගෙන ඉන්න
මේ පොළොව කරවෙලා, අළුවෙලා ගියත්
මට තිබහ ආවොත් දෙන්න
කඳුළු බිංදුවක් තියාගෙන ඉන්න
මගෙ අම්මට
මේ පොත මං පූජ කරනවා...
ආ මග සලකුණු ලෙසින් නම්
කළ පෙරවදනට අනුව සුගත් කියන්නෙ වන්නි වනන්තරේට මැදිවෙච්ච නවගත්තේගම දිවුල්වැව
ගම්මානෙ ඉපදිලා හැදිල වැඩුණු කැලේ පිපුණු මලක්.. හද්ද වනන්තරේ පිපුණ වුණත් ඒ මලේ
සුවඳ ලොවටම බවට හොඳම නිදසුනක් මේ ගී පද සරණිය...
‘‘හිතට එන දෙයක් හිතේ තිබිල මෝරල උහුලගන්ඩ බැරි
උණාම අසීමිත විලිරුදා විඳල මං මගෙ වචන කොලේක බිහිකරනවා. උණහපුළු අම්මගෙ දරුවො වගේ
මට ඒව වටිනවා. දවසක ඒ නිර්මාණ හැඩවැඩ වෙලා ගීතයක් වෙන මොහොතට ඒ සතුට විඳගන්නවා.
එහෙම ගී ලෙසින් ගැයුණු සහ නොගැයී මා සන්තකයේ තියෙන පදරචනා කිහිපයක් මම මේ පොතට
එකතු කරගත්ත.”
අතිශය සංවේදී හෘදයාංගම පෙරවදනෙහිලා සුගත් එහෙම
සඳහනක් කරනවා. පෙරවදන කියන්නෙම නවකතාවකට සුදුසු ජීවන අන්දරයක්.. ඒ ගැන හිතන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි මේ මොහොතෙ.
ඒ විදියට කාලාන්තරයක් තිස්සෙ ලියැවුණු, ගැයුණු, නොගැයුණු ගීත එකතුව පොතක් වෙන උත්සවයට සුගත්ගෙන් ඇරයුම ලැබුණෙ මාසයකටත් කළින්.. මගේ නොවන වසන්තය විඳින්න යන්න මම දිනය වෙන් කරගත්තෙ එදාමයි... එහෙම හිතූ එකත් කොයි තරම් වාසනාවක්ද කියල හැබෑවටම දැණුනෙ උත්සවයෙදි අහන්න ලැබුණු ගීතවල මුදු සුමුදු සෞන්දර්යය නිසා...
ඒ විදියට කාලාන්තරයක් තිස්සෙ ලියැවුණු, ගැයුණු, නොගැයුණු ගීත එකතුව පොතක් වෙන උත්සවයට සුගත්ගෙන් ඇරයුම ලැබුණෙ මාසයකටත් කළින්.. මගේ නොවන වසන්තය විඳින්න යන්න මම දිනය වෙන් කරගත්තෙ එදාමයි... එහෙම හිතූ එකත් කොයි තරම් වාසනාවක්ද කියල හැබෑවටම දැණුනෙ උත්සවයෙදි අහන්න ලැබුණු ගීතවල මුදු සුමුදු සෞන්දර්යය නිසා...
වසන්ත මොරගොඩ අධ්‍යක්ෂණය කළ මවුස් චිත්‍රපටයේ මේ
ගීතය ගැයුණෙ යසන්ත සමරවීරගේ හඬින්.. භාවනාවක් වගේ විඳින්න පුලුවන් ළගන්නා හඬක් ඔහු
සතු බවට විවාදයක් නැහැ... මේ ගීතයේ සංගීතයත් සුනිල් දයානන්ද කෝනාර ගෙන්...
මල්පෙති පවා රළු පරළු වේ
කටුතුඩු ඇනී නැති බැරිකමේ
එළිය නැතුවට පායලා හඳ හිත පුරා
දන්නෙ නෑ එය ලෝකයා...
එළිය නැතුවට පායලා හඳ හිත පුරා
දන්නෙ නෑ එය ලෝකයා...
වැහිපොදක් හරි වැටෙනවා
ඉරිතැලුණු බිම්වල පවා
අලුත් හුස්මක් නැගෙනවා
කඳුළු පිපිරී මලක් වන දා
ඒ සුවඳ පොද විඳිනවා.....
හැමදාම කලුවර නෑ
තරු ඇහැක්වත් ඇරෙනවා
ගිනිගැණුනු ඇස්වල පවා
හීන හැංගී තියෙනවා
දරාගෙන මහමෙරක් වාගේ
මගෙ හිතේ නුඹ ඉන්නවා.....
ඉරිතැලුණු බිම්වල පවා
අලුත් හුස්මක් නැගෙනවා
කඳුළු පිපිරී මලක් වන දා
ඒ සුවඳ පොද විඳිනවා.....
හැමදාම කලුවර නෑ
තරු ඇහැක්වත් ඇරෙනවා
ගිනිගැණුනු ඇස්වල පවා
හීන හැංගී තියෙනවා
දරාගෙන මහමෙරක් වාගේ
මගෙ හිතේ නුඹ ඉන්නවා.....
හර්ෂණ දිසානායක... ලස්සන ළමා
ගීත රැසක්ම තිළිණ කළ ඒ කොලු පැංචා දැන් කඩවසම් නව යෞවනයෙක්.. හර්ෂණගෙ ගීතවලින් අපි
තරම් වැඩ ගන්න නැතිව ඇති කවුරුවත්ම... ළ.ක්‍රි.වී. ළමා වැඩසටහන්වලදි දරුවන්ට
ජීවිතේ ගැන, ළමා විය ගැන කතා කරන්න අපි ඔහුගේ ගීත උදව්කරගත්තා අවුරුදු ගණනාවක්ම..
2004 වසරෙ ළ.ක්‍රි.වී. පණස්වසර ජුබිලි සැමරුමේ හර්ෂණ විශේෂ ආරාධිතයෙක් උනා. එදා
ඔහු ගී ගයද්දි වෙන්නප්පුව ඇල්බට් පීරිස් ගෘහස්ත ක්‍රීඩාගාරයේ උන්නු දෙදහසක් පමණ වූ
දරුවන් ඇසිපිය නොසලා බලන් උන්නා, නිසල පිළිරූ වගේ දැහැන්ගත වෙලා අහන් උන්න මතකයි
මට...
මගේ කවිය - නුඹ නුඹේම
දෝතින්
මා හද කැටපත් පවුරෙ ලියූ
නුඹේම දෝතින් මකා කුරුටු ගා
ගියේ කොහිද රහසින්
එය දරාගන්න නොදනිම්.....
මා හද කැටපත් පවුරෙ ලියූ
නුඹේම දෝතින් මකා කුරුටු ගා
ගියේ කොහිද රහසින්
එය දරාගන්න නොදනිම්.....
සිහිනය එළි වී විකසිත වූ
දා
සුපෙම් සුවඳ වෑහී
සඟවාගෙන රහසින්
නුඹේ අතින් ලියු මගේ කවිය මම
රැකගත්තේ සෙනෙහෙන්
දෑස වගේ මං මගේ හදේ ගැඹුරින්.....
සුපෙම් සුවඳ වෑහී
සඟවාගෙන රහසින්
නුඹේ අතින් ලියු මගේ කවිය මම
රැකගත්තේ සෙනෙහෙන්
දෑස වගේ මං මගේ හදේ ගැඹුරින්.....
වලාකුලක් සේ පලා යද්දි
නුඹ
ඉඩෝරයට ඉඩ දී
දැවටීගෙන අසලින් සිටිය
මගේ කව සොරකම් කරගෙන
ගෙනයද්දී මහදින්
කඳුළු විලේ බැමි උහුලාවිද කෙලෙසින්....
යුග ගීතයක් ගැයුණා... ඒ යුග ගීයට එක්වුනේ හර්ෂණ සමග ලක්ෂණා ලක්මිණි.. ඇගේ හඬ මං ඇහුවෙ මුල්ම වතාවට. හුස්ම ගන්නත් අමතක වුණ තරම්... ඒ තරම් මුදු සොඳුරු හඬක්.. අපූරුවට පෑහුණා හර්ෂණගේ යොවුන් හඬත් එක්ක. ඇහිපිය නොගසා මං ඒ දෙන්නා දිහා බලන් ඉද්දි වේදිකාවේ අසුන් ගෙන උන් සුගත් ගෙ ඇස් මං දිහා හැරවිලා තියෙන බව මං දැක්කෙ අහම්බෙන්.. මං ගීතයට වශී වුණ බව ඔහුට දැනෙන්න ඇති.. ඇස්වලින්, මුවින්, අතින් මං නියමයි කියල පෙන්නුවා සුගත්ට.. ඒ වෙලාවෙ ඒ මුහුණ පිපුණෙත් කරඹ මල් පොකුරක් ගාණට..... කණාටු ගස්දෙබල් අස්සෙන් හිනාවෙන පුර හඳක් ගාණට...
ඉඩෝරයට ඉඩ දී
දැවටීගෙන අසලින් සිටිය
මගේ කව සොරකම් කරගෙන
ගෙනයද්දී මහදින්
කඳුළු විලේ බැමි උහුලාවිද කෙලෙසින්....
යුග ගීතයක් ගැයුණා... ඒ යුග ගීයට එක්වුනේ හර්ෂණ සමග ලක්ෂණා ලක්මිණි.. ඇගේ හඬ මං ඇහුවෙ මුල්ම වතාවට. හුස්ම ගන්නත් අමතක වුණ තරම්... ඒ තරම් මුදු සොඳුරු හඬක්.. අපූරුවට පෑහුණා හර්ෂණගේ යොවුන් හඬත් එක්ක. ඇහිපිය නොගසා මං ඒ දෙන්නා දිහා බලන් ඉද්දි වේදිකාවේ අසුන් ගෙන උන් සුගත් ගෙ ඇස් මං දිහා හැරවිලා තියෙන බව මං දැක්කෙ අහම්බෙන්.. මං ගීතයට වශී වුණ බව ඔහුට දැනෙන්න ඇති.. ඇස්වලින්, මුවින්, අතින් මං නියමයි කියල පෙන්නුවා සුගත්ට.. ඒ වෙලාවෙ ඒ මුහුණ පිපුණෙත් කරඹ මල් පොකුරක් ගාණට..... කණාටු ගස්දෙබල් අස්සෙන් හිනාවෙන පුර හඳක් ගාණට...
සුසුම් සුළඟට සීරිලා
කඳුලු විතරයි ඇස් දෙකේ
ඉතින් කවදා දකිමුදෝ අපි
කෙම්බිමක් මේ ආදරේ.....
කඳුලු විතරයි ඇස් දෙකේ
ඉතින් කවදා දකිමුදෝ අපි
කෙම්බිමක් මේ ආදරේ.....
සොඳුරු වැස්සක ලකුණු පා
ඇදී එන මේ කුළු වගේ
කඳුළු සුසුමන් පෙරලකුණු වේ
කෙම්බිමට යන මාවතේ.....
ඉර ඇවිළෙනා - පත් වියැළෙනා
මහ ඉඩෝරේ
පෙති හැලී මල් පරවෙනා....
මල් පරවෙනා - පත් වියැළෙනා
මහ ඉඩෝරේ
කරඹ මල් ඇති හිනැහෙනා.......
කඳුළු සුසුමන් පෙරලකුණු වේ
කෙම්බිමට යන මාවතේ.....
ඉර ඇවිළෙනා - පත් වියැළෙනා
පෙති හැලී මල් පරවෙනා....
මල් පරවෙනා - පත් වියැළෙනා
කරඹ මල් ඇති හිනැහෙනා.......
සිඩ්නි මාකස් ඩයස් කියන්නෙ සුගත් ගෙ කලා දිවියට විශාල අත්වැලක් වූ නිර්මාණකරුවෙක්.. ඔහු අපූරු කතාවක් කළා උත්සව සභාවෙදි...
‘‘සුගත් ගී පද රචකයෙක් ලෙස සමාජගත වීමේ අහිංසක ආසාව අද ඉටු කරගන්නවා... නමුත් ඔහු අද සමාජයට අවශ්‍ය නැති විදියෙ නිර්මාණකරුවෙක්.. ඒ වගේම අනිත් පැත්තෙන් ඔහු අද සමාජයට අත්‍යවශ්‍ය නිර්මාණකරුවෙක්...” ඇයි එහෙම කියන්නෙ කියල ඔහු පැහැදිලි කලා උදාහරණ සහිතව..
ප්‍රධාන දේශනය වෙනුවෙන් කුමාර ලියනගේ මුලසුනෙහි රැඳී සිටියත් මට ඒ කතාව අහන්න බැරි වුණා. කාලය හරස් වුණා... ආපහු එන අතරෙදි මට හිතුණෙ ඒ අහපු ගීත ටිකම උණත් ඇති නේද කියල.. ඒ තරම් හිත නිවුනු සැනහුණු මොහොතක්...
සුභාවිත ගීතයේ අභාවය ගැන වැළපිලි ගී ගියනවට වඩා මෙවැනි උත්සාහයන් ඉතා වටින
බවයි මගෙත් අදහස...
සුගත් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්නෙ. ඒ අතර වයඹ හඬ ගුවන්
විදුලියේ නිවේදකයෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා. නිවේදනයට ඇති හැකියාව පිළිගැනීමේ
කතාවෙන්ම ඔහු ඔප්පු කරල පෙන්නුවා. සුගත් විවාහකයි. දරු දෙදෙනෙකුගේ පියෙක්.. මේ
සියල්ල අතරෙත් ඔහු ලියනවා. ඒ නිර්මාණ අපි අතරට අරන් එන්න අපමණ වෙහෙසක් දරනවා. ඒ
සියල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය, ආදරය සහ ගෞරවය පුදදෙන්නයි මේ සටහන ලියන්න හිතුවෙ...
... මට බනින්න. මාව රිදවන්න. දැණුන වෙලාවට හොඳයි
කියන්න. ඊයෙ අද වගේම හෙටත් මාව හදාගන්න. මම ලියන්නෙ ඔබට...
‘‘වසන්තය මගෙ නොවෙයි” ගී පද සරණිය පෙරවදන
අවසන් කරන්නෙ සුගත් එහෙම. මම ඔබට කියන්නෙත් එයමයි. මේ ගීත අහන්න. විඳින්න. ඔබේ
අදහස කියා යවන්න ඔහුට මුහුණුපොත හරහා. අවසන් වශයෙන් මට සුගත්ට කියන්න තියෙන්නෙ... ඔබ ලියන්න... වසන්තය එනවා සත්තයි... කියල තමයි. ඒ මගේ පැතුම සුගත්ගේ නිර්මාණ දිවිය වෙනුවෙන්...
..............................
උදේ වරුවම ගෙවුණෙ කුරුණෑගල වැව රවුමෙ උදේනි
සරච්චන්ද්‍ර මහත්මාගෙ නිවසෙ. මගේ වචනවලින් කියනවනම් උදේනි සර් සහ අශෝකා මැඩම්
සෙවණෙ.. රාජ්‍ය සේවයේ මුලකුරු කියවද්දි මට හමුවුණු උත්තම මිනිසුන් දෙපළක්... එකම
එක පොතක්වත් පළ කරල නැති වුණත් ලේඛිකාවක්ය කියල මාව හැමෝටම අඳුන්වල දුන්නු උදේනි
සර් හැමදාමත් ලියන කියන දේවලට මාව දිරිගන්වපු සුවිශේෂ පුද්ගලයෙක්...
හදවතින්ම ස්තුතියි.. උදේනි සර්ට, අශෝකා මැඩම්ට,
සුමනා අම්මාට... මේ ආදරවන්ත දවස වෙනුවෙන්.
අද ලැබුණු තෑගි...
2014 ජූලි මස 10 වන දින....
මම දැක්ක කුමාර ලියනගේ සහෘදයා මේ ගැන සදහන් කරල මුහුණු පොතේ ස්ටේටස් එකක් දාල තියනව..
ReplyDeleteකුරුණෑගල ළග හින්ද යන්නංම කියල හිටියට මමත් දන්නෙම නැතිව අමතක වෙලා... ඊයෙ නේද තිබ්බෙ...
අපරාදෙ කියල හිතෙනව... මොකද මම හෙන ආසාවෙන් හිටියෙ පොතක් එළි දක්වන උස්සවේකට යන්න...
මවුස් චිත්‍රපටයට සිංදු ලීවෙ මෙයා කීව...
ඒක දැනට මගෙ ළග තියනව... සාමාණ්‍යයෙන් මං සිංහල චිත්‍රපටි බලනව අඩුයි...
බලමුකො....
හැබැයි තරු කුරුණෑගලට කිට්ටුයි කියල නං මං දැනන් උන්නෙ නෑ
හැක්
අපරාදෙ මිස් වුනේ.... ලස්සන සින්දු ටිකක් අහන්න තිබුණා...
Deleteමමත් කුරුණෑගල දිස්ත්‍රික්කෙ තමයි.. ඒත් කුරුණෑගල නගරයට නම් එවෙන්නෙ නැති තරම්...
බොහොම ස්තුතියි මේ ඔත්තුවට... සුනිල් දායානන්ද කෝණාර මහතාව නං හමුවෙලා තියනවා ගිරිඋල්ලෙදි... එත් සුගත්වනං හමුවෙලා නැ. ඉදිරියේ දී හමුුවෙයි..
ReplyDeleteනලින් අයියෙ සුගත්ගෙ පොත ගැනත්, ගීත ගැනත් ලියන්නකො.. සමකය වටේ අඩවියට...
Deleteගොඩක් පිං තරෑ මේ වටිනා සොඳුරැ මිනිසා ගැන අප දැනුවත් කළාට! ඔහුටත් ඔබටත් මගේ සුබ පැතුම්! ජයම වේවා!!
ReplyDeleteස්තුතියි තරු යන්නට බැරිවුණත් ඔබේ සටහනින් වින්දා ඒ රස, සිත්වුණා අසන්නට කියවන්නට මේ ගී
ReplyDeleteපොත ගන්න කියලා ඉතින් අරයට කියන්න ඕන.. ඊට පස්සේ බැරිය හෙමීට කියවන්න..
ReplyDeleteසොඳුරු දවසක්!!!
ReplyDeleteපොත ගන්න ඕන... තැන්කුයි..
ReplyDeleteසුගත් ඔබ මා එකම තැනක වසර තුන හතරක එකම නවාතැනක ජීවිතය මේ යැයි කියාදුන්නා කියා මට සිතේ. ඔබ වැනි මිතුරකු සදා අනුස්මරණීයයි.
ReplyDelete
ReplyDeleteඇත්තටම ජීවිතය සුන්දරයි කියල මට දැනෙන්නෙ කොහොමද? මුලිකවම සොඳුරු ආදරවන්ත මිනිසුන් ඇසුරේ දිවි ගෙවන්නට ලැබෙන මොහොතවල්... ආයෙම සොබාදහම සමග ගෙවෙන නිස්කලංක මොහොතවල්... ඒ වගේම සාහිත්‍ය කලාව ඇසුරේ නෙත සිත දැහැන්ගත වන මොහොතවල්... ජීවිතේ සුන්දර ද මෙතරම් කියල මට දැනෙන්නෙ අන්න ඒ වගේ වෙලාවල්වලදි....
හ්ම්ම්ම් :) ඒක ඇත්ත..