පිටු

Saturday, March 14, 2015

ඇගෙත් උපන්දිනය...





මැදින් මහ එළඹෙද්දි අමතක වුණු සුවිශේෂ උපන්දිනයක් තිබුණා.

ඒ මගේ පුංචි දියණියගේ තුන්වෙනි උපන්දිනය. ඈ තමයි තරුරසී. මගේ සිතුවිලි වන්දනාවේ සයිබර් අවකාශගත නිම්නාදය...

ඇගේ උපත ජීවිතේ විශාල හිස්තැනක් පිරවූ බව අමතක කළ නොහැකියි. ඇය ජීවිතයට අයත් කර දුන් දේ බොහෝයි. මිල කළ නොහැකියි. 

වසර තුනක කාලයක දනි පනි ගාමින් තරුරසී ආ ගමන ගැන නිහතමානී සතුටක් තියෙනවා. මම තරුරසීට ආදරෙයි..

..........

මම මෙලොව එළිය දුටු දවසත් මැදින් මහේමයි... හැමදාමත් වගේ දැනෙනවා ජීවිතේ කොයිතරම් සොඳුරු ද, ආදරණීය ද කියල. සුවිශාල සෙනෙහස් ගඟුලක මැදි වෙලා ජීවත් වෙන්න තරම් මම වාසනාවන්තයි.

අම්මා, තාත්තා, නංගිල, මල්ලිල, මගේ සෝනු, චූටි මිමී, සසෙන් බබා ඇතුළු නෑදෑ සනුහරේත්, ගමේ බිම් අඟලක් ගාණෙත්, හිත මිතුරු හැමෝගෙමත්, ළක්‍රිවී පවුලේත් ආදරය මැද ජීවත් වෙන්න ලැබීම ගැන හිතද්දි මීට වඩා ස්වර්ගයක් තව තියෙනවද කියලත් මට හිතෙනවා.

උපන්දිනයට සුබ පැතුම් එක් කළ හැම දෙනාටම ස්තුතියි. ලැබුණු සුබපැතුම් දෙතුන් සියයක් අතර මේ සුබ පැතුම හැමදාමත් මතකයේ රැඳේවි. දේව දූතියකගෙන් ස්වර්ගීය හසුනක්..


‘‘ඔන්න... එකමත් එක දවසක්.. පුංචි දේව දූතයෙක්.. පාවෙලා.. පාවෙලා... පොළවට අවා.. එයාගෙ සුදු පාට තටු අතුරුදහන් වුණා.. පොළවෙදි, ආයෙ තටු ලැබෙන්න ආදරේ එකතු කරගන්න ඕනෙ..කියන දේව නියෝගය එයා පිළිගත්තා.. මිනිස්සුන්ගෙන් ආදරේ හොය හොය ගියා.. මිනිස්සුත් ආදරෙන් දුප්පත් නිසා, පාපයෙන් පිරිලා නිසා.. දේව දූතයාට දෙන්න එයාලා ළඟ ආදරේ ඇබින්දක්වත් තිබුණෙ නෑ..

ඉන්පස්සෙ මේ දේවදූතයා හිතුවා... තමන් ආදරේ ගන්න කලින් මිනිස්සුන්ට ආදරේ දෙන්න... දේව කරුණාවෙන්, එයා සදාකාලෙන් කාලයක් පුරාම, ස්වර්ගීය තේජස බිමට වගුරපු තැන් වලින් හටගත්ත මල්වල ආදරය ගැන ලිව්වා... ඒ විතරක් නෙවෙයි.. දේදුන්නෙ පාටකින් පාටක් වෙන් වෙන තැන් වලත්..

සදාකාලය කොයි තරම් දිගද කියලා නොදන්න කාටවත්, සදාකාලයෙන් කාල මැන ගන්නත් බැරි නිසා, එයාට තව කොයි තරම් කාලයක් ආදරය උගන්වන්න වෙයිද කියලා අපි කවුරුවත්ම දන්නෙ නෑ. ඒ කොහොම වුණත්.. දැන් එයා වැඩ පටන් අරන්.. අවුරුදු තිහක් නම් පහු වෙලා කියලා දෙවියන්වහන්සෙ ඊයෙ රෑ හීනෙන් මට කිව්වා..

කොහොම වුණත් එයාගෙ වැඩ බලන එක තමයි මගෙ දේව කාරිය. එයා ආදරේ බෙදන හැටි සමානද බලන එක. ඒත් මේ දවස් වල එයා වැඩිපුර කාටදෝ ආදරේ බෙදන බව ආරංචියක් තියෙනවා.. ඒ ගැන දේව සභාවම කතා වෙනවා.. ඒත් දේවදූතයන්ට ආදරේ වැඩියෙන් බෙදනවාට දඬුවමක් නෑනෙ.. තව තවත් බෙදන්නම කියනවා මිසක.. ඉතින් මේ දේවදූතයාට තව අවුරුද්දක් දේවකාරිය කරන්න වෙනවා.. දෙවියන්ගෙ දේවකාරිය ගෙවෙන මායිම් තමයි, මනුස්ස ලෝකෙ උපන් දින කියන්නෙ.

දේව දූතයන්ට උපන්දින නැහැ. එයාල සදාකාලය පුරාම ඉන්නවානෙ. ඒත් මනුස්ස වෙස් ගත්තාම.. මිනිස්සු විදිහට හැසිරෙන්න වෙනවා. අත්තටුත් නැතිවුණ එකේ... කෝම නමුත්!!! ඒ නිසයි සුබ උපන්දිනයක් කියලා කියන්න වෙන්නෙ...''


17 comments:

  1. සුභම සුභ උපන්දිනයක් වේවා.................. ජයවේවා

    ReplyDelete
  2. තරූරසීටත් අවුරුදු 3 යි එහෙනං. සුභ පැතුම්...

    ReplyDelete
  3. සුබ ජන්ම දින සංවත්සරයක් වේවා

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් තරූටත් තරුරසීටත් - මේ පැතුම තවත් මැදින් මාසයේ උපන් කෙනෙක් ගෙන්.

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් ෙව්වා තරු රසී නුඹට

    ReplyDelete
  6. ආදරේ බෙදන්න පටන් අරන් අවුරුදු තිහක් පහුවෙලා කියන්නේ ?:)
    හ්ම්,ආයෙමත් පාරක් සුබ උපන් දිනයක් තරු අක්කටත් තරු රසිටත්.තව තවත් සදාකාලෙට වෙනකම්ම ආදරේ බෙදන්න තරු අක්කාට පුළුවන් වේවා!!!!

    ReplyDelete
  7. තරූ නම් වූ හිත හොඳ මිතුරියටත් 'තරුරසී' නම් අගනා සිතුවිලි ගෙත්තමටත් වාසනාවන්ත උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  8. සුබ උපන්දිනයක් වේවා තරු අක්කා.....

    ReplyDelete
  9. සුභ උපන්දිනයක් තරු අක්කා.

    තමන්ටම කියල බ්ලොග් අඩවියක් තියන එකේ ලොකු හිත නිවන ගතියක් තියනව තමයි. හොඳම දේ තමයි කාගෙවත් බාධා කිරීමක් නැතුව තමන්ට කියන්න තිය දේ මුල ඉඳන් අගටම කියන්න පුළුවන් වීම.

    ReplyDelete
  10. සුභ පැතුම්...!!

    ReplyDelete
  11. අක්කගේ උපන්දිනේට නම් සුබ පැතුවනේ, බ්ලොග් උපන්දිනේටත් එහෙනම් ඔන්න හදපිරි සුබ පැතුම්..

    ReplyDelete
  12. සුබ උපන්දිනයක් වේවා .....

    ReplyDelete
  13. කතා දෙකක්.. ලස්සන එකමුතුවක්... මැදින් මාසය මටත් විශේෂයි.. ඒ හා හා පුරා කියල අප්පච්චියෙක් උනේ මැදින් මාසේ නිසා.. (දුවල දුවලා ගිහින් කලබලෙන් එහි 9 වන සැමරුමටත් ඉඳල ආවා..) තරූරසීටත් ඇය නිසා හඳුනා ගත් තරූ නම් මිතුරියටත් සුභම සුභ උපන් දිනයක් වේවා..

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් වේවා! තරු.

    ReplyDelete
  15. හදවතින්ම ස්තුතියි හැමදෙනාටම... ඔබේ සෙනෙහස නිසා මටත්, තරුරසීටත් කවදාවත් තනිකමක් දැනෙන එකක් නැහැ...

    ReplyDelete
  16. සුබ උපන්දිනයක් තරු

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...