අතීතෙන් හමනා ඉඟුරු තේ සුවඳක්
වියළි පරඬලා පත් අතරින් එබී
සීනු මල් යාය මඳහස නඟයි
කජු මල් පොකුරු මැද
නාඹර කජු ගැටව්
වසන්තයෙ පෙරමඟට අත වනයි....
වතුසුද්ද සුදු සේල
දිග හරින හිමිදිරිය
හුරුපුරුදු කුරුළු ගී
රැව් නැඟෙයි.....
ගේ අවට ළඳු කැලේ
කර උස්ස උස්සා
කවුරු හෝ එන්නේද
මඟ බලයි....
සීත මීදුම මැදින්
පිණි කැටිති ඇද හැලෙයි
සිතුවිලිත් මිදේවිද
මට සැකයි...
ලොකූ එන්න තේ බොන්න
කියනා හඬක්
සිහිනෙකින් මෙන්
හද පිරිමදියි....
ඉඟුරු දාපු තේ එකක දැන් බොන්න තිබුනා නම් කියලා හිතුනා.. අපූරු පද පේලි ටිකක්..
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි..
ReplyDeleteගලායයි ඒ මියුරු කටහඬ..
ලයාන්විතව සවන්පත'තර..
බර කරමින්ම දැන දැනම
අතීතයෙං එන සිතුවිලි වලින් හිත... :(
මං බැලුවා ඉගුරු තේ කෝ කියලා...බැලින්නම් නිකං තේනෙ....
ReplyDeleteලස්සනයි නිසදැස....
ඒ කටහඬින් කතාකරලා වතුර ඩින්ගක් දුන්නත් මොකෝ.....
ReplyDeleteඉඟුරු වලට වඩා සැරයි මතක සුවඳ
ReplyDeleteසති අන්තේ තරු අක්කා ගමේ ගිහිල්ලා
ReplyDeleteමතක සුවඳ අතරේ තනි වෙලා
මෙන්න මේකත් මම ආසම විදියේ සුවඳැති මැජික් කවියක්!
ReplyDeleteඒක නං ෆට්ට...
ReplyDeleteහරි අපූරු සුවදක් නැහැයට දැනෙනව දැනෙනව වගේ අපූරු කවි පොඩ්ඩක්
ජයවේවා
හ්ම්ම්, ගෙදර හිටියනම් අපිටත් අදටත් ඔහොම අඩගහනවනේ ඉතින්..
ReplyDeleteහරිම ලස්සනයි :)
ReplyDelete