දැන් ඉතින්
දැන් ඉතින් ඔක්කෝම හරි
ඔබ හිතනවත් ඇති
ගඟ දිය නිසංසලේ
සයුරු මඟ ගත්තාට
ගඟ පත්ල කැකෑරෙන දිය සුළි
නැතැයි සිතනුයේ කොහොම
වියෝ වේදනාවෙන්
සසැලෙන
ගං දෑලවර තුරුලිය
මුදාහළ පැතුම් පෙති
ගඟ දියට කොතරම් බරද
සිතන්නටවත් හැකිද
නිසංසලේ සයුරු මඟ ගත්තාට
පියෙද්රා ගඟ සේම
රොන් මඩ සමඟ කැලතුණු
අපමණක් පැතුම් පොදි
ගං පත්ළ සැඟව ඇති
දැන් ඉතින් ඔක්කෝම
හරි කියා ඔබ සිතුවාට
( දිනමිණ 2015.03.17 වසත් සුළඟ කවි පිටුව)
ලස්සනයි
ReplyDeleteඅපි එහෙම හිතන හුඟක් දේවල් එහෙම නෙමෙයි කියලා දැනෙන්නේ ටිකක් දවස් ගියාමයි..
ReplyDeleteදැන් ඉතින් ඔක්කෝම හරි
ReplyDeleteඔබ හිතනවත් ඇති.......
මේකට නම් ඇඩෙනවා...
පිස්සු පීකුදු කීවලු
ReplyDeleteපට්ටයි අක්කෝ
ජයෙන් ජයම වේවා
තරූ අක්ක ගැන අහල තිබුනට කියවන්න ලැබිල නැද්ද කොහෙද...
ReplyDeleteනියමයි..ජයෙන් ජයම වේවා!!
ඔන්න මං රෝලට දාගත්තා...
කවි පෙළ ලස්සනයි තරු...
ReplyDeleteසහන් දකින්න ලැබීමත් සතුටක්!
Deleteඒකනේ සහන්ව දැක්ක කල්.. දැන් ලියන්නෙත් නැහැ නේද? සතුටුයි මේ පැත්තෙ ආවට..
Deleteමන් මේ පෝස්ට් එකක් ලියන ගමන් තමයි අනික් බ්ලොග් ටික(ඒකෙනුත් බැලුවේ කවි බ්ලොග් විතරයි.. ) බැලුවේ මනෝජ් සහ තරු ... මනෝජ්ට මතක ඇති මන් දෙයක් කියනවද නොකියනවද කියලා හිත හිත හිටියා ඉස්සර ඉඳන්... ( drakiyagen අහන්න...එයාට කිව්වා විස්තරේ ... ) ඒ පෝස්ට් එකෙන් හම්බෙමු....
Deleteදැන් ඉතින් ඔක්කෝම හරි කියා සිතුවාට
ReplyDeleteමුකුත් හරි ගිහින් නැහැ ආයෙමත් හැරිලා බැලුවාම
ඒ වුණත් ආයෙමත් හැරෙන්න බැහැ ආපස්සට
දැන් ඉතින් හරි කියා ඉදිරියටම යනු මිසක.