පිටු

Monday, March 23, 2015

අතීතෙන් හමනා ඉඟුරු තේ සුවඳක්




වියළි පරඬලා පත් අතරින් එබී
සීනු මල් යාය මඳහස නඟයි
කජු මල් පොකුරු මැද
නාඹර කජු ගැටව්
වසන්තයෙ පෙරමඟට අත වනයි.... 


වතුසුද්ද සුදු සේල
දිග හරින හිමිදිරිය
හුරුපුරුදු කුරුළු ගී
රැව් නැඟෙයි.....


ගේ අවට ළඳු කැලේ
කර උස්ස උස්සා
කවුරු හෝ එන්නේද
මඟ බලයි....


සීත මීදුම මැදින්
පිණි කැටිති ඇද හැලෙයි
සිතුවිලිත් මිදේවිද
මට සැකයි...


ලොකූ එන්න තේ බොන්න
කියනා හඬක්
සිහිනෙකින් මෙන්
හද පිරිමදියි....




 

10 comments:

  1. ඉඟුරු දාපු තේ එකක දැන් බොන්න තිබුනා නම් කියලා හිතුනා.. අපූරු පද පේලි ටිකක්..

    ReplyDelete
  2. අතීතය සිහිනයක් පමණයි..
    ගලායයි ඒ මියුරු කටහඬ..
    ලයාන්විතව සවන්පත'තර..
    බර කරමින්ම දැන දැනම
    අතීතයෙං එන සිතුවිලි වලින් හිත... :(

    ReplyDelete
  3. මං බැලුවා ඉගුරු තේ කෝ කියලා...බැලින්නම් නිකං තේනෙ....

    ලස්සනයි නිසදැස....

    ReplyDelete
  4. ඒ කටහඬින් කතාකරලා වතුර ඩින්ගක් දුන්නත් මොකෝ.....

    ReplyDelete
  5. ඉඟුරු වලට වඩා සැරයි මතක සුවඳ

    ReplyDelete
  6. සති අන්තේ තරු අක්කා ගමේ ගිහිල්ලා
    මතක සුවඳ අතරේ තනි වෙලා

    ReplyDelete
  7. මෙන්න මේකත් මම ආසම විදියේ සුවඳැති මැජික් කවියක්!

    ReplyDelete
  8. ඒක නං ෆට්ට...
    හරි අපූරු සුවදක් නැහැයට දැනෙනව දැනෙනව වගේ අපූරු කවි පොඩ්ඩක්
    ජයවේවා

    ReplyDelete
  9. හ්ම්ම්, ගෙදර හිටියනම් අපිටත් අදටත් ඔහොම අඩගහනවනේ ඉතින්..

    ReplyDelete
  10. හරිම ලස්සනයි :)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...