පෙම්වත,
විශ්වීය ඔබේ පෙම
ස්වර්ගයේ දොරගුළු හැර
නික්ම ආ
දිව්‍යමය පවන් රැල්ලකි....
ස්වර්ගයේ දොරගුළු හැර
නික්ම ආ
දිව්‍යමය පවන් රැල්ලකි....
විළිබරව
හකුළුවාලන
හරි
හතරැස් හද කුටීරයක
රාමු
ගත කළ
තෘෂ්ණාභරිත
මා ස්නේහය ...
තරු
කැටයකට වැලි කැටයකට
මුදු
හුළඟකට.. මහ වැස්සකට
ළෙංගතු පාන හද...
කඳුළට..
සුසුමට
දහදිය
බිඳුවකට
පවා
මෙත් පිරි
හදින්
ගව්සිය
දුර ගෙවා
ගම්දනව්
සැරිසරන.....
මම
ය, මාගේ ය
කිසිත්
නැත.. මම ත් නැත
වෑරුණු
සිරුර දරනා
මහා
කරුණා උල්පත.......
දේදුනු
වර්ණ හද මඬල
පැහැසර
පාට
වියැකුණු කමිසය ද
දුලවන.....
ගෙවී
ගිය රබර මිරිවැඩි
පැළඳි
පා යුග අස
දේවදූතයන්
පවා
දණ
නමන.....
පෙම්වත,
ආදරය
කිමැයි පහදන
තෘෂ්ණාවේ
යදම්
සිඳ
බිඳ ලන
පූජනීය
ම දෙවොල කි
ඔබේ
පෙම....
( ප්‍රේම ගීතාවලිය 04 )
පුංචිම දේට පෙම් කරන මහා සෙනේහය..
ReplyDeleteඇත්තටම කොච්චරනම් සුන්දරද අපූරුද?
“I will wait for you till the day I can forget you or till the day you realize you cannot forget me”
ReplyDeleteඇයි දන්නේ නෑ මට මේක මතක් වුනේ? :)
පෙම්වතිය,
ReplyDeleteදෙවොලක් නොවේ මගේ
පෙම ඔබ පිදුම් දුන්නද නිබඳ
මලක්මයි එය ගෙන එන සුවඳ
කිසිම දිනයක නොම පරව යන.
අනේ මන්දා ඉතින් මොනවා කියන්නද කියලා.. ලස්සනයි අක්කෝ..
ReplyDeleteහරිම ලස්සන පද පේලි ටිකක්.
ReplyDeleteතෘෂ්ණාව වඩන තෘෂ්ණාව මඩන ප්‍රේමය .අපුරුයි !
ReplyDelete