පෙම්වත.....
නිශ්ශංකමල්ල ය ඔබ
විපිලිසර කරවා
සිලිටි සිත්
සෙල් ලිපි තබා තැන තැන
මහත් ගර්වයෙන්
නික්ම යන....
නිශ්ශංක ලතා මණ්ඩප මැද
සීතල කළු ගලක
විඩා නිවනා
මේ කඳුළු බිඳ
ඔබ ඉතින් නොහඳුනනු ඇත......
පෙම්වත...
සුභාෂිත කවි අපමණ
දනිමි මම
කව්සිළුමිණෙන් කවියක්
රැගෙන එනු මැන....
ලතා මණ්ඩප
ගල් කුළුණු වුව
සසැලෙනු නියත ය
දෑසින් දෑස වෙලී පැටළුණු දා
දෙහිතක සුසුම් උණුහුම මැද.......
( ප්‍රේම ගීතාවලිය 03 )
සීතල කළු ගලක
විඩා නිවනා
මේ කඳුළු බිඳ
ඔබ ඉතින් නොහඳුනනු ඇත......
පෙම්වත...
සුභාෂිත කවි අපමණ
දනිමි මම
කව්සිළුමිණෙන් කවියක්
රැගෙන එනු මැන....
ලතා මණ්ඩප
ගල් කුළුණු වුව
සසැලෙනු නියත ය
දෑසින් දෑස වෙලී පැටළුණු දා
දෙහිතක සුසුම් උණුහුම මැද.......
( ප්‍රේම ගීතාවලිය 03 )
කඳුළු හීතල වැඩිද මංදා
ReplyDeleteඋණුහුමත් උණුහුමම හොයනා
ශෛලමය නිශාවකට...
විඳින්නම බැරි ප්‍රේමයේ
නොසළකා හැරීමය
හීන හිත පතුලටම ආ කල...
හරිම සුන්දරයි........
ReplyDeleteඔබේ ආදරේ...
ReplyDeleteදෙවන පෑතිස් රජ දවසේ...
ශිලා ලිපියක් වාගේ....
නියමයි :).
ReplyDeleteජය වේවා!!!
පෙම්වතිය,
ReplyDeleteනිශ්ශංකමල්ල නොවේ මා
ඔබට අමතක වුවද
මා වෙමි සාලිය කුමරුන්
හැර දමා රජ සැප
ප්‍රේමයේ සුව සොයා
ඔබ වෙතට පැමිණි මා
නොහඳුනන්නේ කෙසේද
කඳුළු බිඳක ඇති සීතල
ඉඳින් පෙම්වතිය,
හදවතේ ගැබුරුම තැන
ඔබ ගැන නිධාන කොට
ලියා ඇති විට ප්‍රේම කාව්‍යක්
කවි සිළුමිණෙන් කවි
කුමකටද තවත්...
එදවස එකෙකි
ReplyDeleteඅද දවස බොහෝමෙකි
නිශ්ශංකමල්ලලා
අනාථ පෙම්වතියන් ගැන
තැන තැන වීරත්වයේ සෙල්ලිපි තබන
ඔය නිස්සංක මල්ලියා නේද අනුන් කරවපු එව්ව වලත් නම ගහගත්තේ?
ReplyDelete