ඇනා 18 හැවිරිදි තරුණියක්.. කන්‍යාරාමයක
අනාථ දැරියක් විදියට හැදුණ වැඩුණ
ඇය කන්‍යා සොයුරියක් වීමට සූදානමින් සිටිනවා. පැවිදි ජීවිතයට මුළුමනින්ම කැපවන
අවසන් පොරොන්දු දීමට පෙර ජීවතුන් අතර සිටින තම එකම ඥාතිවරිය හමුවීමේ අවස්ථාව ඇනාට
හිමිවෙනවා. ඒ නැන්දණිය කිසි දිනක ඇනා බලන්නට නොපැමිණි බවත්, ඇය භාර ගන්නට
කැමැත්තක් පළ නොකළ බවත් කන්‍යාරාමයේ මව්තුමිය පවසනවා...
ඇය එලෙස ඇනා ව
ප්‍රතික්ෂේප කළේ ඇයි?
ඇනා සහ
නැන්දණිය වන්ඩා හමුවීම ඒ හරහා හෙළිවන
ඔවුන්ගේ ඛේදනීය අතීතයත් එක්ක ඒ අත්හැරීමට හේතු බැඳිල තියෙනවා..
ඇනා යුදෙව් ජාතික
බවත්, ඇගේ
දෙමව්පියන් දෙවන ලෝක යුද සමයේ ජර්මන් ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස මරා දමා ඇති බවත්,
ඇනාගේ සත්‍ය නම අයිඩා
බවත් ඇය දැනගන්නවා. දුෂ්කර ව්‍යායාමයකින් පසු තම දෙමව්පියන් මරා දැමූ ආකාරයත්,
ඔවුන් වළ දැමූ තැනත්
සොයා ගන්නට ඔවුන්ට හැකි වෙනවා... වඩාත් දුක්බරම ඛේදවාචකය වෙන්නෙ ඔවුන්
ජීවිතාරක්ෂාව පතා රැඳී සිටි පවුල ජර්මන් හමුදාවට ඇති බියෙන් තම ජීවිතාරක්ෂාව
වෙනුවෙන් මේ මරණ සිදු කර තිබීමයි. ළදැරියකව සිටි අයිඩා ක්‍රිස්තියානි පෙනුමක් සහිත
වීම නිසා ඇයව නොමරා කන්‍යාරාමයකට භාර දෙන්නත් කටයුතු කර ඇත්තේ ඔවුන්මයි.... ඒ වන
විට අයිඩාගේ මව්පියන් සමඟ සිටි වන්ඩාගේ පුතුත් මරා දමා තිබෙනවා.
මරා දැමුවන්ගේ
හිස් කබල් ඇටකටු රැස් කරගන්නා ඇනා සහ නැන්දණිය ඒවා රැගෙන විත් තම පවුලේ
සුසානභුමියේ මිහිදන් කරනවා.
සියල්ල
අත්හැරුණු ලෝකයක වේදනාවත්, පීඩනයත්
දරාගන්නට නොහැකි තැන වන්ඩා සියදිවි හානිකර ගන්නවා. අවමංගල්‍යයට සහභාගි වන ඇනා තුළ
වන මානසික පීඩනය, වේදනාව ඇය
නැන්දණිය මෙන් මධු විත, රාත්‍රී සමාජ
ශාලා, ආලිංගන වෙත
යොමු වීමෙන් පැහැදිලියි..
සැක්සෆෝන්
වාදකයකු සමඟ පෙම්වත් රාත්‍රියකින් පසුව ඇයට විවාහයට ඇරයුම් ලැබෙනවා.
‘‘මුහුද අද්දර
නිවසක්... විවාහය... දරුවන්....‘‘ ඔහු පොරොන්දු දෙනවා.
‘‘ඉතින් ඊට
පස්සෙ,..‘‘ ඇය
විමසනවා....
පසුවදා උදෑසන
නැවතත් පැවිදි ඇඳුමින් ඇය කන්‍යාරාමය වෙත යන දසුන අප වෙත ඉතිරි කරමින් චිත්‍රපටය
නිමවෙනවා.
චිත්‍රපටය - IDA
අධ්‍යක්ෂණය - Paweł
Pawlikowski
යුද්ධය, ප්‍රචණ්ඩත්වය
තුළින් උපදින වේදනාව මනුෂ්‍ය ජීවිත සදාතනිකව පෙළන අයුරු හදවතට දැනෙන සිනමා
සිත්තමක්...
සිනමා පටය ඇරඹෙන්නෙ කන්‍යා සොයුරියන් විසින් ජේසුතුමන්ගේ පිළිමයක් පින්තාරු කරන රූප රාමුවකින්.. පසුව ඔවුන් එම පිළිමය ඔසවා රැගෙන විත් ප්‍රතිමා මණ්පයේ සිටුවනවා. එය හිමෙන් වැසුණු සුදුමැලි පරිසරයක්... අනතුරුව කන්‍යා සොයුරියන් නිහඬව යාච්ඤා කරනවා. මළවුන්ගේ ලෝකයක් බඳු සුදුමැලි පසුබිමක තමන් පින්තාරු කර, ඔසවා රැගෙන ආ ප්‍රතිමාව අබියසම අයදින එම පැවිදි රූ ප්‍රබල සංකේතාත්මක අගයක් එකතු කරන බවයි මගේ හැඟීම....
චිත්‍රපටය පුරාම ඇනා ඉතාමත් භක්තිමක් ක්‍රිස්තියානි පැවිදි සොයුරියක් බවයි පෙනෙන්නෙ. ඇය යුදෙව් බව හෙළිවෙන්නෙ පසුව. ඇගේ යුදෙව් දෙමව්පියන් ඝාතනය වුණේ අධිපතිවාදී ක්‍රිස්තියානි ලෝකයෙන් බව හෙළි වූ පසුව ඇගේ විශ්වාසය ඉරිතැලී ඇති බව හෙළිදරව් වෙන්නෙ අතිශය සියුම් විදියට...
නැන්දණිය සමඟ ගෙවන ජීවිතයේදී ඇය හඳුනගන්නා ලෞකිකත්වය නිරූපණය වෙන එක් අයෙක් සැක්සපෝන් වාදකයා.. ඇය ඔහු හා බැඳුණත් මුළුමනින්ම ඔහුගේ අනුරාගයට හෝ ප්‍රේමයට නතු වූ බවක් දකින්නත් නැහැ. මී විත, රාග අනුරාග පිරි ආලිංගන.... ජීවිතය පරිපූර්ණ කරන බවට විශ්වාසයක් ඈ තුළ නොවන බවයි පෙනෙන්නෙ..
ජීවිතයේ අහිමිවීම් දරාගැනීමට නැන්දණිය තෝරා ගත් මාර්ගය වෙනුවට අයිඩා තෝරා ගන්නේ වෙනත් මාර්ගයක් විය හැකියි. එසේත් නැතිනම් කන්‍යා සොයුරියක් වීමට නැවත කන්‍යාරාමය වෙත යන අයිඩා තම ජීවිතයේ සමීපතමයන් උදුරා ගත් ක්‍රිස්තියානි අධිපතිවාදී සමාජයට අභියෝගයක් වීමට නිහඬවම අධිටන් කරගත්තා විය හැකියි...
සියල්ල මුල මැද අග ගළපා කියා පෑම වෙනුවට ප්‍රේක්ෂකයාට තම තම නැණ පමණින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසන චිත්‍රපටය බුද්ධිමය ශ්‍රම දායක සහෘද භාවයකට කරන ඇරයුම ප්‍රතික්ෂේප කළ නොහැකියි.
1962 වසරේ පෝලන්තය
ඇසුරු කරගත් සිනමා පටය දිගහැරෙන්නෙ කලු සුදු රූප රාමු එක්ක. යුද්ධයකින්, දරුණු මනුෂ්‍ය
සංහාරයකින් පසුව ඇති වන අඳුරු, දුක්බර
ස්වභාවය, ගල්ගැහුණු
වේදනාව ඒ රූප රාමු තුළ නොසන්සුන්ව කැරලි ගසන බවකුත් දැනෙනවා.
වසර ගණනාවක යුද්ධයෙන් පසුව අදටත් තම අතුරුදහන් දරුවන් සොයා හඬා වැටෙන අම්මාවරුන්, මව්පිය වැඩිහිටියන් අහිමිව අනාථ නිවාස සරණය ලබන දරුවන්, ස්වකීය සමීපතමයන් අහිමිව වේදනාවෙන් දැවෙන මිනිසුන්, උන්හිටි තැන් අහිමිව තැන් තැන්වල වැටී ජීවත් වන්නට අරගල කරන මිනිසුන් ............
හිත ළඟ නැවතී බලා හිඳිනු වැළැක්විය නොහැකියි..
කවර කලෙක, කවර රටක කවර හේතුවක් නිසා ඇති වුණත් යුද්ධ, කලකෝලහාල, අපරාධ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකියි. යුද්ධයකින් අල්පමාත්‍ර හෝ දිනුමක් ලැබුවත් ඒ ජයග්‍රහණයන් මිනිසුන් දවන වේදනාව, කඳුළු, සුසුම් අබියස අන්ත පරාජයන්ම විතරයි...
මේ බව තේරුම් ගන්නා මිනිසුන් කවදාවත් වාර්ගික, ජාතික, පක්ෂ, පාට භේදවලට උල්පන්දම් නොදෙනු නියතයි...
සුන්දර චිත්‍රපටයක් ගැන තොරතුරු ගෙනාවාට ස්තූතියි
ReplyDeleteඇත්තටම සුන්දර සංවේදී චිත්‍රපටයක්
DeletePlease visit my blog http://gabsayithiya.blogspot.com/2015/05/blog-post_10.html
ReplyDeleteස්තුතියි ඇරයුමට.. එන්නම්.
Deleteපශ්චාත් යුධකරණය ගැන මා දුටු,මට දැනුනු හොඳ චිත්‍රපටියක් තමයි තණ්හා,රති,රගා.උතුරේ යුද්දෙන් පස්සේ නන්දිකඩාල් වන්දනාවේ යන තරුණයින් පිරිසක් ඇහිදාගෙන එන පිස්තෝලයක් නිසා කොයි තරම් විනශයක් තමන්ගේ ජිවිත වලට කැන්දා ගන්නවාද ?
ReplyDeleteමේක නම් ලස්සන චිත්‍රපටියක් වගේ.තරු අක්කා කොහෙන්ද මෙව්වා හොයා ගන්නේ?
කිසිම යුද්දෙක ජයග්‍රහකයෙක් නැහැ.යුද්දේ කියන්නේ විනාශයක්.මේ අවුරුද්දේ ඉඳන්වත් මැයි 19 යුධ සැමරුම නවත්වනවා නම් බොහෝම වටිනවා.ඒ යුධ සැමරුම තුවාල පැරීමක්.
තණ්හා රතී රඟා බල්ල බැරි වුණානේ....
Deleteමම මේව හොයාගන්න තැන කෙටි පණිවිඩයකින්... මැයි 19 සැමරුම නවතිනවනම් මමත් කැමතියි මල්ලි...
http://sarungaleblog.blogspot.com/2015/05/blog-post_11.html
ReplyDeleteඅක්ක පොඩ්ඩක් ඕකත් කියවල බලන්ටකො
ෆිල්ම් එක හොයාගන්ට ඕන...
Deleteඅපූරුවට විගුහ කරල තයෙනව දැං 2යි ලිස්ට් එකේ හිහි
දිලිනිගෙ බ්ලොග් එක නේද? අපූරු ලිපියක්.. ස්තුතියි මල්ලි. හොයාගෙන බලන්න ඕන...
Deleteෆිල්ම් එකක බලනවා තියා අහලා තිබුනෙත් නෑ.. හොයාගෙන බලන්න ඕන.. තැන්කිවු අක්කේ..
ReplyDeleteබලන්න මල්ලි. ලස්සනයි. දුකයි.
Deleteදෙදහස් නවයේ මැයි මාසේ යුද්ධයේ අන්තිම දවස් වල.. මගේ බාරයේ තිබුණු පොඩුවකට්ටු ට්‍රාන්සිට් කෑම්ප් එකට බෝට්ටු වලින් පැනලා එද්දි අල්ලගෙන ආපු උන් අතර ආච්චිත් එක්ක ඇවිත් හිටපු පොඩි කෙල්ලක් හා කොල්ලෙක් හිටියා. ඒ දවස් වල කොල්ලට අවුරුදු නවයක් හෝ දහයක් පමණ හා කෙලි පොඩ්ඩිට අවුරුදු හත අටක් වගේ වෙන්න ඇති. ආච්චීත් හොඳටම වැහැරිලා.. සිංහලෙන් තියා දන්න දෙමළෙං වත් මොකද වුනේ කියන්න බැරි තරමට බය භිරාන්ත වෙලා හිටියේ. ඒ නඩේ හිටපු වෙන වැඩිහිටියෙක් කියපු කරුණු වලට අනුව ආච්චි අම්මත් එක්ක ළමයි දෙන්නව බෝට්ටුවට නැග්ගුවට අම්මටයි තාත්තටයි ගොඩ වෙන්න ඉඩ තිබිලා නෑ. මනුස්සයා කියපු විදියටනම් ඒ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න විදියක් නෑ. මොකද ඒ බෝට්ටුව එනවත් එක්කම එතනට කඩා පැනපු ත්‍රස්ථවාදීන් පැනල යන්න හැදූ ඔක්කෝටම වෙඩි තියල මරල..... නේවි එකෙන් දීපු පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සොයි එක්ක බත් එක පොඩි උන් දෙන්නා සූස් සූස් ගගා කනකොට ආච්චී වචනයක්වත් කතා කරන්නැතුව අඬ අඬ ඒ දිහා බලන් ඉන්නව දැකපු මං ඇතුළු එතන හිටපු හැම එකාම අඩුම තරමින් රහසින් හරි ඇඬුවා.. අඩි හයමාරක් උස දැවැන්ත ශරීරයක් තිබ්බ ජූඩෝ ශූරයෙක් වෙච්චි මගේ දෙවනියා නම් හැමෝටම පේන්න ඉකි ගහ ගහ ඇඬුවා. මිනිහ එදා මගෙන් අහල මහා ජීවිත අවදානමකුත් අරන් කුච්චවේලි කඩමංඩියට බයික් එකේ ගිහින් ඇවිත් පොඩි උන් දෙන්නට අඳින්න දෙන්න සූට් දෙකක් අරන් ඇවිත් තිබුන.. දැන් මේක වෙලා අවුරුදු 6ක්.. දැන් ඒ පොඩි එකීට අවුරුදු දහතුනක් දාහතරක් වෙනව ඇති. අම්ම කෙනෙක්ගේ රැකවරණයක් ඕනිම කාලේ.. පොඩුවකට්ටු වලින් බස් එහෙක පටවල පුල්මුඩේ කෑම්ප් එකට යැව්වයින් පස්සේ මොනව උනාද දන්නේ නෑ.. පශ්චාත් යුධ සාහිත්‍යය.. මටනම් අයිඩ ලා කියන්නේ හැබෑම ජීවිත් අත්දැකීම්.
ReplyDeleteකොමෙන්ටෙකක් නෙවෙයි හිතේ අමාරුවට කියූ කතාවක්. දිග වැඩිවීම ගැන සමාව.
දෙමළ අයිඩා කෙනෙක්. ඔය වැනි අය දස දහස් ගණනක් ලංකාවේ ඉන්නවා ඇති. ඔබ වැනි අයගෙන් දැනගන්නවා මිස බහුතරය ඕවා දන්නෙවත් නැහැ. තරුරසීගේ මේ ලිපියෙන් මට හිතුනේම ඇයි අනන්තවත් වස්තු බීජ තිබුනත් ලංකාවේ සමාජය තුළ මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ කියලා.
Deleteකඳුළු...
Deleteලංකාවෙ එවැනි නිර්මාණ බිහිවෙලා තියෙන හරිම අතළොස්සක්. බහුතරය මුදලයි, ජනප්‍රියත්වයයි, ජාතිවාදය වගේ පටු ආකල්පයි වෙනුවෙන්නෙ චිත්‍රපට හදන්නෙ.. මෙවැනි සංවේදී කාරණා මගහැරෙන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නේ..
මේ ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනෙ. හොඳට දැනෙන්න විස්තර කරල තියෙනව.
ReplyDelete//මිනිසුන් කවදාවත් වාර්ගික, ජාතික, පක්ෂ, පාට භේදවලට උල්පන්දම් නොදෙනු නියතයි...//
අපේ රටේ නම් කවදාවත් ඔය භේද නැති වෙන එකක් නෑ.
‘‘අපේ රටේ නම් කවදාවත් ඔය භේද නැති වෙන එකක් නෑ.‘‘ කණගාටුවෙන් වුණත් මේ ඇත්ත පිළීගන්න වෙනවා....
Deleteඅනේ හැම මනුස්සයෙක්ම නැතත් ටික දෙනෙක් හරි වෙනස් වෙනවනම් ඒකත් ලොකු දෙයක්නෙ.
දැන්ම ඩවුන්ලෝඩ් කරනවා
ReplyDeleteමාර සතුටුයි...
Deleteකලාහිත ඔස්සෙන් අදයි මුලින්ම මේ පැත්තට ආවෙ. කවි කතා චිත්‍රපට ගැන බොහොම සුන්දර හදුන්වාදීම් තියෙන බව පෙනුනට ඔක්කොම කියවන්න වෙලාවක් ලැබුනෙ නෑ.
ReplyDeleteඉඩක් ලැබුන ගමන් මේ චිත්‍රපටය බලන්න ඕනි.
සාදරයෙන් පිළිගන්නවා සඳ වියමන........ තරු අහසට.....
Deleteචිත්‍රපටය ලස්සනයි.. බලන්න..
ෆිල්ම් එක ගැන කියල තියෙන විදිහෙන්ම ඒක කොයි තරම සංවේදීද කියලා හිතා ගන්න පුළුවන්. ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕන. ස්තූතියි තරූ අක්කා.
ReplyDeleteඉතාමත් හොඳ විචාරයක් චිත්‍රපටිය ගැන. සානුකම්පිත ලෙස ඒ දිහා බලන්නට පොල්ම්බවනවා විතරක් නෙමේ යුද්දයේ හා ජාති වාදයේ කුරිරු බවත් පෙන්වනවා.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16988-ida
ReplyDeleteඅපුරු සටහනක්. අධ්‍යක්ෂවරයා පුදුම දක්ෂයෙක්. ඔහු නව සංකල්ප ගේනවා. ඉතා සියුම් ලෙස මේ කතාව බලන්න ඕන. සටහන අපූරුයි. ඔහුගෙම Cold war එකත් නරඹන්න. බැලුවේ නැත්නම්
ReplyDelete