පිටු

Wednesday, September 30, 2015

නාඳුනන ගැහැනියකගේ දේශපාලන අරගලය


‘‘අනේ මම තිලිනාගේ පොත් හොය හොයා උන්නෙ.‘‘

මවක සමඟ සම කුටියකට ගොඩ වැදුණු නව යෞවනය ඉක්මවා තාරුණ්‍යයට පිවිස උන් දියණියක උණුසුම් සිනාවකින් පැවසුවාය. තිලිනා සොයුරියගේ නාඳුනන ගැහැණිය, සමනළ මරණය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය කෘති දෑසින් මෙන් ම දෑතින්ද ස්පර්ශ කරමිනි.

‘‘මෙයා හොයන්නෙම ඔය වගේ පොත්..‘‘ ඒ අම්මා මා සමඟ පැවසූයේ මඳහසක් නඟමිනි.

‘‘මෙයා ගෙ ඉන්ටවීව් එකක් රාවයෙ ගියානෙ. ඒක කියෙව්වම මේ පොත් ටික හොයා ගන්නම හිතුණා.‘‘ ඒ ප්‍රසන්න තරුණිය ප්‍රිය ප්‍රසන්න සිනහවක් සහිතව පැවසූයේ පොතින් නෙත් ඉවත නොගෙනම ය.

එවදන් මා කොතරම් සාඩම්බරීය ප්‍රීතියකට ඇද දැමුවාදැයි ඇය නොදකින්නට ඇත.

‘‘ඒ ඉන්ටවීව් එක කළේ මම නෙ...‘‘ සාඩම්බරය සිත යට සඟවා මම නිහතමානීව පැවසුවෙමි.

‘‘හානේ, ඇත්තද?‘‘ ඇය විස්මපත් වූවා  ය.

ඉතින් දැන් ඈ මගේ මූණුපොත් මිතුරියකි.

...............

‘‘කොහෙන්ද අනේ ඔයාල තිලිනගෙ පොත් හොයා ගත්තෙ. කොහෙවත් ගන්න නෑනෙ.‘‘ එලෙස පැවසූයේ නදී වාසලමුදලිආරච්චි ය. ඇය ද සම කුටියෙන් තිලිනා ගේ පොත් මිල දී ගත්තා ය.

සැබවින්ම නිහතමානී සතුටක් දැනේ. මම තිලිනාට කතා කොට පොත් ටික බෝඩිමට ගෙන්වා ගත්තේ බලහත්කාරයෙන් මෙනි.

‘‘මගේ පොත් විකිණෙන්නෙ නැහැ නංගි. විකුණපු කාගෙන්වත් මට සල්ලි ලැබිලත් නැහැ. මට පොත් විකිණීම පස්සෙ දුවන්නත් බැහැ. විකිණීම කෙසේ වෙතත් පොත් ගැන සංවාදයක්වත් ගොඩනැගුණෙ ඔයාල මීගමුවෙ කළ කතා බහ හරහා විතරයි. ‘‘ ඇය සිටියේ දුර්මුඛව නමුත්, මගේ ඇවටිල්ලට පොත් ටිකක් බෝඩිමට ගෙනවිත් දුන්නාය.

වරින් වර සම කුටියෙහි තැබුණේ එසේ මගේ නවාතැන් කාමරයෙහි ලැගුම් ගත් තිලිනාගේ පොත් ය.

ඉතින් එයින් යම් පොත් ප්‍රමාණයක් සමාජගත කරන්නට හැකි වීම සතුටකි.  

.................


තිලිනා වීරසිංහ සමඟ මා කළ සංවාදය පුවත්පතකට උචිත ලෙස ඉතා ඉහළ සංස්කරණයකින් යුතුව  රාවයෙහි   ළ කෙරිණි. ඉක්බිති බූන්දියෙහි පළ වූයේ එහි සම්පූර්ණ සටහන ය.  

14 comments:

  1. පොත හොයාගෙන කියවන්නම්. තියෙන තැනක් මෙහි පළකරන්න.

    ReplyDelete
    Replies
    1. දැනට නම් ඉතිරි පොත් ටික මා ළඟ තියෙනවා. tharurasi@gmail.com පණිවිඩයක් එවන්න.

      Delete
  2. මමත් තිලිනා ගෙ පොත් කියවලා නැහැ. බූන්දියේ සටහන දැක්කම කියවන්න ආසා හිතුනා. හොයාගෙන කියවන්න ඕනෙ.

    ReplyDelete
  3. මේක ටිකක් කලින් වගේ දැම්මනම් මාත් අනිවා පොතක් ගන්නවා අක්කේ.. දැන් හොයා ගන්න තැනක් නැද්ද??

    ReplyDelete
  4. මේක ගට්ඨ්තනේ , එත් සසලි සසලි අත්සන් ගහන්න එයා හිටියේ නෑ

    ReplyDelete
  5. සංවාදය දැක්කාම ඔක්කොම පොත් ටික අරගෙන බලන්ට හිතුණා. කාට හරි කියලා ගෙන්නගන්ට ඕනි.

    ReplyDelete
  6. පොත් ලබා දීමට ක්‍රමවේදයක් සැකසිය හැකිය. අවශ්‍ය අය මට පණිවිඩයක් එවන්න. tharurasi@gmail.com මම ඔබට තිලිනා වීරසිංහ සම්බන්ධ කරදෙන්නම්.

    ReplyDelete
  7. මැණික් තියෙන්නෙම පොලොව යට.. :(
    ආයි ඊ මේල් මොකටද? නාඳුනන ගැහැනිය, පිටුවහල් කළ තරුණිය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය, මධු සමය අහිමි මංගල්‍යය, සමනල මරණය කියන පොත් ඔක්කොගෙන්ම එක පොත ගානේ මට ඕනි. පොත් ටිකේ මිලයි ගන්න එන්න ඕනි තැනයි මෙතනම කියන්න..

    ReplyDelete
    Replies
    1. ඉතිරි නාඳුනන ගැහැනිය, ආදරණීය දෙවියන් වහන්සේ, සමනල මරණය විතරයි.. මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්...

      Delete
  8. මට මතක විදියට මංඉල්ලපු පොත් අතරට වැටිල තිබ්බෙ නෑ.. සෝචනීයයි තරු අක්කා

    ReplyDelete
    Replies
    1. ඔයා කවි පොත්ම ඉල්ලුව නිසා මට මේ පොත් ගැන මතක් වුණේ නැහැ. හරිම ශෝචනීයයි නේන්නං... ඔයාට පොත් ටික එවන ක්‍රමයක් කියන්නකො..

      Delete
  9. මටත් ඕනෙ තරූ අක්කා. මං ෆේස්බුකියෙන් කතා කරන්නම් ඔයාට.

    එදා පිටුවහල් පිටු ගන්න හතහමාර වෙද්දි ආපහු එන්න හිටියට මාර සීන් එකක් උනානෙ 'බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානෙ' ස්ටෝල් එකට ගිය වෙලේ. එතනින් එලියට එද්දිම නමයට කිට්ටුයි. ඉතින් අපි එහෙමම ගෙදර ගියා.

    'සම පොත්' එකෙන් ගත්ත සේරම 'හොඳ පොත්'!

    ReplyDelete
  10. තරූ නෝනා..මටත් තියන පොත් ඔක්කොගෙන්ම පිටපත ගානෙ ඕන හොඳේ..

    ගරු කටයුතු රන්දිල් නෝනා මහත්මිය පොත් ලබා ගැනීම සහ මුදල් ගෙවීම පිළිබඳ කටයුතු කරාවි...:)

    ReplyDelete
  11. අක්කේ මටත් ඕනේ.මුලින්ම එකක් දෙන්ට,ඊට පස්සේ අනික්වා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...