දුප්පත් ම හිතක්...
සිරි සිරි වැස්ස යට
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...
ඉද්ද ගහ අද්දර
සුදු වළාකුල් බැම්ම
කිරි ඉද්ද හිනාවට
දැහැන්ගත වී මෙන..
සිලි සිලි නදින්
බෝ පත් මුමුණනා
ස්නේහයේ ඇමතුම
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...
සුවහස් හැඟුම් සිත්තම්
මඳදුරු නිසල අහසෙහි
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...
දුප්පත්ම හෝඩියකින්
උත්තරීතර වදනක
අකුරු ගළපන හදවතක්
අදත් පෙර ලෙසම
ගොළු විණ...
ලස්සනයි.
ReplyDeleteඅගෙයි තරූ..............
ReplyDeleteඅන්තිම කවිය කියවනකොට හීල්ලෙනවා...................
ReplyDeleteහරිම ලස්සන සං වේදී නිර්මාණයක් නංගී. ජය!
ReplyDeleteහරි ලස්සනයි තරුරසී අක්කේ
ReplyDeleteගොළුවන් උනත් කතාකරවන
ReplyDeleteමේ තරම් ලස්සන පරිසරයක
හදවත ගොළු කරගෙන
ඒ ඔබේ මුරණ්ඩු කමට නොවේද..
දුක හිතෙන කවියක්...
ReplyDeleteහැබැයි ලස්සනයි
හිතට දුකක් දැනුනත් කවිය නම් ලස්සනයි අක්කේ.
ReplyDeleteහැඟුම් උස් වූ මුත්
ReplyDeleteවචන දුප්පත් වූ කල..
Mmmmm
ReplyDelete