පිටු

Friday, January 29, 2016

දුප්පත් ම හිතක්...




සිරි සිරි වැස්ස යට
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...

ඉද්ද ගහ අද්දර
සුදු වළාකුල් බැම්ම
කිරි ඉද්ද හිනාවට
දැහැන්ගත වී මෙන..

සිලි සිලි නදින්
බෝ පත් මුමුණනා
ස්නේහයේ ඇමතුම
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...

සුවහස් හැඟුම් සිත්තම්
මඳදුරු නිසල අහසෙහි
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...

දුප්පත්ම හෝඩියකින්
උත්තරීතර වදනක
අකුරු ගළපන හදවතක්
අදත් පෙර ලෙසම
ගොළු විණ...



10 comments:

  1. අගෙයි තරූ..............

    ReplyDelete
  2. අන්තිම කවිය කියවනකොට හීල්ලෙනවා...................

    ReplyDelete
  3. හරිම ලස්සන සං වේදී නිර්මාණයක් නංගී. ජය!

    ReplyDelete
  4. හරි ලස්සනයි තරුරසී අක්කේ

    ReplyDelete
  5. ගොළුවන් උනත් කතාකරවන
    මේ තරම් ලස්සන පරිසරයක
    හදවත ගොළු කරගෙන
    ඒ ඔබේ මුරණ්ඩු කමට නොවේද..

    ReplyDelete
  6. දුක හිතෙන කවියක්...
    හැබැයි ලස්සනයි

    ReplyDelete
  7. හිතට දුකක් දැනුනත් කවිය නම් ලස්සනයි අක්කේ.

    ReplyDelete
  8. හැඟුම් උස් වූ මුත්
    වචන දුප්පත් වූ කල..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...