පිටු

Friday, October 27, 2017

උපන්දින තෑග්ගක් වෙන්න පුළුවන්ද?

තිස්ස සහ ඉසුරි ජපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා

මේ සටහන ලියන්නට සිතා සිටියේ බොහෝ කළිනි. නමුත් වැඩ රාජකාරි අතරතුර දිනෙන් දින පමාවිය. නමුත් අද, ඒ සඳහා සුදුසු ම දවස යැයි සිතමි.

අපේ බ්ලොග් ආදරණීයයන් වන කසුන්, සත්‍යා යුවළගේ විවාහ මංගල්‍යය අපට ඉතා සුවිශේෂ අවස්ථාවක් වූ බව එයට සහභාගි වූ සැම නිසැකවම පිළිගනු ඇත. ඒ දෙපළ ලියන ‘අහසෙන් එන්න‘ බ්ලොග් සටහන් කියවන කිසිවකු ඔවුන් දෑස් නොපෙනෙන අය යැයි සිතනු නැත. මම ද මුලින් දැන නොසිටියෙමි.

ඉතින්, එදා ඒ විවාහ මංගල්‍යයට දෑස් නොපෙනෙනා මුත් හදවතින් ලොව දකින, ඒ දකින ලොව තුළ උපරිමයෙන් සතුට විඳින සොයුරු සොයුරියන් රැසක්ම සහභාගි වී සිටියහ. වාද්‍ය වෘන්දයක නදට ගී ගැයෙමින් තිබිණි. ඒ අතර සුවිශේෂ හඬක් වෙත අවධානය යොමුවූයෙන් මම උන් අසුනෙන් නැගිට ඒ ගී හඬ සොයා ගියෙමි. 

ඒ තිස්ස ජයරත්න සොයුරාගේ හඬය. අපගේ ‘කටකාරි‘ ඉසුරි මට ඔහු කළින්ම අඳුන්වා දී තිබිණි. ‘‘අක්කෙ මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තිස්ස අයියා.“

මේ අහන්න තිස්සගේ හඬ...



තිස්ස සහ ඉසුරි, මේ දෙදෙනාම ඉතාම දක්ෂ ගායක යුවළකි. තමන්ගේම වන ගීතයක් සමාජගත කිරීමේ නොතිත් ආශාවෙන් පසුවන ඔවුන්ට උදව් කළ හැකි මඟක් බ්ලොග් ලොවෙන් සොයාගැනීම අසීරු නැතැයි සිතමි. ඒ සඳහා හැකියාව ඇති ඔබගේ සහය නොපැකිලව ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. 

හොඳ ගී පද රචනයක් සොයා ගැනීම, තනු නිර්මාණය, පටිගත කිරීම සහ මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා  කුමන හෝ අයුරකින් දායක විය හැකි නම් එය අගනා සත් කටයුත්තකි.

අද තිස්සගේ උපන්දිනය... තිස්සටත්, ඉසුරිටත් ගී ලොවේ සාර්ථක ඉදිරි ගමනකට සුබ පැතුම් පිරිනමමු.


4 comments:

  1. මේ අගනා අදහසට, aඋත්සහයට ඔයාට ගොඩක් ස්තුතී අක්කේ.... තිස්ස අය්යා කියන්නේ ගොඩක් දක්ෂ කෙනෙක්.. අපූරු හඩ ක් ඇති ගායකයෙක්.. නමුත් අද ගීතයක් නිර්මාණය කර ගන්නවා කියන්නේ ලොකු වැඩක්... තමන්ගෙ කියලා ගීතයක් නිර්මාණය කර ගන්න ගොඩක් උත්සහ කළා... ඒත් මේ වෙනකල් මගක් පෑදුනේ නැහැ... කැපිලි විතරයි ආවේ...
    මේ වගේ දක්ෂ තරුණයෙක්ට අත දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්... ඉසුරුගෙ හඬත් තිස්ස අය්යටම ගැලපෙන හඩ ක්.. හොඳ නිර්මාණයක් ඒ අයට කර දෙන්න හැකියාව ලැබේවා...
    ඒ වගේම තිස්ස අය්යට සුභ උපන්දිනයක් වේවා...
    තරු අක්කට මේ උත්සහයට ගොඩක් පින්...

    ReplyDelete
  2. සින්දුව ඇහුවා.ලස්සන හඬක්.ගීතයේ පදත් හරි ලස්සනයි.ශෝකී රාවයක් මතු කරන සංගීතයත් ඒ වගේයි. මේ වගේ පද රචනා වුනත් වැඩිය ඇහෙන්නෙත් නැහැනේ දැන්.
    තිස්සට,ඉසුරිට තමන් බලාපොරොත්තු වෙන ඒ දුර ගමන යන්න සුබ පැතුම්.

    ReplyDelete
  3. තරුරසී මට කසුන්ගේ දුරකථන අංකය ඉන්බොක්ස් කරන්නට පුළුවන් ද?

    ReplyDelete
  4. හොඳ වැඩක්. හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...