පිටු

Monday, November 27, 2017

හිම කිරම කී දුක්බර ම කවිය



සුසුදු හිම කැටි මිහිරි මී පොදි
            කැටි වුණා සේ එක රසේ
සිඟිති තොල් පෙති අතර දැවටී
            ආදරේ පෑ පෙර දිසේ
ඒ දෙතොල් පොඩි සිපගන්න පෙර
            කිම මනොනැසුවෙ හිරැ රැසේ
හිම කිරම මව් සීත හදවත
            දැවි දැවී ළය ඉකි ගැසේ...


‘‘යාපනය අරියාලේ ප්‍රදේශයෙහි මවක් තම දරුවන් තිදෙනාට වස මිශ්‍ර අයිස්ක්‍රීම් ලබා දී, තමාද සිය දිවි නසා ගනියි.‘‘

පුවතක් - 2017.10.27

10 comments:

  1. Replies
    1. ඇත්තටම......

      ඒ අම්මගෙ හිත හරි පුදුමාකාරයි. එයාට අයිස්ක්‍රීම් එක්ක වස දෙන්න හිතුණු එක. එතන ඇත්තටම තියෙන්නෙ මහා ආදරයක්... ජීවිතය දරාගන්න බැරි වෙද්දි තනියෙන් යන්න හිතෙන්න නැතුව ඇති. දරුවන්ව අරන් යන්න පහසුම විදිය හිතන්න ඇති. ඒ පුංචි හිත්වලට අවසන් මොහොතත් මිහිරි මතකයක් කරන්න හිතුණද දන්නෙ නැහැ.

      අපේ රටේ ආර්ථිකය, සමාජය ගැහැනියකට තනියෙන් ඔලුව උස්සන්න දෙන්නෙ නෑ පහසුවෙන්. දරුවන්ගෙ ජීවිතවලටත් ඒව බලපාන විදිය තමයි ගොඩක්ම දුක.

      Delete
  2. අම්මා ගැන තියෙන විශ්වාසය ඊටත් වඩා සුදුම කිරම එක කන්න තියෙන අශාව. කවදාවත් නොහිතෙන්න ඇති මේ ජිවිතේ අවසාන ම හුස්ම එක්ක බැඳිච්ච සතුට කියන එක. මේක වැරදි මේක වැරදි මේක වැරදි. එත් තනියම නොයා ඔවුන්ව අරන් ගියපු එක හොඳයි. අපි ඔවුන්ට ජිවත් වෙන්න සමාජයක් හදලා නැති නිසා. මම දන්නවා ැහැණියක් ශක්තිමත්. එත් මට හිතා ගන්න බෑ.ඇය කොයි විදිහටද ඒ කිරම ටික පොඩි උන්ට දික් කලේ කියන්න. මොන තරම් හැඟිම් තියෙන්න ඇද්ද.මිය යන්නත් කළින් ඇය මිය ගිහින් ඉන්න ඇති.

    මේ වගේ දේවල් ඇහෙද්දී හිතෙනවා දෙයියනේ අපි මොන විදිහේ රටක් හැදුවද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි නංගි... කියන්න වචන නෑ... මේ දාස් ගණනක කතාවලින් එකක් විතරයි. උතුරේ යුද්ධය නිසා වැන්දඹු වූ කාන්තාවෝ 90000 ක්... දකුණෙත් 71, 88-89, ඉන්පස්සෙ යුද්දෙ නිසා කී දෙනෙක් ගැහැනු, දරුවො තනි වුණාද? අනික මේ ආර්ථික රටාව මිනිස්සුන්ව නොමරා මරනවා. මේකෙ ඔලුව උස්සගෙන ඉන්න නම් ලොකු හයියක් ඕන...

      Delete
  3. මාත් අම්මා කෙනෙක්..............

    ReplyDelete
  4. ඒ කතාව නම් හරිම දුක්බරයි. පොඩි පැටව් ටික ගැන මාරම දුකයි. ඔයාගේ පොත කියෙව්වා. හොඳයි. යමක් ලියන්න හිතන් ඉන්නවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...