පිටු

Saturday, August 18, 2012

මේ කඳුළු කාගෙද ?





'' මම සුධාකරන්... ගම මාන්කුලම්....
යුද්ධය බිළි ගත්තෙ මගෙ අම්ම තාත්තව, මගේ අත් දෙක විතරක්ම නෙවෙයි....
කෝ මගෙ ලස්සන ගම... කෝ මගෙ නෑදෑයො.... කෝ මගෙ ජීවිතේ...
අනේ මට ආපහු දෙන්න..... ''


මේ කඳුළු මොටද ඇස් දෙකට මගේ
බොරු අතින් ඒව පිසලනු බැරුවා
කළු ගලක් වගේ තද හිතක් ඇතොත්
මට ගෙනත් දෙන්න පින් අත් වෙනවා

තල් ගස් සෙවණේ වැලි පාරේ
අකුරට ගිය පෙර දින සිහි වේ
උගත් අකුරු හිත් මුල්ලක සිර වී
ඉකිලන හඬ වාවනු බැරි වේ

ඇත්ත හිතට දුක බර වැඩි වී‍
ඇත්ත ඇහින් කඳුලැලි පිටවේ
ඒත් බොරු අතින් පිසලනු නොහැකිය
කවුරුන් ඒවා පිසලන්නේ.....


( යුධ ජයග්‍රහණයේ සතුට තුළ අමතක වෙලා ගිය කඳුළු උල්පත් වලින් තාමත් කඳුළු ගංගා ගලාගෙන යනවා... )

10 comments:

  1. දුක හිතෙන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. හ්ම්ම්....හදවතේ සියුම්ම නහරවලට දැනුනා. ඇත්ත තමා මේවා ගැන කතා කරනවා හරි අඩුයි

    ReplyDelete
  3. ආඬි ලිං වලින් උනනා ලේ වලින් තිලක තියනා
    සීතලද බලන මේ උණු කඳුළු යාපනේ...

    මෙහෙම ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහයන්.උන්නැහේට වගේම දකුණේ ගොඩක් දෙනාට අමතකයි ඒත් මිනිස්සු බව.තවමත් දෙමළ මනුස්සයෙක් දැක්කාම අපිට පෙන්නේ කොටියෙක් විදියට.එ මානසිකත්වය ඇතුලෙ අන්තිමට දිනුවෙ කව්ද කියන 1 තමයි ප්‍රශ්නේ.

    ReplyDelete
  4. මීට කලකට ඉහතදී "සාදු ජන රාව" කියලා ප්‍රසංගයක් තිබුණා. ඒකේ ගැයුණා හරිම ලද්දන ගීයක්. "සීතලද බලන් මේ උණු කදුලු යාපනේ" කියලා ඒක හරිම ලස්සන ගීයක් මේ අරුත එයයි.

    ReplyDelete
  5. කුමාරිගේ ඔරොප්පු සාප්පාඩ (දැවිල්ල කෑම ) කියන පොත කියවන්න ඇහැක් නම් . . මේ වගේ ඒවා තමයි ඒකේ තියෙන්නෙත් . . .

    ReplyDelete
  6. අවසාන කවියට මම ගොඩක්ම කැමතියි! :)

    ReplyDelete
  7. කඳුළු උල්පත්වලට විසඳුමක් තාම දෙන්නේ නැත්තේ ඇයි කියන එකයි ගැටලුව ?

    ReplyDelete
  8. බොහෝ දෙනෙක්ට අමතකව ගිය, යන උණු කඳුළක්..!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...