Friday, August 24, 2012

ගිනි ගත් රන් මුදු ?



දණ ගැසුවේ අපි එකට අල්තාරය අබියස
ඒ නිමේෂයේ හිත ගල්ගැසුණා සේ විය...
දේව දූතයන් අප වට කර සැරිසරන්නා සේ දැණින.....
ලෝකයම නතර විය...
ඔබෙත් මගෙත් සුසුම් ස්වර මුමුණන යැදුම් අතර
තවත් එක ගීතිකාවක්ම විය.....

ජේසු සමිඳුන් කුරුස ගසේ සිට බලා සිටියා අප දෙස
ජීවිතය කල්වාරි ගමනකැයි... 
ආදරය මහා බර කුරුසියකැයි
නොකියා කියමින් ......
ඒ දෑස්වල එතී මහා දුකක් තිබුණා ඒ මොහොතේ
උන්වහන්සේ දැන සිටින්නට ඇත
අතරමග මේ කල්වාරි ගමනේ මා තනි වන බව.....

ශුද්ධවු පැය කීවේ
පැය කාලෙන් කාල බෙදා ගෙන අපි එකට
මා සවන් අසලම ඇසුණා ඔබෙ ගීතිකා හඬ
කෙතරම් සැනසුමක් වීද? හදවතට...
සියලුම තනිකම් දොස් ඉතින් අහවරයැයි සිතිණ...

නමුදු,
වාසනාවත් කල්හිද, අවාසනාවත් කල්හිද
ළඟින් ඉන්නට....
ජීවිතේ දුක සැප බෙදා ගන්නට
පෙරූ පිරුමන්වලට කුමක් නම් සිදුවීද?

සිඟිති මල් කැකුලක් තුරුළු කර ගෙන
දෙව් මැදුරට පා තබන්නට අප මැවූ සිහින
ගිනි තැබුවේ මන්ද?

ඔය සුසුම්..... ඔය කඳුළු.. වැළපිලි
පිළිතුරක් නොවේ මට....
දෙවියන් ඉදිරි‍යේම කියන්නට හැකිද මට?
රන් මුදු ගිනි වළල්ලක් වූයේ ඇයි දැයි කියා....
අප වටා නොනිවී දැල්වෙන..... 

15 comments:

  1. මට මේක කියෙව්වම මතක් උනේ රෝහණ සිරිවර්ධනගේ සිංදුවක්

    දේව මන්දීරේ...
    වැතිරී බැතියෙන් පුද සුන අභියස
    ආයාචනා කරම්....
    තැවෙන සිතේ
    සංකා සෝ දුක් නිවන ලෙසේ

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි ඒ සින්දුවට... කාව්‍යා...

      Delete
  2. Replies
    1. mama katholika... habai namata pamanak newei.... Jesu giya pare yanna uthsaha karana kenek...

      Delete
  3. කාලෙකින් කියවපු හිතට දැනුනු කවි පේළියක්....

    ReplyDelete
    Replies
    1. Sthuthi malli.... hithata danila liyaka kavi rasa vindina ayageth hithata danenawa neda?

      Delete
  4. //ඔය සුසුම්..... ඔය කඳුළු.. වැළපිලි
    පිළිතුරක් නොවේ මට....
    ඔව් ඈ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... ඒත් ඉතින් ලැබෙන්නෙ ඔය පිළිතුරු විතරම තමයි...

      Delete
  5. ජේසු ස්වාමි දරුවනේ
    දුගී පැලේ දිනා
    මෙලෝ තලේ දිනූ
    ඔබේ දහම් තියේ ද දැන්
    දිව නෙතින් බලන්

    පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
    මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ
    එය නොවේ ය ස්වාමිනී ඔබ දෙසූ දහම්
    ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා

    රන් රිදී මැණික් නොවේ ය ඔබැ සමීපයේ
    දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ
    මන්ද මේ විලාසිතාව දේව මන්දිරේ
    යලි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්...

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික සංවේදනාවලට වඩා පොදු කාරණාවලට අපි සංවේදී වෙන්න ඕන තමයි අයියේ.... ඒත් ඉතින් මේ පද පේළි ලියවුණා....

      Delete
  6. ලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න සුබපතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... මගේ නිර්මාණයක් රස විඳල මාව දිරිමත් කළාට...

      Delete
  7. අළුත් එකක් දාන්ඩෝ.....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...