Thursday, August 9, 2012

ආදරෙයි.. කොන්දේසි විරහිතව...



අවසන් පිටු කිහිපය...

දැවිල්ලක් බු වේදනාවකින් හිත හිරි වැටී යනු දැනේ. දැවෙන්නේ සතීගේ හදවතද? මගේ හදවතද පැහැදිලි නැත.

--------------------------------ef---------------------------------

" ......... හැම දෙ‍යටම ගත වූයේ මොහොතකි. මොහොතකදී හැම දෙයක්ම ඇකී මැකී ගොස් ඈ නැවත යථා තත්ත්වයට පත් වූවාය. වෙනසකට වූයේ එකම කරුණකි. ගින්නෙන් දැවී ගියේ ඇගේ හදවත නොව එහි නිධන් ගතව පැවති සියලු ආකාරයේ බැීම් හා ආත්මාර්ථකාමයද, තෘෂ්ණාවද පමණය. ඇයගේ අධ්‍යාත්මය අතිශයින් පවිත්‍ර විය. නිර්මල විය. නිරවුල් විය.
............
සරස්වතී ගලින් ගලට පිය නගා ඔහු වෙතට ගොස් පිටුපසින් ඔහුගේ දෙඋර මත සිය දෑත් තබා පිටට කම්මුල ඔබා ගත්තාය.

'' නිශා''

නිශ්ශංක කතා නැතිව සෙල් රුවක් සේ එහෙමම සිටියේය. හිමින් හිමින් සෙනෙහසින් දෑත් පහළට අද්දාගෙන විත් බ වටා ඉදිරියට යවා ඔහු වැළ ගත් ඈ........

'' නිශා අර කිව්ව විදියට, මම ඔයාට ආදරෙයි නිශා... කොන්දේසි විරහිතව සදහටම ආදරෙයි... '' යනුවෙන් තෙපළාය.

සරස්වතී මානවඩුගේ ඒ අව්‍යජ වූ ද, ළයාන්විත වූ ද, කටහ ඉමක් කොණක් නොමැති ගමනක යෙදී සිටි සැෑ සුළ සමග මුසු විය.

-----------------------------ef----------------------------------

ඇහි පිය අගින් ගිලිහුණු කුලක් සතීගේ කතාවේ අවසන් පත් ඉරුව මතට වැටී බො වී යයි. දහස් වරක් කියවූවද අවසන් තත්පර කිහිපයේ දී දැනෙන හද ගැස්මද, දෙනෙත තෙත් කරන කුලේ උණුසුමද වෙනසක් නොවන බව මම දනිමි. ජීවිත වන්දනාවෙන් සමුගන්නට ආසන්න ලියුකේමියා රෝගියෙක් බව දැන දැනත් සතී නිශ්ශංක වෙත සිය හදවතම පුද දෙන්නේ හුදු මානව දයාවෙන් පමණක්ම නොව සුවිශේෂ වූ ප්‍රේම‍යෙන් ඔහු වෙත බැී ඇති නිසාත් නොවේද? සතී... සැබවින්ම ඈ කවුද? කරුණාසේන ජයලත් සාහිත්‍ය උල්පතින් මතු වූ අපූර්ව යුවතියකි ඈ...

නමුදු සැබෑ ලොවේ දී මට හමුවූ ඈ.. ඇයත් සතී කෙනෙකි. ලෙයින් මසින් සැදි ජීවමාන යුවතියකි. ඈ මට හමු වූයේ සාහිත්‍ය පිටු අතර නොව මහරගම පිළිකා රෝහලේදීය.

''මහරගම පිළිකා රෝහල'' නම ඇසූ පමණින් තැති ගැන්මක් දැනේ. පසුගිය වසරේ ලොකු ආච්චී සමග දින කිහිපයක් එහි රැ‍ෙන්නට මට ද සිදු විය. රෝගියකුට උවටැන් කිරීම, නිදි මැරීම අපහසු කාරණා නොවේ. නමුදු මහරගම‍ රෝහලේ දී මේ සියලු කාරණා අති දුෂ්කර වන්නේය. එයිනුදු වඩාත් දුෂ්කරම කටයුත්ත වනුයේ රෝහල් වාට්ටුව තුළ හි අහරක් බුදීමය. එනිසාවෙන් එහි නැවතී සිටි දිනවල යම්තමින් හෝ බත් කටක් කුසට දා ගන්නට මා තෝරා ගත්තේ ආපන ශාලාවයි. පස්වරු දෙක වන විට බොහෝ දුරට නිස්කලංක වන මේ ආපනශාලාව පිරිසිදුකම අතින්ද වරදක් කිව නොහැකිය. නහයෙන්, කටින්, බඩින් බට දමා  දියර ආහාර සිරුරු ගත කරවන රෝගීන්ගේ ඇස් හමුවේ බත් කටක් ගැනීමේ වරදකාරී හැීමෙන් මා මුදවන නිසා මේ ආපනශාලාව තරමක් හෝ හිතට සුවදායක විය.

මෙසේ ගිය විටකය ඈ මට හමු වූයේ.....

පොතක් දිග හැර පාඩම් කරන මුවාවෙන් ඈ නෙතින් ගලන කුළු සවා ගනිමින් සිටියාය. මා දිවා අහරද රැගෙන ඒ මේසයෙන් වාඩි වූයේ ඈ හන බව නොදැනය. බත් පත දිග හරිත්ම යුවතිය හිස ඔසවා මදෙස බැලුවාය. මද සිනාවක් මුවග රැිණි. නමුදු නෙතේ කුළු වියළී නැත.

'' නංගි ලෙඩෙක් බලන්නද ආවෙ..'' මම ඇසුවෙමි. ඇයගේ දුකට හවුල් වීමේ ක්ෂණික ඕනෑකමක් මසිත පිළිසිිණි. ඇය නිසැකවම සරසවි යුවතියක් විය යුතුය. කළු පැහැ හතරැස් බෑගය, බරසාර පොත් කිහිපය එයට සාක්ෂි සපයයි.

'' ඔව් අක්කෙ...''

'' මමත් අපේ ලොකු ආච්චි ළග ඉන්නෙ... 19 වාට්ටුවෙ...වාට්ටු‍වෙ ඉන් කන්න හිතන්නවත් බෑ නංගි... ඒකයි මෙහෙට ආවෙ....''

මොහොතක නිසලබවක්... ඈ මගේ දෙනෙතින් සිතට එබිකම් කළා වන්නට පුළුවන.

'' මගෙ ‍බෝයි ‍ේ‍රන්ඩ් ඉන්නෙ අක්කෙ.. 2007 ඔපරේෂන් එකක් කලා... හොට හිටිය. දැන් ආයෙම කැන්සර් එක මතු වෙලාලු...''

පිට පනින කුලක්.... මම බත් ඇට ගණන් කරමි. කන්නට පිරියක් වී නම් මේ කඳුල සමග ඒ පිරියද අතුරුදහන් විය.

'' ඔයා කැම්පස්ද නංගි''

'' ම්ම්ම්... ජපුර අන්තිම අවුරුද්ද අක්කෙ... මැනේජ්මන්ට් කරන්නෙ... ''

'' ඉතින් ලෙක්චර්ස් නැද්ද?''

'' උදේ තියෙන ඒවට ගිහින් දවල්ට හොස්පිට්ල් එනවා... දාල යන්න හිතෙන්නෑ... මෙහෙමම ඉඳල හැන්දෑවටත් බලලම යනවා...'' අසරණ සිනාවකින් ඈ මදෙස බලයි.

'' ඒ වාට්ටුවෙ නර්ස්ලා ඩොක්ටර්ස්ල දැන් මාව හොඳට දන්නවා... ඒ හින්දා හතර වෙද්දි වෝඩ් එකට ගියත් මොකුත් කියන්නෙ නැහැ. දවල්ටත් දෙක විතර වෙනකල් අයිය ළඟට වෙලා ඉඳල මම එන්නෙ..... කැම්පස් එකේ යාළුවො කවුරුවත් මේ ගැන දන්නෙ නෑ අක්කෙ.... ගෙදරිනුත් මට දැන් ප්‍රශ්න... අපි දෙන්න යාළු උණේ ඉස්කෝලෙ යන කාලෙමයි. අපි එකම ගමේ.. ඉතින් මේ වෙන හැමදේම අපේ ගෙදර අය දන්නවා....  එයාල කොහොමටවත් කැමති නැහැ අපේ සම්බන්ධෙට... ඒත් මං කොහොමද අක්කෙ අයියව නොබල ඉන්නේ.... මේ තත්වෙන් ඉද්දි මං කොහොමද එයාව අමතක කරල දාන්නෙ... මට පිස්සු වගේ අක්කෙ... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.....  ''           

ඈ ඉකි ගසයි. කුළු දෙපේළියක් කොපුල් තල හරහා ගලා යයි. මම බත් පාර්සලය අකුලමි. කියන්නට කිසිත් හිතට නැගෙන්නේ නැත. මම හෙමිහිට ඇගේ අතක් අල්ලා ගනිමි. කාලය ගෙවී යයි. ලොකු ආච්චිට කවා පොවා පැමිණ ඇති බැවින් දුවන්නට හදිසියක් ද නැත. ඈ දැන් කෙටි නින්දකට වැටී ඇතැයි මම සිතින් සිතමි. මොහොතකට පසු හිස ඔසවන ඈ.... මදහසක් නගයි.

'' අක්ක කෑවෙත් නෑ නේද? සොරි අක්කේ.... මට කියන්න කෙනෙක් නෑ හිතේම හිර කර ගෙන ඉන්නවා...ඔයාව තමයි අහුවුණේ හිතේ බර ටිකක් හරි හෑල්ලු කර ගන්න. ''  

'' ඒකට කමක් නෑ... දුක් ගන්නා රාළගෙ චරිතය මට හොට හුරුයි... '' මමද පෙරළා සිනාසෙමි. නැවත ඈ හවන්නට මට අවැසි නැත.

ඒ අපේ පළමු හමුවීමයි.

ඉන්පසු කිහිපවතාවක්ම මම ඇගේ පෙම්වතා බලන්නටද ගියෙමි. තට්ටය පෑදුණු හිස, ඉදිමුණු උදරය, අසරණ සිනාව.... කිසිදා මා මත‍කයෙන් දුරස් නොවේ. මා මහරගමින් සමුගෙන ආ දා ඈ මට දුන්සුදු බුදු රුවේ පින්තූරය තවමත් මා සන්තකයේ ඇත.

මෑතක් වන තුරුම අප අතර සබතාවය දුරකථනයේ පිහිටෙන් ගෙන ගියද කලබල උදෑසනක අහිමි කර ගත් දුරකථනයද සමග ඇගේ සබතාවයද ගිලිහී ඇතුවාක් මෙනි. වරින් වර කතා කළ අවස්ථාවල

'' අයිය ආයෙම හොස්පිට්ල් අක්කෙ....'' එසේ නොවේ නම්

'' අයියා මේ ටිකේ ගෙදර ගිහින් අක්කේ... දකින්නවත් විදියක් නෑ...'' ඈ පැවසූ බව මට මතකය. දැන් ඇගේ දුරකථන අංකය මා සන්තකයේ නැත. ඇයට මා අමතක වීද? එසේත් නැතිනම්?

-----------------------------ef-------------------------------

''සතීගේ කතාව'' සැබවින්ම මට හමු වූ සතී ගැන මතකය අළුත් කරවීය. ''සතීගේ කතාව'' කියවන්නට ඔබත් රිසි වෙතැයි සිතමි.

කර්තෘ                         - කරුණාසේන ජයලත්
පළමු මුද්‍රණය                 - 1977

( 1971 භීෂණ සමයේ කරුණාසේන ජයලත් ශූරීන් කැළණිය විශ්ව විද්‍යාලයේ රැවුම් කවුරේ සිරකරුවකු ලෙස සිටියදී සිත් හි පිළිසි ගත් කතා පුවතකි මේ. )

තුන්වන මුද්‍රණය             - 2007
මිල                             - රු. 275/-
ප්‍රකාශනය                      - කණිෂ්ක ජයලත්
බෙදා හැරීම                 - සරසවි පොත් හල

12 comments:

  1. කරුණාසේන ජයලත් මහත්තයාගේ නව කතා මාර ලස්සනයි. ඒ හින්දම මේ පොතත් ලස්සන ඇති. කියවලා බලන්ඩ වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... කරුණාසේන ජයලත්ගෙ පොත් හරිම ලස්සනයි.. සතීගෙ කතාව ලස්සනයි.. දුකයි..

      Delete
  2. අද තමා නිවී හැන හිල්ලෙ මෙ බ්ලොග් එකේ පිටු කීපයක් කියෙව්වෙ, මමත් ඔයා වගේම පොත් පිස්සියෙක් තමා ඉස්කෝලේ යන කාලේ මට තිබුන පොත් පිස්සුව කොච්චරද කියනවනම් අපේ තාත්තා ඉස්කෝලෙට ඇවිත් මැඩම්ට කියලා මගේ ලයිබ්‍රි කාඩ් එක කැන්සල් කලා. පොතක් අතට ගත්තම කන්න බොන්න තියා එලි වෙනවා රෑ වෙනවා කියලවත් මට නිච්චියක් නෑ. දැන්නම් ඒ පිස්සුව තරමක් දුරට සනීපයි.
    මට මතක විදියට සතීගේ කතාව මම කියෙව්වෙ මට අවුරුදු 14 දි විතර දැන්නම් කතාව හරියට මතක නෑ ආයෙත් හොයාගෙන කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි කාව්යා. ඔයා මගේ බ්ලොග් එක බලන්න ආවට.. බ්ලොග් ලියන ගොඩක් අය පොත් පිස්සො තමයි මට පේන හැටියට.... මමත් ඔය වයසෙදිම වගේ සතීගෙ කතාව මුලින්ම කියෙව්වෙ.. ඒ කාලෙ වැඩි තේරුමක් තිබුණෙත් නැහැ... ඉන්පස්සෙ වරින් වර කියවන්න ලැබිල තියෙනවා... මේ සැරේ කියවද්දි අර නංගියවත් මතක් උණා...

      Delete
  3. මාත් සතිගේ කතාව කියවල තියනවා . ඒත් හරියට මතකයක්නම් නෑ .පිළිකා රෝහලේ හමු උන යුවතියගේ කතාවනම් හරිම දුක් බරයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගිම්... මට හමුවුණ අපූරු කෙල්ලෙක්... දැන් කොහෙද මොනා කරනවද දන්නෙ නැහැ...

      Delete
  4. සතීගේ කතාව...
    හ්ම්ම්ම්..
    කියවලා නෑ..
    කියවන්න ඕනා...

    ReplyDelete
  5. කරුණාසේන ජයලත්ගේ පොතක් නම් ඉතින් අහන්න දෙයක් නෑ.. කියවලා ම බලන්න ඕන!!
    ජය වේවා!!

    ReplyDelete
  6. හොඳ පොතක් වගේ.. හොයලා බලන්න ඕනේ..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. අළුත් මුද්ර ණය තියෙන නිසා හොයා ගන්න ලේසි වේවි...

      Delete
  7. කරුණාසේන ජයලත් ගේ පොත්නම් ආයෙ දෙකක් නෑ හදවගේ ගැඹුරුම තැනට දැනෙන්න ලියනවා. ගැහැනු ළමයි, ගොලු හදවත, රිදී නිම්නය, මතකයි නේ..

    ReplyDelete
  8. හ්ම්ම් මමත් කියවන්න ඕන හොයාගෙන..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...