Tuesday, August 21, 2012

නංගියේ මට සමාවෙයන්...



නංගියේ මට සමාවෙයන්...
හිතේ හයිය මිස අතේ පිච්චිය නැති
රජයේ සේවකයෙක් මං....

මුදු සුමුදු වත කමල එළිය කළ
දිගු ගෙළ
කපා කොටා රිදවන්නට
වෙදැදුරන්ට ඉඩ හැරියේ
හිතකින් නොවේ....

දිවි නසන විස සෛල
සැඟව ඇති බව මුදු ගෙළ
පැවසූ නිසාවෙන්මයි....

තවත් නිම නැතිලු දුක් කන්ද
උහුලන්නට අප මත පැටවූ
සුවයක් ලබන්නට නම්
තව තවත් කළ යුතුලු පතිකම්...

අනේ ඒත්...
බේත් නැතිලු
ගෙන්නන්නට සල්ලි නැතිලු

අපේ සුබසෙත සලසන්නට
පාලක පන්තියක් හදන්නට
ඡන්දයක් තැබිය යුතුම හින්දා
ඒ බර පැන දරන්නට
අපේ දාඩිය මහන්සියෙන් උදුරා ගත් සල්ලිත්
එහෙ‍ට මෙහෙට වැඳ ඉල්ලා ගත් සල්ලිත්
කැප කළ යුතුම හින්දා
බෙහෙත් ගන්නට සල්ලි නැතිලු...

දුප්පත් අපි උන්නත් මොටද
මැරිල යන එකමයි කාරිය....

කමක් නැහැ නංගියේ ඉවසාගෙන ඉඳිමු
තිස් වසක් යුද්දයේ බර පැන දරාගෙන
උහුළන් උන්නා වගේ....
දැන් සාමයේ බර පැනත් උහුළා ගනිමු...

අපේ පණ නල වගේ ද නංගියේ
මැති සිටු උත්තමයන් නොවේද
වැඩි වැඩියෙන් ඕනේ
ආසියාකරේ අසිරි පාන්නට.....

ඒත් මට සමාවෙයන් නංගියේ....
අත මිට ඇති පදමට කාසි නැති
අයියෙක් උණාට....
නුඹේ සුවසෙත සදන්නට බැරි රටක
පාලක පන්තියක් හදන්නට කතිරයක් ගැසුවාට....
මට සමාවෙයන් නංගියේ
එහෙව් පාලක පැළැන්තියක ආටෝප සාටෝප
ලිපි ගොනු බර දරන්නට
රජයේ සේවකයෙක් උණාට.....


නිමිත්ත
( පිලිකා රෝග ලක්ෂණ ඇති බවට වෛද නිර්දේශ ලැබී ඇති මිතුරියකගේ නැගණියට අවැසි බෙහෙත් නැති බව රෝහලෙන් පවසා ඇත. '' ඡන්දෙට සල්ලි ඕන හින්ද බෙහෙත් ගෙන්නන්න සල්ලි නැතිලු'' රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙක් එලෙස පවසා ඇත. )

23 comments:

  1. රෝහල් වල බෙහෙත් නැති එකනම් ඇත්ත . හැම දෙයක්ම පිටින් ගෙනහින් දෙන්න ඕන . ලෙඩ්ඩු ගොඩාක් අසරණ වෙන වෙලාවක් .
    …පසු ගිය ටිකේ මටත් මේ ගැන අත්දැකීම් තියනවා .
    කවියෙන්ම තරු හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනවා .

    ReplyDelete
    Replies
    1. මහරගම බෙහෙත් හිගය තදින්ම තියෙනවා.. මැරෙන්න ඉන්න මිනිස්සු කියල හිතනවද දන්නෙ නැහැ.. ඒත් එක තත්පරයක් හරි ජීවත් වෙන්න කවුරුත් ආසයි නේද?

      Delete
  2. දැන් ඉස්පිරිතාලෙ ගිහාම බෙහෙත් විතරක් නෙවෙයි.. ඉන්ජෙක්ෂන් කටු.. ප්ලාස්ටර් ඔක්කොම ෆාමසියෙන් ගිහින් දෙන්න ඕනේ... හෙට අනිද්දත ඇඳක් එහෙමත් ගෙදරින් ගෙනියන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ අනාගතය හරිම අවිනිශ්චිතයි... කාට සුබ උණත්...

      Delete
  3. Replies
    1. දුක්වෙලා විතරක් මදි කාව්යාග...

      Delete
  4. දීලා පත්කරගත්තනං විදවපල්ලා...
    රැවුලටනේ දුන්නේ..
    දැං ඉතිං කාපියවු රැවුලම...
    හනේ...........

    ReplyDelete
    Replies
    1. ඒත් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනික ප්රරඥාව නම් කවදාවත් පහළ වෙන එකක් නැහැ...

      Delete
  5. හුඟක් රෝහල්වල දැන් පැනඩෝල් විතරයි දෙන්න තියෙන්නේ කියන කතාව අහලා තිබුණා...

    ReplyDelete
    Replies
    1. මීටත් වඩා දුක්බර අත්දැකීම් අපේ ‍සෞඛ්යඥ ක්ෂේත්රනයෙ තව ඕන තරම් ඇති...

      Delete
  6. දැන් සෞඛ්‍යයට වෙන් කරන ප්‍රතිපාදනත් අඩු කරලද මන්දා.
    ආරක්ෂක අංශයයි, අධ්‍යාපනයයි, සෞඛ්‍යය පහසුකම් විතරයි රජයෙන් නොමිලේ ලබා දුන්නේ. ඒකටත් කණකොකා හඬලද දන්නේ නෑ.. !

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්යමතා විය යුත්තෙ කෑම බීම, බෙහෙත් , අධ්යාාපනය නෙවෙයි... ‍අධිවේගී මාර්ග, උසම කුළුණු, කාපට් පාරවල්, ගුවන් පාලම් තව තව ගොඩක් දේවල්....

      Delete
  7. මැතිවරණ වලට වියදම් කරනවා වැඩියි නේන්නම් . චන්දෙ තියන්නයි ...දුෂණ වෙච්ච් එව්වා ආයේ ගනින්නයි කොච්චර වැඩද .

    ReplyDelete
    Replies
    1. අනේ බින්දි වෙලාවකට හිතෙනවා මේවා නොපෙනෙන්න ඈතකට යන්න... ඒත් මේ අපේ රට නේද?

      Delete
  8. මැතිවරණ පිළිකාව ඊට වඩා ලොකු ඇති. ඒකයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මැතිවරණ පිළිල ගැන ඔයා හොදටම දන්නවනෙ අයියේ...

      Delete
  9. Replies
    1. හ්ම්.. මට මේ කතාව අහපු වෙලාවෙ කේන්තියකුත් දැණුනා.. ඇයි මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්නෙ..

      Delete
  10. ජීවිත වල වටිනාකම මේතරමටම පහලට දාලද.. :(

    ReplyDelete
    Replies
    1. ජීවිතවල වටිනාකම පහළට ගිය මේ වගේ කාලයක් තවත් තියෙනවද? 78 ඉඳන්ම ජීවිතේ වටිනාකම පහළ ගියා මිස වැඩිවීමක් නැහැනෙ...

      Delete
  11. පිටින් ගේන්න කියලා බෙහෙත් ලියද්දි අපෙත් පපුව හිරකරනවා වගේ... ඒ ලෙඩුන් සහ ඔවුන්ගේ ඥාතීන් විඳින කරදර අපි දන්නා නිසා. සමහර විට සල්ලි නැතිම වෙනකොට අපි දොස්තරලා සල්ලි දාලා බෙහෙත් ගෙනෙන වෙලාවලුත් තියෙනවා. ජීවිතය ඒ තරම්ම මිලයි ඇතැම් විට...

    ReplyDelete
    Replies
    1. ජීවිතය මිලයි... ඇත්තමයි... ඒ මිල ගෙවා ගන්න බැරි දුප්පතුන්ට ජීවිතය අත් හරින්න සිදු වෙනවා...

      Delete
  12. අනේ අපොයි කියලා තමා කියන්න වෙන්නේ.. හ්ම්ම්..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...