දැන සිටියෙ නැහැ මම.... ආදරවන්ත පියෙක් බව ඔබ මෙතරම්
ආධිපත්‍යයක් නොදරන ... අසීමිතව ප්‍රේම කරන...
හිතු දේ කරන්න නිදහස දෙන...
වරදින්න.. වැටෙන්න... රිදෙන්න... තැවෙන්න.. ඉඩ හරින
ගොඩනැගෙන්න... නැගිටින්න... සැනසෙන්න... සුවපත් වෙන්න.. මග පෙන්වන...
සමාව දෙන... තුරුළට ගෙන ආදරය පාන...
දයාවන්ත පියෙක් බව....
සඟවා තැබුවෙ අපෙන් ඔබේ
විමුක්තිදායක ආදරේ
මන්දැයි වැටහෙන්නේ දැන් මට....
අවදානම් සහිත මාවතක යන්න ඉඩ හරින
වැටීම්.. වැරදීම් තුළ පරිණත වෙන්න ඉඩ හරින
ඔබේ අසීමිත ආදරේ හඳුනා ගත් පසු
තවදුරටත් අප,
සම්මතය.... සම්ප්‍රදාය තුළ සිරගත කළ රූකඩ ලෙස
නටවන්නට නොහැකි නිසාමය...
පීඩිත මහ පොළවට දුරින් ඔබ ඉන්නෙ උඩ අහසෙ
එලෙසයි මැවුණෙ ඔබේ සිත්තම.... පුංචි කාලේ ඉඳන්
හිතුවෙ නැහැ ඔබ මාත් එක්ක යන එන... කන බොන...
හඬන... සිනාසෙන... හුස්ම
ගන්න දෙවි කෙනෙක් බව...
හඳුනා ගත්තෙ නැහැ මම..
සුළං රැල්ලේ... මල් සුවදේ .... ගලන ගඟුලේ... ගහකොල අතරේ...
මිනිසුන් ඇසුරේ.... සිනා කදුළු දහදිය අරගල අතරේ....
ජීවත් වන ඔබ..... අසීමිත ප්‍රේමයෙන් පිරිපුන්...පරිණත පියෙක් බව
සත්‍යය.. යුක්තිය.... ප්‍රේමය වෙනුවෙන් දිවි දෙන්නට වුව නිර්භය
දරු පිරිසක්ම අපේක්ෂා කරන...
( විමුක්ති දේව ධර්මය සමග පෙමින් බැදුණ... නිස්කලංක.. අභියෝගාත්මක සිව්
දිනකට පසුව...)
ජිප්සීස්ලාගේ සින්දුවක් තියනවා නේද මේ වගේ ලඟින් යන අදහසක් තියන?. තාත්තලාගේ ආදරේ ගොඩක් වෙලාවට පිටට පෙන්නන්නේ නෑ කියල තමයි හැමෝම කියන්නේ. ඒක එහෙම වෙන්න හේතුව හිතා ගන්න බෑ. බොහෝ වෙලාවට තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන්ට ආදරේ දක්වන්නේ නිහඬව. ඔහු අපිට ආදරේ කරනකොට/ සීමා මායිම් දානකොට අපි ඒවා දකින්නේ හතුරුකමක් විදිහට. ඒත් නැවතිලා තාත්තගේ පැත්තෙන් හිතල බැලුවාම තාත්තෙක්ට දරුවෙක් වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණේ, ඒක කියල හිතෙනකොට තාත්තා ගැන දැනෙන්නේ පුදුම ආඩම්බරකමක් වගේම ආදරයක්.
ReplyDelete(යටින් වටහන් ඇතුලේ දාල තියන කතාව නම් තේරුණේ නෑ අක්කේ)
දවස් හතරක ධර්ම විවේකයකට ( Retreat ) සහභාගි උණා මල්ලි... අපි එතනදි සාකච්ඡා කළේ... භාවනා කළේ විමුක්ති දේව ධර්මය ගැන.. කිතුනු අපි අදහන්නෙ එකම දෙවි කෙනෙක් ගැනනෙ ... දෙවියන් අපේ තාත්තා විදියටනෙ පිළිගන්නෙ.. ඒත් අපි ඒ තාත්තගෙ ආදරේ වැරදයටයි තේරුම් අරන් ඉන්නෙ... මට ඒ ගැනයි කියන්න ඕන උණේ.... දවස් හතරක ලබපු අත්දැකීම ටිකෙන් ටික ලියන්න ඕන...
ReplyDeleteතවත් දෙයක් මට මේකට ඇතුල් කරන්න අමතක උණා... ඒ තමයි මේ දේව තාත්තා අසරණයින් පීඩාවට පත් කරන දුෂ්ටකම් ගැන එරෙහි වෙන, කෝප වෙන දඩුවම් දෙන තාත්තා කෙනෙක් බවත්... මේ දෙවියන් කෙනෙකුට ධර්මය වෙන්න පුළුවන්.. තව කෙනෙකුට විශ්ව ශක්තිය වෙන්න පුළුවන්.... තවත් කෙනෙකුට තමාගේම හිත වෙන්නත් පුළුවන්... මට හිතෙන්නෙ ඒක තීරණය වෙන්නෙ.. එක එක්කෙනාගෙ අත්දැකීම, අවබෝධය, දැනුම මත කියලයි...
දෙවියන් වහන්සේ මිනිසාට ප්‍රෙම කරන තරමට අපිට පෙරලා ඒ ප්‍රේමය පුදකල නොහැකියි . ඒත් සොබාදහම සමග බැඳිමෙන් ඇතිකරගන්නා අද්‍යාත්මික සිතුවිලි වලින් ඒ ප්‍රේමය පෙරලා පුද කල හැකියි.
ReplyDeleteහරිම ලස්සනයි සිතුවිල්ල..
ReplyDelete