Tuesday, October 9, 2012

අමාවක පෝදා ... අද කවදාද මන්දා...





ගෙයි එකම කා‍මරේ ... වැල් කැඩුණු ළණු ඇඳ පාමුල
සින්ත පැදුරේ ඉඳන්....

අමාවක පෝදා ... අද කවදාද මන්දා...

දුරු රටක සිටින අයියාට ලියන වග නම්...

පෑරුණු තුවාලෙන් ඊයේ රෑත්
මහ තදට ලේ විද්දා..
දෙතුන් සියයක් අංක තිබුණත්
දුරකථන මතකයේ
තවත් දෙතුන් සියයක් අංක ඇතත්
පුංචි දිනපොතේ
කාටවත්ම කියන්නත්
හිතක් ආවෙ නැතුවා....

ඉරාගෙන රෙදි කඩක්
මරිය මව්තුමියගේ සළුවෙන්
තියා මෛත්‍රී භාවනාව තුවාලයට
වෙළන්නට හැදුවත්
තදින් ගැටයක් ගහන්නම බැරි උණා
නැවතුමක් නැතුවම ලේ ගැලුවා...

සුදු ඇඳුමක් ඇඳන් ඇවිදින් තාත්තා හීනෙන්
ඔලුව අත ගෑවා...
ඇස් අග කඳුළු බිඳු දිලිසුණා...
ඒ හී‍නේ  මං මාල හතක් පළඳන් උන්නා
පපුව හාරාගෙන අම්මා කහින කැස්සට
මල් පොකුරත් බිම වැටුණා 
ුරේම හිනාවක් නැගුණා..   

අයියේ කියන්න නම් කාරණා බොහොමයි
ඒත් ඒ හැමතැනම කඳුළුයි...

හිතේ හෑල්ලුවට කුරුටු ගෑවත් මැදියම
මේ අකුරු හෙට උදේ දැල්විලා කේතලේ නටවාවි..

කහට කෝප්පය බොන ගමන් අම්මා
අයියගෙන් ලියුමක් ආවදැයි
පුරුද්දට වාගේ මගෙන් අහාවි..... 

9 comments:

  1. හ්ම්ම්... අපූරුයි... සංවේදියි...

    ReplyDelete
  2. සුපර්.....නියමයි.....කියන්න මට වචන නෑ තරුරසී....

    හරිම වෙනස්....

    ReplyDelete
  3. //
    කහට කෝප්පය බොන ගමන් අම්මා
    අයියගෙන් ලියුමක් ආවදැයි
    පුරුද්දට වාගේ මගෙන් අහාවි..... //

    …මෙන්න මේ පද ටික දරන්න අමාරුයි මට තරූ .

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි.ලස්සනයි කියන්නේ අමුතුම වෙනසක් තියෙනවා.

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  6. ඇත්තටම ලස්සනයි මේ සිතුවිලි ටික.

    ReplyDelete
  7. //
    ඉරාගෙන රෙදි කඩක්
    මරිය මව්තුමියගේ සළුවෙන්
    තියා මෛත්‍රී භාවනාව තුවාලයට
    වෙළන්නට හැදුවත්
    තදින් ගැටයක් ගහන්නම බැරි උණා
    නැවතුමක් නැතුවම ලේ ගැලුවා...//

    හිතට මහා බරක් දැනුනා අක්කේ...හේතුව මට කියා ගන්න බෑ....

    ReplyDelete

  8. කියාගන්න බැරි දේවල් හිතේ තෙරෙපුනාම කවුරුත් හිතන්නේ නැති විදිහට මිනිස්සු අසරණ වෙනවා. නංගිගේ හීන, අයියා, අම්මා, මේ ඔක්කොම ගලපලා ලස්සන කතාවක් කියල තියනවා, ගොඩක් සංවේදියි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...