සිඟිති සුරංගනාවී....
සුරංගනා ලෝකෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ...
සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක්
ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න
එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ රාජකාරිය
අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන
දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක
අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න.
ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු
වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල...
'' රන් කිරි කැටියා ''
මේ චුටි පුතෙක් ගැන කතාවක්... චූටි පුතු ඉපදෙද්දිම එයාගෙ
උඩු තොල හරියට පිහිටල තිබුණෙ නැහැ. කැපුම් පාරක් වගේ උඩු තොල බෙදිලයි තිබුණෙ. ඒ
නිසා පුංචිම කාලෙ එයාට හරියට කිරි උරන්නවත් බැරි උණා. එයා ඉපදුණු දවසෙ අම්මටයි,
තාත්තටයි හැමෝටමයි හරිම දුකයි ඉතින්... චූටි පුතු අයිය වගේ නෙවෙයි. කෙට්ටුයි. බරත්
අඩුයි. අම්මයි, තාත්තයි දෙන්න ගොඩක් සල්ලි වියදම් කරල තොල්පට හැදුවා. දැන් නම් හොයන්නවත්
බැහැ. සීරුවෙන් බැලුවොත් පේන පුංචි කැලලක් විතරයි තියෙන්නෙ. ඒ වුණත් චූටි පුතු
තාමත් කෙට්ටුයි. අත් කකුල් කෝටු වගේ. ඒ හින්ද අම්ම චූටි පුතුට කිව්වෙ '' කෝටු චූටි
'' කියලයි. ආදරේටයි එහෙම කිව්වෙ. චූටි පුතුට දුක හිතුණා එහෙම කියද්දි. ඒත් එයා
දන්නෙ නෑ කොහොමද මේක අම්මට තේරුම් කරන්නෙ කියල. තාම එයා පුංචියි අවුරුදු තුනකුත්
නැහැනෙ.
අම්ම වැඩට ගියාම චූටි පුතුව බලා ගන්නෙ මම්මාච්චි. ..
මම්මාච්චි නම් චූටි පුතුට කතා කරන්නෙ '' මගෙ රන් කිරි කැටියා '' කියලයි. ඉතින්
දවසක් චූටි පුතු මම්මාච්චිගෙ තුරුලෙ හුරතල් වෙවී ඉන්න ගමන් කියනව මෙහෙම...
'' මම්මාච්චි නම් මට කියන්නෙ රන් කිරි කැටියා කියල. ඒත්
අම්ම කියන්නෙ කෝටු චූටි කියලනේ..."
ඒ කියපු තාලෙටයි, ඒ වෙලාවෙ චූටි පුතුගෙ මූණෙ තිබුණ
අහිංසකකමටයි මම්මාච්චිගෙ ඇස්වල කඳුළු පිරුණා. මම්මාච්චි හීන් සීරුවෙම චූටි පුතුගෙ
අම්මට දොස් කිව්වා.
" ආයෙ එහෙම කවදාවත් ළමයට ඔය වගේ නම් කියල කතා කරන්න
එපා... පුංචි උනාට ළමයින්ගෙ හිතට බලපානව ඕවා.."
මම්මාච්චි තරවටු කළා.
ඉතින් දැන් අම්ම වැඩ ඇරිල ගෙදර එන්නෙම කෝ මගෙ රන් කැටියා
කියාගෙන... අම්ම දැන් ආදර වචන ගොඩක් කියනවා. මගේ වස්තුව, මගේ රන් කැටේ, මගේ සුදු
පුතා... වගේ... ඉතින් චූටි පුතුට හරිම සතුටුයි. සිඟිති සුරංගනාවිටත් සතුටුයි...
ප.ලි.
මම මේ සිඟිති සුරංගනාවිගෙ ලිපි පෙළ ලියන්න පටන් ගත්තෙ
සාමන්ත සොයුරාගෙ කැඩපත සඟරාවට. මට ඕන වැඩි දුර නොහිතා නොබලා අපි කරන කියන දෙයින් පුංචි
දරුවන්ට සිදු වන අසාධාරණකම් ගැන සරලව, හිතට දැනෙන විදියට, කෙටියෙන් කතා කරන්නයි.
මම ලියන්න හිතන් ඉන්න කතා එකක්වත් මනඃකල්පිත කතා නම් නෙවෙයි. මගේම අත්දැකීම් හෝ මම ඇසු දුටු දේවල්...
බොහොම ලස්සන අඩවියක්නේ. මගේ පුංචි දුව මේකට හරිම ආස වෙයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි.. සාදරයෙන් පිළිගන්නවා. ආරාධනය පිළි අරගෙන ඔන්න මමත් සමකය පැත්තෙ ආවා.
Deleteකතාව ඇත්ත තමයි, කෝටු කෝටු කියල කියන්න කියන්න ඒ ළමයාගේ හිතට එක වදිනවා. අන්තිමට නිකන්ම කෙට්ටු වෙනවා. ඇයි ඉතින් මන්තරයක් වගේ හැමවෙලේම මතුරනකොට
ReplyDeleteහොඳම දේ නිතරම ළමයින්ට ආදරය කරන, අගය කරන වචන තමයි කියන්න ඕන. ඒක ළමයෙක්ගෙ පෞරුෂය දියුණු වෙන්න හරිම වටිනවා.
Deleteමාත් ඒ ලෙවෙල් කරන කාලේ ඇයිද මන්දා කෙට්ටු වුනා.,දැන් මහත් වෙන්නෙම නෑ.
ReplyDeleteදකින දකින අය "අනේ මේ ළමය කෙට්ටු වෙලා" කියල කියනවා නෙවේ හූල්ලනවද කොහෙද
:( :(
මටත් වෙලා තියෙන්නේ ඕකද මන්දා..
ම්ම්ම් අපුරුයි.. :D
ReplyDeleteඅනේ අප්පෝ.මාත් ඉස්සර නම් ටිකක් මහතට හිටියා.දැන්නම් බැහැලා.
ReplyDeleteඇත්ත තමයි නොහිතා කරන දේවල් පුංචි සිත් වලට කොතරම් බලපානවද . අපේ ලොකු දෝනි ටිකක් පුංචියි. ඒ වුනාට මන් කියන්නේ ඔයා පුංචි නිසා තියෙන වාසි ගැන හිතන්න කියලයි. කට තියන් ඉන්න බැරි සමහරු කියනවා අය්යෝ ඔයා හරි කෙට්ටුයි කියලා . එයා මුනටම කියනවා අපේ අම්මටයි මටයි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ කියල . අනික් මිනිසුන්ගේ ශාරීරික අඩුපාඩු උලුප්පල පෙන්නන අය තමයි මට පේන්නම බැරි.
ReplyDeleteමේවා ඔයාගේ පුත්ගලික අත්දැකීම් නේද තරු රසි ?
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා. දිගටම ලියන්ඩ
පුංචි හිත් වලට කියන වචන හරියට දැනෙනවා...වැඩිහිටි අපි පරිස්සමින් කථාකරන්න ඕනි...ලස්සන පෝස්ට් එකක්
ReplyDeleteවටිනා ලිපියක් .ඔබට ජය
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
සමහර ගෙවල්වල කියන නම් පටබැඳී ජිවිත කාලයටම පවතිනවා.ඒ නිසා නිතර නම කියනවනම් දරුවන්ට හොඳයි.
ReplyDeleteපුංචි කාලේ මතක් කරවපු පොස්ටුවක්
ReplyDelete