'' විමලවර්ධන'' සොහොයුර
අකැප මන්දැයි මේ පෙම
''ප්‍රනාන්දු'' තමයි මගෙ වාසගම
උප්පැන්නෙ ඕන බව දන්නෑ මුලදි මම....
කවියක් නිසා ගුවනේ පාවුණ
දිනෙන් දින ගව්සිය ගෙවා මිතුදම බැඳුණ
ඉඳහිට හසුන්පතක අමුණා එවන
මල් හී සරයක සුවය හද රැඳුණ.....
පුරාගෙන හදවත අපමණ සිහින
වගවාසගම් ඔබෙන් කිසිවක් නොඅසාම
පෙම් කළා තමයි මමත් කුළුඳුලේම
ඒ කළ වරදට මදෑ ලද දඬුවම.....
පෙලපත් දුන්නෙන් හිතුවක්කාරව මිදුණ
විස ඊතලය ඇනී ලේ ගැලුව
තුවාලය දැන් නම් ඇතත් සුව වීගෙන
තාමත් ඉඳහිට දැනෙනවා කැක්කුම......
( මගේ ලිවීමට අත්වැලක්, එළියක් වෙන සොහොයුරෙක් මේ කවිය ගැන ලියා එවූ සටහන... )
ReplyDelete'කිසියම් මිනිසෙක් කාන්තාවකට ආදරය දක්වනුයේ ඇය ලස්සන හෝ අවලස්සන නිසාවත්, ඇය බුද්ධිමත් හෝ බුද්ධිමත් නොවූ නිසාවත් නොව ඔහු ඇයට ආදරය කරනා නිසාය' යි හොනොර් බැල්සැක්ගේ සටහනක දැකවේ. සැබවින්ම ඒ නම් සත්‍යයක්මය. එහෙත් පංති සමාජයකට කොටුවූ මිනිසුන්ගෙන් එවැනි ප්‍රේමයක් අපේක්ෂා කළ හැකි ද ? මෙම කවියෙහි දැක්වෙන පරිදි ඇය ආදරයෙන් බැදුනේ ගුවනේ පාවුනු කවියක් නිසාය. ඇය පවසන පරිදි ඒ කවිය ඇගේ කුළුදුල් පේ්‍රමයට ආධරකයක් ව අැත්තේය. ඒ බැව්
කවියක් නිසා ගුවනේ පාවුණ
දිනෙන් දින ගව්සිය ගෙවා මිතුදම බැඳුණ
ඉඳහිට හසුන්පතක අමුණා එවන
මල් හී සරයක සුවය හද රැඳුණ..... යන දෙවන කවියෙන් ඇය තුළ ඔහු කෙරෙහි උපන් ප්‍රේමය විස්තර කෙරේ. දෙදෙනෙකු මිත්‍රත්වයෙන් බැදෙන්නට ඔවුන් ඉන්නා ඉසව් වැදගත් නොවේ. එහෙත් ඉද හිට ලැබෙන හසුන් පත් නිසා මේ කායික හා මානසික දුර පරතරය අඩු වෙමින් පැවති බව ඇය කියයි. ඒ නිසාම මිතුදම ප්‍රේමයකට හැරී ඇත්තේ ඇයටත් නොදැනීමය. කිසියම් කාල වකවානුවක් ඔස්සේ පුබුදු වූ අපේක්ෂාවක පසුබිම් කතාව පද හතරකට ගොනු කළ අයුරැ අපූරැය. එහෙත් මෙහි කූඨාප්ප්‍රාප්තිය වන්නේ පළ වෙනි කවිය ය.
'' විමලවර්ධන'' සොහොයුර
අකැප මන්දැයි මේ පෙම
''ප්‍රනාන්දු'' තමයි මගෙ වාසගම
උප්පැන්නෙ ඕන බව දන්නෑ මුලදි මම....
අප සමාජයේ පවතින එක්තරා පටු පංති බේදයක් කෙනෙකුගේ සිතෙහි ඇති වන නොයිදුල් ප්‍රේමය ගොදුරැ කර ගන්නා ආකාරය දෙස කිවිදිය උපහාසයෙන් බලයි. ආදරය යනු අධ්‍යාත්මික බැදීමකි. ඊට බාදක වැට කඩොළු පැන යාම සුළු දෙයකි. එහෙත් විවාහය යනු බාහිර බැදීමකි. ආදරය යනු විවාහයෙන් කෙළවර විය යුතු අධ්‍යාත්මික සුවයැකැයි අප බොහෝ දෙනා මෙන්ම මේ කිවිදියගේද අදහස ය. එහෙත් එය නම් එතරම්ම ලේසි නැත. පටු සීමා මායිම් වලින් රිංගා ගිය ආදරය පංති සමාජය හමුවේ සැග වී යන බවත් ඒ නිසා ඇය විදි මනෝ මූලික වේදනාවන් ගැනත්,
පෙලපත් දුන්නෙන් හිතුවක්කාරව මිදුණ
විස ඊතලය ඇනී ලේ ගැලුව
තුවාලය දැන් නම් ඇතත් සුව වීගෙන
තාමත් ඉඳහිට දැනෙනවා කැක්කුම......
ඇය විස්තර කරන්නීය. ප්‍රථම පේ්‍රමය කෙනෙකුගේ ජීවිතයේ ඇති කරන්නේ තමන්ගේ ජීවිතයෙන් වෙන් කළ නොහැකි හැගීමකි. පියෙහි විප්පයෝගෝ දුක්කෝ යන්න මෙහිදී පාඨකයාගේ හදවතටම දැනේ. එහෙත් විප්‍රලම්භන ප්‍රේමයද සැගවුනු සතුටකි. මේ දැනෙන කැක්කුම වේදනාත්මක බව ඇය කියයි. එහෙත් ඒ වේදනාවට ඇය අකමැති නැති බව කවියෙහි පද අතරට එබී බැලූ විට පෙනේ.
මෙහි තුන් වෙනි කවිෙයන්,
පුරාගෙන හදවත අපමණ සිහින
වගවාසගම් ඔබෙන් කිසිවක් නොඅසාම
පෙම් කළා තමයි මමත් කුළුඳුලේම
ඒ කළ වරදට මදෑ ලද දඬුවම.....
ඇය අද විදින දුකට හේතුව ගැන තමන්ම විභාග කොට විනිශ්චයකටද පැමිණ ඇත. ඇය කළ අපරාධය ආදරය කිරීමය. ඇය ලැබූ දඩුවම දුක ය. මේ නම් අප සමාජය වෙලා ගත් ජාති, ආගම්, කුළ ආදී පංති බේද හමුවේ අසරණ වන පෙම්වතියකගේ කතා පුවතකි.
වදන් ඔබ ගොනු කරන
Deleteඑළිය කරයි මගේ කවි අරණ
තුති කුමට සොහොයුරු පෙමට
සැමදා මෙලෙස තරු කිරණක්ම වනු මැන
මගේ ආදරයට ආගම හරස් උනා වගේ අක්කගේ ආදරයට වාසගම හරස් වෙලා. මේ කතාව ඔයා කෙටියෙන් මගේ පෝස්ටුවේ සටහනක් තියලා තිබුනා මට මතකයි. ඔයාගේ වාසගම ප්‍රනාන්දු වෙද්දී මගේ වාසගම පෙරේරා වෙලා...
ReplyDeleteමේ ජාති ආගම්...කුල..වාසගම් බෙදාගන්න කලින් අපි දිහා හැරිලා බැලුවොත් අපි කවුද ? අපි ඔක්කොම මනුස්සයො විතරමයි. ඒත් ලේබල් එකතු උනාට පස්සේ " අපේ ආගම " මගේ ආගම " මගේ ජාතිය " අපේ ජාතිය " කියන ආත්මාර්ථකාමි හැඟීමෙන් පිරුනට පස්සෙ අර " මනුස්ස්යෝ " කියන එක හැමෝටම අමතක වෙලා ගිහින්...
මේවා හැම දෙයක්ම වෙනස් වෙලා...අපි ඔක්කොම " මනුස්සයෝ " කියලා හිතන්න පුළුවන් දවසක් ආවොත්..... අපි දෙන්නත් අපේ ආදරේ දිනාවි...
මේ පද ඔක්කොම මගේ හිත අස්සටම දැනුනා...
ඒකත් එක අත්දැකීමක්... කවි ටිකක්, කෙටි කතාවක් හෙම ලියන්න බැරියැ... ඕනෙම නම් නවකතාවක චරිතයක් දෙන්නත් පුළුවන්නෙ නේද නංගි...
Deleteකොච්චර දියුණුයි කියලා කිව්වත් සමාජයේ මේ වගේ දේවල් තවමත් පවතිනවා. මේවා නැතිවෙලා යන්න කොච්චර කල් යයිද දන්නේ නෑ.
ReplyDeleteමටත් මතක් වුණා මම දන්න සිද්ධියක්..
ආගම, ජාතිය, කුලය, ඇති නැති පරතරය, උගත් නූගත් බේදෙ මේ වගේ නොයෙක් හේතු නිසා ප්ර තික්ෂේප වුණු අත්දැකීම් කොයි තරම් නම් තියෙනවද? තමන්ට රිදෙන දවසක් එනකල් ඒ රිදුම කොයි තරම්ද කියල තේරුම් ගන්න අමාරුයි.
Deleteඅක්කාගෙ කවි නොතේරෙන තරම් අඳ බාලයෙක් මම..
ReplyDeleteකවි බස හුරුවෙන්න නම් නිතර කවි කියවන්න ඕන මල්ලී... කීප සැරයක් බැලුවොත් ඔයාටත් යම් හැගීමක් දැනෙයි මල්ලී... ඔයාට තේරෙන්නෙ නැත්නම් මගෙත් වරදක් ඇති කියලත් හිතෙනවා...
Deleteවේලිලාම යන්න දෙන්න අක්කේ ආයෙ කවදාවත් තුවාලයක් තිබුණ බවත් නොපෙනේනම. අක්කට වරදින්නෙ නෑ.ඔයා හුගක් හොද කෙනෙක්. හොදම කෙනා ලැබෙයි. සතුටින් ඉන්න මහන්සි ගන්න මගේ අක්කියෝ.......
ReplyDeleteමේක කවියක් බට්ටියේ.... මගේ චරිතාපදානය නෙවෙයිනේ...
Deleteඔය වාසගම් හොයන එක නම් එපාම කරපු වැඩක්...
ReplyDeleteමටත් ඔය වගේ දේවල් වලට මුහුන දෙන්ඩ වෙලා තියෙන නිසා අත්දැකීමෙන්ම දන්නවා !
දෙමළ මිනිස්සු දෙමළ නිසා මුහුණ දෙන ප්රරශ්න තරම් බරපතල නැතත් ආගම, කුලය නිසා මුහුණ දෙන්න වෙන ප්රළශ්න දකුණෙ අපිට බලපානවා..
Deleteඅනේ අප්පෝ... මං දන්නේ නම් නෑ
ReplyDeleteඒ මොකෝ දන්නෙ නෑ කියල අත හෝද ගන්න ඔයා පිලාත් පරපුරේ කෙනෙක්ද?
Deleteවැසගම් පුශ්න වලට මමත් තදින්ම විරුද්ධ කෙනෙක් සංකල්පනාව ලස්සනයි....
ReplyDeleteස්තුතියි. ඇගයීම දිරියක් ලියන්න ඉදිරියටත්...
Deleteකෙනෙක් හඳුනා ගන්න විතරක් තියන පෙළපත් නාමයක් නිසා ආත්මගත ආදරයක් නැති වෙන තැනට වැඩේ වෙන එක ගොඩක් වෙලාවට සමාජයේම වැරැද්ද කියලයි මම හිතන්නේ, තේරුමක් නැති පුහු ආකල්ප.
ReplyDeleteආත්මගත ආදරයක් කියල දෙයත් තියෙනවද කියන එකත් ප්රනශ්නයක් නේද? එහෙම ආදරයක් නම් මේ වගේ කාරණා නිසා නැති වෙලා යන්නෙත් නැහැනෙ.
Deleteමාර පෝස්ට් එකක්..
ReplyDeleteපිස්සු මිනිස්සු ඕවත් හොයනවනේ ඇත්තට..
නූතන දියුණු ලෝකෙත් මේ වගේ දේවල් හොයන අය ඕන තරම් ඉන්නවා හිරූ
Deleteකවි සිත නම් ඉතාමත් හොඳින් මෝරා වැඩුනු කවි සිතක්. ආයේ එහි අඩුවක් කියන්න දෙයක් නෑ. අත්දැකිම් භාවිතය පරිකල්පන ශකිත්ය සහ අභ්‍යාසය කියන කාරණා මනාව වැඩුණු කවිකමක් ඔබ සතුයි.
ReplyDeleteමේ අදහස දුන් ගීයක් තමයි ලෙංචිනා මගෙ නංගියේ ගීතය.ඊට පසුබිම් වුනෙත් මේ කවියේ අදහසමයි.
මේ තමයි ඊට හොඳම නිදසුන් සහිත කොටස
" විමලවර්ධන'' සොහොයුර
අකැප මන්දැයි මේ පෙම
''ප්‍රනාන්දු'' තමයි මගෙ වාසගම
උප්පැන්නෙ ඕන බව දන්නෑ මුලදි මම...."
ස්තුතියි අයියේ.. මේ ටිකේ කවි රස වින්දා වැඩියෙන්... ඒ වගේම කවි ගැන කතා බහ කළා.. ඒ නිසා වෙන්න ඇති වෙනදට වඩා හොදට කවි ලියවුණේ...
Deleteතරහ වෙන්න එපා අක්කේ!මේ ජාතිවාදය ගැන නම් මට කතා කරලා ඇති වෙලා!නිකන් අන්ගේ ලේ කෝප වෙනවා විතරයි.අපේ රටට හෙන ගැහිලා තියෙන්නෙත් ඕක නිසා තමයි!
ReplyDeleteලේ කෝප කර ගන්න එපා මල්ලී... අපි මේ වගේ බෙදීම් ප්ර.තික්ෂේප කරල ජීවත් වෙමුකෝ...
Delete