පිටු

Tuesday, January 29, 2013

ඊට කම් නෑ




මිනිසුන් අයුක්තිසහගතයි.
තර්කානුකූල නොවෙයි.

ඊට කම් නෑ.... 
ඔවුන්ට ප්‍රේම කරන්න.

යහපත කළත්, යටිකූට්ටි අරමුණින් ආත්මාර්ථකාමියැයි මිනිසුන් ඔබට චෝදනා කරනු ඇත.

ඊට කම් නෑ... 
යහපතම කරන්න.

ඔබ සාර්ථක නම්, බොරු මිතුරන් හා සැබෑ සතුරන් දිනා ගනු ඇත.

ඊට කම් නෑ.... 
සාර්ථක වන්න.

ඔබ කරනා යහපත හෙට දින අමතක කෙරෙනු ඇත.

ඊට කම් නෑ....
 යහපතම කරන්න.

අවංකබව හා විවෘත බව නිසා ඔබ පීඩාවට පත් කරනු ඇත.

ඊට කම් නෑ....
අවංක වන්න. විවෘත වන්න.

දොළොස්මහේ නිර්මාණය එක් රැයෙන් විනාශ කරනු ඇත.

ඊට කම් නෑ....
 නිර්මාණ කරන්න.

මිනිසුන්ට උපකාර අවැසියි. එහෙත් උපකාර ක‍ළහොත් ඔබටම පහර ගසනු ඇත.

ඊට කම් නෑ....
උපකාර කරන්න.

ඔබ සතු හොඳම දේ ලොවට දෙන්න. ඒ වුවත් පා පහරින් ඔබේ දත් බි‍‍දෙනු ඇත.

ඊට කම් නෑ....
ඔබ සතු හොඳම දෙය ලොවට දෙන්න.

භාග්‍යවන්ත තෙරේසා මව්තුමිය

( මෑත දිනක යෙහෙළියකගේ පොත් එකතුවක් අස්පස් කර දෙන විට ඇස ගැටුණු සටහනක්... පිටපත් කරගෙන ආවෙ නිතර නිතර ඇස ගැටෙන තැනක තබා ගත යුතු වටිනා අදහස්වලින් පොහොසත් යැයි හැගුණු නිසා... කෙතරම් අසීරු වුවත් කළ යුතු හොඳම දේ සහ සිදු විය යුතු හොඳම විදිය මේ යැයි හැගෙන නිසා.... )

14 comments:

  1. හැමෝම ඔහොම හිතනවනං.....

    ReplyDelete
  2. සමාජය වැරදි වී - ඔබ නිවැරදි වීමට ගියහොත්
    සමාජය ඔබට පහර ගසනු ඇත

    ඊට කම් නෑ ඔබගේ හෘද සාක්ෂියට අනුකූලව ජීවත් වෙන්න...

    ReplyDelete
  3. ඇඩෙන වචන ටික!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හොද උපදේශ ටිකක්.. අගය කරනවා අපිත් එක්කත් බෙදාගත්ත එකට.....

    ReplyDelete
  5. ඉස්සර නම් හුගක් අමාරුයි ඔහොම හිතන්නවත් ඒත් දෑන් ටික ටික පුරුදු වෙනවා... පොඩි වයසට අත්දෑකීම් ගොඩක් තියනව ඒ නිසා මිනිස්සු ගෑන ලෝකෙ ගෑන ඈත්ත තේරුම් ගනිමින් පවතිනවා...තරූ මට ඔයාලගෙන් උදව්වක් ඕනි.. අලුතින් ඈවිත් තියන පොත් ටිකක් ගෑන විස්තර කියනවද?

    ReplyDelete
    Replies
    1. මට ඔයාලගෙ විද්යු ත් ලිපිනය දෙන්න නදී.. මම ඔයාට විස්තර කියන්නම්...

      Delete
    2. කොහොමද තරූ ඒක මම එවන්නේ ඔයාට මෙතන පල කලාට කමක් නෑද්ද?

      Delete
    3. tharurasi@gmail.com සමාවෙන්න මට අමතක උණා.. මගේ විද්යුේත් ලිපිනය එවන්න. මේල් එකක් එවන්නකෝ..

      Delete
  6. ඔහ්ම හිතන මිනිස්සු අද සෑහෙන්න අඩුයි.

    ReplyDelete
  7. ඇත්තටම මන් හරිම ගරු කරන උතුම් කෙනෙක් තෙරේසා මව් තුමිය ..ඒ වගේ ජිවන දර්ශනයක් ඇති කරගන්න ලේසි නැහැ

    ReplyDelete
  8. උතුම් අදහස් පෙළක්......

    ReplyDelete
  9. තෙරේසා මව්තුමියගේ අගනා අදහස් ටිකක් කාලිනව වටිනවා

    ReplyDelete
  10. මමත් කියෙව්වා..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...