පිටු

Wednesday, October 30, 2013

ග්ලැඩියේටර් පෙම්වතී මම....





එනු සටනට...!
ප්‍රේමය නැත්නම් මරණය..

හලාහල විස මුසු ප්‍රේමයේ
මී විත ම තොල ගෑ
ග්ලැඩියේටර් පෙම්වතී මම....

අසිපත සුරත දරමින්
සිතුවිලි මුවහතින්
පලිහ ද ලෙළවමින්
කවිකම්හි උණුහුමින්
සටන් බිම බට
ග්ලැඩියේටර් පෙම්වතී මම....

දණ නමා කවියෙන්
හිස නවා සෙනෙහෙන්
මුනිවත තබා උකසට
ගිනිගත් අතීතයක
දැවුණු හිත දෝතට ගෙන
හංස ගීතය ම මුමුණන
ප්‍රේමණීය ම සතුරා අබියස

අසිපත සැලෙත - හුණු වී වැගිරෙත...
පලිහ ගිලිහී - කවි ද ඉකි බිඳුමෙක...

දේවදූතයින් මංගලම් ගයන
තටු පිරිමදින
ස්වර්ගයෙන් ආසිරි පැන් ඉහින...
සටන් බිම මැද
දණ හොවා ළය හොවා
සිපගනිමි...
මගේ ආදර කඳුළු බින්දුව...

ඉදින්,
සදාකල්හිම
නියත පැරදුම ම හිමි
ග්ලැඩියේටර් පෙම්වතී මම....



( ‘’ග්ලැඩියේටර් පෙම්වතී’’ සොරා ගතිමි නාමල් ජයසිංහ ගේ ග්ලැඩියේටර් ප්‍රේමයෙන්... )

9 comments:

  1. සොරා ගත්තටත් පාඩු නෑ එහෙනං.. නැත්තං අපි කොහෙන්ද මේවා කියවන්නේ :)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ගත්ත තැන දැම්මම හොරකමක් වෙන්නෙ නෑ.

      Delete
    2. සොරා ගත්තෙ ඔය වචනෙ විතරයි ‍හොදේ...

      Delete
  2. සොරාගෙන හරි දැම්ම එක වටිනවා තරූ අක්කේ.. මොකද මම දැන්නේ කියෙවුවේ..

    ReplyDelete
    Replies
    1. ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යක්.. දැන් යූටියුබ් හරහා බලන්න පුළුවන්... මං ළගදිම ඒ ගැන සටහනක් දානවා..

      Delete
  3. හොරකම් කළ බවක් ප්‍රසිද්ධියේ කීමට තරම් ඔය පෙම්වතී නිර්භීතයි නොවැ.

    ReplyDelete
    Replies
    1. අපෝ මේ පෙම්වතී කොහෙත්ම නිර්භීත නෑ... බයගුල්ලියක්... මම හොරකම් කළේ ඔය වචනෙ විතරයි නොවැ.. ඒ නිසයි බය නැතුව දැම්මෙ...

      Delete
  4. ලෝකයේ හැමදාම සදාකාලික / අමරණීය වෙලා තියෙන්නේ පරාජිත ප්‍රේමයන්ම තමයි හැබැයි...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...