පිටු

Wednesday, November 20, 2013

අහිංසක යකෙක් ගැන සහෘද සංවාදයක්...




''තමන් මහ උජාරුවෙන් හිතන් හිටියට මං බොහොම නිදහස් කාන්තාවක්ය කියල, වෙනසකට තියෙන්නෙ තමන් බැිල ඉන්න ලණුව ටිකක් දිග වැඩි එක විතරයි....''

පපු කුහරෙටම ඇිල්ලෙන් ඇනල, ඔලුව අත ගාලා ටොක්කකුත් ඇනල එහෙම කිව්වෙ සෝර්බා... 

'' ඇත්ත සෝර්බා...... ඒ ලණුව මං ම බැ ගත්ත  එකක්.. කපල දාන්න ඕන.. ඒත් ඒකට හිතට හයියක් නෑ... ඒත් දවසක මං ඒක කපන්නම්...'' මං කිව්වා. අධිෂ්ඨානයක් අරමුණක් ඇතිවම නෙවෙයි.. පුංචි බලාපොරොත්තුවක් ඇතිව.. 

''ඒක අමාරු වැඩක්... බොහොම අමාරු වැඩක්.. ඒකට තරමක මෝඩකමක් ඕනෑ..'' මහ හයියෙන් හිනාවෙලා සෝර්බා කිව්වෙ ඔච්චමට වගේ.. ඒ හිනාව සාධාරණයි. මොකද සෝර්බා දන්නවා කවදාවත් මං ඔය ලණුව කපා ගන්නෙ නැති බව.... ස්වර්ගය තියෙන්නෙ ඔය ලණුව කෙළවරය කියල හිතන් ඉන්න කෙනෙක් කොහොමද එහෙම කරන්නෙ...

''මං රටෙනුත්, පූජකයන්ගෙනුත්, සල්ලිවලිනුත් බේරුණා...
මං තවත් හුක් දේවල්වලින් බේරි බේරි ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කර ගත්තෙ.
මම - කොහොමද ඒක ‍තේරුම් කරන්නෙ ?                                                 
මගේ විමුක්තිය මම ම හොයා ගත්තා...
මං මිනිහෙක් වුණා..!!''

සෝර්බා අහිංසක යකා එහෙම කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්... ඔය කියන කිසිම බැම්මකින් ලෙහෙසියෙන් ගැළවෙන්න පුළුවන්කමක් නැති, හයියක් නැති, ඕනකමක් නැති අපිට මිනිස්සු වෙන්න කවදා හැකි වෙයිද?



සෝර්බා මට හමුවුණේ ''සෝර්බා නම් ග්‍රීකයා'' කෘතියෙන්... සැබවින්ම අහඹු සුන්දර හමුවීමක්..  පල්ලියෙන් පිටුවහල් කළ ග්‍රීක ලේඛක නිකෝස් කසන්සාකිස්ගේ Zorba the Greek  කෘතිය සිංහලට පරිවර්තනය කළේ සද්ධාතිස්ස වඩිගමංගාව විසින්. ඒ 2000 වසරෙදි. එහි දෙවන මුද්‍රණය නිකුත් වෙන්නෙ 2013 වසරෙ සම ප්‍රකාශනයක් ලෙසින්...

සද්ධාතිස්ස වඩිගමංගාව

''සෝර්බා නම් ග්‍රීකයා'' කෘතිය පිළිබ විද්වත් කතිකාවක් පැවැත්වෙනවා  පුවත්පත් මණ්ඩල කාර්යාලයේදී.. ( බොරැල්ල කාසල් රෝහල ඉදිරි පිට )

2013 නොවැම්බර් මස 22 වන දින සවස 4.00 ට...


මාලනී ගෝවින්නගේ, දයා දිසානායක, කේ.කේ. සමන්කුමාර ඇතුළු විද්වත්, සහෘද පිරිසක් මේ සෝර්බා ගැන ශෝභාමත් කතාබහට එක් වන්නට නියමිතයි.. සංවිධාන කටයුතු සිදු වෙන්නෙ පුවත්පත් මණ්ඩල කාර්යාලීය දායකත්වයෙන්..

සෝර්බා සමග ආත්මීය සංවාදයට එක්වන්න විවෘත ඇරයුමක් තියෙනවා... අප සැමට...
.................................



''..... සෝර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍යයි. සෝර්බා තනිකර ගත්තම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත් වෙනවා. ඒ නිසා සෝර්බා සහ බුද්ධ එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නෙ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස් ම බලවේගය. සරලව කිව්වොත් සෝර්බාද බුද්ධ කියන්නේ

අලුත් නමක් අලුත් මිනිහෙකුට
අලුත් නමක් අලුත් යුගයකට
අලුත් නමක් අලුත් ඇරඹුමකට

සෝර්බා සහ බුද්ධ‍ගේ හමුවීම තමයි ඉතිරිව තිබෙන එකම ප්‍රාර්ථනාව..."

....ඕ‍ෂෝ...


නිකෝස් කසන්සාකිස්

Mihalis Kakogiannis අධ්‍යක්ෂණය කළ  Zorba the Greek චිත්‍රපටයෙන් ( 1964 )

18 comments:

  1. ඕ තරුරසී.. මං හිතුවා ඔයා මේ ගැන ලියාවි කියල.. :)
    මේ පොත ඉන්දියාවේ හරි ම ජනප්‍රිය පොතක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නම් සෝර්බා ගැන පොතක් ලියන්න තරං හිතට ළං වුණ චරිතයක්... අහිංසක යකෙක්...

      හදිසියෙ මේ සටහන ලිව්වෙ සංවාදය ගැන අදහසක් බෙදා ගන්න ඕන වුණ නිසා..

      Delete
  2. වටිනා නිර්මාණයක් ගැණ අපත් සමඟ බෙදා ගත්තට ඔබට ස්තූතියි තරෑ. ලංකාවේ හිටියනම් මම අනිවාර්යයෙන් ඒකට සහභාගී වෙනවා.

    ReplyDelete
    Replies
    1. පොත් පිස්සෙක් වගේ...

      Delete
    2. ඔව් තරැ! පොඩි කාළේ ඉදම්ම මට පොත් පත්තර නැතුවම බෑ. ඒ කාළේ මම චිත්‍ර කථා පිස්සෙක්. ඉන් පස්සේ ඉරිදා දිවයිනේ කසුරි, චන්ද්‍රසිරි දොඩංගොඩ, සුනිල් මාධවගේ ලිපියක් අතහැරියේ නෑ. ඊට අමතරව නව කථා. ඒත් මේ රටට ආවට පස්සේ ඒවා ගොඩක් අතහැරැනා. ඒත් ලංකාවට ගියාම පොත් ගොඩක් උස්සන් එන්න අමතක කරන්නේ නෑ.
      මේ දවස්වල මම කියවන්නේ මංජුල වෙඩිවර්ධනයන්ගේ බත්තලංගුණ්ඩුව.

      Delete
    3. බත්තලංගුණ්ඩුව...!!!! මම කැමතිම නවකතාවක්...

      Delete
  3. අලුත් නමක් අලුත් මිනිහෙකුට
    අලුත් නමක් අලුත් යුගයකට
    අලුත් නමක් අලුත් ඇරඹුමකට...

    පොත හොයාගෙන කියවන්නම හිතුණා.

    ReplyDelete
    Replies
    1. කියවන්න.. වෙනස්ම අත්දැකීමක් වේවි...

      Delete
  4. තරු....මම දැණගෙන හිටියේ නැහැ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මයා දේශපාලනයට අමතරව මෙවන් දේ කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ඔහු පරිවර්තනය කළ පළමු පොත... සහ එකම පොත... සෝර්බා පළ කිරීමෙන් මාස තුනකට පසුව ඔහු ජීවිතයෙන් සමු ගත් බව සෝර්බා නම් ග්‍රීකයා පොතේ පසුවදනේ සදහන් වෙනවා..

      Delete
  5. මමත් හිතන් හිටියේ දේශපාලනය විතරයි කියල.
    ස්තුතියි තරු.
    ඔබගෙන් තමා මෙවැනි දුර්ලබ දේ දැනගන්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සත්කෝරලේ අපිට වඩිගමංගාව කියන්නෙ බොහොම හුරු ද‍ේශපාලන නාමයක්... නමුත් ඔහුගේ සාහිත්‍යමය නැඹුරුව ගැන මම දැනගත්තෙත් සෝර්බා හරහා...

      Delete
  6. කියවිය යුතු පොත ලැයිස්තුවට දා ගත්තා....

    ReplyDelete
    Replies
    1. තිසරගෙ පොත් ලැයිස්තුව එන්න එන්නම දික් වෙනවා...

      Delete
  7. හැමදා මත් වගේ ස්තුති යි තරූ. බ්ලොග් අවකාශයේ පොත් ගැන ලියවෙන එක වටින දෙයක්.

    ReplyDelete
    Replies
    1. ''පොත් මගේ නෙත් වගේ.." මං කැමැත්තෙන් කරන වැඩක් දිලිනි..

      Delete
  8. ස්තුතියි තරූ :)

    ReplyDelete
  9. තරූ අක්කට හැමදාම හොද පොත් කොහොම හරි සෙට් වෙනවනේ.. ඒකට අපිට.. මේවයේ ඊබුක් වත් නැද්ද අක්කේ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...